අපට තේරීමක් තිබේ: ඒ අපගේ සංචාරක නගර සියල්ල නියාමන අළු කලාපයක ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යාමට ඉඩදීම හෝ සැමට ක්‍රියාත්මක වන පද්ධතියක් නිර්මාණය කිරීමයි. ඒ නිසා දේශීය ව්‍යාපාර වීසා බලපත්‍රය යනු හොඳ ප්‍රතිපත්තියක් පමණක් නොවේ,එය හොඳ ව්‍යාපාරික හැඟීමක්ද වෙයි.
ඔබ මෑතකදී ශ්‍රී ලංකාවේ වෙරළබඩ නගරවල කාලය ගත කර ඇත්නම්, බොහෝ විට ඔබට සිත්ගන්නා දෙයක් දැක ගත හැකි වූ බවට සැකයක් නැත. ඒ විදේශිකයන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරවල පෙර නොවූ විරූ වර්ධනයයි. සම්පුර්ණයෙන්ම සුදු ජාතිකයන් සහිත එම නවීන කැෆේ අවන්හල්, ජනප්‍රිය සර්ෆ් පාසල්, ඉන්ස්ටග්‍රෑම් හරහා ක්‍රියාත්මක වන යෝග මධ්‍යස්ථාන වැනි මෙම ස්ථානවලින් බොහොමයක්, අපගේ සංචාරක භූ දර්ශනයට විශේෂත්වයක් එක් කරන අතරම, ඒවා ක්‍රියාත්මක වන්නේ නිසි බලපත්‍රයක් හෝ අනුමැතියක් නොමැතිවය.
පාරාදීසයේ අළු ආර්ථිකය
(අසංවිධිත ආර්ථිකය)
ආරුගම් බොක්ක සිට මිරිස්ස දක්වා, දර්ශන තලයේ කොටසක් බවට පත්ව ඇත්තේ අනවසර විදේශිකයන් විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපාරය. බොහෝ විට ඉතා හොඳින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතන සංචාරකයන් අතර ජනප්‍රිය වුවද, ඒවා ක්‍රියාත්මක වන්නේ අපගේ ආර්ථිකයට සහ ප්‍රජාවට සැබෑ ගැටලු ඇති කරන නීත්‍යානුකූල අළු කලාපයක ය.
1948 අංක 20 දරන ආගාමික සහ විගාමික පනතට අනුව, සංචාරකයන්ට හුදෙක් මෙහි පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමට හැකියාවක් නැත. විනිමය පාලන පනතේ ද විදේශ මුදල් හැසිරවීම සම්බන්ධයෙන්ද දැඩි නීති පනවා ඇත. එහෙත් මෙම රෙගුලාසි නිතිපතා නොසලකා හැර තිබේ.
මෙය වැදගත් වන්නේ ඇයි?
මෙය හුදෙක්ම නීති රීති අනුගමනය කිරීම පමණක් නොවන අතරම, එහි බලපෑම සැලකිය යුතු එකක් මෙන්ම බහුවිධ වෙයි:
රජයට සැලකිය යුතු බදු ආදායමක් අහිමි වෙයි.
දේශීය ව්‍යාපාර අසාධාරණ තරඟකාරිත්වයකට මුහුණ දෙන අතර ඒවායේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව පහළ යයි.
විදේශයන්හිදීම කළ හැකි ගෙවීම් පද්ධති භාවිතය හරහා විදේශ විනිමය අහිමි වීම.
ප්‍රජාවන්ට බිය ගැන්වීම් සහ මැර ක්‍රියා ඇතුළු ආතතීන් සහ සමාජ බාධා අත්විඳීමට සිදුවීම.
අපගේ නියාමන පද්ධතිවල විශ්වසනීයත්වය නැති වීම.
සමස්ත සිද්ධිය අවබෝධ කරගැනීම
සිද්ධියට හේතුව: ශ්‍රී ලංකාවේ සංචාරක අංශය පශ්චාත් කොවිඩ් වසංගතයෙන් පසු යථා තත්වයට පත්වන විට, ඇත්ත වශයෙන්ම වැදගත් වු වෙළඳපළ හිඩැස් පුරවමින් සිටින්නේ මෙම අනවසර ව්‍යාපාර විසිනි. ඔවුන් සංචාරකයන් ගෙන ඒම, ජනාකීර්ණ බවක් ඇති කිරීම සහ දේශීය ආර්ථිකයට දායක වීම යන කාරණා සිදු කරයි. එහෙත් ඔවුන් එය කරන්නේ වැරදි මාර්ග හරහා පමණි. එක් ගැටලුවක් වන්නේ අපගේ පද්ධතිය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ විදේශ ආයෝජන සඳහා නිර්මාණය කර ඇති එකක් නොවීමයි.
අපි මහා පරිමාණ විදේශ සෘජු ආයෝජන රතු පලස එළා පිළිගන්නා විට, කුඩා ව්‍යවසායකයන්ට බොහෝවිට ගමන් කිරීමට නොහැකි යැයි හැඟෙන නිලධාරිවාදයේ ප්‍රහේලිකාවකට මුහුණ දීමට සිදුවෙයි. ඇත්ත වශයෙන්ම, මෙම රතු පටිය දෝෂයක් නොව ලක්ෂණයක් බව ඔබට තර්ක කළ හැකි අතර, එය ආගමන විගමන, සුරාබදු සහ දේශීය ආදායම් යන ආයතනවල දූෂිත නිලධාරීන්ට අනුමැතිය ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමට ඉඩ සලසයි.
බලාත්මක කිරීමේ ඌනතාවත් සමග, මෙහි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති ඕනෑම කෙනකුට පහසු තේරීමක් බවට පත් වන්නේ නීතියෙන් පිටත ක්‍රියාත්මක වීමයි.
තර්කානුකූල විසඳුමක්:
දේශීය ව්‍යාපාර වීසා
අනවසර ව්‍යාපාර සමග බළලුන් සහ මීයන් සෙල්ලම් කිරීම වෙනුවට, විසඳුම විය යුත්තේ සැමට ක්‍රියාත්මක වන නීත්‍යානුකූල මාර්ගයක් නිර්මාණය කිරීමයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයෝජන සඳහා නිශ්චිත වීසා බලපත්‍රයක ස්වරූපයෙන් එවැනි විසඳුමක් ක්‍රියාත්මක විය හැකි ආකාරය පහත දැක්වේ. ඊට වඩා හොඳ නාමයක් අවශ්‍ය නම්, මම එය දේශීය ව්‍යාපාර වීසා (Local Business Visa) ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.
නිශ්චිත ක්ෂේත්‍ර/ව්‍යාපාර සඳහා සීමාවන් පැනවීම
ආහාර පාන ව්‍යාපාර (ආපණශාලා, කැෆේ)
විශේෂඥ සංචාරක ක්‍රියාකරුවන් (සර්ෆ් පාසල්, කිමිදුම් මධ්‍යස්ථාන)
වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාර
තාක්ෂණික ආරම්භක ව්‍යාපාර
නිර්මාණාත්මක කර්මාන්ත ව්‍යාපාර
අවම ආයෝජන සීමාව පැනවීම
උදාහරණ: කැෆේ/කෝපි අවන්හල්: ඇමෙරිකානු ඩොලර් 100,000, සම්පූර්ණ සේවා අවන්හල: ඇමෙරිකානු ඩොලර් 200,000 යනාකාරයන්.
මෙය බැරෑරුම් ආයෝජකයකු නොවන ඕනෑම අයකු පෙරහන් කරනු ඇති අතර, හදිසියේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කරන ඉතුරුම් (උදා: ඇමෙරිකානු ඩොලර් 20,000) සහිත අනියම් ආයෝජකයකුගෙන් දේශීය ව්‍යාපාරවල ගනුදෙනුකරුවන් අහිමිවීම වැළැක්වෙනු ඇත.
ඵලදායී රැකියා නීති
ප්‍රධාන භූමිකා සඳහා (බැරිස්ටා විශේෂඥයන් හෝ සර්ෆ් උපදේශකයන් යැයි සිතන්න) දේශීය කාර්ය මණ්ඩලය භාර ගෙන පුහුණු කරන බවට කොන්දේසිය සහිතව වසර දෙකක පුනර්ජනනීය නොවන විශේෂඥ වීසා.
විශේෂඥ අවන්හල් සඳහා පමණක් සූපවේදීන් වැනි සැබවින්ම විශේෂිත තනතුරු සඳහා වෙන් කර ඇති දිගු කාලීන වීසා. දේශීය සූපවේදීන්ට සම්මත කෝපි අවන්හල් හෝ කැෆෙ සඳහා බොහෝ ආහාර පහසුවෙන් සකස් කිරීමට හැකියාව ඇත.
ක්‍රියාවලිය සරල කිරීම
ප්‍රධාන යතුර වන්නේ ආයෝජකයාට වීසා බලපත්‍රය සමග පහත සඳහන් දෑ ලැබෙන පරිදි අවශ්‍ය සියලු අනුමැතීන් එකට එකතු කිරීමයි. මේ හරහා බලධාරීන්ට බදු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම් නිරීක්ෂණය කිරීම සහ එකතු කිරීම සහතික කිරීම පහසු කරයි.
ව්‍යාපාර ලියාපදිංචිය
බදු හඳුනා ගැනීමේ අංකය (TIN)
ඊ.පී.එෆ්./ ඊ.ටී.එෆ් ලියාපදිංචිය
පළාත් පාලන ආයතන අවසර පත්‍ර
අවශ්‍ය මෙහෙයුම් බලපත්‍ර
විදේශ විනිමය අවසර
මෙම මාරුවීම ක්‍රියාත්මක කිරීම
මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැකි ආකාරය පහත දැක්වේ:
1. පොදු සමා කාලය (මාස 6)
දැනට පවතින ව්‍යාපාරවලට නීත්‍යානුකූල වීමට අවස්ථාවක් ලබාදීම.
බදු නොගෙවීම සඳහා වන වන්දි ගෙවීමට ව්‍යාපාර වර්ගය සහ මෙහෙයුම් කාලය මත පදනම්ව සාධාරණ දඬුවම් නියම කිරීම.
අනුකූලතාව සඳහා පැහැදිලි මාර්ගයක් ලබාදීම.
2. පොදු සමා කාලයෙන් පසු
ආගමන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම
උල්ලංඝණය කිරීම් සඳහා බරපතල දඬුවම් ලබාදීම
නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන අය රටින් පිටුවහල් කිරීම
පුළුල් ප්‍රතිලාභ
මෙය නියාමනයට පමණක් නොව, බුද්ධිමත් ආර්ථික වර්ධනයකටද සම්බන්ධය. පහත කාරණය ගැන සලකා බලන්න: කොළඹ නගරය තුළ රාත්‍රී කාලයේ ජනගහනය 750,000 ක් පමණ වේ. සජීවී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අපට මෙහි ජීවත් වන, වැඩ කරන සහ මුදල් වියදම් කරන තවත් පුද්ගලයන් අවශ්‍ය වේ. යෝජිත දේශීය ව්‍යාපාර වීසා බලපත්‍රය කොළඹට අඩු බලපෑමක් ඇති කළත්, නවාතැන් ගන්නා ස්ථානය ගැන තැකීමක් නොකරන පුද්ගලයන් සහ නගරයේ සමාජ ව්‍යුහයට දායක වීමට කැමති දක්ෂ සේවකයන් සඳහා ගමනාන්තයක් ලෙස කොළඹ වර්ධනය කිරීම පිළිබඳව සමාන ආකාරයකින් සිතීමට කාලය පැමිණ තිබේ.
වෙනසක් සඳහා කාලය එළැඹ තිබේ
යථාර්ථය පැහැදිලිය: ඒ මිනිසුන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමට අවශ්‍ය වන අතර, අප සතුව නිසි පද්ධති තිබුණත් නැතත්, ඔවුහු එය කිරීමට ක්‍රම සොයමින් සිටිති. මෙම තිරසාර නොවන තත්වය පවත්වා ගැනීම වෙනුවට, අපි රාමුවක් ගොඩනඟා ගත යුතුය:
නීත්‍යනුකූල විදේශ ආයෝජන සාදරයෙන් පිළිගැනීම
දේශීය අවශ්‍යතා ආරක්ෂා කිරීම
දැනුම හුවමාරුව සඳහා පහසුකම් සැපයීම
අපගේ බදු පදනම පුළුල් කිරීම
ගුණාත්මක රැකියා අවස්ථා නිර්මාණය කිරීම
අපට තේරීමක් තිබේ: ඒ අපගේ සංචාරක නගර සියල්ල නියාමන අළු කලාපයක ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යාමට ඉඩදීම හෝ සැමට ක්‍රියාත්මක වන පද්ධතියක් නිර්මාණය කිරීමයි. ඒ නිසා දේශීය ව්‍යාපාර වීසා බලපත්‍රය යනු හොඳ ප්‍රතිපත්තියක් පමණක් නොවේ,එය හොඳ ව්‍යාපාරික හැඟීමක්ද වෙයි.
වීදෙශියකරණය වන වෙරළබඩ ව්‍යාපාර