×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
වෙළඳ පොළක් නැති කිතුල් ලී නිෂ්පාදන
කතෘ මණ්ඩලය 2025 මාර්තු මස 10
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මේ නව නිර්මාණවලට
නිසි වෙළෙඳපොළක් නෑ
කර්මාන්තය ලත් තැනම ලොප් වන ලකුණු
ගාල්ලේ ගම්මාන රැසක
ජනතාවගේ ජීවනෝපාය
විදෙස් වෙළෙඳපොළ
උදව් කරන්නේ නම්
අවශ්‍ය නිෂ්පාදන හිඟයකින්
තොරව සපයන්න පුළුවන්
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
මේ රටේ බොහෝ ප්‍රදේශවල මෙන්ම ගාලු දිසාවේද අලුතින් සිතන අය නැත්තේද නොවේ. ඕනෑ තරම් සිටිති. ඔවුන් ගාලු දිසාවට මෙන්ම පොදුවේම රටට සම්පතකි. අප මේ කියන්න යන්නේ ඉවතලන දෙයින් රටට ඩොලර් ඉපයිය හැකි අලුත්ම තාලයේ නිර්මාණ කර්මාන්තකරුවන් පිරිසක් ගැනය. ඔවුන්ගේ නිර්මාණකරණයට බලපා ඇති ගැටලු ගැනය.
ගාලු දිසාවේ නිර්මාණකරුවන් පිරිසක් අපූරු නිර්මාණකරණයක නිරතවී සිටිති. ඔවුන් ඒ සඳහා අමු ද්‍රව්‍ය ලෙස යොදා ගත්තේ වයසට ගිය (ප්‍රයෝජනයට නොගන්නා) කිතුල් ගස්ය. ඒ කිතුල් ගස්වලින් ගන්නා ලීයෙන් ඔවුහු අපූරු නිර්මාණ කළහ.
මේ නිර්මාණකරුවන් බෙහෙවින්ම සිටින්නේ ගාලු දිසාවේ කිතුල් ගස් සශ්‍රීකව වැවෙන බඹරවාන, හත්තක, මත්තක, පිටිගල, නියාගම, නෙලුව, තවලම හිනිදුම, උස්බිම් ජනපදය යන ගම්මානවලය. මේ ගම්මානවල සිටි මේ කර්මාන්තකරුවෝ කිතුල් ලීයට අපූරුවට පණ පෙවූහ. රටට නොපෙනුණාට රටක් වටින නිර්මාණ රැසක්ම ඔවුහු නිර්මාණය කළහ. ඒත් තමන්ගේ මේ නව නිර්මාණවලට නිසි වෙළෙඳ පොළක් නොමැති නිසා සිය කර්මාන්තය ලත් තැනම ලොප් වන තැනකට පත්ව තිබෙන බව ඔවුහු කියති.
කිතුල් ලී නිෂ්පාදනවලට විදෙස් වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් පැවතියද බලධාරීන් තමන්ට ඒ අවස්ථාව නොදීම නිසා සිය කිතුල් ලී නිෂ්පාදන මුල්ලකට දමා තැබීමට සිදුව ඇති බව ද මේ ගාලු දිසාවේ කිතුල් ලී නිර්මාණකරණයේ යෙදෙන පිරිස කියති.
කිතුල් පැණි හකුරු නිෂ්පාදනය කිරීමට තෙලිජ්ජ ගැනීමෙන් පසු කිසිදු වැඩක් නොගන්නා කිතුල් ගස් කපා තමන් මේ නිර්මාණ කරන බවත් සිය නිර්මාණවලින් පරිසරයට කිසිම හානියක් නොවන බවත් මේ කර්මාන්තයේ යෙදෙන අය කියති.
ටයිල් කැට, පුටි, ස්ටෑන්ඩට් ඔංචිල්ලා, හැදි ගෑරුප්පු, බුදු කුටි, විසිතුරු, දොර ජනෙල් ඇතුළු භාණ්ඩ ඔවුන් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉවතලන කිතුල් කොටයෙන් බවත් සිය නිර්මාණ දකින කාටවුවද එය කිතුල් ලීයෙන් කළ ඒවාදැයි සොයා ගැනීමට නොසිතෙන ලෙස තමන් ඒවා නිර්මාණය කරනු ලබන බවත් ඔවුහු කියති.
ගාලු දිසාවේ කිතුල් කොටයෙන් භාණ්ඩ නිර්මාණය කරනු ලබන ශිල්පීන් කිහිපදෙනෙක්ම අප සමග සිය කර්මාන්තය මුහුණ පා ඇති ගැටලු ගැන කතා කළහ. මේ ඔවුන් අප සමග කී දෑය.
වසන්ත කුමාර මහතා:-
ගාලු දිසාවේ ඇතැම් ගම්මානවල බැලූ බැලූ හැම අතම දක්නට ලැබෙන්නේ කිතුල් ගස්. මේ ගස්වලින් බොහෝමයක්ම කිතුල් කර්මාන්තයෙන් අතහැරලා තියෙන ඒවා. ඒ ගස් මැරිලා යනවා. ඉතිං අපි මේ ගස් තමයි අපේ නිර්මාණ සඳහා යොදා ගන්නේ. මේ කර්මාන්තය නිසා පරිසර හානියකුත් නැහැ. පැරණි කිතුල් ගලවනවා කියන්නේ අලුතින් කිතුල් හිටවන්න පුළුවන් කියන එකයි. අපි මේ ගස් ගලවගෙන විදෙස් පොළට යැවියහැකි නිර්මාණ රැසක්ම කරනවා. ඒවා දැක්කාම කවුරුත් කියන්නේ නැහැ මේවා කරලා තියෙන්නේ කිතුල් ලීයෙන් කියලා. දොර ජනෙල් විතරක් නෙමෙයි ඒවාට සවි කරන හැන්ඩ්ල්, හදන්නෙත් කිතුල් ලීයෙන්. මේ සදහා අවශ්‍ය ඇණ සකසා ගන්නෙත් ගම් වර්ග සාදා ගන්නෙත් කිතුල් වලින්ම තමයි. අද ලෝකයේ ඉල්ලුම තියෙන්නේ මේ වගේ නිර්මාණවලට. ඒත් අපිට මේ භාණ්ඩ අලෙවි කර ගන්න විදෙස් වෙළෙදපොළක් නැහැ. විදෙස් වෙළෙඳ පොළ අපිට විවෘත කරලා දෙනවනම් අපි දන්නවා මේ කර්මාන්තය දියුණු කරලා රටට ඩොලර් උත්පාදනය කරනවා.
සමන් පුෂ්පකුමාර මහතා:-
ඇත්තටම අපි අහක දාන කිතුල් කොටයට පණ දීලා හදන නිෂ්පාදන අලෙවි කර ගන්න විදිහක් නැහැ. අපි කිතුල් ලීයෙන් ගොඩක්ම නිර්මාණය කරලා තියෙනවා. දැන් ඒවා අලෙවි කර ගන්න බැරිව ඇඳන් යට තමයි තියන්න වෙලා තියෙන්නේ. මේ කර්මාන්තය දියුණු කරනවා නම් අපේ ගමේ කොල්ල කෙල්ලන්ට අවශ්‍ය රැකියා ටික අපිට දෙන්න පුළුවන්. රටක් රාජයක් දියුණු වෙන්න ඕන නම් දියුණු කරන්න නම් රටේ නිෂ්පාදන බිහි වෙන්න ඕන. අපිටනම් තාම පෙනෙන්නේ නැහැ එහේම දෙයක් වෙනව. මේ කර්මාන්තයට අත දීලා එය වැඩි දියුණු කරනවනම් මෙහේ කොල්ලන් කෙල්ලන්ට රස්සා නැතිව දුක් විදින්න ඕන නැහැ. අපිට පුළුවන් ඒ අයට රැකියා දෙන්න. අපි දන්නා පරිදි මේ නිෂ්පාදනවලට ඉල්ලුම තියෙන්නේ පිටරටවල. අපිට ඒ සඳහා උදව් කරන්නේ නම් අවශ්‍ය නිෂ්පාදන හිගයකින් තොරව සපයන්න පුළුවන්.
රූපසිංහ ලියනගම මහතා:-
මේ කිතුල් ලී නිර්මාණ අලුත්ම කලාවක් වගේම අලුත් කර්මාන්තයක්. වඳ වී යන දැවවලට හොඳ විකල්පයක්. ඒ වගේම මේ කිතුල් ලීය හොඳ ශක්තිමත් ලීයක්. කල්පවතින ලීයක්. යකඩ වගේම හයියයි. ඒ නිසා අපේ පරිසරයේ ශාක පද්ධතිය ආරක්ෂා කිරීමට හොඳ විකල්පයක්. මේ කිතුල් ලී නිර්මාණයන් ලොකය පුරා ප්‍රචලිත කළොත් මේ අපේ ප්‍රදේශවල රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියාවන් සොයා ගෙන කොළඹට යන්න වෙන්නේ නැහැ. ගමේ ඉඳගෙනම රැකියාවක් කරගෙන යන්න පුළුවන්. අනෙක අපේ ප්‍රදේශවල ඕනෑ තරම් තියෙනවා වයස්ගත කිතුල් ගස්. ඒවා වයස්ගත වුණාම ගලවලා ඉවත් කරන්න ඕන. මේ කිතුල්ගස්වලින් වෙන්නේ කිසිදු ප්‍රයෝජනයක් නැතිව පසේ පොහොර ටික විනාශ වෙන එකයි. ඒ නිසා වයස් ගත කිතුල්ගස් මේ කර්මාන්තය සඳහා ගැනීම පරිසරයටත් හොඳයි. කිතුල් ලී නිර්මාණකරුවන් ඒවා වියදමක් දරලා කපාගෙන ගිහිල්ලා තමයි මේ නිර්මාණ කරන්නේ. මේ වගේ අලුත් නිර්මාණ වඩ වඩාත් ප්‍රචලිත කිරීම රටේ අවශ්‍යතාවක්. රටක් දියුණු කරන්න ඕන නම් මේ වගේ කර්මාන්ත තව තව දියුණු කරන්න ඕන. අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ කර්මාන්ත නගා සිටුවීමට අතහිත දෙන්න කියලය
අදහස් (0)
වෙළඳ පොළක් නැති කිතුල් ලී නිෂ්පාදන
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
වෙළඳ පොළක් නැති කිතුල් ලී නිෂ්පාදන