ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.
මේ අතරට Huawei Digital power හි Luna 2000, විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, Huawei Digital Power හි Luna 2000, මීළඟ පරම්පරාවේ Wi-Fi 6 නිෂ්පාදන, දත්ත ගබඩා විසඳුම් සහ ldeaHubs උපාංග, nova 8i ස්මාර්ට් දුරකථනය, ලැප්ටොප් මාදිලි ඇතුළු ස්මාර්ට් උපාංග සහ ව්‍යාපාර සඳහා වන ඩිජිටල් විසඳුම් ඇතුළත් වේ. මෙම නවතම විසඳුම් හරහා ශ්‍රී ලංකාව කලාපයේ ස්මාර්ට් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටHuawei අපේක්ෂා කරයි.
මෙහිදී හඳුන්වා දුන් නිෂ්පාදන අතරHuawei හි නවතම ldeaHub Pro සහ ldeaHub Sසඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අඟල් 86ක තිරයකින් එය සමන්විතය.
Huawei OcenStor Dorado V6 all-flash storageවඩාත් සුවිශේෂී දත්ත හා බැඳුනු සේවා හා අත්දැකීමක් පරිශීලකයන්ට හිමිකර දේ. Huawei nova 8i ස්මාර්ට් දුරකතනය ඉතා සැහැල්ලු මෙන්ම ආකර්ෂණීය නිමාවක් සමඟින් වෙළඳපොළට නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙහි අඟල් 6.67ක් තරම් වූ සියුම් වක්‍ර දාර සහිතedgeless ඩිස්ප්ලේ එක, අල්ලා ගැනීමට පහසු නිමාව සහ ultra-smooth ටච් සිස්ටම් එක පරිශීලකයාගේ තාක්ෂණික ක්‍රියා කාර්යක්ෂම කරනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yiමෙලෙස පවසා සිටියි. සූර්ය බලශක්තිය ආර්ථිකමය වශයෙන් ඉහළ ප්රතිලාභ ගෙන එන බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් වන අතර, ශ්‍රී ලංකාවට ශක්තිමත් සූර්යබල සම්පත් තියෙනවා.
Huawei ඩිජිටල් පවර් තාක්ෂණයන්ගේ හඳුන්වාදීම සමඟින්, අපට මෙම නව බලශක්තිවල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි කිරීමේ හැකියාව පවතිනවා.
-සටහන- චමින්ද මුණසිංහ
Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි