ලොව ප්රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්රියාවලියේ දී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බවත්. විශේෂයෙන්ම පරිශීලකයන් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලටHuawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරනු ලබන බවත් එම සමාගම සඳහන් කරයි.
මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් Huawei විසින් My Huawei App, සිය ස්මාර්ට් උපාංගයන් වෙත එක්කර ඇත.
My Huawei App, යනු, පරිශීලකයන් සඳහා ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ නිවැරදි සේවා සොයා ගැනීමට උපකාරී වන යෙදුමකි. මෙය Huawei Support App හි යාවත්කාලීන කරන ලද version එකක් වන අතර, මෙයHuawei ස්මාර්ට් දුරකථනවල pre-install කර පැමිණේ. මේ හරහා Huawei උපාංග පරිශීලනය කරන පාරිභෝගිකයන් හටHuawei official support සේවාවන් හා ඍජුව සම්බන්ධ විය හැකි අතර, ඔවුන්ගේ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකිය.
මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei මෙරට ප්රධානී පීටර් ලියූ මහතා මෙසේ පැවසීය. ”දේශීය පාරිභෝගිකයා වෙත ඉහළම තත්වයේ තාක්ෂණික සේවාවන් ලබාදීමට Huawei නිරන්තරයෙන් කැපවී සිටිනවා, ඒ අනුව මෙම නවතම My Huawei App අත්දැකීම පාරිභෝගිකයන් වෙත තිළිණ කරනවා. මේ හරහා දිනෙන් දින වෙනස්වන අපගේ තාක්ෂණික විස්තර සහ පුවත් එසැනින් පරිශීලකයා වෙත දැන ගැනීමට හැකිවන අතරම, ඔවුන්ගේ ගැටලු වෙත පිළිතුරු ලබාගැනීමටද හැකි වෙනවා. My Huawei App දේශීය පාරිභෝගිකයාගේ කාර්යයන් රැසක් පහසු කරනවා.
My Huawei App දැන් ශ්රී ලාංකේය පරිශීලකයන් වෙතටත්