අනුර කුමාර දිසානායක ඔහුගේ ආදායම් ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීම කෙරේ අවධානය යොමු කිරීම වඩා වැදගත් වේ. ආදායම් ගිණුම සකස් වන්නේ රජයේ ආදායම් සහ එහි පුනරාවර්ථන වියදම් හෙවත් පරිභෝජන වියදම් වලිනි. නිදහසින් පසු බොහෝ අවුරුදුවල මෙම ගිණුමේ පැවතියේ, රජයේ පැත්තෙන් ආදායමට වැඩි වියදම් නියෝජනය වන හිඟයකි. එවැනි හිඟයක අනතුර වන්නේ පරිභෝජන වියදම් පියවා ගැනීමට වඩා රජයට ණය ගැනීමට සිදුවීමයි.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාමක්ද?
ජනපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස 2025 පෙබරවාරි 17 වැනිදා ඔහුගේ කුළුඳුල් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත වශයෙන්ම එය මුළු අවුරුද්ද සඳහාම වූ අයවැයක් නොවූයේ වසරේ මුල් මාස තුනට රජය තාවකාලික පරිපූරක ඇස්තමේනතුවක් යටතේ මූල්‍ය යෙදවුම් කළ බැවිනි.
එහිදී අලුත් ආදායම් හෝ වියදම් නොවූ මුත් රජය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2024 අයවැයේ කොන්දේසිවලට අනුගත වෙමින් මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය. අනුර කුමාර දිසානායකගේ අයවැය සැකසීම් පළමු තුන් මාසයේ රනිල්ගේ අයවැයම බව විචාරකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඉතිරි මාස නවය සඳහා වූ අයවැය දෙස අයෙක් බැලුවහොත් ඔහු මෙම චෝදනාවම ඉතිරි කාලපරිච්ඡේදයටත් දීර්ඝ කරනු ඇත.
අනුර කුමාර දිසානායක මුහුණ පෑ සීමා
අයවැය සැකසීමේදී අනුර කුමාර දිසානායකට තමාගේ පාලනයෙන් තොර බලවේගයන් දෙකක් නිසා සීමා පැනවේ. එකක් වන්නේ දරුණු විදේශ විනිමය ගැටලුවෙන් ගොඩ ඒමට, විස්තීරණ ණය පහසුකම් යටතේ මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය පහසුකම් ලබා දීමේදී, ශ්‍රී ලංකාවට පැනවූ ප්‍රමාණාත්මක සීමා සමග අනුගත වීමට ඔහුට සිදුවීමයි. 2024 සැප්තැම්බරයේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ කටයුතු අරඹන විට සංශෝධනයකින් තොරව එම මිණුම් සළකුණු සමග ක්‍රියා කිරීමට එකඟ වූයේය. දෙවැන්න ජනාධිපතිවරණයට මඳකට කළින් ක්‍රියාත්මක වූ ආර්ථික පරිවර්තන පනත යටතේ අනාගත ආණ්ඩුවලට පැනවූ සාර්ව ආර්ථික මිණුම් සලකුණු පවත්වා ගැනීමේ ව්‍යවස්ථාපිත අව්‍යතා තිබීමයි.
ආර්ථික පරිවර්තනය පනත නීති පොතේ පවතින තුරා එම මිණුම් සළකුණු පවත්වා නොගැනීම නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැළකෙනු ඇත. අනුර කුමාර දිසානායක මෙකී උගුලට අසු නොවිය යුතුවේ.
එම නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය එම සීමා තුළ පැවතිය යුතුය. එම මිණුම් සළකුණ වෙත අයවැය ප්‍රාතිහාර්යාත්මකව ළංවී ඇති අයුරු එයින් දිස්වේ. එය ස්වේච්ඡාවෙන් නොව බලෙන් පැටවූවක් නිසා අතරමගදී පීලි පැනිය හැකි අවදානම තුළ අයවැය ක්‍රියාත්මක වේ. මෙය අඛණ්ඩව හා වෙනස් වීමකින් තොරව අයවැය සැකසීමේ අයහපත් තත්ත්වයක් වන අතර එම දුර්වලතාව අනුර කුමාර දිසානායකගේ අයවැයද පෙළෙන්නේය.
අයවැය සැකසුම් යාන්ත්‍රණයේ දෝෂ
ශ්‍රී ලංකාවේ අයවැය සැකසුම් යාන්ත්‍රණයේ බරපතළ දෝෂයන් පවතී. අයවැය ඇස්තමේන්තු කරනුයේ එය ඉදිරිපත් කරන කාලයට අනුකූලවයි. (එය ex-ante විවරණය ලෙස හැඳින්වේ). අයවැයේ ඇති සංඛ්‍යාවන් අයවැය වර්ණනා කිරීමට ඉහවල් කර ගැනේ. උදාහරණයක් ලෙස ආණ්ඩුව විසින් අයවැය ඉදිරිපත් කරන හැම වාරයකම වාණිජ මණ්ඩල එසැනින්ම එය සංවර්ධනය මූලික කරගත් අයවැයක් ලෙස නම් කෙරෙනුයේ අයවැය ලේඛනයේ සඳහන් ප්‍රාග්ධන වියදම් වැඩසටහන්වලට වෙන්වූ ප්‍රමාණය පදනම් කරගෙන නිගමණවලට එළැඹීමෙනි. කෙසේ වුවද කාල පරිච්ඡේදය අවසානයේදී ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් සැලැස්මට අනුව එම කාර්ය සාධනය ඉටු නොකර තිබීමට ඉඩ තිබේ. එම මුදල මුළුමනින්ම උපයෝගී කරගෙන නොමැති නම්, එයින් රටේ ප්‍රාග්ධන තොගය ගොඩනැගීම ඇණ හිටිනු ඇත. එය රටේ සංවර්ධනයේ ප්‍රධාන සංරචකයකි.
උදාහරණයක් ලෙස 2024 අයවැයේදී, ආණ්ඩුව රුපියල් බිලියන 1700ක් ප්‍රාග්ධන වියදම් ලෙස වැය කරන්නට බලාපොරොත්තු වූ අතර එහි රාජ්‍ය හිමි බැංකුවල යළි ආයෝජනය කිරීමද ඇතුළත් විය. කෙසේ වුවද වියදම් කරන ලද්දේ රු.බි. 817 ක් පමණකි. එහිදී රාජ්‍ය බැංකු ප්‍රතිආයෝජනයට ලක් කිරීමේ කාර්ය සාධනය ඉටු නොවූ අතර රජයෙන් ප්‍රාග්ධන අයිතමයන් පොදුවේ අත්පත් කර ගැනීමද සිදු නොවීය.
එහෙත් 2024 අයවැය ඉදිරිපත් කරන විට ලංකා වාණිජ මණ්ඩලය එය ප්‍රශංසාවට ලක් කරමින් අතීත සාර්වආර්ථික කළමනාකරණ දුර්වලතා නිවැරැදි කිරීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙසත් එය තිරසර සංවර්ධනයේ පදනමක් බවත් කියා සිටියේය. එහෙත් ප්‍රාග්ධන වියදම් වැඩසටහන කාර්ය සාධන මට්ටමට ළඟා නොවූ විට වාණිජ මණ්ඩලය මුනිවත රැක්කේය.
එම නිසා අයවැය මුලදී නොව, අගදී ඇගයුම් කිරීම වඩා වැදගත් වේ. එය (ex-post) පසුවිපරම් විග්‍රහය නමින් හැඳින්වේ. ශ්‍රී ලංකාව මෙම ඇගයුම් කිරීමේ යාන්ත්‍රණය අයවැය සම්බන්ධයෙන් භාවිතා නොවේ. අයවැය යනු නැවත ආයෝජනය කරනු ලබන සැලසුම් වන අතර අලුත් වසර උදෙසා එම සැලසුම් ඉදිරිපත් කෙරෙන විට ඊට කළින් වසරේ අයවැය කාර්යසාධනය විග්‍රහය සමග එම සැලසුම සමාලෝචනය කිරීම වැදගත් වේ. එවැනි විග්‍රහයකින් අයවැයේ අරමුණු ආවරණය විය යුතු වන අතර එම අරමුණු කෙතරම් දුරට යථාර්ථවත් වී තිබේද? අසාර්ථකව ඇත්නම් ඊට හේතු හා එම තත්වයන් නිවැරදි කිරීමට ගතයුතු ප්‍රතිකර්මීය පියවර මොනවාද යන්න එහි සඳහන් විය යුතුය. ශ්‍රී ලංකාවේ අතීත අයවැය කිසිවක මෙම ලක්ෂණ තිබුණේ නැත. අනුර කුමාර දිසානායකගේ අය වැයද එසේමය.
ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මුදල් යෙදවුම් සම්බන්ධයෙන් අධිකාරිත්වය දරන පාර්ලිමේන්තුවට අයවැය සම්බන්ධ පසුවිපරම් විග්‍රහය ස්ථාපිත කිරීමේ හැකියාවක් නොමැත. Verite Research වැනි පෞද්ගලික බුද්ධි මණ්ඩල අයවැය අරමුණු විපරම් කිරීම භාරගෙන තිබෙනමුත් ඔවුන්ගේ විග්‍රහයන්ද සංඛ්‍යා සසඳා බැලීම්වලට සීමාවේ. වැදගත් වන්නේ අයවැය වියදම් ආර්ථිකයට බලපාන අන්දම ඇගයුම් කිරීමයි. එම නිසා රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුව අයවැය බලපෑම් ඇගයුම් අධ්‍යයන අනුමත කිරීමේ හැකියාව ලබා ගැනීම වැදගත් වේ. ඒ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට තත්වය යාවත්කාලීන කරමින් පුළුල් සාකච්ඡාවට බඳුන් කිරීම පමණක් නොව, බදු ඔස්සේ අයවැයට වර්තමානයේත් අනාගතයේත් මුදල් යොදවනු ලබන බොහෝ උද්ධමන බදු හරහා මුදල් යොදවන මහජනයා දැනුවත් කිරීමද සිදුවේ.
ආදායම් ව්‍යුහය
2025 අයවැයෙහි ආදායම් ව්‍යුහය පුළුල් ලෙස 2024 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදායම් ප්‍රක්ෂේපණය කළ ආකාරය තහවුරු කෙරෙන අයුරු පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රක්ෂේපණයට වඩා 2025 අයවැයේ ආදායම් ඇස්තමේන්තුව මඳක් අඩු වුවද, දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව ආදායම් අනුපාතය එකම වනුයේ අයවැයේ දළ ජාතික නිෂ්පාදිත ඇස්තමේන්තුව රු. ට්‍රිලියන 33 ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රක්‍ෂිප්ත රු. ට්‍රි. 34ට වඩා අඩුවීම නිසාය. එහිදී අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූ. අරමුදලේ මිණුම් සළකුණුවලට සමීපතාව ආරක්ෂා කරගෙන තිබේ. එම නිසා 2025 පෙබ. 28 දිනට සාකච්ඡා කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසිදායක වෙතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂිතයන් තුළ වූ අවදානම්සහගත, අවාසිය වන්නේ රජයට කලින් කී පරිදි ආදායම් බදු ගෙවන්නේ හා වැට් බදු ගෙවන්නන්ට සහන සැලසීමට අවකාශයක් නොතිබීම බව පෙනී යයි. එමනිසා එවැනි සහන සැලසීම්, 2027 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඩසටහන නිමාවට පත්වනතුරු අත්හිටුවීමට සිදුවනු ඇත.
ප්‍රාථමික ශේෂයේ දෝෂ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මෙන්ම ආර්ථික පරිවර්තන පනතෙන්ද පනවා ඇති මිණුම් සළකුණක් වන්නේ, ආණ්ඩුව දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව අයවැයෙහි ප්‍රාථමික ගිණුමේ, සියයට 2ක අතිරික්ත ශේෂයක් රඳවාගත යුතුය යන්නයි. ප්‍රාථමික ශේෂය වනුයේ, සාමාන්‍ය මූලාශ්‍රවලින් රජය ලබන ආදායම හා රජයේ පුනරාවර්ථන වියදම් හා ප්‍රාග්ධන වියදම් එකතුව අතර වෙනසකි. එහිදී රජයේ ණය වියදම් හා පොලී වියදම්, වියදම්වලට එකතුකොට ගණන් බැලෙන්නේ නැත. ඒ ආකාරයට ප්‍රාථමික ශේෂයේදී රජයේ ණය හිමියන්ට කරන ගෙවීම් ආරක්ෂා කෙරේ.
එම අතිරික්තය කරා ළඟාවීම ආදායම වැඩි කිරීමෙන් හෝ සාමාන්‍ය පුනරාවර්ථන වියදම් සීමා කිරීමෙන් හෝ ප්‍රාග්ධන වියදම් සීමා කිරීමෙන් හෝ මේ සියලු පියවර මිශ්‍රකොට අනුගමනය කිරීමෙන් කළ හැකිවේ. කෙසේ වුවද හොඳම ක්‍රමෝපාය වන්නේ රජයේ පරිභෝජනය නියෝජනය කෙරෙන සාමාන්‍ය පුනරාවර්ථන වියදම් පිරිමසා ගැනීමයි. අනුර කුමාර දිසානායකගේ අයවැය කතාවේදී, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මගින් 2027 න් අනතුරුව ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අනුව නැවත ණය ගෙවීමේ හැකියාව ලැබුණු විට ණය නැවත ගෙවීම සහතික කෙරෙන බව කියා සිටියේය. එහෙත් එසේ කිරීමට නම් එම අතිරික්තය විශේෂයෙන්ම සාමාන්‍ය පරිභෝජන වියදම් පිරිමසා ගැනීම තුළින් උපයා ගත යුතුය. සාමාන්‍ය පරිභෝජන වියදම් පිරිමසා ගත හැක්කේ රාජ්‍ය සේවාව ප්‍රමාණයෙන් අඩු කිරීමෙන්, සහනාධාර නිසි ලෙස සැලසුම් කර ගැනීමෙන්, රජයෙන් හෝ වෙනත් සේවාවලදී ගැනීම පිළිබඳව පරීක්ෂාවෙන් පසුවීමෙන්ය.
2025-2027 අතර එසේ වැඩි කරගන්නා ඉතිරි කිරීම්වලින් කොටසක් ගිණුම් ඇසුරෙන් ගත්විට ණය නැවත ගෙවීම සඳහා භාවිත කළ හැකිවේ. එහෙත් මෙම අරමුණ උදෙසා ඒකාබද්ධ අරමුදලේ මුදල ඉතිරි වී නැත්තේ, ආදායම් ඔස්සේ හිඟයක් සහ අයවැයේ සමස්ත හිඟයක් පවතින නිසාය. එම නිසා 2027 න් අනතුරුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ණය ගෙවීම සඳහා භාවිතා කළ හැකි බව පැවසීම නිවැරැදි නොවේ.
කෙසේ වුවද 2023 හා 2024 වසරවල ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගත්තේ ආණ්ඩුව එම වසර දෙක සඳහාම අයවැයවලින් වියදම් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රාග්ධන වියදම් සෑහෙන තරම් අඩු කිරීමෙනි. උදාහරණයකට 2023 දී ප්‍රාග්ධන වියදම් උදෙසා අයවැයෙන් රුපියල් බිලියන 1200 ක් වෙන්කර තිබුණද වියදම් කරනු ලැබුවේ රුපියල් බිලියන 933ක් පමණකි.
2024 දී සැලසුම් කොට තිබූ ප්‍රාග්ධන වියදම රු. බිලියන 1700 ක් වෙන් කර තිබුණේ රජයේ හිමිකාරිත්වය ඇති බැංකුවල නැවත ආයෝජනය කිරීමේ වියදම් ද ඇතුළුවයි. සැලසුම් කළ පරිදි මෙම ප්‍රාග්ධන වියදම් වැය කළේ නම්, 2023 ප්‍රාථමික ගිණුම් රු. බිලියන 390 ක හිඟයක් සහ 2024 ප්‍රාථමික ගිණුමේ රු. බි. 259ක හිඟයක්ද පෙන්නුම් කෙරෙනු ඇත.
එම නිසා, මුදල් අමාත්‍යාංශය සිදුකර ඇත්තේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය පෙන්වීමට සංඛ්‍යාන විද්‍යාත්මකව ජනෙල් රෙද්දෙන් දැමුවා වැනි ආටෝපකාරී වැඩකි. එවැන්නක් තම අයවැය තුළ අනුර කුමාර දිසානායක කළ යුතු නොවේ. එයින් කිසිසේත් 2027 පසු රජයේ, ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ යන්නේ නැත. මන්ද යත් රජයේ සාමාන්‍ය පරිභෝජන විදයම් පිරිමසා ගැනීමක් එහිදී සිදුනොවන බැවිනි.
ආදායම් ගිණුමේ අතිරික්තයේ වැදගත්කම
එම නිසා අනුර කුමාර දිසානායක ඔහුගේ ආදායම් ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීම කෙරේ අවධානය යොමු කිරීම වඩා වැදගත් වේ. ආදායම් ගිණුම සකස් වන්නේ රජයේ ආදායම් සහ එහි පුනරාවර්ථන වියදම් හෙවත් පරිභෝජන වියදම් වලිනි. නිදහසින් පසු බොහෝ අවුරුදුවල මෙම ගිණුමේ පැවතියේ, රජයේ පැත්තෙන් ආදායමට වැඩි වියදම් නියෝජනය වන හිඟයකි. එවැනි හිඟයක අනතුර වන්නේ පරිභෝජන වියදම් පියවා ගැනීමට වඩා රජයට ණය ගැනීමට සිදුවීමයි. එහිදී සිදුවන්නේ ඵලදායී නොවන ණය, ණය කන්දරාවට එක්වීමයි. එහෙත් රජයට මූල්‍ය වියදම් තුලිත කර ගැනීමේ ගැටලුව අභිමුවේ ඊට මුහුණ දෙන්නට සිදුවූ විට, ණය ගැනීම් පවා සීමා කර ගැනීමට සිදුවූ අවස්ථාවල සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රාග්ධන වියදම් කපා හැරීමයි. එහෙත් එය ඵලදායී නොවන පියවරකි. ඊට හේතුව ප්‍රාග්ධන රාශිය පහත වැටීම හේතු කොටගෙන මධ්‍යම කාලයේ සහ දීර්ඝ කාලයේ රටේ වර්ධනය වීමේ හැකියාව අඩුවීමට එය බලපාන නිසාය.
මෙහිදී පෞද්ගලික අංශය මගින් ගොඩ නගන ප්‍රාග්ධන තොගය, රටට වැඩිවන වේගයකින් වර්ධනය වීමට ප්‍රමාණවත් නොවේ. එසේ වන්නේ දැඩි අවශ්‍යතාවක්ව පවතින පාරවල්, බලාගාර, ජලාශ, ජල ව්‍යාපෘති ආදී බිම් මට්ටමේ යටිතල පහසුකම් සඳහා ප්‍රාග්ධන වියදම් වැඩ සටහන් රජයෙන් ක්‍රියාත්මක වන නිසාය. මගේ මතයේ හැටියට අනුර කුමාර දිසානායක මේ උගුලට අසුවිය යුතු නැත.
එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උනන්දු කරනු ලබන ප්‍රාථමික ගිණුමේ අතිරික්තය කෙරේ විශ්වාසය තබමින් ඊට ප්‍රශංසා කරනු වෙනුවට ඔහු, රජයේ අයවැය පිරිමසා ගැනීමට කටයුතු කොට එසේ ඉතිරි කර ගන්නා මුදල් ප්‍රාග්ධන ආයෝජන වෙත මාරු කළ යුතුවේ. අනාගත ආර්ථික අත්තිවාරමක් බලා ගැනීමට එය වඩාත් විචක්ෂණශීලී පියවරක් වන්නේය.
සාකච්ඡාවට විවෘත නොවූ ස්ථාවරයන් සම්බන්ධයෙන් නම්‍යශීලී වීම:-
අනුර කුමාර දිසානායක විසින් ගන්නා ලද සාකච්ඡාවට විවෘත නොවූ ඇතැම් උසස් ස්ථාවරයන් පවතින අතර ඒවා අනාගතයේදී ඔහුගේ අයවැයට දැඩි පීඩනයක් එල්ල කරමින් තවදුරටත් අයවැය තුළ ගැටලු මතු කරනු ඇත.
ඔහුගේ එක ස්ථාවරයක් වන්නේ, රාජ්‍ය හිමි ව්‍යවසායයන්, පෞද්ගලික ප්‍රාග්ධනය හා ව්‍යාපාරික විචක්ෂණශීලීත්වය ආකර්ෂණය කර ගනිමින් ප්‍රතිසංස්කරණය නොකෙරෙන්නේය යන්නයි. හිමිකාරිත්වය, යම් ව්‍යවසායක ඵලදායිතාව හෝ කාර්යක්ෂමතාව කෙරේ බලපෑමක් නොකරන සැබෑවකි. පෞද්ගලික පාර්ශවයට, යම් ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමට හැකිවා සේම, රාජ්‍ය හිමි ව්‍යවසායන්ටද ඒවා කළමනාකරණය කර ගනිමින් අවශ්‍ය මට්ටමේ කාර්යක්ෂමතාව හා ලාභදායී බව පවත්වාගෙන යා හැකිය. කෙසේ වුව එක් තීරණාත්මක අවශ්‍යතාවක් වන්නේ ඔවුන්ට දේශපාලන බලපෑම්වලින් තොරව නිදහසේ තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතු වීමයි.
මෙම කාර්ය සහතික කිරීම පවත්නා ක්‍රමය විසින් නොකළහොත් එම ව්‍යවසායින්ගේ අකාර්යක්ෂමතාව වසාගැනීමට මුදල් යෙදවිය යුතු වන්නේ අයවැයෙනි. මගේ මතයේ හැටියට බදු ගෙවන්නන් අසීරුවෙන් ඉපයූ මුදල් මේ සඳහා යෙදවිය යුතු නැත. මෙම ස්ථාවරය වෙනස් කොට මෙවැනි දැඩි ස්ථාවර සම්බන්ධයෙන් නම්‍යශීලී වීමට අනුර කුමාර දිසානායකට මෙකී අයවැය ගැටලු (Blues) වලින් ගොඩ ආ හැකිය.
ඉන්දියාවේ මෝදි රජය මෙබඳු ස්ථාවරයකට පැමිණ එයාර් ඉන්දියා සමාගම පෞද්ගලිකකරණය කිරීම දීර්ඝ කාලයක් අත්හිටුවා තිබිණි. කෙසේ වුවද කලක් තිස්සේ පැවති ශෝචනීය තත්වය උග්‍ර අවස්ථාවට එළැඹි විට රජය පියවරක් පසුපසට ගෙන එයාර් ඉන්දියා ආයතනයේ අයිතිය පෞද්ගලික පාර්ශ්වයන්ට විකුණා දැමුවේය. මෙම නම්‍යශීලී බව අනුර කුමාර දිසානායකට කදිම ආදර්ශයක් වනු ඇත.
ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් වැළකීම
විශේෂයෙන් රට දරුණු ආර්ථික අර්බුදයක වැටී, යථාතත්වයට පත් වීමට වැර දරන අවස්ථාවක අයවැයක් සෑදීම ලේසි පාසු කාරියක් නොවේ. විස්තීරණ ණය පහසුකම්වල මැණුම් සළකුණු හා ආර්ථික පරිවර්ථන පනතේ ව්‍යවස්ථාමය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අයවැය සකසමින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අසීරුතා භාරධූර කාර්යය ඉටුකර ඇත.
කෙසේ වුවද හුදෙක් ජා. මූල්‍ය අරමුදල තෘප්තිමත් කිරීමට පමණක් තැනූ අයවැයකින්, රට අතරමග පීලිපැනීමට ඇති අවදානමෙන් මිදී ගැඹුරු දෝෂයන්ගෙන් ගොඩ එන්නේ නැත. අනුර කුමාර දිසානායකගේ විශාලතම අයවැය පරහ මගින් නියෝජනය වන්නේ මෙකී උගුලයි. ඔහු අයවැයේ අරමුණුවලට ඇළී ගැළී විනාශකාරී ප්‍රතිපත්තියක් අනුගමනය නොකර සිටීම වඩා සුදුසු බව පසුව හෙළිදරව් වනු ඇත.
අභියෝග අඩුවක් නැති අයවැයක්