( මහින්ද නිශ්ශංක)
ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 කින් පමණ අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 170 ක් ලෙස පැවැති අර්තාපල් කිලෝවක තොග මිල ඊයේ ( 26) වන විට රුපියල් 120-125 වශයෙන් අඩු වූ බවද සංගමය පවසයි.
තොග මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙන පරිදි අර්තාපල් තොග මිලද අඩු විය යුතු බව සංගමය කියයි.
එසේම කිලෝව රුපියල් 150 ක් වශයෙන් පැවැති ආනයනික ලොකු ලුනු තොග මිලද රුපියල් 100-110 වශයෙන් පහත බැස තිබේ.
ආනයනික අර්තාපල් මිල පහළ බසී