IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඇඟලුම් කර්මාන්තය නංවන නව සැලසුම්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානමින් පසුවේ. ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ සුක්කානම සියතට ගත් පළමු කාන්තාව වූ, එහි නව සභාපති රාජිතා ජයසූරිය එම කර්මාන්තයේ ක්‍රමෝපායික වර්ධනයක් වෙනුවෙන් පෙනී සිටින්නීය. ගෝලීය වෙළඳපොළේ වෙනස්වීම් සහ දේශීය අභියෝගවලට ප්‍රතිචාර ලෙස මූලික ප්‍රතිපත්තිමය වෙනස්කම්, ඉහළ බලශක්ති පිරිවැයට විසඳුම් සෙවීම, වඩා දියුණු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා අනුගමනය කිරීමට  ඇගේ අවධානය යොමුවේ. 

අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය  කිරීම උදෙසා තිරසාර නවීකරණය කිරීම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී එම අංශයේ  ගෝලීය ප්‍රමිතිය ශක්තිමත් කිරීම උදෙසා ඈ කටයුතු කරනු ඇත. කර්මාන්තයේ ප්‍රතිපත්ති හැඩගැන්වීමේ හා ශ්‍රී ලංකාවේ අනාගත ඇඟලුම් කර්මාන්තය ගෝලීය වශයෙන් තරගකාරීව තබාගැනීම සහතික කිරීම උදෙසා හවුල්වීමට ඇගේ අවධානය යොමුව තිබේ. ජයසූරිය සමග කළ සම්මුඛ සාකච්ඡාවේ උපුටනය පහත සඳහන් වේ



Q: ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ නව සභාපතිවරිය ලෙස ආර්ථික අභියෝග හා වෙනස්වන ගෝලීය වෙළඳපොළ හමුවේ ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය ශක්තිමත්  කිරීම උදෙසා ඔබ සැලසුම් කර ඇත්තේ කෙසේද? 
 ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සම්බන්ධ අපනයනවලින් සියයට 40කට වඩා කොටසකට දායක වෙමින් ශ්‍රී ලංකාවේ අපයනයට දායක වන විශාලතම කර්මාන්තය  බවට පත්ව තිබෙන්නේ දළ වශයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 4.7ක් එයින් උත්පාදනය කරමින්. ඩොලර් බිලියන 8ක ඉලක්කයක් වෙත ළඟාවීම සඳහා පැහැදිලි ප්‍රතිපත්ති යටිතල පහසුකම් සංවර්ධනය රජයේ පූර්ව ක්‍රියාකාරී සහයෝගය ඊට අවශ්‍ය වෙනවා. මෙම අංශයෙන් සෘජු රැකියා 350,000කට වඩා සපයා තිබෙන අතර තවත් මිලියන ගණනක් එයින් පෝෂණය කරනවා. ආර්ථික හා සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යන මුඛ්‍ය අංශය බවට එය පත්ව තිබෙනවා. 
ඉක්මනින්ම විසඳුම් ලබාදිය යුතු ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතු ගැටලුව ඉහළ බලශක්ති පිරිවැයයි. බංග්ලාදේශය හා වියට්නාමය සමග තරගකාරී බව සැසඳීමේ දී ශ්‍රී ලංකාවට එය දැඩි අවාසියක්. ස්ථාවර බලශක්ති මිල ප්‍රතිපත්තියක් හා …පුණර්ජනනීය බලශක්ති සඳහා  ආයෝජනය කිරීම පිරිවැය කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ ලා ප්‍රමුඛ සාධක වෙනවා. උපයෝගී අංශයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව නිෂ්පාදකයන්ගේ මූල්‍ය අපහසුතා විසඳීම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතුයි. තවත් ප්‍රධාන කාරණයක් වන්නේ එරාවුර් ෆැබ්රික් පාර්ක් හි ප්‍රගතිය වේගවත් කිරීමයි. රෙදිපිළි ආනයනය මත රඳා පැවැත්ම අඩු කිරීමටත් නිෂ්පාදන පිරිවැය අවම කිරීමටත් ගතවන කාලය අවම කිරීමටත් එය අවශ්‍ය වෙනවා. අනුමත කිරීම් සහ ආයෝජන දිරි දීමනා විධිමත් කිරීම ඉක්මනින් නිම කිරීමට තීරණාත්මකව බලපානවා. 
ප්‍රතිපත්තිමය, ස්ථාවරත්වය කෙරේ දැඩි සැලකිල්ල යොමු කළ යුතු වන්නේ මූල්‍ය නියාමනයන්ගේ නිරන්තර වෙනස්කම්වලට අනුකූලවයි. වැට් බදු වැඩි කිරීම් සහ මූල්‍ය ප්‍රවාහයට බාධාකාරී SVAT බදු ඉවත් කිරීම සහ දිවයිනේ නිෂ්පාදකයන්ගේ සැපයුම් දාමය ස්ථාවරය පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඉන්දියාව, චීනය හා ජපානය සමග ද්විපාර්ශ්වික හා කලාපීය ගිවිසුම් ශක්තිමත් කර ගැනීම අපනයන වෙළඳපොළ විවිධාකාර ගැනීමට උපකාරී වෙනවා. මේ වනවිට අපනයනවලින් සියයට 40ක් එක්සත් ජනපදය වෙත රඳා පැවැත්ම කෙරේ විශ්වාසය තැබීම අවම කිරීමට ද එය උපකාරීවෙනවා. 

Q: ඔබගේ නායකත්වය යටතේ ඇඟලුම් මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාව කෙරේ පවතින විශ්වාසය ශක්තිමත් කිරීම උදෙසා තාක්ෂණය හා නවීකරණය නැංවීම හා ශ්‍රම බළකාය සංවර්ධනය සම්බන්ධයෙන් අනාගත හැකියාව කෙසේ වේදැයි ඔබ දකින්නේද? 
පිළිතුර: මගේ ධුර කාලයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තාක්ෂණය නවීකරණය නැංවීම හා ශ්‍රම බළකාය සංවර්ධනය ගෝලීය මූලාශ්‍රයක් ලෙස අපට ඇති ස්ථානය ශක්තිමත් කිරීම උදෙසා අඛණ්ඩව  පවත්වා ගන්නවා. අප කාර්යක්ෂමතාව නැංවීම සඳහා ඩිජිටල් පරිවර්තනය වැළඳගත යුතුයි. කෘත්‍රිම බුද්ධි (AI) ඇතුළත් කරගත යුතුයි. දත්ත විශ්ලේෂණය ඉවහල් කරගත යුතුයි. එසේම තිරසාර බවත් සැපයුම් දාමය තුළ විනිවිද පෙනෙනසුලුභාවයන් පවත්වාගත යුතු වෙනවා. රටක් ලෙස අපගේ තරගකාරී බව වර්ධනය කර ගැනීම සඳහා නවෝත්පාදනය හා නවීකරණය ඉවහල් කරගත යුතුයි. පරිනාමය වෙමින් පවතින ගෝලීය ප්‍රමිතියට සරිලන බව සහතික කර ගැනීම සඳහා දියුණු නිෂ්පාදන හා ද්‍රව්‍යමය තිරසාර බව රඳවා ගත යුතු වෙනවා. 
මෙම පරිවර්තනයේ හරය වන්නේ අපගේ ශ්‍රම බළකායයි. නිපුණතා සංවර්ධනය උදෙසා ආයෝජනය, නිපුණතා නැංවීම, ශ්‍රම පිළිවෙත් හා ආචාරශීලි බව විසින් අපගේ ජනයා බලගන්වනවා. විශිෂ්ට සංස්කෘතිකමය පෝෂණයකුත් හැඩගැන්වීමේ ශක්‍යතාවත් ඊට අයත්.
ගුණාත්මක බව, ස්ථිරසාර බව හා සදාචාරාත්මක නිෂ්පාදනයට කැපවීම කෙරේ මුල් ඇද බැඳ ගැනීමක් ලෙස ශ්‍රී ලාංකීය නිෂ්පාදන හඳුනාගනු ලැබ  ගෞරවය අත්පත් කරගෙන තිබෙනවා. මෙම ගෞරවනීය බව රඳවා ගනු පමණක් නොව මූලික ඇඟලුම් කේන්ද්‍රස්ථානයක් ලෙස එම  ගෞරවය තවත් ශක්තිමත් කිරීම සහතික කිරීමත් අප කළ යුතු වෙනවා. අපගේ අරමුණ පැහැදිලියි. විශ්වාසදායකත්වය හා නවීකරණය සහ විලාසිතා අංශය තුළ වගකීමෙන් යුතු මූලාශ්‍රයක් ලෙස ගෝලීය සන්නාමයෙන් හෙබි හවුල්කරුවකු වීමේ කැමැත්ත එම අරමුණයි. 


Q: පසුගිය සමයේ ඇඟලුම් කර්මාන්තය විවිධ අභියෝගවලට මුහුණ පෑවා. ශ්‍රී ලංකාවේ අපනයන වෙ​ෙළඳපොළ විවිධාංගිකරණයට, වේගයෙන් පරිනාමය වන ගෝලීය වාතාවරණයට ඔරොත්තු දෙමින් කර්මාන්තයේ පැවැත්ම සහතික කිරීම උදෙසා කිනම් ක්‍රමෝපායන් ඔබ ක්‍රියාත්මක කරන්නේද? 
පිළිතුර: සමස්ත අපනයනවලින් සියයට 40කට වඩා එක්සත් ජනපදය මත රැඳී පැවතීම අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය විවිධාංගීකරණයට ලක් කළ යුතුයි. 
මේ වනවිට අඩුවෙන් නියෝජනය සිදුවන එක්සත් රාජධානිය  14.17 යුරෝපා සංගමය  සියයට 27.27 ආසියා පැසිපික්  (උදා - ඉන්දියාව සියයට 1.52) සහ මැදපෙරදිග  සියයට 0.99 යන කලාපවල වෙෙළදාම ව්‍යාප්ත කිරීම තීරණාත්මක කාරණයක්. ඉන්දියාව සමග එට්කා (ETCA) ගිවිසුම සහ නිදහස් වෙළඳ ගිවිසුම ආසියා පැසිෆික් කලාපය සමගත් කැනඩාව සමගත් වෙ​ෙළඳ ගිවිසුම් විවෘත කර ගැනීම තුළ වෙ​ෙළඳපොළ ස්ථාවරය පවත්වා ගැනීමේ හැකියාව වර්ධනයවීමේ අලුත් අවස්ථා ගොඩනැගෙනවා. 
තවත් ප්‍රමුඛතාව දිය යුතු කාරණයක් වන්නේ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමයි. සම්පාදන කාර්ය සාධන දර්ශකයේ (Logistics Performance Index) 2023දී ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානයේ පසුවීමත් වරාය මෙහෙයුම් විධිමත් කිරීමත් පාරිභෝගික ක්‍රියාදාම ඩිජිටල්කරණයට භාජන කිරීමත් ප්‍රමුඛ කාරණා වෙනවා. අපනයන ප්‍රමාදයන් අඩු කිරීමට ප්‍රතිපත්ති සම්පාදනයන් හා සහයෝගිතාව පවත්වා ගැනීම සහ මහාමාර්ග හා දුම්රිය මාර්ග සම්බන්ධතා ශක්තිමත් කිරීමත් තරගකාරී බව වැඩි කරනු ලබනවා. 
මලල ක්‍රීඩා ඇඟලුම්, විශේෂ අවස්ථාවට අදාළ ඇඟලුම්, සහ තාක්ෂණික කටයුතුවලට අදාළ ඇඟලුම් ආදි කාලීන අංශ වෙත අවධානය යොමු කරන සැපයුම් දාමයක් කරා මෙම කර්මාන්තය යොමු විය යුතුයි. විශේෂයෙන් යුරෝපා සංගමයේ වෙ​ෙළඳපොළ ඉල්ලා සිටින විනිවිද පෙනෙනසුලු බව ළඟාවීම උදෙසා උසස් දත්ත පදනමකින් යුක්ත යාන්ත්‍රණයක් වෙත ආයෝජන සිදු කළ යුතුයි. මෙම ක්‍රමෝපාවලින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ ගෝලීය තරගකාරී බව සහ කඩිනම් බව තහවුරු වේවි. 


Q: ඇඟලුම් අංශයට රජයේ සහයෝගය ලැබිය යුතුවීම වැදගත් වන තත්වය යටතේ ව්‍යාපාර පහසුකරණය වැඩි කිරීමට සහ ශ්‍රී ලංකාවේ සැපයුම් දාමයේ හැකියාවන් වර්ධනය වෙනුවෙන් ඔබ සැලසුම් කරනු ලබන ප්‍රධාන ප්‍රතිපත්ති මොනවාද? 
පිළිතුර: මේ වනවිට අපනයන කර්මාන්තයේ සැලකිල්ල වඩාත් යොමුවී තිබෙන්නේ යෝජිත SVAT බදු අඩු කිරීමේ යෝජනාවටයි. අපගේ කලාපයේ තරගකරුවන් සමග සසඳා බැලූ විට අපගේ නිෂ්පාදන මේ වනවිටත් ඉහළ  බදුකරණයේ සහ වෙනත් පිරිවැයවලට යටත්වී  තිබෙනවා. මෙම SVAT බදු ඉවත් කිරීමෙන් අපනයන කර්මාන්තය අඩපණවීම වළක්වා ගත හැකි වෙනවා. විශාල අපනයනවල මූල්‍ය ප්‍රවාහයට පමණක් නොව සැපයුම් දාමයේ දීර්ඝත්වය හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙත විශාල බලපෑමක් ඉන් ඇති වේවි. 
ව්‍යාපාර ක්‍රියාදාමය විධිමත් කිරීමේ හා සැපයුම් දාම හැකියාවන් වර්ධනය කිරීමේ ප්‍රතිපත්ති වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටීමද අප කළ යුතු වෙනවා. 2024 ආර්ථික පරිවර්තන පනත මුළුමනින් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉහළම ප්‍රමුඛතාවලින් ආයෝජන උදෙසා අනුමත කිරීම සරල කර ගත හැකියි. තනි ආයතනයකින් සියලුම අනුමැතීන් ගැනීමේ ක්‍රමයෙන් සැපයුම් දාමය තුළ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකියි. එයින්ම නිෂ්පාදන දියුණුවත් තාක්ෂණික තිරසාර බවත් ඇති වෙනවා. හරිත යටිතල පහසුකම් උදෙසා කරන ආයෝජන දිරිමත් කිරීම උදෙසා දිරි දීමනා සැපයිය යුතුයි. එරාවුර් ෆැබ්රික් පාර්ක් වැනි කාර්මික කලාප වැනි ස්ථාන නිර්මාණය කිරීමෙන් අපනයන අමුද්‍රව්‍ය අඩුකර ගත හැකියි. ස්ථාවර විදේශ විනිමය ප්‍රතිපත්ති සහ බදුකරණ ප්‍රතිපත්ති සමස්ත කර්මාන්තයේ ස්ථාවරභාවය පවත්වාගෙන යෑමට වැදගත් වෙනවා. 
Qප්‍රශ්නය: ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස මේ සම්බන්ධයෙන් ඔබ සිතන්නේ මොනවාද? 
පිළිතුර: ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ සභාපති ධුරය මා හට ගෞරවයක් සේම වගකීමක් ලෙසත් මා බැරෑරුම්ව සලකනවා. එය මගේ විශේෂ සන්ධිස්ථානයක්. එහෙත් එය කර්මාන්තයේ විවිධාංගීකරණය හා සාකල්‍යතාව සම්බන්ධයෙන් ගත් විට එය ඉදිරි පියවරක් වීම ඊට වඩා වැදගත්. මෙය නව දැක්මක් ගෙන ඒමට අවසර දීමක් ලෙසත් සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් පෙනී සිටීමක් ලෙසත් මේ අංශයේ කාන්තා නායකයන් සඳහා ඊළඟ පරම්පරාවට දෙන සහයෝගයක් ලෙසත් මම දකිනවා. 
2025 මාර්තු 12 Daily FT හි පළවූ Redefining leadership in Sri Lankas apparel Industry නම්වූ සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනය. 


සමන් පුෂ්ප ලියනගේ.

 



අදහස් (0)

ඇඟලුම් කර්මාන්තය නංවන නව සැලසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site