IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


එට්කා උගුලක්ද ? අවස්ථාවක්ද ?

ඉන්දියාව සමග සාකච්ඡා කර එට්කා (ETCA) නැවත සකස් කිරීම.


ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ගිවිසුම් ගත වූ කාරණා 34 ට අනුව ඒ තුළ ඇති වෙනත් කාරණාවලට අමතරව දෙරට අතර වෙෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ද එකඟ වී තිබේ.
ප්‍රමුඛත්වයෙන් යුතු හා අපේක්ෂා තැබිය හැකි වූ සිත් ඇදගන්නා ගිවිසුම් තුනක් ඒවායේ ඇත. ආර්ථික හා තාක්ෂණික ගිවිසුම (කෙටියෙන්) (ETCA (Etonomic and Technaologycal Agreement ETCA) සම්බන්ධ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට ඔවුන් එකඟ වීම එක් ගිවිසුමකි. දැනට එය අපේක්ෂිත ප්‍රතිඵල උදාකර ගත නොහැකි වූ ගිවිසුමක් තත්වයේ නවතී. තවත් ගිවිසුමක් වන්නේ ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල සහ ශ්‍රී ලංකා රුපියල සෘජුවම භාවිත කිරීමේ එකඟතාවයි. එසේ භාවිත කොට අතරමැදි හුවමාරු මුදලක් ලෙස ඇමරිකානු ඩොලරය භාවිත කිරීමෙන් වැළකී සිටීම එහි එක් අරමුණකි. තුන්වැන්න ශ්‍රී ලංකාවේ අපනයන නැංවීමේ විභවතාව ඇති අංශවල ඉන්දියානු ආයෝජන සිදුකිරීම උදෙසාය. මේ සියලු ගිවිසුම් එකිනෙක හා අන්තර් සම්බන්ධතාව පවතින ඒවා වන අතර එට්කා ගිවිසුම පිළිබඳව කරන ඕනෑම සාකච්ඡාවක දී නිරායාසයෙන්ම ඒවා එම සාකච්ඡාවල හරය බවට පත් වන්නේය.


2016 දී එට්කා ගිවිසුම පිළිබඳ අනුර කුමාර දිසානායකගේ විවේචනය


එහෙත් මෙය අනුර කුමාර දිසානායකට පහසු කාර්යයක් නොවන්නේ ඔහු පසුබිමේ සිටිනා දේශපාලන බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දී එට්කා විරෝධී ස්ථාවරයක් ගත් බැවිනි. 2016 දී ජවිපෙ අනුග්‍රහයෙන් පැවැත්වුණු එට්කා විරෝධි සම්මන්ත්‍රණයක කතා කරමින්, වෙනත් රටවල් සමග ශ්‍රී ලංකාව ගෝලීයව පවත්වාගෙන යන ආර්ථික සබඳතාවල ඵලදායි බලපෑම අගය කරන අතරතුර ඔහු එවකට යෝජිත එට්කා ගිවිසුමට විරෝධය පෑ බව වාර්තා වේ. එම සම්මන්ත්‍රණයේ දී ඔහු මෙසේ ප්‍රකාශ කොට ඇත.
අපගේ විරෝධය එවැනි ගිවිසුමක් අපගේ රටට වාසිදායක ද නැද්ද යන්න මත රඳා පවතින්නක් නොවේ.’ ඉන්දියාව සමග වූ එට්කා ගිවිසුමට අදාළව ඔහු තවදුරටත් මෙසේ කියූ බව වාර්තා වේ.
‘මෙතැන තිබෙන්නේ දේශපාලන සූදුවක්. ඉන්දියාව අප රටේ දේශපාලනයට මැදිහත් වීමට උත්සාහ දරනවා. දැනටමත් රෝ ඔත්තුකරුවන් යාපනයටය පැමිණ සිටිනවා. අපේ රට දේශපාලන සෙල්ලම් පිටියක් බවට පත් කිරීමට පෙර ඉන්දියාවට අපගේ ආර්ථිකය ගිල දැමීමට අවශ්‍ය වී තිබෙනවා. මේ වන විටත් වාහන, ඖෂධ හා ඉදිකිරීම් අංශයේ ඒකාධිකාරියක් ඉන්දියාව සතුව පවතිනවා. දැනටමත් ඔවුන් අපේ ආර්ථිකය පාලනය කරනවා. ඒ හරහා ඔවුන් අප රටේ දේශපාලනය හසුරුවනවා. රනිල්ගේ කටින් පැන්නේ මෙම දේශපාලන අවශ්‍යතාවයි. මෙම ගිවිසුම අත්සන් කරන්නට අප කිසිද‌ා ඉඩ දෙන්නේ නෑ.’


අවශ්‍යතාව අනුව වෙනස්වන අනුර කුමාර දිසානායකගේ එට්කා සම්බන්ධ අලුත් මතය


ඉන්දියාව සහ එහි එට්කා ගිවිසුම  ප්‍රසිද්ධියේ හෙළා දකිමින් මෙම ප්‍රකාශය කිරීමෙන් වසර අටකට පසුව අවස්ථාව අනුව වෙනස්වන  අනුර කුමාර දිසානායක ඉන්දියාවට අවශ්‍ය වන්නේ සතුරකු නොව සැබෑ මිතුරකු බවත්, එය සෑහෙන තරමින් වැදගත් බවත් තේරුම් ගෙන තිබේ. මේ ආකාරයට නායකයකු තුළ තම රටේ ජනතාවගේ සුබසිද්ධිය තකා පරිවර්තනයක් සිදුවීම වැඩදායක දියුණුවකි. එහෙත් මෙම ගිවිසුම යථාර්ථයක් බවට පත් කිරීමට දැන් අනුර කුමාර දිසානායක දක්ෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවෙන් සාකච්ඡාවට එවන කණ්ඩායම හා සාකච්ඡා කිරීමට පත් කළ යුතුය. එට්කා ගිවිසුමේ අවසාන සංස්කරණයට ඊනියා භයානක යයි කී සංරචක කාන්දු නොවීමට ඉඩ නොදෙන සමාන පදනමක පිහිටා එවිට සාකච්ඡා කළ හැකි වේ.


අලුතෙන් ආරම්භ කළ ගිවිසුම සම්බන්ධ දොස් හා පැසසුම්


ඒකාබද්ධ ප්‍රකාශය නිවේදනය කිරීමත් සමගම අනුර කුමාර දිසානායකට දොස් හා පැසසුම් ද එසැනින්ම එල්ල විය. ඉන්දු ලංකා නිදහස් වෙ​ෙළඳ ගිවිසුම නොහොත් ISLFTA  ගිවිසුම 2004 වසරේ දී පරිපූර්ණ ආර්ථික හවුල්කාර ගිවිසුමක් (CEPA- සෙපා) බවට පත් කිරීම හා එම ගිවිසුමම ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම – ETCA ලෙස 2017 දී අලුතෙන් නම් කරමින් ව්‍යර්ථ උත්සාහ දෙකක් දැරූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නව එට්කා ගිවිසුම සම්බන්ධ අනුර කුමාර දිසානායකගේ අලුත් එඩිතර ස්ථාවරය ප්‍රසංසාවට ලක්කර තිබේ. ඒ අතර දැඩි ජවිපෙ මතවාදය අනුව තම දේශපාලන පුහුණුව ලැබගත් අය අනුර කුමාර දිසානායක එට්කා ගිවිසුම ආරක්ෂා කිරීමට ගන්නා ඕනෑම පියවරකට එරෙහිව දැඩි විරෝධය ප්‍රකාශ කිරීමට පෙළඹී තිබේ.
වික්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව අරගල කළ හිටපු ශිෂ්‍ය, නායක එට්කා ගිවිසුම ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්, එට්කා ගිවිසුම ඔස්සේ ඉන්දියාවේ මිලියන භාගයක තරම් දොස්තරවරුනට ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නට ඉඩ දී ඇතැයි පවසමින් එහි අහිතකර ප්‍රතිවිපාක ගැන කියා තිබේ. යෝජිත ගිවිසුමේ අහිතකර ප්‍රතිවිපාක රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ටත් රටේ සේවාවලටත් බලපාන බව ජාතික පුවත්පත් වෙත දැනුම් දෙන විවේචකයෝ එම අංශ දෙකම තවමත් වඩාත් දියුණු ඉන්දියානු තරඟකරුවන් සමග තරඟ වැදීමට අපොහොසත් බව අවධාරණය කරති.
විවේචකයන් වෙතින් ඉඟි ලබාගත් විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කර හෝ ක්‍රියාත්මක කළේය, යන්න ප්‍රතික්ෂේප කළ බව කියවේ. මෙය දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීමට ගත් පියවරක් වුවද, එය රට, තවත් රටක් සමග වැදගත් වෙ​ෙළඳ හා ආයෝජන ගිවිසුමකට ඇතුළත් වන්නට බලාපොරොත්තු වන මොහොතේ රටේ  අපේක්ෂා සම්බන්ධව හොඳින් පෙර නිමිති පළකරන්නක් නොවේ. එයින් පෙනී යන්නේ අනුර කුමාර දිසානායකට දේශපාලන පසුබිම් සහාය දෙන, ජාතික ජනබලවේගය තවම කල් මරණ බවයි.
 අතීතයේ පැවති ඉන්දු ලංකා වෙෙළඳ සම්බන්ධතා සමීප අසල්වැසියන් වූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකිනෙකා සමග ශක්තිමත් වෙෙළඳ සම්බන්ධතා පවත්වා ගැනීම ඉතාමත් ස්වභාවිකය. අතීතයේ දී ඈත පෙරදිගින් එන වෙළෙන්දෝ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ මිලදී ගන්නට දකුණු ඉන්දීය වරායවලට පැමිණියහ. එහෙත් පළමු සහශ්‍රකයේ පසු භාගයේ දී එම ස්ථානවල පැවැති වෙෙළඳාම දකුණු ඉන්දීය වරායවලින් ශ්‍රී ලංකාවේ වරාය වෙත මාරු වූයේ ශ්‍රී ලංකාව පෙර අපරදිග මුහුදු  මාර්ග යා කරන වැදගත් වෙෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමිනි. ශ්‍රී ලංකාවේ කාසි පිළිබඳ අධ්‍යයන කරන විශේෂඥයකු වූ ඔස්මන්ඩ් බෝපේ ආරච්චි, ශ්‍රී ලාංකීය වෙළෙන්දන් දකුණු ඉන්දියාවේත්, දකුණු ඉන්දීය වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ සිටි බවට පුරාවිද්‍යා සාක්ෂි වලින් සනාථ කර තිබේ.
ඒ අනුව ඓතිහාසික සාක්ෂි වලින් හෙළිදරව් වන්නේ වෙෙළඳ ගිවිසුම් යටතේ සිදුවන්නා සේම එය දෙපසටම ගිය වෙෙළඳාමක් බවත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දෙසට පමණක් විහිදනු වෙ​ෙළඳාමක් නොවන බවත්ය. මින් පෙර සෙපා, (SEPA) සහ (ETCA) එට්කා ගිවිසුම් ඔස්සේ දෙරට අතර තීරුබදු කොන්දේසි රහිතව හුවමාරු කරගත යුතු වෙෙළඳ භාණ්ඩ පැහැදිලිව හඳුනාගෙන තිබුණි. එහෙත් අද වන විට තවදුරටත් ඒවා යාවත්කාලීන කිරීම අවශ්‍ය වන අතර ඒවා දැඩි ලෙස සාකච්ඡා කොට තීරණය කිරීම දෙරටේ එට්කා නියෝජිතයන්ගේ වගකීම වන්නේය.


ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් (ISLFTA)  වෙ​ෙළඳ ගිවිසුමේ අපේක්ෂිත ප්‍රතිඵල


ශ්‍රී ලංකාවා සතුව ඇත්තේ වෙෙළඳ ගිවිසුම් යටතේ ඉන්දියාව සමග වෙෙළඳ සම්බන්ධතා පැවැති දශක හතර හමාරක අත්දැකීම් පමණකි. ශ්‍රී ලංකා ඉන්දියා පළමු නිදහස් වෙළෙඳ ගිවිසුම හෙවත් ISLFTA (1994 දෙසැම්බරයේ අත්සන් කළ) 2000 ජනවාරි මාසයේ පටන් ක්‍රියාත්මක විය. මෙම වෙළෙඳ ගිවිසුමෙන් ආවරණය වූයේ ඇසට පෙනෙන වෙළෙඳ භාණ්ඩ විනා සේවා නොවේ. ගෝලීය වෙෙළඳාමේ සාමාන්‍ය ගෝලීය තීරුබදු අනුපාතය 2022 දී සියයට 2 තරම් පහතට වැටී තිබිය දී ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමකට ඇතුළත් විය යුත්තේ ඇයි? ඊට හේතු කිහිපයක් ඇත.
 ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ගෝලීය වෙළෙඳපොළ කොටස 2000 වසරේ සියයට 20 ක්ව තිබී, එය 2022 දී සියයට 29 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ ශ්‍රී ලංකාවේ අපනයන කොටස එම කාල පරිච්ඡේදය තුළ සියයට 38 කින් පහළ වැටී මේ වන විට සියට 0.1ටත් අඩුවෙන් පවතී. ඊට හාත්පසින් වෙනස් වූ ඉන්දියාවේ කොටස සියයට 176 ද කින් වර්ධනය වී සියයට 0.7 ද සිට සියයට 1.8 ද දක්වා මෙම කාලය තුළ වැඩි වී තිබේ.
මෙකී පරිහානිය තත්වයේ පසුවෙන ශ්‍රී ලංකාව, ඉන්දියාව ඉදිරිගමන යන වාහනයට ගොඩ වී එම සහ සම්බන්ධතාවෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිඵල බලාපොරොත්තු වීම ස්වාභාවිකවම කළ යුත්තකි. මෙයින් අදහස් වන්නේ ගෝලීය තීරුබදු අනුපාතය පහත වැටී තිබුණ ද ශ්‍රී ලංකාවට එහි තරගකරුවන් සමග ස්වාධීනව තරග කොට එයින් වාසි ලබාගත නොහැකි වූ බවය. එම නිසා ඉන්දියාව වැනි ප්‍රගතිගාමීව, ව්‍යාප්ත වන රටකින් සහයෝගය හා ආරක්ෂාව ලබාගෙන ද්වීපාර්ශ්වික වෙෙළඳ සම්බන්ධතා වර්ධනය කරගෙන එම තත්වය උපරිම ලෙස උපයෝගී කරගත යුතු වේ.


වෙ​ෙළඳාම පුද්ගලයන් සමග මිස රටවල් සමග නොවේ.


වෙළඳ ගිවිසුමක අරමුණ වන්නේ ආනයන හා අපනයන යන දෙවර්ගයේම වෙළඳාම ප්‍රවර්ධනය කිරීමයි. එම නිසා එකඟතාවට පැමිණෙන රටවල් දෙකටම අතිරික්ත භාණ්ඩ හුවමාරු කරගනිමින් තීරුබදු අනුපාතය ශුන්‍ය හෝ අවම මට්ටමේ තබාගෙන හිඟ භාණ්ඩ සපයාගත හැකි වේ. මෙය ISLFTA ගිවිසුම සම්බන්ධයෙන් ද සත්‍යයකි. එහෙත් ද්විපාර්ශ්වික වෙළඳ සම්බන්ධතා සම්බන්ධව විරෝධතා දෙකක් ඇත. එකක් නම් රටවල් දෙක අතර ලොකු කුඩා වෙනස සම්බන්ධ වූවකි. ඉන්දියාව විශාල නිසාත් ශ්‍රී ලංකාවව කුඩා නිසාත් දෙරටට සමාන පදනමකින්  වෙෙළඳාම කළ නොහැකිය යන මතය ඊට පදනම් වේ. මෙම විරෝධතාව තාර්කිකව ගත් කළ පදනම් විරහිත එකක් වන්නේ වෙළඳාම සිදුවන්නේ රටවල් දෙක අතර නොව පුද්ගලයන් හෝ ආයතන අතර බැවිනි. ලොකු කුඩා යන තර්කය වලංගු වේ නම්, කුඩා රටක් වූ සිංගප්පූරුවට යෝධ ​ඇමරිකාව සමග වෙළඳ සම්බන්ධතා ඵලදායි ලෙස පවත්වා ගත නොහැකිය. එහෙත් සිංගප්පූරුව, අපූරුවට, ඇමරිකාව සමග වෙළඳාම් කටයුතු කරනුයේත් වෙෙළඳාම කරන ආයතනවලට මග පෙන්වන්නේත් විශාලත්වය නොව ගුණාත්මක බව මිල සහ  අන්‍යෝන්‍ය තෘප්තිභාවය නිසාය.


සෘණාත්මක ලැයිස්තුවකින් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම.


අනෙක් විරෝධය අදාළ වන්නේ එක් රටකට අනෙක අභිබවා සුපිරි තරගකාරී වාසි අත්ව තිබේය යන්න සම්බන්ධයෙනි. ISLFTA ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව ඉතා ආර්ථික තරගකාරී වාසි ඇති රටක් ලෙස දකිනු ලැබීය. ඒ නිසා ඉන්දියාවෙන් එල්ල වන තරගයට ශ්‍රී ලාංකීය  ව්‍යාපාරිකයන් බිය වූයේ ඔවුන් සතුව ඇත්තේ ඉන්දීය නිෂ්පාදන සමග තරග කළ නොහැකි ළදරු ව්‍යාපාරවල නිෂ්පාදන නිසාය. එහි ප්‍රතිඵලයන් ලෙස ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වෙෙළඳ පොළෙන් ඉවත වීසි වී එතැනට ඉන්දීය භාණ්ඩ පැමිණෙතැයි බියක් හට ගැනිණි. මෙම බිය තුළ යම් මූලධාර්මික වලංගුතාවක් පවතී. එහෙත් සාර්ථක ලෙස එම ගැටලුවට පිළියමක් යොදමින් ISLFTA ගිවිසුමේ දී ගිවිසුම තුළට නොගැනෙන භාණ්ඩ ලැයිස්තුවක් සකස් කෙරිණි. මෙම ලැයිස්තුව සෘණාත්මක ලැයිස්තුව ලෙස නම් කෙරිණි. භාණ්ඩ 1180 කින් සමන්විත ඉන්දීය භාණ්ඩ ශ්‍රී ලංකාව තුළට ඒම වැඩි වුවහොත් මෙම සෘණාත්මක භාණ්ඩ ලැයිත්තුව දීර්ඝ කිරීමටත්, භාණ්ඩ 429 කින් පමණක් සමන්විත ශ්‍රී ලාංකීය භාණ්ඩ ලේඛන අවශ්‍ය වුවහොත් කෙටි කිරීමටත් ගිවිසුම තුළ අවකාශ තිබිණි. සෘණාත්මක භාණ්ඩවලට තීරුබදු සහන නොලැබෙන නිසා ඒවා සාමාන්‍ය වෙළඳ කොන්දේසි යටතේ  අලෙවි කළ යුතු විය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවලට අනුව 2000 – 2013 අතර කාලයේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට නිර්යාත කළ භාණ්ඩ වලින් 70% ක් ISLFTA යටතේ හුවමාරු භාණ්ඩ වන අතර ඉන්දීය නිෂ්පාදන එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට පැමිණියේ සියයට 17 ක් පමණකි. එම නිසා ISLFTA  යටතේ ඉන්දීය භාණ්ඩ නිදහසේ ශ්‍රී ලංකාවට ගලා ඒවි යයි පැවැති බිය වලංගු වූවක් නොවීය. මෙම සෘණාත්මක භාණ්ඩ ලැයිස්තුව හඳුන්වා දුන්නේ දේශීය කර්මාන්ත ආරක්ෂාවට හා දේශීය නිෂ්පාදකයන්ගේ බිය තුරන් කිරීමටයි. කෙසේ වුවද ආර්ථික විශ්ලේෂකයන්, අනාවරණය කරගෙන තිබෙන්නේ මෙම ලැයිස්තු ආරක්ෂිත හා නිෂ්පාදිතයන්ගේ වර්ධනයට සෘණාත්මකව දායක වූ බවත්, දෙරටටම නිදහස් වෙළඳ ගිවිසුමෙන් උපරිම වාසි ලබාගත හැකි නොවන ලෙස එයින් සාපේක්ෂ හා තරගකාරීවාසි ලබා ගැනීමේ හැකියාව වැළකී ගිය බවත්ය. මෙයින් අදහස් කරනුයේ රටවල්, නිදහස් වෙළෙඳ පිළිවෙත් ඔස්සේ, තහනම් කිරීමේ හුයවලින් බැඳ නොතබා එකිනෙකාට විවෘතව තැබිය යුතු බවය. 


ඉන්දියාව සියලුම රටවල් සමග වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තබයි.


 මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටම ආර්ථික සම්බන්ධතාවන් හි ඊළඟ අවධියට ඇතුළු වෙමින්, 2000 ගණන්වල මුල් භාගයේදී පරිපූර්ණ ආර්ථික සහයෝගිතාවක් උදෙසා වඩාත් පුළුල් වෙළඳ ගිවිසුම්වලට එළඹීමට සාකච්ඡ ඔස්සේ සැළසුම් කරන ලදී,
මෙම සාකච්ඡා වලින් 2004 වන විට දෙරටේම එකඟතාව උදෙසා මූලික වාර්තාවක් ඉදිරිපත් කෙරිණි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු මාරු නිසා මෙම උත්සාහයක ව්‍යර්ථ වූයේය. CEPA ගිවිසුමේ ශෛලිය ඉන්දියාව සෙසු ලෝකය සමග ආර්ථික සහයෝගිතාව වර්ධනය කරගැනීමට උපයෝගි කරගන්නා පිළිවෙළයි. ඒ ආකාරයට ඉන්දියාව ලෝකයේ සියලු රටවල් සමග කටයුතු කරයි.  මේ දක්වා ඉන්දියාව. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඊශ්‍රායලය, එ.රා. ආර්මේනියාව, බෙලාරුස්, කසකස්තාන්, කිර්ගිස්ථානාය, රුසියාව. ද.අප්‍රිකාව. බොට්ස්වානා, ලෙසොතෙ, ස්වාසිලන්තය, නැම්බියාව, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, නේපාලය, භූතානය, මියුරිටස්, ඇතුළු මුළු ලෝකයම ආවරණය වන පරිද්දෙන් පරිපූර්ණ, වෙෙළඳ සහයෝගිතාව නැංවීමේ ගිවිසුම් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව මෙම ජලයෙන් පිටත රැදී සිටියහොත් වෙළඳාමෙන් පරාජිතයකු වනු නියතය.


2015 දී සෙපා (CEPA) එට්කා (ETCA) ලෙස නැවත නම් කිරීම:-


2015 – 2019 කාලයේ පැවැති රනිල් වික්‍රමසිංහ රජය පවතින තත්වය නිවැරදි කරගන්නට උත්සාහ දරමින් කලින් පැවැති CEPA ගිවිසුම ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව පවත්වා ගැනීමේ ගිවිසුම ETCA  ලෙස 2015 දී එය යළි නම් කළේය. ETCA ගිවිසුමට එරෙහි විරෝධතා වර්ධනය වන විට තත්වය පැහැදිලි කරමින් මම ලිපි පෙළක්ම ලීවෙමි. එම ලිපි පෙළෙන් ISLFTA සම්බන්ධ වැරදි වැටහීමක් ඇති බව, එහි ඇති රටට වාසිදායක ප්‍රතිඵල විස්තර කරමින් මම පහදා දුනිමි. රජය එට්කා ගිවිසුම් සම්බන්ධ සැලසුම් ජනතාව ඉදිරියේ තැබිය යුතුය. එවිට විවේචකයන්ට මහා පාරේ නොව. බුද්ධිමය වේදිකාවක තර්ක කළ හැකිය. තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඉන්දියානු වෘත්තිකයන් හා නීති, ​වෛද්‍ය, ඉංජිනේරු වෘත්තිකයන් මෙරට පමණට වඩා පැමිණේවි යයි පවතින බිය මෙරටට සැබැවින්ම ගලා එන වෘත්තිකයන් ප්‍රමාණය පදනම් කොට පවතින බියක් නොව, එය තරග කිරීමට ඇති බිය නිසා මාතු වූවකි.
 රජය සමස්ථ ETCA ගිවිසුම් කටයුතුවලට සම්බන්ධ නිහඬතාව බිඳ හැර ප්‍රජාතාන්ත්‍රීය පාලන පිළිවෙත් ක්‍රියාත්මක කිරීම් ජනතාවගේ විග්‍රහයට පාත්‍ර කිරීමට ඉඩ සැලසිය යුතුය. ශ්‍රී ලංකාව  එහි නිස්පාදන සැපයුම් දාමයන් වර්ධනය කර ගනිමින් ඉන්දීය සහායත් සමග එක්වී සිය නිෂ්පාදන ගෝලීය වෙ​ෙළඳ පොළට සම්බන්ධ කර ගත යුතු වේ. ශ්‍රී ලංකාව. විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය රැකවරණ, තොරතුරු තාක්ෂණ ඇතුළු සේවා ඉන්දීය සගයින්ට විවෘත කිරීම ඔස්සේ වාසි ලබනු ඇත. ETCA යනු ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් භාවය ගොඩනගනු පිණීස, ජාත්‍යන්තර වෙ​ෙළඳ වාසි ලබා දෙන මග හෙළි කරන්නා වූ ගිවිසුමකි.


එට්කා යනු උගුලක් නොව අවස්ථාව පෑදීමකි


2024 දෙසැම්බරයේදී ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නායකයන් මුණ ගැසීමෙන් අනතුරුව ඒකාබද්ධ නිවේදනයකින් ප්‍රකාශයට පත්කොට නැවත කරළියට ගෙන ආවේ කලින් අහෝසි කළ මෙම එට්කා ගිවිසුමය. මගේ මතයේ හැටියට අනුරකුමාර දිසානායක එට්කාව උගුලක් ලෙස නොව, ශ්‍රී ලංකාව දීර්ඝ කාලයේදී දැනට පවතින ගැටලුවලින් ගොඩ ඒමට පෑදුණු මහඟු අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. ඒ අනුසාරයෙන් ගත් විට කලින් පැවැති එට්කාව, දේශීය විශ්වවිද්‍යාල, ඉහළ මට්ටමේ ඉන්දීය විශ්වවිද්‍යාල සමග සම්බන්ධකොට අධ්‍යාපන කටයුතු ඊට ඇතුළත් කර ගනිමින් තවදුරටත් පුළුල් කළ යුතුවේ. ඒ ඔස්සේ ශ්‍රාස්ත්‍රීය මට්ටම ද ඉහළ යන අතර පර් යේෂණ අවස්ථාවලට ද මග පෑදෙනු ඇත. ඉන්දියාව එහි ආයෝජන තාක්ෂණය ඔස්සේ බොහෝ සෙයින් ව්‍යාප්ත කරමින් සිටින අතර ශ්‍රී ලංකාව ඒවායේ තාක්ෂණ දියුණු සමග නොමද වාසි සලසා ගත යුතුය. එම නිසා අනුර කුමාර දිසානායක කඩිනමින්  සාකච්ඡාවේ දක්ෂ කණ්ඩායමක් අනුගත කොට ව්‍යාපාර පිහිටුවීම කළ යුතු වේ. හැකි පමණ ඉක්මණින් අවසාන තීරණවලට එළඹ එට්කා ක්‍රියාත්මක කිරීම කළ යුතුය.
2024 දෙසැ. 30 Daily FT හි පළවූ ලිපියේ  පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

එට්කා උගුලක්ද ? අවස්ථාවක්ද ?

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site