×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
කුඩා තේ වගාකරුවන් කබලෙන් ළිපට වැටෙයිද ?
කතෘ මණ්ඩලය 2025 අප්‍රේල් මස 07
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
කිලෝග්‍රෑමයකට ලැබෙන
මිලත් ප්‍රමාණවත් නෑ
ප්‍රදේශයෙන් ප්‍රදේශයට
මිල ගණන් වෙනස්
වගාවේ සංවර්ධනයට ඇති
ආයතනත් නිසි අවබෝධයකින්
කටයුතු කරන්නේ නෑ
පොහොර සහනාධාරය
සම්බන්ධයෙනුත් ගැටලු රැසක්
මෙහෙම ගියොත් ආර්ථිකයට
දක්වන සියයට 12ක
දායකත්වය අහිමිවීමට පුළුවන්
මාතලේ මහේෂ් කිර්තිරත්න
අමු තේ දලුවලට ලබා දෙන අඩු මිලත්, තේ පොහොර සඳහා යන වියදමත් නිසා වගාකරුවන් කනස්සල්ලට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
ශ‍්‍රී ලංකා අපනයන ආර්ථිකයේ අදටත් මුල් පංගුකාරක වැවිලි භෝගය ලෙස තේ වගාව ඉහළින්ම තිබේ. මිල සූත‍්‍රයකට අනුව වැවිලිකරුවන් මෙන්ම කර්මාන්තකරුවන් අතර කාර්ය දායකත්වය අනුව සියයට 68ක් වගාකරුවාටත්, සියයට 32ක් තේ කම්හල්කරුවාටත් ආදායම බෙදීයාමේ යන්ත‍්‍රණයකට හිමිකම් කියයි.
රාජ්‍ය මැදිහත්වීම මත කලක් කළමනාකරණය වූ තේ වැවිල්ල අද වන විට මහ වතු ආශ‍්‍රිතව සියයට 25කට අඩු නිෂ්පාදන ධාරිතාවක් එක්කරන අතර, සියයට 75කට වැඩි නිෂ්පාදන පංගුකාරීත්වයක් කුඩා තේ වතු මගින් ජාතික කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රයට දායක කරයි. මෙම භෝගය මනා කළමනාකරණයකින් පවත්වාගෙන යෑමට ඇති තේ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වැනි රේඛීය ආයතන හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ඇති තේ නිෂ්පාදනයේ පාර්ශ්වකාර දායකත්වය පිළිබඳව වත්මන් ආණ්ඩුව නිසි ඇගයීමක් කර ක්ෂේත‍්‍රය මෙහෙවීම පිළිබඳව කතා කිරීමට මෙය කාලය නොවෙයි. ඒ සඳහා නිසි කාලයක් ලබාදීම කුඩා තේ වගාකරුවන්ගේ අපගේ වගකීම හා යුතුකම බවත් මනාව අවබෝධ කරගෙන ඇත.
උඩරට, මැදරට, පහතරට යන තේ වගාවේ ප‍්‍රධාන කලාප තුනකින් තේ නිෂ්පාදනය වන අතර, මෙහි ඉහළ මිල පහතරට තේ නිෂ්පාදනවලට ලැබෙන අතර, එය අමු දලූ කිලෝ ග‍්‍රෑමයක් නිෂ්පාදනයට රුපියල් 250.00ක මට්ටමක පවතී. උඩරට අමු තේ දලු කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 200.00 ක මිලක් නියම වන අතර, මැද රට තේ නිෂ්පාදනයේ අමු දලූ කිලෝ ග‍්‍රෑම් එකක් මිල රුපියල් 150ක පමණ ප‍්‍රමාණ පවතින්නේය. මෙම තත්වය තේ වෙන්දේසියේ මාසික මිලදී ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමෙන් දැකිය හැකිය. මෙම තත්වය තුළ එක් කලාපයක සිටින තේ වැවිලිකරුවාගේ ආර්ථිකය වර්ධනයට ලැබෙන දායකත්වය අනෙක් කලාපවල ඇති තේ ගොවියගේ ආර්ථිකය වර්ධනයට ලැබෙන දායකත්වය අතර කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් සීයක මිල උච්චාවචනයක් දැකිය හැකිය. මෙම තත්වයට නිසි උත්තරයක් දීමට ඇති හැකියාව දෙස අපේක්ෂාසහගතව බලාගෙන සිටින්නෙමු.
තේ කුඩු නිෂ්පාදනයේදී තේ කම්හල් තම තේ, තේ වෙනදේසියට ඉදිරිපත් කිරීමෙන් ලැබෙන මිල තීරණය කරන්නේ බෝකර්වරුන්ය. මිල සූත‍්‍රයට අනුව තේ දලු සඳහා මිල නියම වන ස්වභාවයක් පවතී. තේ වගාකරුවන් සහ තේ කම් හල් අතර ඇති බැඳියාව අද වන විට බෙහෙවින් දුරස් වී ඇති ස්වභාවයක් පෙනේ.
තේ කර්මාන්තයට සම්බන්ධ ඇතැම් ආයතන තේ කම්හල් හිමියන්ගේ හා බ්‍රෝකර්වරුන්ගේ ග‍්‍රහණයේ පවතින ආකාරයක් දැක ගත හැකිය. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කුඩා තේ වගාකරුවන්ගේ ඕන එපාකම් දේශපාලනික අවශ්‍යතා අනුව ක්‍රියාත්මක කරන බවට චෝදනා නැගෙයි.
තේ වගාකරුවන්ට සහන මිලකට රසායනික තේ පොහොර ලබාදීමට රජය ගෙන ඇති තීරණය ප‍්‍රශංසනීය වූවකි. එහෙත් එකී සහනය හිමිවන ආකාරය සම්බන්ධ ගැටලු ද පවතී. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේදීම මේ පොහොර මිල ගණන් සම්බන්ධ වගාකරුවන්ට පවතින්නේ ගැටලුවකි. රාජ්‍ය සමාගම්වලින් අඩු මිලට පොහොර ලැබුණ ද, පෞද්ගලික අංශයේ ඒ සම්බන්ධව ගැටලු පවතී.
මෙම සහන මිල මත තේ පොහොර ලබාගත හැකි හැකි වන්නේද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගිනි. කුඩා තේ වතු සංවර්ධන සමිති තුළින් පෙර ගෙවුම් පාදකව මෙම රාජ්‍ය පොහොර සමාගම්වලින් තේ වගාකරුවන්ට පොහොර ලබා ගැනීමට සිදුව ඇත. ඒ සඳහා වන ප‍්‍රවාහන වියදම් පවා කුඩා තේ වතු හිමියන් විසින් අදාළ සමිති මගින් සපයා ගත යුතුව ඇත. එහෙත් මෙම පොහොර අවශ්‍යතාවට සරිලන ආකාරයෙන් රාජ්‍ය පොහොර සමාගම්වලින් සපයාලිය හැක්කේ සියයට 10කට අඩු ප්‍රතිශතයකි. සමිති මගින් අදාළ පෙර ගෙවුම් කරනු ලැබූ පොහොර සැපයීමට නොහැකි බව පවසා, එකී මුදල්ද නැවත වගාකරුවන් වෙත ලබාදීමද පසුගිය දවස්වල සිදුවනු දැක ගත හැකි විය.
රසායනික තේ පොහොර සහනාධාරය තේ කම්හල් හිමියන්ටද ලබාගත හැකය. ඔවුන් තමන්ගේ තේ වගාවන් හා මිතුරු සමාජයේ තේ වගාකරුවන්ට සහනාධාර මත ලබාගන්නා පොහොර ලබාදීමට කටයුතු කරන බව පෙනේ. ඉහළ මිලකට ඇති පෞද්ගලික අංශයේ රසායනික පොහොර නිෂ්පාදන අනෙක් වගාකරුවන්ට ලබාදීම මේ වන විට තේ කම්හල් මගින් අමු තේ දලු සැපයීම මත මාසිකව මුදල් අයකර ගැනීමේ පදනමින් පසුවේ. තේ මණ්ඩලයේ පොලි රහිත ණයක් ලෙසට වගාකරුවන්ට පොහොර සැපයීම සඳහා දෙන මුදල් ද එමෙන්ම පොහොර නිෂ්පාදන සමාගම්වල ඉහළ වට්ටම්ද පාදකව පොහොර ලබා දෙමින් තේකම්හල් හිමියන් විසින් අනිසි ලාබ ඉපයීමක්ද මේ වනවිට සිදුවෙමින් පවතින්නේය. මේ තුළ තේ නිෂ්පාදකයන්ගෙන් කොටසකට වැඩි ලාබයකුත් කොටසකට වගා වියදම් පියවක් ගැනීමට නොහැකි තත්වයකුත් ඇති කරමින් තේ වගාව තුළ ඇති කරනු ලබන මෙම අසමතුලිතතාව මගහැරවීම සඳහා රජයක් විදියට වහා කටයුතු කළ යුතුය. එසේ නොකළහොත් කුඩා තේ වගාකරුවන් කබලෙන් ළිපට වැටෙන තත්වයක් උදාවී ජාතික අපනයන ආර්ථිකයට සියයට 12ක මහා පංගුවක් ලබාදෙන මෙම වගාව මේ රටට අහිමි වනු ඇති බවද කුඩා තේවතු හිමියෝ පෙන්වා දෙති.
මාතලේ දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගාමිණි ජයතිස්ස මහතාට විශේෂ ස්තුතිය.
අදහස් (0)
කුඩා තේ වගාකරුවන් කබලෙන් ළිපට වැටෙයිද ?
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
කුඩා තේ වගාකරුවන් කබලෙන් ළිපට වැටෙයිද ?