IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය ළමයින්ට හොඳ පුරුදු කියාදෙයි

ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කරනු ලැබ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ සිදු කිරීම විශේෂිතය.

පසුගියදා යාපනයේ නල්ලූර් හි දී ක්ලෝගාඩ් ජංගම දන්ත සායනයක් පැවැත් වූ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත චිකිත්සකයන් විසින් විනෝදාත්මක හා සිත් ඇදගන්නා සුළු දැනුවත් කිරීමේ සැසියක් ද පවත්වනු ලැබීය.

එම වැඩසටහනේ දී දන්ත පරීක්ෂාවෙන් හා දත් පිරිසුඳු කිරීමෙන් අනතුරුව, වැඩසටහනට සහභාගි වූ දරුවන් මුඛ සෞඛ්‍ය  යහපත්ව පවත්වා ගැනීම සඳහා දිරිමත් කරමින්, ඔවුන්ට ක්ලෝගාඩ් කණ්ඩායම වෙතින්  ආකර්ෂණීය ත්‍යාග ද පිරිනැමිණි.

මෙහි දී දරු දැරියන්ට සායනික සැසිවල දී ‘ක්ලෝගාඩ් චූටි ලෙනා‘ සමඟ ක්‍රීඩා කරමින් විනෝද වීමේ අවස්ථාව ද හිමි වූ අතර, යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ළමයින් දිරිමත් කිරීම එම අංගය මගින් ද ප්‍රවර්ධනය කෙරිණි.

595



අදහස් (0)

ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය ළමයින්ට හොඳ පුරුදු කියාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

Our Group Site