නිපෝන් පේන්ට් සමාගම, දිවයින පුරා රෝහල් රැසක 3-in-1 MediFresh ආලේපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. රිදී සහ සින්ක් අයන සහිතව නිපදවා ඇති 3-in-1 MediFresh ආලේපනය බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත ය. මෙම ව්‍යාපෘතිය කොළඹ IDH රෝහලෙන් ආරම්භ වූ අතර, මේ වනවිට රටේ තවත් ප්‍රධාන නගර රැසක පිහිටි රෝහල් වෙතද ව්‍යාප්ත කර තිබේ.
සිංගප්පූරුවේ ප්රමුඛ පෙළේ රසායනාගාර දෙකක් වන Productivity & Standards Board (PSB) සහ TUV SUD PSB හිදී සිදුකරන ලද පුළුල් මට්ටමේ පරීක්ෂණවලට අනුව, 3-in-1 MediFresh නිෂ්පාදනයට, රෝග ඇතිකරන වයිරසවලින් ආරක්ෂාව ලබාදීමේ හැකියාව ඇති බව සායනිකව තහවුරු වී ඇතැයි එම සමාගම කියයි.
“ලොව මුල්ම වරට, හුදෙක් අලංකාරය ඉක්මවා ගිය වැදගත්කමකින් යුත් ආලේපන වර්ගයක් හඳුන්වා දීමට සමත් වූ තීන්ත සමාගම් අතරින් එකක් බවට පත්වීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම මේ වනවිටත් 3-in-1 MediFresh සඳහා දේශීය වෙළඳපොළ තුළින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබීම සතුටට කරුණක්. පවතින තීන්ත ඉවත් නොකරම මෙය විවිධ මතුපිටවල් මත ආලේප කිරීමට හැකිවීම පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වේවි.” නිපෝන් පේන්ට් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහ මහතා මහතා පැවසීය. .Huawei සිය, පාරිභෝගිකයන්ට වාසි රැසක් ලබා දෙමින්, දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත. මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එම සමාගම කියයි.
නිපෝන් පේන්ට් වෙතින් රෝහල් රැසක ආරක්ෂාවට 3-in-1 MediFresh