මාක්ස් කාර්නේ; වෙනස් වූ මූල්‍යවාදියා
හිටපු මහ බැංකු නිලධාරියකු වූ ආචාර්ය එච්.එන්. තේනුවරගේ නවතම ග්‍රන්ථය වූ Economic Policy Lessons For a New Sri Lanka කෘතිය එළිදැක්වීමේ උත්සවය පසුගිය සතියේ පැවැත්විණි. ඒ සම්බන්ධයෙන් පැවැති විවෘත සංවාදයේ දී, රංගවේදී, සමාජ ක්‍රියාකාරක පීටර් අල්මේදා වෙළෙඳපොළ හර පද්ධති හා බැඳුණු වැදගත් ප්‍රශ්නයක් මතු කළේය.
තේනුවර තමාගේ කතාවේදී, ජනතාවගේ ජීවන තත්වය නංවාලීම පිණිස රජය, වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම, ස්ථාවරකරණය, නියාමනය හා නීත්‍යනුකූලකරණය නිර්මාණය කළ යුතු බව අවධාරණය කළේය. මෙයින් ඇඟවෙන්නේ ආර්ථීක සමෘද්ධිමත් භාවය ළඟා කර ගැනීමට නිසි වෙළෙඳපොළ පැවැත්මක් තිබීම මූලික කාරණයක් බවයි. වෙළෙඳපොළ සම්බන්ධ වූ මෙම මතය හා එකඟ නොවූ පීටර් ද අල්මේදා කැනඩා මහ බැංකුවේත්, එංගලන්ත මහ බැංකුවේත් යන බැංකු දෙකේම අධිපති ධුරය දැරූ මාර්ක් කාර්නේ (Mark Carney) 2021 ලියා පළ කළ Value(s): Building a Better world of All නම් කෘතියේ කොටසක් උපුටා දක්වමින්, අවශ්‍ය වනුයේ වෙළෙඳපොළ හර පද්ධතීන් පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීම නොව මානව හර පද්ධතීන් පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීම බවට තර්ක කළේය.
කාර්ගේ ගේ තර්කයේ තීරණාත්මක කොටස වූයේ, ඊනියා වෙළෙඳපොළ ආර්ථිකය, වෙළෙඳපොළ සමාජයක් බවට පරිනාමණය වී ඇත්තේ, සෑම දේකම වටිනාකම වැඩදායී බව වන තීරණය කරමින් නොව, වෙළෙඳපොළ මිල මත තීරණය වෙමින් යන්නයි. ඉහත කී මහ බැංකු දෙකටම මාර්ගෝපදේශ සපයමින්, කාර්ගේ ප්‍රධානත්වය දැරුවේ වෙළෙඳපොළ මත පදනම්වූ මූල්‍යවාදී ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍රයකට අනුවයි. වඩාත් ඉහළ මට්ටමේ මානව වටිනාකම් වූ, සාධාරණත්වය, සෞඛ්‍යය, අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, දරිද්‍රතාවෙන් ආර්ථීකමය ආරක්‍ෂාව, ස්වභාවධර්මයේ විවිධත්වය, සම්පත් ආරක්‍ෂා කිරීම, සම්පත් හා සුන්දරත්වය ආදිය මිල තීරණයේ දී සැලකිල්ලට නොගැනේ. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වන කළ මෙම හර පද්ධතීන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලයි. එසේ මිල වෙළෙඳපොළ කාරක තමන්ගේ වාසිය තකා කරන හැසිරවීම් වැඩි කරද්දීය. එහි ප්‍රතිඵලයක් ලෙස මානවයාට හෘදයාංගම වූ එම වටිනාකම් මුදුන්පත් වීමට වඩා සිදුවන්නේ එම වටිනාකම් අභාවයට යාමය.
උදාහරණයකට අද දවසේ දේශගුණ විපර්යාස හා ඒවායේ විනාශකාරී බලපෑම් අද ලෝකයට මෙන්ම අනාගතය උදෙසාත් එල්ලවන ආකාරය අපි සැලකිල්ලට ගන්නෙමු. එහෙත් අපි අපගේ රථය නිෂ්පාදනයේ සෑම අවධියකදීම කාබන් මුක්ත කරමින් නිදහසේ හරිතාගාර වායුව පරිසරයට මුදා හරිමින් පදවාගෙන යන විට අපි එම කාරණ සැලකිල්ලට නොගන්නෙමු. ඒ වෙනුවට නිෂ්පාදන මට්ටමේ දී, එහි වෙළෙඳපොළ අගය තීරණය කරනුයේ යෙදවුම්වල මිල, එහි භාවිත මට්ටම වන අතර අපි සැලකිල්ලට ගන්නේ රථයේ මිලත්, ඉන්ධන වැය හා නඩත්තු වියදම යන කාරණය. එහෙත් හරිත පිරිවැය (Green Costs) යනුවෙන් හඳුන්වන පිරිවැය සැලකිල්ලට නොගෙන ගිණුම් පවත්වා ගන්නා බැවින් මිල තීරණය වන්නේ ඒවා ගණන් නොගෙනයි. එම නිසා මිල ගණන්වලින් පිළිබිඹු වන්නේ අපගේ පෞද්ගලික ඕනෑ එපාකම් විනා මානුෂීය අවශ්‍යතා නොවේ. මෙය උදාහරණයක් පමණක් වන අතර එවැනි කාරණා තව බොහෝය.
මේ අනුව කාර්නේ ගේ උත්සාහය වූයේ වඩාත් මානවීය සමාජයක් කරා ලෝකය සමීප කරවීමට ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශයක් යෝජනා කිරීමයි. එම නිසා සෑම ප්‍රතිපත්තියකම අරමුණ විය යුත්තේ ජනතාව වඩාත් තදින් ග්‍රහණය කරගන්නා වූ මානව වටිනාකම් ප්‍රවර්ධනය උදෙසා සැලකිලිමත් වීමයි. මෙම කාර්යය කිරීමේ ලා ලෝකය අසමත් වුවහොත්, එයින් මානව වර්ගයාම අසමත් වනු ඇත. කාර්නේ මෙම කාරණා BBC ආයතනයේ පළමු අධ්‍යක්‍ෂ ජනරාල් වන සර් ජෝන් රෙයිත් හට බුහුමන් දැක්වීම පිණිස BBC රේඩියෝ 4 විසින් මෙහෙයවනු ලැබූ වැඩසටහනක දේශන මාලාවක් ඔස්සේ විස්තර කළේය. ඔහුට ලැබුණු මහජන පිළිගැනීම ඔස්සේ දිරිමත් වූ කාර්නේ 2025 මැයි මාසයේ දී නිකුත් වීමට නියමිත ඊළඟ ග්‍රන්ථයෙන් ඔහුගේ නිබන්ධනයකට තවත් අතිරේකයක් එක් කිරීමට සැලසුම් කරමින් සිටී. එම ග්‍රන්ථය ඔහු නම්කර ඇත්තේ The Hinge: Time to Build an Evan Better Canada යනුවෙනි. Hinge යනු අසව්ව, නැතහොත් සරනේරුව යන අර්ථය දෙන වදනකි. මෙම වදන ඔහු උපුටා ගනු ලබන්නේ වින්ස්ටන් චර්චිල් 1941 ඔටාවා හිදී කළ ප්‍රකාශයක් උපුටාගෙනය. චර්චිල් පැවසුවේ ලෝකය අසව්වකට සවිවී ඇත්තා සේ අස්ථාවරව සොළවෙන බවයි. ඒ කාලය වන විට ලෝකයේ අපේක්‍ෂාවන්, නිදහස හා සමෘද්ධිමත්භාවයට, ඓතිහාසික තර්ජන එල්ලවී තිබිණි.
වෙළෙඳපොළ අරමුණ සහ වලංගු භාවය පිළිබඳ තවත් අර්ථශාස්ත්‍රඥයෝ ප්‍රශ්න කරති
සැපයුම පැත්තට අදාළ වෙළෙඳපොළ කාරකයන් වූ නිෂ්පාදකයන් හා වෙළෙන්ඳන් ගේ කාර්ය සාධනය පිළිබඳව අතෘප්තිය පළකරමින් ඒවා විවේචනය කරනුයේ කාර්නේ පමණක් නොවේ. වසර 2400 කට පෙර විසූ ඉන්දියානු අර්ථශාස්ත්‍ර ගුරු කෞටිල්‍යයන් සිය අර්ථශාස්ත්‍ර නමින් කළ විධිමත් ග්‍රන්ථයේ “සොරු යන නම නොලද්දත්, වෙළෙන්දෝ සිය ක්‍රියාවෙන් සොරු වෙති. එම නිසා ජනතාව පීඩාවට පත් කිරීමට ඔවුනට ඉඩ නොතැබිය යුතුය” යනුවෙන් කීවේය. නූතන ආර්ථීක විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්, ඔහුගේ, ජාතීන්ගේ ධනය නම් විධිමත් ග්‍රන්ථයේ එකම ප්‍රජාවේ වෙළෙඳුන් සමාජීය වශයෙන් මුණ ගැසුණු විට, නිරන්තරයෙන්ම මහජනයාට එරෙහිව රහසේ සාකච්ඡා කරනුයේ මිල ඉහළ නංවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බව සඳහන් කළේය. ඇමරිකානු අර්ථ ශාස්ත්‍රඥ හා සමාජ විද්‍යාඥයකු වූ Thorstein Veblen තෝස්ටයින් වෙබ්ලන්, ධනේශ්වර දර්ශනයේ හිස් බව පෙන්වන ඉහළ පන්තියේ සුපිරි සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය විවේකීව ඉන්නා ඉහළ පන්තියේ ධනවතුන්ගේ පරිභෝජනයට සීමාකරමින්, එකී භාණ්ඩ නිෂ්පාදනයට දායකවන ජනයාට එම පරිභෝජනය වළක්වාලන අයුරු හුවා දක්වමින් න්‍යායක් ගෙන ආවේය.
20 වැනි සියවසේ වඩාත් ප්‍රබල අර්ථ ශාස්ත්‍රඥයා වූ (John Maynara Keyens) ජෝන් මේනාඩ් කේන්ස්, ආර්ථික අවපාතයෙන් ආර්ථිකයන් ගොඩ ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය වේ යැයි යෝජනා කරමින් එවකට ජනප්‍රියව පැවැති (Laussez faire)- ජනතාවට රිසි පරිදි කටයුතු කිරීමට ඉඩ දිය යුතුය යන මතවාදයෙන් මාර්ගෝපදේශ ලැබූ නිදහස් වෙළෙඳපොළ ආර්ථීකය නිර්දය විවේචනයට ලක් කළේය. වෙළෙඳපොළ කාරකයන් ආර්මාර්ථකාමී පෞද්ගලික අවශ්‍යතා ජනතාවගේ සමාජ අවශ්‍යතා සමග කිසිවිට නොසැසඳෙන බව කේන්ස් කියා සිටියේය. ස්වායාර්ථය තකා ක්‍රියා කරන අයගේ ගැටලුව නම් එක් අතකින් ඔවුන් ප්‍රබුද්ධත්වයට පත්ව නොසිටීම හා ඔවුන් අනෙක් අය සම්බන්ධයෙන් වෙනම ක්‍රියාත්මක වෙද්දී නූගත්ව අන් අය ගැන සිතා ක්‍රියා කිරීමට අසමත්වීම යයි කේන්ස් පැවසීය.
කැනේඩියානු- ඇමෙරිකානු ආර්ථීක විද්වතකු සහ රාජ්‍ය තාන්ත්‍රික ජෝන් කෙනෙත් ගෝල් බ්‍රේයිත් (John Kenneth Galbraith) ධනවාදී ව්‍යවසායකයන්ගේ කටයුතු සම්පින්ඩනය කොට දක්වමින් කියා සිටියේ, ඔවුන්, වෙළෙඳ දැන්වීම්වලින් කෘත්‍රිම අවශ්‍යතා නිර්මාණය කරමින් හා වෙනත් සදාචාරාත්මක නොවූ ආකාරයෙන් කරන කටයුතු ඔස්සේ වෙළෙඳපොළ ක්‍රමයෙන් හිඟ වූ සම්පත් අනවශ්‍ය කාර්යයන් උදෙසා යෙදවීමට තුඩුදීම නොවැළැක්විය හැකි බවයි.
මේවන විට ලන්ඩන් යුනිවර්සිටි කොලීජියට අනුයුක්තව සිටින ඉතාලියානු ආර්ථික විද්‍යාඥ, මරියානා මුසුකාටෝ, නිදහස් වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයට බලවත් ප්‍රහාර එල්ල කරමින් කියා සිටියේ, සැබවින්ම වටිනාකම් නිර්මාණය කරන අයගෙන් වටිනාකම් උකහාගෙන, පොහොසත් වීම වෙළෙඳපොළ ආර්ථිකය මෙහෙවන්නන්ට පහසුවෙන් කළ හැකිවන මුත්, එහිදී ඔවුන් කිසිදු වටිනාකමක් ඊට එකතු නොකරන නිසා “වටිනාකම් නිර්මාණය වන්නේ කුමකින්ද” යන ප්‍රශ්නය පැන නැගෙන බවයි.
ජෝසෆ් ස්ටිග්ලිට්ස් නොබෙල් ත්‍යාගලාභී ආර්ථීක විද්‍යාඥයකු හා ප්‍රධාන ධාරාවේ ආර්ථික පවුලේ විප්ලවාකාරයකු වූ අතර ඔහු 2024දී ලියූ The Road to Freedom; Economics and the Good Society නම් පොතේ, තර්ක කරනුයේ නිදහස් හා බැමි මුදා හළ වෙළෙඳපොළ සාර්ථක වනුයේ ගෝලීය වශයෙන් අර්බුද ගෙන ඒමට සහාය වෙමින් පමණක් බව කියමිනි. එම වෙළෙඳපොළ ඔස්සේ මූල්‍ය අර්බුදවල සිට ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍යයට අහිතකර අර්බුද දක්වා පරාසයක විහාදෙන අසමතුලිත තාව වර්ධනය වන අර්බුදයන් ද නිර්මාණය කරන බව ඔහු පෙන්වා දෙයි.
එම නිසා නිදහස් වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයේ අරමුණ හා වලංගුභාවය ප්‍රශ්න කිරීම ප්‍රමුඛ පෙළේ ආර්ථීක විද්‍යාඥයන්ගේ සිරිතක් වෙමින් පවතී. මාර්ක් කෝර්නේ ගේ වෙළෙඳපොළ ආර්ථිකයට එල්ල කරන රුදුරු ප්‍රහාරය, ඔහු මූල්‍යවාදී උන්නතියක් ඇති කළ අයකු වුවද ඉහත කී සම්ප්‍රදාය අනුව යන්නයි.
ආර්ථික විග්‍රහයන්ගේ ධනාත්මක හා ආදර්ශවත් පැත්ත
මගේ මතය අනුව ආර්ථිකය තුළ වෙළෙඳපොළේ කාර්යභාරය පිළිබඳව, විවේචනාත්මකව හා ඊට එකඟව පළකර ඇති විවිධ මත හටගන්නේ ආර්ථික විග්‍රහයන්ගේ විවිධ ප්‍රවේශ අනුවය. එම ප්‍රවේශයන් ධනාත්මක හා ඍණාත්මක ලෙස විවිධාකාර වෙයි. ධනාත්මක මත දරන ආර්ථීක විද්‍යාඥයන් වෙළෙඳපොළ විභාග කර බලන්නේ වෙළෙඳපොළවල සදාචාරාත්මක හා ආචාර ධර්ම පැති පිළිබඳ අදහස් පළ කිරීමකින් තොරවය. උදාහරණයකට වෙළෙඳපොළ මිල තීරණය වන විට එහි පසුබිම හෝ එම මිල ගණන් පිළිගැනීමට බල කරන්නවුන්ගේ සුබසාධනය එම මිල ගණන්වලින් කෙසේ වෙනස් වන්නේ ද යන්න විමසා නොබලා, වෙළෙඳපොළ යාන්ත්‍රණය පමණක් එහි දී සලකා බැලේ.
ඊට හාත්පසින් වෙනස්ව යමින් ආර්ථීක විග්‍රහය ආදර්ශවත් පැත්තෙන් ගැටලු දෙස බලා කරන ආර්ථික විග්‍රහවලට ජනතාවගේ අපේක්‍ෂාවලට අනුගත වන ආකාරයේ ප්‍රතිඵල ලබා ගැනීමට ආර්ථීකයන් කෙසේ සංවිධානය විය යුතුද යන්න ඇතුළත් වේ. කාර්නේගේ එම අපේක්‍ෂාවන් ලැයිස්තුව ජනතාවගේ හදවත් වෙත සමීප වෙමින් ආර්ථීකයන්හි ආදර්ශවත් විෂය පථය ඇතුළතින් එන්නකි. සංවර්ධිත රටවල හෝ දුප්පත් රටවල හෝ වේවා, මැතිවරණවල දී ඡන්දය ඉල්ලා සිටින දේශපාලනඥයන්ද ඉදිරිපත් කරන ලැයිස්තුව එයම වූයේ කෙසේ දැයි වටහාගත හැකිය. දේශපාලන බලයට ඒමට බලාපොරොත්තු වන දේශපාලකයන් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල මෙම ලක්‍ෂණය දැකිය හැකිය.
රාජ්‍ය අංශය පුළුල් කිරීමට අනුර කුමාරදිසානායක වූ පොරොන්දුව
ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේ දී පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් යන නමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම අපේක්‍ෂා ලැයිස්තුව ඔහු ඡන්දදායකයන්ට වූ සෑම පොරොන්දුවකම ඇතුළත් වේ.
පුනරුදයක් ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටිමින්, මින් පෙර ආණ්ඩු හඳුන්වාදුන් සුපුරුදු ප්‍රතිසංස්කරණ පැලැස්තර ඇලවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සීමා නොවී දැවැන්ත සමාජ පරිවර්තනයක් ගෙන ඒමට එයින් පොරොන්දු විය. මෙකී පුනරුදයකට පාර පෙන්වීමට අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ සහිත ක්ෂේත්‍ර මොනවාද? එම ලැයිස්තුව කාර්නේ සහ අනෙක් අය පෙනී සිටි ලැයිස්තුව මය. ඉංජිනේරු ශිල්පය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, මාන හිමිකම් යන පාලනය ආදීය ඊට ඇතුළත්ය.
කාර්නේ ඉල්ලාසිටි පරිදි ජනතාවගේ හදවත්වලට සමීපවූ සිහින මේවාය. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ප්‍රවාහනය පෞද්ගලික අංශයෙන් නොව අත්‍යවංශ්‍ය රාජ්‍ය සේවාව ඔස්සේ සැපයිය යුතුවේ. එය රජය විසින් පාලනය කරනු ලබන පෞද්ගලික අංශයේ පුද්ගලයන් විසින් පාලනය කළ යුතු නොවන වෙනස් විධියේ වෙළෙඳපොළකි. එම ප්‍රතිපත්තියට අනුගත වෙමින්, රාජ්‍ය මූලික වෙළෙඳපොළ ක්‍රමයේදී මෙම සේවා නිපැයුමට හා සැපයුමට වැඩිපුර රජයේ මුදල් වෙන් කරනු ඇත. වෙනත් වචනවලින් කිවහොත්, පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පෞද්ගලික ආයෝජන භාවිත කරනු වෙනුවට එය බදුවලින් රජය ගොඩ නගාගත් අරමුදල්, නිෂ්පාදන ක්‍රියාවලියකට වෙන්කරන ආර්ථීක ක්‍රමයකි.
කාර්නේ සහ අනෙක් අය තර්ක කරනු ලැබුවේ අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම පෞද්ගලික අංශය මත රඳා පවත්නා වෙළෙඳපොළ ක්‍රමයකින්, උපකාර කරනුයේ බලය, මුදල්, තොරතුරු සහ වෙළෙඳපොළ ජාලයන් හිමිකරුවන්ට බවත් නිෂ්පාදනයේ වැඩි කොටසක් එහිදී ඔවුන් අයත් කරගන්නා නිසා එය දෝෂ සහගත ක්‍රමයක් වන බවත් කියමිනි.
එහෙත් එම කාර්යය, ජනතාවගේ හදවත්වලට සමීපව ජනතාවගේ අවශ්‍යතා උදෙසා තීරණ ගන්නා ආණ්ඩුවෙන් කළ විට මෙම නිස්සාරණ ක්‍රියාදාමය පෞද්ගලික අංශයේ දූෂණයන් නිමාවට පත් කළ හැකි ක්‍රමවේදයක් වෙයි. එවිට රාජ්‍ය අංශයේ දූෂණයන් සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? රාජ්‍ය අංශයේ සාමාජිකයන්ට මෙන්ම පෞද්ගලික පුරවැසියන්ට ද එක සමාන අයුරින් අදාළ වන නීතිමය පාලනය පවත්වා ගැනීමෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයකින්, දූෂණයට එරෙහිව කරන ප්‍රබල සටනක් ඔස්සේ එයද නිමා කිරීමට අනුර කුමාර දිසානායක සැළසුම්කොට ඇත. ඔවුන්ගේ, පිරිසුදු ශ්‍රී ලංකාවක් ව්‍යාපෘතිය ඉලක්ක කොට ඇත්තේ මෙම ආකල්පමය වෙනස ජනතාව අතර ඇති කිරීම සඳහාය.
නව ලිබරල්වාදය හරහා මූල්‍ය අරමුදල වෙත ක්‍ෂණිකව මාරු වීම
ජාත්‍යන්තර මූල්‍ය අරුමදලේ යෝජිත විසිතීරණ ණය පහසුකම් වැඩපිළිවෙළට අදාළ ප්‍රතිසංස්කරණ සහ මේ වනවිට ජාත්‍යන්තර ස්වාධීන බැඳුම්කර හිමියන් සතුටු කරනු වස් භාරගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය හා බැඳුණු විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන පිළිගත් පසු මේ වනවිට අනුර කුමාර දිසානායක උභතෝටකෝටියකට මැදිව සිටී.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ සහ ණය තිරසාරකරණ විග්‍රහයන්ට අදාළ කොන්දේසි පිළිබඳව නැවත සාකච්ඡා කොට පීඩාකාරී තත්වයෙන්, දරිද්‍රතාවට පත් ජනතාව ගලවා ගැනීමට පොරොන්දු වූයේය. ජනාධිපතිවරණයේ දී තරඟ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරගකාරී මූලිකාංගවලටද මෙම පොරොන්දු අන්තර්ගතව තිබිණි. තමා බලයට පත් නොකොට අනුර කුමාර දිසානායක බලයට පත් කළහොත්. රට 2022 පැවැති විනාශකාරී තත්වයට නැවත ඇද වැටෙන බවට ඔහු ජනතාවට අනතුරු හැඟ වූයේය. මෙහිදී උපුටා දක්වන කාරණය නම්, දැනට පවත්වා මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි. එය අතහැර දැමුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ඇති විශ්වාසය බිඳ වැටී ඔවුන් වෙතින් ලැබෙන සියලු සහයෝගයන් නොලැබී ගොස් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපහසුවනු ඇත.
ජනාධිපති පදවියට පත් වූ විගස ක්‍ෂණික තීරණයකට එළඹීමට අනුර කුමාර දිසානායකට සිදුවිය. ප්‍රායෝගික රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රතිව්‍යුහගත කරන සැලසුම් ඉදිරියට ගෙන යාමටත් තීරණය කළේය. එහෙත් මෙම ස්ථාවරය ඔහු පිළිගැනීමේ දී ඔහු සිය ලිබර්ල් විරෝධී ස්ථාවරය අතහැර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිකරණ වැඩසටහනේ පදනමට අදාළ මතවාදය වැළඳ ගත්තේය. මෙම වැඩ සටහනේ දී රාජ්‍ය අංශය ව්‍යාප්ත කිරීම, වෙළෙඳපොළ යාන්ත්‍රණය වෙනස් කිරීම උදෙසා ඉල්ලා සිටීම, පෞද්ගලික අංශය ප්‍රමුඛ වෙළෙඳපොළෙන් ස්ථාවරකරණය උදෙසා ශ්‍රී ලංකා රජය ඉදිරියට ගෙන යාම කෙරේ විශ්වාසය තැබීමක් සිදු නොවේ.
මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, අනුර කුමාර දිසානායකට ආර්ථීක පරිහානියට වළක්වා ගැනීමට උපකාරවී තිබේ. එය රවිල් වික්‍රමසිංහ පළ කළ දරුණුම භීතියයි. ඊට අමතරව, එයින් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය, බදුකරණය නිසා සවිමත්වීමත්, ඉන්දියාව, චීනය ඇතුළු ලෝකයේ මෙම කලාපයේ මිත්‍ර රටවල සහභාගීත්වයත්, අනෙක් පස බටහිර රටවල ආර්ථික සහයෝගීත්වයත් ඔහුට හිමිවීම ඔහු බලාපොරොත්තු නොවූ ප්‍රසාද දීමනාවක් වැනිය. වැඩි වූ ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම 2024 වසරේ රුපියල් ට්‍රිලියන 4ක් බවත් 2025 දී වැඩි වන බවත් වාර්ථාවන අතර එයින් අනුර කුමාර දිසානායකට මූල්‍ය අවකාශය වඩාත් සුවදායි අතට හරවා දෙමින්, ජා.මු. අරමුදලේ ඉලක්ක පවත්වා ගනිමින් රාජ්‍ය අංශය පුළුල් කිරීමේ අවකාශය ද ඔහුට ලැබේ. එහෙත් අනුර කුමාර දිසානායකගේ රජයක් යටතේ සැලසුම් කළ රාජ්‍ය අංශ්‍ය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන අපගේ හැරිය යුතු නොවේ. පොහොසත් රූමත් හා ලස්සන ජීවිතයක් ලබාදෙන නව යුගයක් ලබාදීම තහවුරු කරන අදාළ හරස් පරීක්‍ෂා එහි දී කළ යුතුවේ.
අනුර කුමාර දිසානායක උභතෝකෝටිකය
මේ අනුව අනුර කුමාර දිසානායකගේ උභතෝකෝටිකය වන්නේ එක් අතකින් සිය ඡන්දදායකයන් සතුටු කරන අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනුවෙන් පෙනී සිටින්නන් අනෙක් අන්තයෙන් එකවිට සතුටු කිරීමයි. මේ සඳහා ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ දක්‍ෂතාවත්, නිපුණතාවත් අවශ්‍ය වේ. මෙය අතුරේ යන අයකු මෙන් සිය රජයේ සියලු කාර්යයන් තුලිත කරමින් යා යුතු දුෂ්කර ගමනකි.
නව ලිබරල්වාදය: ආණ්ඩුවේ අභියෝගය