IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ

 

චීනය - එක්සත් ජනපද  වෙළදාම මත ඇති වූ බෙදීම නිසා  නායකයන්ගේ  විධිමත්  ප්‍රකාශයකින් තොරව පළමු වතාවට  ආසියානු ආර්ථික සමුළුව අවසන් වී ඇත. 

පැපුවා නිව්ගිනියා  අගමැති පීටර් ඕනීල් යෝධයන් දෙදෙනෙක් එකඟතාවයකට එළඹීමට නොහැකිව සිටින බව පැවසුවේය.


ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය පසුව නිකුත් කරන බවද  ඔහු පැවසුවේය. 
එක්සත් ජනපද සහ චීනය මේ වන විට වෙළඳ යුද්ධයක නිරත වී සිටින බව එහිදී හෙළිදරව් කළේය.

2020 දී  නිදහස් සහ විවෘත වෙළඳාම කලාපය තුළ ස්ථාපිත කිරීමට උත්සහ ගන්නා බව ඔහුගේ ප්‍රකාශය තුළ ඇතුළත් විය. 

පරාමාධිපත්‍ය ආරක්ෂා කීරීම සහ පැසිපික් සාගරයේ සාගර අයිතිය සුරැකීම පිළිබඳ අවධානය යොමු වූ බව එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පැන්සස් මහතා පැවසුවේය. 

   
එසේම චීන භාණ්ඩ සඳහා පනවා තිබූ ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සූදානමින් බවද ඔහු පැවසුවේය.

සෙනසුරාදා දින චීන ජනපති ෂි ජින් - පින් ඇමෙරිකානු පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය බලෙන් සියතට ගත්තේ අරක්ෂණවාදය වැලඳගත් අනෙක් රටවල්වල  තමන් සතු කරගනිමිනි. ඒය විපෙතන් විනාශයට යාමක් ලෙස පෙන්වා දිය හැකිය.

පැපුවා නිව්ගිනියාව මූලික කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට ඔස්ට්‍රේලියාව එකතුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව  එක්සත් ජනපදය සමුළුවේදී ප්‍රකාශ කර ඇත. 

(63226)



අදහස් (0)

ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

Our Group Site