නිශාන්ත කුමාර
අධික වර්ෂාව හා මීදුම හේතුවෙන් තේ වගාවට වැළඳී ඇති කළු පුල්ලි අංගමාරය හෙවත් බ්ලිස්ටර් බ්ලයිට් නැමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝගී තත්වයක් හේතුවෙන් පිටමාරුව එළමාන, මඩොල්සිම, කොකාගල ආදී ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන්ගේ දෛනික ආදායම 50% -75 % ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියෝ පවසති.
මේ දිනවල නොකඩවා ඇදහැලෙන මහ වැසි හා පැය 24 පුරාම පවත්නා මීදුම් තත්ත්වය මීට හේතු වී ඇතැයි වට ගොම්මන කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ ආර්. එම්. ජයතිලක මහතා පැවැසීය.
"මේ වන විට අපි බලාපොරොත්තු නොවූ අන්දමින් මේ ප්‍රදේශවලට වර්ෂාව ලැබෙනවා. එක දිගටම පවතින වැස්ස වගේම මීදුම තේ වගාවට හිතකර නැහැ. විශේෂයෙන්ම මේ තත්ත්වය මත තේ වතු රැසක තේ දලු හා පත්‍රවල පුල්ලි තත්වයක් හට ගෙන තියෙනවා. ඒ වගේම දලු මැළ වී කඩා වැටෙනවා. මේ තත්වය මත තම එකම ආදායම තේ වගාව කරගත් ගොවි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
මේ තත්වය මත දලු නෙළීමේ කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒ වගේම විශාල දලු ප්‍රමාණයක් අපතේ යාමටත් පටන්ගෙන තියෙනවා."
මේ සම්බන්ධයෙන් අප ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරියකුගෙන් ද විමසීමක ද කළේය.
"මේක වැස්සත් මීදුමත් එක්ක එන රෝගී තත්වයක්. තේ දල්ලට හිරු එළිය නොවැඩීමත් එක්ක තමයි මේ රෝගය හට ගන්නේ. මේකට වෙළඳපොළේ විවිධ නම් වලින් කෘෂි රසායන වර්ග තියෙනවා.
විශේෂයෙන්ම කොපර් සල්පේට් සහිත කෘෂී රසායනිකයක් යෙදීමෙන් මෙය සාර්ථකව පාලනය කර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය විස්තර අප කාර්යාලයෙන් හෝ ඒ ප්‍රදේශය භාර තේ පරීක්ෂක හා ව්‍යාප්ති නිලධාරීන්ගෙනුත් ලබා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මෙම රසායන වැස්ස පවතින විට අඛණ්ඩව එම රසායනික යෙදීම පමණයි."
බදුල්ලේ තේ වතු රැසකට කළු පුල්ලි අංගමාරය
ලසන්ත Sunday, 02 December 2018 08:02 AM
මෙය සෑම වර්ෂයකම නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිදුවන දෙයකි.