‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 25%කින් පහත වැටී ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණු අතර බ්‍රිතාන්‍ය ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් පෙනී ගොස් තිබේ.
අප්‍රේල් මාසයේදී ආර්ථිකය 20.4%කින් ද මාර්තු මාසයේදී ආර්ථිකය 5.9%කින් ද කඩා වැටී ඇත. මෙම කඩාවැටීම 1997 වසරෙන් පසු බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටුණු පහළම අගය යැයි ද පැවසේ.
පසුගිය 2019 වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 24.5% ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
අල්ජසීරා
055
බ්‍රිතාන්‍ය ආර්ථිකය පහළට
chandima Saturday, 13 June 2020 07:21 PM
කවදාවත්ම හිරු බහින්නේ නැහැ කිව්වට ඒ ගොල්ලන්ටත් හිරු බහින්න වගේ යන්නේ නේද?