(තිළිණි ද සිල්වා)
කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරට අපනයන ක්ෂේත්රයේ පවතින අසීරුතා මධ්‍යයේ වුවද පසුගිය මාස දෙක තුළදී මෙරට තේ සහ ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 584 ක් රටවල් තුනකට අපනයනය කිරීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා තේ මෙට්‍රික්ටොන් 344 ක් තුර්කියට ද ල මෙට්‍රික්ටොන් ටොන් 220 ක් ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතරල ශීත කළ ආහාර මෙට්‍රික්ටොන් 30 ක් ඕමානයට අපනයනය කීරීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පීගඑම්ග අම්සා මහතා පැවසීය.
විදේශ අමාත්යාංශයේිආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ ල අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලයේ සහයෝගයෙන් මෙම අපනයන සිදු කිරීමට හැකිවූ බද විදේශ කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කීය.
මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්ල ඉකුත් අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායමල මැයි මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතරල එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
අභියෝගාත්මක තත්වයට පිළියම් ලෙස නව වෙළඳපොළවල් සොයා ගැනීම මෙන්මල ශ්‍රී ලංකාවේ තේල රබර් සහ නැවුම් හා සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බවත් විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පෙන්වා දේ.
ඒ යටතේ පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ නව නිෂ්පාදනයන්ට අදාළ වූ වෙළඳපොළ ඉලක්ක යටතේ මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් දල ආරක්ෂිත ගවුම් සදහා නව වෙළඳපොළ 17 ක් දල රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද ල අත් සනීපාරක්ෂක ද්‍රව්‍යය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේවන විට අපනයනයන් ක්‍රියාත්මක වන බවද පීගඑම්ගඅම්සා මහතා කියා සිටී.
ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඒ යටතේ පොල්ල සැකසූ ආහාරල මුහුදු ආහාරල කුළුබඩු ද්‍රව්‍යල සැපයුම් සේවාල මුද්‍රණ කටයුතුල පිඟන් සහ පෝසිලේන් භාණ්ඩල ආයුර්වේද සහ ශාකසාරල ශරීර සුවතා නිෂ්පාදනල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ල ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍ර සඳහා නව වෙළදපොළවල් ඇති කර ගැනීමටද රජය කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මෙම අපනයන කිරීම් හා නව අපනයන වෙළඳපොළවල් සකස් කීරීම සඳහා විදේශ සබදතා අමාත්‍යාංශය විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය දල ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් සිටිති.
මාස දෙකකදී තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි
Bamunuarachchi Tuesday, 16 June 2020 05:00 AM
අපේ තේ බාලකරන රටේම කර්මාන්තකරුවන් ගෝල්ෆේස් පිටියට ගෙනැල්ලා බෙල්ල උඩට සිටින්න වළලලා ගල්ගසමු. අකමැති කෙනෙක් ඉන්නවද?
ravi Thursday, 18 June 2020 08:48 AM
හුඟක් දියුණු රටවල්වල ලංකාවේ තේ විකිණීම සහ බීම අඩුවෙලා... මෙලෝ රහක් නැහැ. කිසිකෙනෙක් බොන්නේ නැහැ. මේ හුඟක් රටවල්වල වෛද්‍ය ආයතන මගින් අපේ තේවල තිබුණු වස, විස, රසායනික... මනුස්සයින්ට අහිතකර දේවල් සොයාගන්නට ලැබීමත් අපේ තේවල අහේතුවට කරුණක්... !!!