සාරා කන්දෙගොඩ
ජී.එස්.පී. ප්ලස් නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. තෝරාගත් රටවල් අටක් ඔවුන්ගේ නිෂ්පාදන යුරෝපා සංවිධානයට අයත් රටවලට අපනයනය කිරීමේ දී විශේෂ බදු සහනයක් සැපයේ. එය මෙකී භාණ්ඩ හා සේවා අතිරේක වාසිය හිමිවන විශේෂ ගනයට අයත්ය. 2023 වසරේ දී වියට්නාමයට තිබුණ ජී.එස්.පී. ප්ලස් පහසුකම අහෝසි කර ඇත. වෙනත් පහසුකම් ලබන අතර ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණීම එයට හේතුව බව පැවසේ. විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය වසරේ බ්‍රසල්ස් නුවරට පිටත්ව ගියේය. එහි දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. යුරෝපා සංවිධානය පාලනය කරන කොමිසමට ගැළපෙන පරිදි අපනයන වෙළෙදපොළ හසුරුවා ගැනීමට අසමත් වුවහොත් එම වාසිය අහිමි විය හැකිය.
යුරෝපා කොමිසමේ මෙරට සිටින තානාපතිනිය පෙරේදා (07) කොළඹ දී පාත්ෆයින්ඩර් වටමේස සාකච්ඡාවට සහභාගී වූවාය. පාත්ෆයින්ඩර් පදනම මෙරට විදේශ අමාත්‍යංශ නියෝජිතයන්, විද්වත් පිරිස් හා මාධ්‍ය නියෝජිතයන්ට යුරෝපා සංවිධානයේ නැඹුරුව ගැන විවෘත ප්‍රශ්න කිරීමකට ඉඩ සලසා දී තිබුණි. තානාපතිනි කාමෙන් මොරේනෝ මහත්මිය දක්වන පරිදි ජී.එස්.පී. ප්ලස් සම්පූර්ණයෙන්ම තාක්ෂණික අංශ පදනම් කරගත් පහසුකමක් වන අතර එහි නිර්නායක අනුව ප්‍රතිලාභ ලබාගත හැකිවේ. ඉක්මනින්ම සිය තාක්ෂණික නියෝජිත පිරිසක් කොළඹට පැමිණෙන අතර ඔවුන් ඉදිරිපත් කරන වාර්තාව යුරෝපා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වාර්තාව කොමිසමට අයත් රටවල් විසි හතක් වැඩි එකඟතාවකින් අනුමත කළ යුතු වේ. සුළු බහුතරයක් හෝ ආර්ථික වශයෙන් අර්බුදයකට පත්ව සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් සානුකම්පිතව සලකා තීරණයක් ගැනීමට කොමිසම තුළ කිසිම ආකාරයක පසුබිමක් රහිත බව ඇය අවධාරණය කරන්නීය.
ඇමරිකාවෙන් වැටුණ රටට යුරෝපා සංවිධායෙන් පීඩනයක්
ඇමරිකා එක්සත් ජනපදය ඉකුත් අප්‍රේල් දෙවැනි දා ප්‍රකාශයට පත් කරන ලද අලුත් බදු ව්‍යුහය අනුව සාමාන්‍ය සියයට දහය ඉක්මවා ශ්‍රී ලංකාවට වෙනම සියයට හතළිස් හතරක බද්දක් අපනයන භාණ්ඩ ඉදිරියේ පනවා ඇත. බදු ප්‍රකාශ කරන ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට අසූ අටක බද්දක් පැනැවිය යුතු නමුත් ශ්‍රී ලංකාවට එය සියයට පනහකින් අඩු කරන බව සඳහන් කළේය. අපනයනයේ දී සිය බදු සහන ලබාගන්නා අතර ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව අධික බදු අය කිරීම නුසුදුසු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම පාහේ මෙම බදු එකිනෙක රටවල වෙළෙඳ හිඟය හෝ වාසිය පදනම් කරගෙන පනවා ඇත. ඇමරිකානු බදු සංශෝධන බලපෑම අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ අවාසියක් විය හැකි බව ගණන් බලා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකානු බදු ක්‍රමය හා එයට ගත හැකි යෝජනා නිර්දේශ කරන ලෙස ඇමැතිවරුන් හා ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට තිබේ.
යුරෝපා සංවිධානය නියෝජිත පිරිසක් මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ජී. එස්. පී. ප්ලස් ලැබෙන බදු සහනය ආනයන හා අපනයන අංශවල දී තෝරාගත් භාණ්ඩ අංශ 2,700 ක් ආවරණය කෙරේ. යුරෝපා සංචිධානයට අයත් රටවල් සමගකරන වෙළෙඳාම මෙරට සමස්ත විදේශ ගනුදෙනුවලින් සියයට 12.4 ක කොටසක් වන අතර අපනයනය පමණක් සලකා බැලීමේ දී සමස්ත අපනයනයෙන් සියයට 18.5 ක් බව දැක්වේ. යුරෝපා සංවිධානයේ තීරණ අනුව කටයුතු කිරීමට අසමත්වුවහොත් මෙතෙක් හිමි වී තිබුණ බදු සහන අහෝසි වන අතර එය මෙරටින් කෙරෙන අපනයන සියයට 36.7 කින් පහත වැටීමට බලපාන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය කරන ලද අනාවරණයක් යුරෝපා සංවිධානයේ තොරතුරුවල දක්වයි. මෙම ප්‍රතිශතය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක් පමණ විය හැකි බව ද පැවසේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තදබල වැඩසටහනකට අනුව කටයුතු කරමින් ආර්ථිකය හසුරුවාගනිමින් සිටින ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවර භාවයක් අත්පත්කරගෙන සිටී. ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදය අධ්‍යයනය කරන පසු, විදේශ විනිමය හිඟය එහි අභ්‍යන්තරය බව දැක්විය යුතුය. රටට අවශ්‍ය මුලික ආනයනවලට පවා බාධා ඇති කෙරිණ. දැනට ඇති වර්ධනය සහ ඉදිරියේ දී ඇති විය හැකි අවදානම ගැන මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් සූක්ෂමව සලකා බැලීම වැදගත්ය.
මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් කරළියට
පහළ මැදි ආදායම් රටක් වශයෙන් 1971 වසරේ සිට ශ්‍රී ලංකාව ජී.එස්. පී. සහනය හිමි වී ඇත. ඒක පුද්ගල ආදායම ඉහළ යන අතරවාරයේ මෙම සහන සීමා කෙරිණ. 2010 අගෝස්තු මාසයේ දී එය අහිමි වේ. කෙසේ වෙතත් 2014 වසරේ සිට අතුරු තාක්ෂණික වටපිටාවක් පනවන යුරෝපා සංවිධානය ශ්‍රී ලංකාව සඳහා යම් පසුබිමක් අද දක්වා සකස් කර තිබුණි. මෙහි දී විිවධ ක්ෂේත්‍ර ආවරණය අංශ විසිහතක කොන්දේසි මාලාවක් ඇතුළත්ය.
2005 වසර වන විට තවත් රටවල් දහ තුනක් එහි වාසියට හිමිකම් දක්වා තිබුණි. දැනට ඉතිරි වී සිටින රටවල් අතර බොලීවියාව, කේප්ටවුන්, කරගස්ථානය, මොන්ගෝලියාව, පකිස්තානය, උස්බෙකිස්තානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල් තිබේ. මෙම ලැයිස්තුව සමග සලකා බලන පසු ශ්‍රී ලංකාව ජී.එස්.පී. ප්ලස් සඳහා ලේඛනගතවීම කිසිසේත් ආඩම්බර විය යුතු කාරණයක් නොවේ.
මෙරට විද්වත් පිරිස් දක්වන පරිදි යුරෝපා සංවිධානයේ බරපතළ කොන්දේසි සමග එකඟවීම වෙනුවට ජාත්‍යන්තර තරගකාරීත්වයට ඇතුළු විය යුතුය. පාත්ෆයින්ඩර් වට මේස සාකච්ඡාවට සහභාගී වූ තානාපතිනි කාමෙන් මොරේනෝ මහත්මිය මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව හා යහපත් රාජ්‍ය පාලනය යන ප්‍රධාන අංශ හතරකට අයත්ය. මෙම අංශවල ආවරණය ලබාගෙන අපනයනය සඳහා අවකාශය ගැනීම ශ්‍රී ලංකාවේ වගකීමක් වන අතර බදු සහන සැපැයීම අපගේ වගකීමක් නොවන බව තානාපතිනිය අවධාරණය කළාය. යුරෝපා සංවිධානය සමග පැවැති සෑම ආණ්ඩුවක්ම පොරොන්දු දී ඇති අතර ඒවා ඉටු කර නැත. වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ පොරොන්දු හා ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත්වෙන්නේ ද යන්න ගැන මාධ්‍යවේදිය කු ප්‍රශ්න කළ පසු ආණ්ඩු වල ස්වභාවය මැන බැලීම තමන්ගේ කාර්යයක් නොවන බව කියා සිටියාය. ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව බලවත් දුෂ්කරතාවක සිටින බව ඔබට පෙනෙන්නට තිබිය යුතු අතර ඒ අනුව ජී.එස්.පී.ප්ලස් ගැන තීරණ ගත හැකි බව මතු කළ පසු ඇය කියාසිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දත්ත මත යුරෝපා සංවිධානය යැපෙන බවය.
පනත් ඉවත් කිරීමත් යහපත් රාජ්‍ය පාලනය යටතට
තිස් අවුරුද්දක යුද්ධයකින් පීඩා විඳි ශ්‍රී ලංකාව එම කාලය තුළ විවිධ අණ පනත් සම්මත කරගෙන තිබේ. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා මෙම පනත් සම්මත කර ඇත. යුරෝපා සංවිධානය ඔවුන්ගේ යහපාලන රාමුව යටතට ඇතුලත්වීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන සේ දක්වා තිබේ. ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීම තවත් කරුණකි. ධීවර කර්මාන්තයේ නිරත බහු දින යාත්‍රාවලට ජී.පී.එස් තාක්ෂණය සපයන ලෙස සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික අයිතිවාසිකම් දක්වා පරාසයකට මෙම කොන්දේසි විහි දී තිබුණි. එක්තරා අවස්ථාවක එවකට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සහන වෙනුවට බරපතළ කොන්දේසි පැනැවීම මිත්‍ර රටවල් වශයෙන් සුදුසු නැති තත්වයක් බව අවධාරණයෙන් ප්‍රකාශ කළ බව ද මෙහි දී සිහිපත් කළ යුතුය.
ආර්ථික හා සමාජ ප්‍රශ්න ඇති කරන කොන්දේසි වලට යටත්ව ජී.එස්.පී. ප්ලස් සහන ලබාගැනීම වෙනුවට බදුවලට යටත්ව අපනයන තරගකාරීත්වයට ඇතුළුවිය යුතු බව තවමත් ඇතැම් කොටසක් තර්ක කරමින් සිටී. තේ අපනයන අංශයෙහි නිරත පිරිස දක්වන පරිදි කලු තේ තොග සඳහා අතිරේක බදු නැත. එහෙත් අගය එකතු කරන ලද හා හරිත තේ සඳහා බදු පැනැවේ. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති යුරෝ මිලියන 300 ක කෝටාව තුළ යුරෝ මිලියන 280ක් පමණ කිසිම බලපෑමක් හෝ බදු සහන ඇතත් නැතත් අපනයනය කළ හැකිය.
ශ්‍රී ලංකාවට ඇඟලුම් අපනයනයේ දී යුරෝ මිලියන 1,300 ක සලාකයක් හිමිය. එහෙත් යුරෝ මිලියන 600 ක් පමණක් උපරිමව භාවිත කර ඇත. යන්ත්‍රොපකරණ සඳහා වූ කෝටාවෙන් හරි අඩක් භාවිතකර නැති අතර වෙනත් එනම් වර්ග 2,700 ක් ඇතුළත් නිෂ්පාදන වලින් බහුතර පරිමාවක් ප්‍රයෝජනයට ගෙන නැත. තානාපතිනිය දක්වන පරිදි යුරෝපා රටවලට යැවිය හැකිපරිදි ඔවුන්ගේ වෙළෙඳපොළ ඉල්ලුම සහිත නිෂ්පාදන රටාවක් ශ්‍රී ලංකාවේ නැත. ඇගලුම් හැර වෙනත් කර්මාන්ත පසුගිය වසර තිහක් තුළ අලුතින් හඳුන්වා දී නැති බව ද ඇය කියා සිටී. ශ්‍රී ලංකවේ රේගු පද්ධතිය, එහි කාර්යක්ෂමතාව වෙනුවෙන් විශාල තීන්දුගැනීම අවශ්‍ය අතර ඒවා නොසලකා තීරුබදු සහන ගැන සාකච්ඡා කිරීම පමණක් පලක් නොවේ.
අපනයන අංශය අලුත් යුගයකට හැරවීම
2023 වසරේ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක භාණ්ඩ යුරෝපා සංවිධානයට අයත් රටවලට අපනයනය කර තිබේ. අපනයනයේ දී බදුවලින් සමස්තයක් වශයෙන් සියයට 49 ක වාසියක් ශ්‍රී ලංකාව අත්පත් කරගනී. මෙරටට යුරෝපා සංවිධානයට අයත් රටවලින් භාණ්ඩ ආනයනයේ දී සියයට 59 ක බදු වාසියක් අත්පත් කරගන්නා බව දෙරට අතර වෙළෙඳාම සම්බන්ධ දත්ත දක්වයි. රට තුළ පවතින ගැටලු සහ ඇමරිකානු වෙළෙඳ පොළ පැත්තෙන් එල්ලවන බදු තර්ජන සලකා බලන පසු අපනයනය සඳහා තාවකාලික සහන දිනාගැනීම පලක් නැත. කෙටි කාලයකට ලබාගත හැකි සහනවලට වහල්වන මෙරට කර්මාන්ත හා ව්‍යාපාර නවීන ආර්ථික අභියෝග වලට ඇතුළු වෙන්නේ නැත. පාත්ෆයින්ඩර් පදනම දක්වන පරිදි භූ දේශපාලනය පමණක් නොව භූ ආර්ථිකයක් ද නිර්මාණය වී තිබේ. භූගෝලීය ප්‍රවණතා සලකා වෙළෙඳාම හැසිරෙන බව ඉතාම පැහැදිලිය.
පසුගිය වතාවේ ජී.එස්.පී. ප්ලස් සහනය වෙනුවෙන් සාකච්ඡා කරන ශ්‍රී ලංකා හා යුරෝපා සංවිධාන නියෝජිතයන් අතර කොන්දේසි පහසු ඒවා නොවේ. ඉදිරි කාලයේ දී මෙරටට එන කණ්ඩායම යෝජනා කරන්නට ඉඩ ඇති කරුණු ගැන පූර්ව සූදානමක් රටට අවශ්‍යය. ශ්‍රී ලංකාවට එන කණ්ඩායම අරගලකාරි කාලපරිච්ඡේදයකට පසු ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ලබාගෙන ලබාගැනීම අවධානයට ගැනීම අවශ්‍යය. අර්බුදයට පසු විදේශ ණය ආපසු ගෙවන සැලැස්ම සකස් කරගෙන ඇති අතර රට තුළ ආදායම තරකරගෙන ඇති ආකරය නිරීක්ෂණය කළ යුතුය.
මෙම වපරිසය සහිතව අලුත් පසුබිමක සිටින ආණ්ඩුව කොන්දේසි වෙනුවට එකඟතාවලට ඇතුලත්විය හැකි ආකාරය සොයා බැලීම සුදුසුය. 70 දශකයේ තිබුණ රාමුවට වඩා වෙනස් ආර්ථික හා සමාජ පරිසරයක් ජාත්‍යන්තරය තුළ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අභියෝගයකය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අභිබවා සමාජ මාධ්‍ය සමග සම්බන්ධවන වක්‍ර සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය නිර්මාණය වී ඇති අතර ඒවායේ බලපෑම මත රටවල් අවුල් සහගත තැනකය. ශ්‍රී ලංකාව, බංගලාදේශය, ජපානය පමණක් නොව බ්‍රිතාන්‍ය පවා වසර තුනක් ඇතුලත අගමැතිවරු හතර දෙනකු පත්වීමෙන් නිරීක්ෂණය වේ. යුරෝපා සංවිධානය සිය සහන සමග තද කොන්දේසි පැනවීම ගැන සිතාබැලීම සුදුසුය. ඔවුහු ශ්‍රී ලංකාව වැනි රටවලට පනවන කොන්දේසි හා සමාන තද උවදුරක් ඇමරිකාව පැනවීම දෛවෝපගතය. කොන්දේසිවලට යටත්ව යුරෝපා ප්‍රජාවගෙන් අවුරුද්දකට ලබාගත හැකි අපනයන විදේශ විනිමය රට කොපමණ ඉහළින් තබනු ඇත්දැයි සොයා බැලීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.
යුරෝපා කොමිසමේ ජී.එස්.පී. මුස්ඨි ප්‍රහාරය