සාරා කන්දෙගොඩ
ෆාම් ඔයිල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ ඉල්ලුම දෙගුණ තෙගුණ වනු ඇතැයි ජාත්‍යන්තර පර් යේෂණ වාර්තා අනාවරණය කරයි. 2021 වසරේ අප්‍රියෙල් මාසයේ දී එකල විධායක ජනාධිපති ධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නියෝගයක් අනුව ශ්‍රී ලංකාව තුළ ෆාම් ඔයිල් වගා කිරීම තහනම් කළේය. 2018 වසරේ නිකුත් කර තිබුණ පරිසර වාර්තාවක් එයට පදනම් වූ බව දැක්වේ. ශ්‍රී ලංකාවේ ෆාම් ඔයිල් වගාකිරීම ප්‍රශස්ථ මටට්මක තිබුණ අතර එය අපනයන කෘෂි භෝගයක් වශයෙන් සැලකිය යුතු තැනෙකට ළඟාවෙමින් තිබුණි. අලුත් වගාකටයුතු සඳහා සූදානම් කර තිබුණ සැලසුම් අහෝසි කෙරිණ. වැවිලිකරුවෝ මන්දොත්සාහී වූහ. තහනම මෙරට පැනැවෙන නමුත් ලෝකයේ සෑම රටකම පාහේ දිරිගැන්වීම් සහිතව වගා කටයුතු සිදුවේ. 2023 වසරේ දී ලෝක වෙළෙඳ පොළේ ෆාම් ඔයිල් සඳහා තිබුණ ඇමරිකානු ඩොලර් බිලියන 71.23 ක වපරිසය 2032 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 103 ඉක්මවනු ඇතැයි දැක්වේ.
ඔයිල් ෆාම් නමැති ශාඛයේ හටගන්නා ගෙඩි තලා එහි යුෂ නිස්සාරණයෙන් තෙල් නිෂ්පාදනය කර ගැනේ. පරිසර හිතකාමී එළවළු තෙල් වර්ගයක් වශයෙන් ආහාර, රුපලාවණ්‍ය ද්‍රව්‍ය, බෙහෙත්, සහ අලුතින්ම ජෛව ඉන්ධන වශයෙන් භාවිත කෙරේ. මෙරට ෆාම් ඔයිල් වගාකරුවෝ එහි අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවක පසුවෙති. වත්මන් ආණ්ඩුවට ඉල්ලීමක් කරන ලද එම පිරිස් නැවත වගා කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා අනුමැතිය අපේක්ෂා කරති. තහනම් තීන්දුව ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය වී ඇත.
හෙක්ටයාර් දොළොස්දහසක ෆාම් ඔයිල් වගාව
මෙරට නිෂ්පාදන වාර්තා අනුව හෙක්ටයාර් දොළොස් දහසක ෆාම් ඔයිල් වගා කර තිබේ. සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂයක් පමණ උත්පාදනය වී ඇත. මෙහි නඩත්තු වියදම අඩු අතර කෘෂි භෝගයක් වශයෙන් ඉහළම ආදායමක් ලැබේ. පර් යේෂණ දත්ත අනුව ෆාම් ඔයිල් හෙක්ටයාරයකින් ලැබිය හැකි ශුද්ධ ආදායම වසරකට රු.612,000 කි. පොල් වගාවෙන් රු. 175,000 ක්, තේ වගාවෙන් රු. 88,000ක් සහ රබර් වගාවෙන් රු.80,000 ක් වශයෙන් ශුද්ධ ආදායම සලකන විට ෆාම් ඔයිල් ඉතාම හොඳ ආයෝජනයකි. 2018 වසරේ දී තේ හා රබර් යන වැවිලි බෝග දෙකම අපනයනයෙන් ලැබුණ විනිමය ප්‍රමාණයට වඩා ෆාම් ඔයිල් අපනයනයෙන් වාර්තාගත ආදායමක් රටට ලැබී තිබුණි.
ශ්‍රී ලංකාවේ නිපදවන ප්‍රමාණය මෙරට එළවළු තෙල් අවශ්‍යතාවෙන් සියයට දොළහක පමණ කොටසක් ආවරණය කරන බව දැක්වේ. වාර්ෂිකව මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසි දහසක තෙල් ප්‍රමාණයක් ආහාර හා අතුරු නිෂ්පාදන සඳහා ආනයනය කරයි. ඇමරිකානු ඩොලර් මිලියන පනස් හතක් පමණ එයට වැය කෙරේ. පසුගිය දා පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ගෙන්වීම සඳහා විශේෂ අනුමැතියක් නිකුත්කළ අතර බදු අඩු කළේය. පොල් මිල ගණන් ඉහළ යන අතරවාරයේ පොල් තෙල්, පොල් කිරි පිටි නිපදවීම හා බේකරි අවශ්‍යතා සඳහා මෙම ආනයන ගළපාගනු ඇත. පොල් වගාව පිරිහීම පමණක් නොව එයට සමාන්තරව භාවිතාකළ හැකි ෆාම් ඔයිල් වගාව තහනම් කිරීම ද සැලකිය යුතු සංකීර්ණ ගැටලුවලට හේතු වී ඇත.
අපනයනය හෝ දේශීය වෙළෙඳ පොළ අවශ්‍යතා සලකා ෆාම් ඔයිල් වගා කටයුතු නැවත ආරම්භ කළහොත් ඉදිරි වසර කිහිපය තුළ අසමතුලිත බව මග හරවා ගත හැකිවේ. වසර 2027 වන විට මෙරටට අවශ්‍ය ෆාම් ඔයිල් ප්‍රමාණයෙන් සියයට පනහක් දේශීයව නිපදවා ගත හැකි බවට සැලසුම් කර තිබුණි. එම ඉලක්ක මඟ හැරීමෙන් පසු ආර්ථිකයට බලපාන සංකූලතා ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුවේ.
අප්‍රිකානු රටවලින් ආසියාවට ධනඋල්පතක්
ඔයිල් ෆාම් ශාඛය අප්‍රිකානු සම්භවයක් සහිතය. 1960 ගණන්වල ලෝකයේ ෆාම් ඔයිල් තෙල් සැපයුම සඳහා සියයට අසූ පහක් අප්‍රිකානු රටවලින් දායක වන බව සඳහන් වේ. අනතුරුව එය ලතින් ඇමරිකානු, මැලේසියාව හා ඉන්දුනීසියාව දක්වා ව්‍යාප්ත විය. අඩුම වියදමකින් වගා කළ හැකි අතර පොල් තෙල්වලට විකල්පයක් වශයෙන් ලැබුණ ඉල්ලුම මෙම රටවලට විනිමය උත්පාදනය කළේය. ඇමරිකාව, චීනය හා ඉන්දියාව වැඩිම ප්‍රමාණයකින් ෆාම් ඔයිල් භාවිත කරන රටවල් අතර සිටී.
2023 වසරේ ඉන්දියාව සිය ෆාම් ඔයිල් ආනයන පිරිවැය විශේෂයෙන් සලකා බලන ලද අතර වහාම වගාව දිරිගන්වන තීරණයකට එළැඹියේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ෆාම් ඔයිල් සඳහා සහතික මිලක් නියම කළේය. වගාව සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දුන්නේය. වසර 2030 වන විට හෙක්ටයාර් මිලියන තුනක ෆාම් ඔයිල් වගා කරන්නට ඇස්තමේන්තු කර තිබේ. ආනයන වියදම අඩු කරන අතර මැලේසියාව හා ඉන්දුනීසියාව වැනි රටවල් අපනයනය සීමා කළහොත් ඇති වන ගැටලු සලකා බලා මෙම තීන්දුවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය එකල වාර්තා කර තිබුණි. ලෝකයේ රටවල් හතළිස් හතරක් ෆාම් ඔයිල් වගාවට ඇතුළු වී සිටින අතර හැට දශකයේ නොසලකා හැර තිබුණ කෘෂි භෝගයක් වසර දෙදහස වන විට වඩාත් වෙළෙඳ පොළ ඉල්ලුමක් සහිත තැනට කැඳවා ඇත. දැනට ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් ෆාම් ඔයිල් වගාව තහනම් කර නැත. එය විශේෂයෙන් සලකා බැලිය යුතු තත්වයකි.
ෆාම් ඔයිල් වගාව තහනම් කරන සංකල්ප ඇවිලෙන පසුබිම දේශපාලනිකය. භූගත ජල උල්පත් වලට වගාව හේතු කොටගෙනහානි සිදුවනබව වගාකර තිබුණ ප්‍රදේශවල විරෝධතාකරුවෝ කියා සිටියහ. පොල් තෙල් වලින් ශරීරයට සිදුවන හානි ගැන ද මේ හා සමාන විරෝධතාවක් ඇරැඹි කාලයක් තිබුණි. හෘද රෝගවලට හේතුව පොල්තෙල් බව ඇතැම් වෛද්‍යවරු එක හෙළා කියා සිටියහ. ලෝකයේ නොයෙක් පැතිවල එරෙහිවන අවස්ථා තිබේ. තමන් යැපෙන ආකෘතියට අභියෝගයක් වන කිසිම අවස්ථාවක අලුත් දෙයකට තැනක් දෙන්නේ නැත.
සින්තටික් ඔයිල් භාවිතයට එන යුගයක් ඉදිරියේ
ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන භූගත ජල ප්‍රවාහය ගැන තර්ක කරන අතරවාරයේ ලෝකයේ අහාර අවහ්‍යතා සලකා බලන අංශ අවශ්‍ය නිෂ්පාදන නොලැබුණහොත් සින්තටික් ෆාම් ඔයිල් නිෂ්පාදනය කරන්නට සූදානම් වේ. ඇමරිකානු නවෝත්පාදකයකු හා ප්‍රකෝටිපතියකු වන බිල් ගේට්ස් ෆාම් ඔයිල් වගාව හේතු කොටගෙන ඇති වන ගැටලු ගැන අවධානය යොමු කර තිබේ. ෆාම් ඔයිල් කෘත්‍රීමව නිෂ්පාදනය කිරීම බිල් ගේට්ස් ගේ අරමුණ බව බ්ලූම්බර්ග් මුල්‍ය තොරතුරු හා පර් යේෂණ සංවිධානය ප්‍රකාශයට පත්කරන වාර්තාවක දැක්වේ. එයට අදාළ පර් යේෂණවෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන විස්සක් ඔහු වෙන් කර ඇත. ෆාම් ඔයිල් වගාව ගැන පවතින විරෝධය සලකා බලන හෙතෙම විකල්ප විසඳුමක් වෙනුවෙන් බිල් ගේට්ස් ගේ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඉවත දමන ආහාර හා කර්මාන්ත අතුරු නිෂ්පාදන උපයෝගී කරගෙනන සින්තටික් ෆාම් ඔයිල් නිෂ්පාදනය කළ හැකි ද යන්න සොයා බලන ඔහුගේ විද්‍යාඥයෝ ස්වභාවිකව ෆාම් ඔයිල්වෙනුවට සින්තටික් ඔයිල් වෙළෙඳ පොළට එවන්නට සූදානම් වෙමින් සිටීති. ඉදිරි කාලයේ දී මාගරින්, සුවඳ විලවුන් හා වෙනත් පිළියෙළ කරන ලද ආහාරවල සින්තටික් ෆාම් ඔයිල් අඩංගු විය හැකිය.
දැනටමත් රට තුළ වස විස සහිත ආහාර ගැන විරෝධයක් පවතී. එහෙත් කාබනික ආහාර නිෂ්පාදන ප්‍රමාණවත් නැත. ජනගහන වර්ධනය සමග ආහාර සුරක්ෂිතතාව අභියෝගයක් වී ඇති අතර රටට අවශ්‍ය ප්‍රමාණයට නිපදවා ගැනීමේ ගැටලු ඇතිවේ. ජනගහනය වැඩිවන නමුත් භූමිය ප්‍රමාණාත්මකව වැඩි නොවේ. ඉඩම වඩාත් ආර්ථික ඵලදායීතාවක් සහිතව ප්‍රයෝජනයට ගත යුතුය.
තේ වගාව සඳහා විශාල බිම් ප්‍රමාණයක් වෙන් කොට තිබේ. ලක්ෂ අටක පමණ ශ්‍රම බලකායක් එහි නිරතය. අවසානයේ දී තේ අපනයනයෙන් රටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කි. එය මෙරට විනිමය අවශ්‍යතා සඳහා කිසිසේත් සෑහෙන්නේ නැත. තේ ඉඩම්වල පිරිවැය, ශ්‍රම ගැටලු හා අපනයන තරගකාරීත්වය සලකා බලන පසු අලුත් පැතිවලට යොමු විය යුතුවේ. අධිරාජ්‍යවාදී කාලයේ දී කෝපි වගාව අර්බුදයකට පත්වන පසු තේ සඳහා අනුවර්තනය කෙරිණ. ශ්‍රී ලංකාව එයින් අනතුරුව අලුත් වගාවක් ගැන සොයා නොබැලීම ගැටලුවකි. ආර්ථික වශයෙන් පමණක් නොව ඉදිරියේ දී සින්තටික් ෆාම් ඔයිල් අනතුරෙන් ගැලවීම සඳහා ද පූර්ව උපාය මාර්ග අනුගමනය කිරීම මෙහි දී වැදගත්ය.
තෙල් නිස්සාරණය පමණක් නොව අතුරු අංශ
ෆාම් ඔයිල් වගාවේ මෙරට ඉතිහාසය අවුරුදු පනහකට වැඩි නැත. යුරෝපා ජාතිකයකු 1967 වසරේ දී බව ගාල්ල නාකියාදෙණිය වතු යායට ෆාම් ඔයිල් පැළ හැට අටක් ගෙනැවිත් අත්හදා බලා ඇතිබව දැක්වේ. එය සාර්ථක වී ඇත. පසුව මෙරට පළමු ෆාම් ඔයිල් සිඳින යන්ත්‍ර සවි කරන්නේ ද නාකියාදෙණිය වැවිලි සමාගමේ ය. මුල් කාලයේ දී වගාව ගැන සැලකිය යුතු උන්නදුවක් තිබුණි. සංචාරකයන් ද මෙහි පැමිණ ඔයිල් ෆාම් ශාඛ වගාව ගැන අධ්‍යයනය කර ඇති බව දැක්වේ. කෙසේ වෙතත් මෙම වගාව සමග දේශීය වෙළෙඳ පොළ ලැබෙන අවම අවස්ථා හේතු කොටගෙන විරෝධය පැන නැගුණ බව සැලකිය හැකිය. තේ හෝ රබර් වගාවේ දී අවට ප්‍රජාවට වක්‍ර අවස්ථා ලැබේ. දළු එකතු කිරීම, රබර් දර කැපීම හා ඒ සඳහා නිරතවීම, ඔට්ටපාලු වැනි රබර් ඉතිරි කොටස් අනුව අතුරු රැකියා අවස්ථා ඇතිවේ.
ඔයිල් ෆාම් වගාව සමග ද මෙම අතුරු අවස්ථා ඇති කළ හැකිය. වගාවේ අංශ සලකා බලන පසු පැල ලබාගැනීම ප්‍රධාන කාර්යයකි. දැනට රටට අවශ්‍ය පැල මැලේසියාවෙන් ආනයනය කරයි. බීජ සිටුවා වසරක පමණ වැඩුණ පැළ ගෙන්වන අතර එය සැලකිය යුතු විනිමය වැය වන කෘත්‍යයකි. ඉන්දුනීසියාව හා මැලේසියාව වාණිජ වශයෙන් වගා කරන රටවල්වලට පැල සැපැයීමෙන් ආර්ථික වාසි ලබයි. ශ්‍රී ලංකාවේ කෘෂි විද්‍යාඥයන්ට මෙහි වැඩි දියුණු විශේෂ බිහිකර වඩාත් ගුණාත්මක පැළ ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්නට නොහැකියාවක් නැත. ප්‍රාදේශීය වශයෙන් පැළ වගාකරුවන් වෘත්තියක් වශයෙන් ඇති කළ හැකි අතර තහනම ඉවත් කර වගාව වැඩිදියුණු කළහොත් එමගින් රටට අවශ්‍ය පැළ ලබාගත හැකිවේ. තේ හෝ රබර් වගාවට කලින් එනම් වසර තුනක් තුළ අස්වැන්න ලැබෙන අතර එක පොකුරකින් ඔයිල් ෆාම් ඇට කිලෝ පහළොවක් පමණ ලැබෙන බව දැක්වේ. මෙම අස්වැන්න වසර තිහක් පමණ අස්වැන්න ලබාගත හැකිය. ශාඛය ඉහළට වර්ධනය සමග අස්වනු නෙළීම අපහසු අතර ශ්‍රම අවශ්‍යතා තවත් ඉහළ යනු ඇත.
2014 වසරේ දී ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කළේය. පසුව ඇස්බැස්ටෝස්, ස්වයංක්‍රීය කියත් යනාදිය තහනම් කෙරිණ. කාබනික පොහොර සීමා කිරීම සමග විශාල විරෝධයක් ඇති වූ අතර එය දේශපාලන පෙරැළියකට පවා හේතු විය. මෙම තහනම තිබිය දී රට තුළ පැවැති සිදුවීම් අධ්‍යයනය කළ යුතුය. ඔයිල් ෆාම් වගාවේ තහනම් කිරීම ද තීක්ෂණව අවබෝධ කරගත යුතුය. ඉන්දියාව 2025 අය වැය මගින් කපු වගා කරන්නට සහාය ප්‍රකාශයට පත් කළේය. එරටට ගොවියන් අනෙක් වගාවලින් අසාර්ථක වූ පසු ඔවුන් අතරින් සියයට අසූහයක් ෆාම් ඔයිල් වගාකරන්නට කැමැති බව එරට පර් යේෂණයක් පෙන්වා දී තිබේ. අලුත් පැතිවලට ගමන් නොකරන ශ්‍රී ලංකාව තවමත් අධිරාජ්‍යවාදී ඉගැන්වීම අනුව තේ වගාවෙහි නිරතය.
ලංකාවේ කෘෂි අපනයන නැංවීමට අවස්ථාවක්