IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


සෙලාන් කාඩ්පත් වෙතින් ගනුදෙනුකරුවන්ට තවත් වාසියක්

සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රමුඛ පෙළේ රථවාහන නඩත්තු සේවා ආයතන කිහිපයක් සමග එක් වී සිය ගනුදෙනුකරුවන් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. U&H Wheel Service, DSI Tyres, Crown Tyres Pvt Ltd, Universal Tyre, Prince Tyre Service, Ideal Motors (Pvt) Ltd, Indra Motor Spares සහ Pink Auto Shop  යන ආයතන මේ සඳහා සෙලාන් කාඩ්පත් සමග එක් වී සිටී.

මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබා ගැනීම සඳහා කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, ඉහත සඳහන් ආයතන වෙතින් රථවාහන නඩත්තු සේවාවන් ලබාගත් පසුව අදාළ ගෙවීම සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදුකර, දින 7 ක් ඇතුළත සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය අමතා එම ගෙවීම පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගෙවීමට සලස්වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීම බව එම බැංකුව සඳහන් කරයි.

595



අදහස් (0)

සෙලාන් කාඩ්පත් වෙතින් ගනුදෙනුකරුවන්ට තවත් වාසියක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

Our Group Site