IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආර් 8 එක්ස්පීරියන්ස් සමාගම කටයුතු කර ඇත.

මෙම පැකේජය යටතේ ලොව ධනවත්ම පුද්ගලයන්ට ඔලිම්පික් තරඟාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමටත් සමාරම්භක උළෙලට සහභාගී වීමටත් අවස්ථාව ලැබෙන බව ජී.ආර්.8 එක්ස්පීරියන්ස් සමාගම පැවැසුවේය.

පැකේජය මිලදී ගනු ලබන තැනැත්තෙකුට ජීවිතයේ එක් වරක් පමණක් විඳගත හැකි අපූරු අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව හිමිවන බව එම සමාගම ප්‍රකාශ කළේය.

ජී ආර්.8 එක්ස්පීරියන්ස් යනු ජීවිතයේ අමතක නොවන අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සමාගමකි.



අදහස් (0)

සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

Our Group Site