ශ්‍රී ලංකාවේ සහල් කර්මාන්තය සෑම වසරකම, වෙළෙඳපොළ, අලෙවිකරණ, මිල නියම කිරීම හා ප්‍රමාණවත් තොග පැවැත්ම ආදි විවිධාකාර අභියෝගවලට මුහුණ දෙමින් මේ වනවිට මං සන්ධියකට පැමිණ තිබේ. මෙම තත්වය නිසා ගොවින්ට පමණක් නොව රට පුරා ජනතාවට ද බලපෑම් එල්ල වී තිබේ. මෙම තීරණාත්මක අවස්ථාවේ Dali FT පුවත්පත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස සේවය කරන, මහාචාර්ය බුද්ධි මාරඹේගේ මතය විමසා බැලීය. තතු නොසඟවා ඔහු පළ කරන සත් අදහස් වලින් පවතින ගැටලුවලට මුල් වූ හේතු පැහැදිලි කිරීම පමණක් නොව මෙම අංශය නැවත පණ ගැන්වීමේ අරමුණෙන් ප්‍රායෝගික විසඳුම් ද ඉදිරිපත් කෙරෙන අතර මෙම බාධක දුරලීම සඳහා සැලසුම් ද යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ වඩාත් වැදගත් කෘෂි නිෂ්පාදනයක ස්ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට එම අදහස් අතිශය උපකාරී වේ.
![]() |
මහාචාර්ය බුද්ධි මාරඹේ |
Q: සෑම අවුරුද්දකම සහල් හිඟයක් පිළිබඳ කතා වෙනවා. මෙය කෙතරම් දුරට සැබෑවක් ද?
ශ්‍රී ලංකාවේ සහල් සඳහා ඉල්ලීම විවිධ හේතු මත වෙනස් වන අතර සම්ප්‍රදායික උත්සවය එහිදී ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා. විශේෂයෙන් අප්‍රේල් /මැයි මාසවල සහ දෙසැම්බර් ජනවාරි මාසවල සහල් සඳහා ඉල්ලුම ඉහළ යනවා. එම විශේෂිත මාසවල වැඩිවන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම සිදු නොවන අස්ථාවල අපට සහල් හිඟයක් අත්විඳින්නට සිදු වෙනවා. සමහර අවුරුදුවල දේශගුණ වෙනස්වීම් සහ අවිධිමත් ප්‍රතිපත්තිමය වෙනස්වීම් නිසා අපේ වී නිෂ්පාදනයට සෑහෙන තරම් බලපෑමක් ඇති වුණා. 2016 සහ 2017 දී පිට පිට කන්න තුනක දී නියඟය නිසා සිදු වූ අස්වනු හානිය හේතුකොට ගෙන රජයට සහල් මෙට්‍රික් ටොන් 748000ක් අපතේ ජනතාවට ආහාර පිණිස ආනයනය කරන්නට සිදු වුණා. 2021 සිදුකළ පොහොර හා කෘමිනාශක ආනයනය තහනම් කිරීමේ විනාශකාරී ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් ඊට පසු අවුරුද්දේ වී අස්වැන්නෙන් සියයට 34ක් අහිමි වුණා.
Q: සැබැවින්ම ගැටලුව ඇත්තේ කොතැන ද? වී සම්බන්ධයෙන්ද සහල් සම්බන්ධයෙන්ද නැතහොත් ඒ දෙකම නිසාද ?
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, අනුමත කරනු ලැබූ නිසා ලබාගැනීමේ ක්‍රමයක් භාවිත කරමින් අස්වනු සමීක්ෂණය කරමින් සමස්ත වී අස්වැන්න ඇස්තමේන්තු කරනු ලබනවා. 2024 දී ඊළඟ කන්නය සඳහා බිත්තර වී ගබඩා කළ යුතු ප්‍රමාණය දළ වශයෙන් මො.ටො. 130,000 අඩු කර හා නාස්ති වන ප්‍රමාණය වූ මො.ටො 380,000 අඩුකොට ගණන් බැලු පරිභෝජනය පිණිස වූ මුළු වී අස්වැන්න මෙ.ටො. 42,240,000වුණා. ඉන් මො.ටොන් (2420000ක් (2023/24) මාස් කන්නයෙන් ලැබුණ වී වන අතර 2024 යල කන්නයේ ලැබුණ වී ප්‍රමාණය මෙ.මො 1820,000ක්. සත්වාහාර පිණිස හා මධ්‍යසාර නිෂ්පාදනය උදෙසා වී/සහල් භාවිතා කිරීම තහනම් කර තිබුණත් (එම ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලකිල්ලට ගෙන තිබුණේ නෑ) මෑතක දී මෙ.ටො. 350,000ක වී ප්‍රමාණය සත්වාහාර පිණිසත්, මෙ.ටො. 30,000ක් මධ්‍යසාර නිෂ්පාදනය උදෙසාත් වාර්ෂිකව භාවිත වෙන බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා. මෙම අගයක් අනුව ගණන් බැලුවිට 2023 වසරේ පරිභෝජනය පිණිස ඇති වී වලින් මෙ.ටො. 3,860,000ක් අඩු කළ යුතු වෙනවා.
මෙම දත්ත අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වී කෙටීමෙන් පසුව ඉතිරිවන සහල් ප්‍රමාණය සියයට 68ක් ලෙස (උදා සහල් කී.ග්‍රෑ 68ක් ලැබෙනුයේ වී කී.ග්‍රෑ. 100ක් කෙටු විටය) ඇස්තමේන්තු කරනු ලබනවා. කෙටීමෙන් පසු ඉතිරිවන සහල් ප්‍රතිශතය රජයේ පසු අස්වනු තාක්ෂණ ආයතනය පවසන පරිදි සියයට 65ක් වන අතර ප්‍රධාන මෝල් හිමියන් කියා සිටින්නේ එය සියයට 62.5 බවයි. එසේම කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් එම ප්‍රමාණය සියයට 52 සිට සියයට 62දක්වා වෙනස් වෙන බව කියා සිටිනවා. මෙම වෙනස් හේතුවෙන් ඇස්තමේන්තු කරනු ලබන සහල් ප්‍රමාණයේ දැවැන්ත වෙනසක් ඇතිවෙනවා. ඒ නිසා එම දත්ත පදනම් කරගෙන තීරණයකට එළැඹීමට රජයට අතිශය අසීරු වී තිබෙනවා.
වසරකට කිලෝග්‍රෑම් 112.4 වන ඒක පුද්ගල සහල් පරිභෝජනය සැලකිල්ලට ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව දළ වශයෙන් 2,460,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඇස්තමේන්තු කර තිබෙන දැනට පවතින වී ප්‍රමාණය (සත්වාහාර සහ මධ්‍යසාර නිෂ්පාදනය උදෙසා යන වී ප්‍රමාණය අඩුකොට) වී කෙටීමෙන් පසු ඉතිරිවන සහල් ප්‍රමාණය සියයට 68ක් ලෙස ගෙන ගණන් බැලු විට ඉතිරිවන සහල් ප්‍රමාණය මෙ.ටො. 2,624,000 වන අතර එය මෝල්කරුවන් කියන ආකාරයට සියයට 62.5 ලෙස ගෙන ගණන් බැලුවිට ඉතිරි වන සහල් ප්‍රමාණය මෙ.ටො. 2,412,000කි. රටේ සහල් අවශ්‍යතාවෙන් සියයට 65කට වඩා සපයනු ලබන අනෙකුත් සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් පවසන (ඉතිරිවන සහල් ප්‍රතිශතය) ප්‍රතිශතය මෙහිදී සැලකිල්ලට නොගන්නා නිසා 2024 වෙළෙඳපොළේ පවතින සහල් ප්‍රමාණය කොතෙක් ද යන්න පැහැදිලි ගැටලුවක්ව පවතිනවා.
ප්‍රධාන ආහාරයෙන් කොතරම් ප්‍රමාණයක් පරිභෝජනය පිණිස පවතී ද? යන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා මූලික අවධානය යොමු කළ යුතු බව මා සිතනවා.
විවිධ වී ප්‍රභේද දිස්ත්‍රික් මට්ටමෙන් කොතරම් ප්‍රමාණයක් වගා කර තිබේ ද යන්න නිෂ්චිතව ගණන් බැලීමක්, පාරිභෝගිකයාගේ රුචිය පදනම් කරගෙන වෙළෙඳ පොළේ කොතරම් වී තොග පවතී ද යන්න වටහා ගැනීමට අවශ්‍ය වෙනවා.
Q: මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට හා එම ගැටලුව විසඳා ගැනීමට කිනම් පියවර ගත යුතු වේද?
තිබෙන විකල්ප පියවර අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පළමුවෙන් පවතින සහල් ප්‍රමාණය නිවැරදි පරිවර්තන අනුපාත අනුගමනය කරමින් සහල් මෝල් පරාසයක් ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් ගණන් බැලීම එක් පියවරක්. තවදුරටත් අස්වනු සමීක්ෂණවල නියැදි නැවත පරීක්ෂා කොට විශ්වාසවන්ත දත්ත බාගත යුතු වෙනවා. එවිට වඩාත් නිවැරදි තොරතුරු අතැතිව තීරණ ගත හැකි ස්ථාවරයකට රජය පත් වෙනවා.
Q: වී අස්වනු ලබාගැනීමේ සිට සහල් කිරීම දක්වා දැනට ප්‍රායෝගිකව රැගෙන යන ක්‍රියාදාමය ඔබට කෙටියෙන් විස්තර කළ හැකිද?
වී අස්වනු ලබාගත් විට (බොහෝ වී ගබඩා කරන) වී එකතු කරන්නන් පරිමාණ සේවා සපයන්නන් හා මෝල්කරුවන් (විශාල මධ්‍යම හා සුළු පරිමාණ) තොග වෙළෙන්දන් හා සිල්ලර වෙළෙන්දන් හරහා වෙළෙඳ පොළට යොමු කිරීමේ වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා.
තෙතමනය සියයට 14 වනතුරු ගොවින් වී වේලනවා. වැඩිපුරම හිරුඑළියෙන් හෝ යන්ත්‍රවලින් මෙම වියළීම නිසා ඉහළ මිලකට වි අලෙවි කරගත හැකිය.
එසේ නොකළහොත් (තෙතමණය සියයට 19-22 පමණ පවතින) නැවුම් අස්වනු. ඒවා එකතු කරන්නන්ට හෝ මෝල්කරුවන්ට අලෙවි කිරීමට සිදු වන්නේ සාපේක්ෂව අඩු මිලකටයි. ගොවින් හා වී එකතු කරන්නන් මෙම වී කාලයකට සැරයක් මෝල් හිමියන්ට මෙම වී සාපේක්ෂව වැඩි මිලකට විකුණු ලබන්නේ වෙෙළඳ පොළ අවශ්‍යතා පදනම් කරගෙනයි. එහි ප්‍රතිඵලයක් ලෙස සහල් මිල ඉහළ යාමක් සිදුවෙනවා. මෝල් හිමියන් වෙත යන වී එක්කෝ වී කෙටීමට පෙර තැම්බීමට ලක්වෙනවා. නැතහොත් ඒවා කැකුලෙන්ම කොටනු ලබනවා.
Q: මේ සමස්ත ක්‍රියාදාමය රජයෙන් පාලනය කළ යුතුද?
ශ්‍රී ලංකාව වර්තමානයේ අනුගමනය කරනු ලබන්නේ වඩාත් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක්. එවැනි තත්වයක් තුළ වෙළෙඳපොළ බලවේග ක්‍රියාත්මක වෙමින් ආහාර මිල තීරණය වනුයේ නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට හා ඇගයුම් අවසානයේ අනෙකුත් කාරකයන්ට, තරගකාරි තත්ව සාධක ද අනුව ලාබය බෙදීයාමේ එකඟතා පදනමකින් සාමාන්‍ය තත්වය ද යටතේ රජය ව්‍යාපාර කළ යුතු නොවන මුත් නියාමනය කිරීමේ හා විමසිල්ලෙන් පසුවීමේ (මුර බල්ලාගේ) කාර්ය භාරය ඉටුකළ යුතුයි.
කෙසේ වුවද රටේ පවතින ආර්ථික වාතාවරණය තුළ රජයේ මැදිහත්වීම අවම වශයෙන් වඩාත් අවදානමට පාත්‍ර වන අයට සහයෝගය පිණිස රාජ්‍ය යාන්ත්‍රණය හරහා අඩු මිලකට ද්‍රව්‍ය සැපයීම ඔස්සේ කළ යුතු වෙනවා.
(උදා-සතොස හරහා).
නිසි කලට යාවත්කාලීන කළ දත්ත පදනමක් රජය විසින් වඩාත් විශ්වාසවන්ත තොරතුරු සමග පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ආනයනය කිරීම ඇතුළු වෙළෙඳපොළ මැදිහත්වීම් නිසි වෙලාවට කරමින් කෙටි කාල පරිච්ඡේදයක් තුළ වෙළෙඳපොළට පමණට වැඩි සැපයුම් කරනු වෙනුවට විසිරි යන ආරකාරයෙන් එම සැපයීම් කළ යුතු වෙනවා.
Q: රජය වී මිලදී ගැනීමේ හා ගබඩා කිරීමේ කටයුතුවලට වැඩිපුර මැදිහත් වීම අවශ්‍යද?
දේශගුණ වෙනස්වීම්වලට හා වෙළෙඳපොළ බලවේගවල විචාල්‍යතාවලට අනුව අවදානමට පාත්‍ර වීමේ ප්‍රවණතාවක් ඇති ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් ප්‍රධාන ආහාරය (සහල්) ආරක්ෂණ තොග ගබඩා කරගෙන දැඩි අවශ්‍යතාවන් මතු වූ විට වෙළෙඳපොළට මැදිහත්වීමට සූදානමින් පසුවිය යුතුය.
ඒ සඳහා රටතුළ වී අලෙවි මණ්ඩලය පිහිටවනු ලැබුවා. මේ වන විට වී අලෙවි මණ්ඩලය සතුව එම ගබඩා 216ක් පවතින අතර අනෙක් ඒවා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අත්පත් කරගනු ලැබුවා. ධාරිතාවක් තිබෙනවා. කෙසේ වුවද මේවායින් බහුතරයක් තිබෙන්නේ දුර්වල ගුණාත්මක තත්වයකයි. වී ගබඩා කිරීම සඳහා ඒවා කඩිනමින් පිළිසකර කළ යුතුයි.
එවැනි ගබඩා කිරීමක් සහල් මිල යම් දුරකට ස්ථාවරව පවත්වා ගැනීම උදෙසා අවශ්‍ය අවස්ථාවල කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල්වලට විකිණීම සඳහා උපකාරී වෙනවා. (2024/25) මෙම මාස් කන්නයේ දී වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් කරුවන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් රුපියල් 50 ක් දක්වා ණය ලබාදීම ආඛණ්ඩව සිදු කළා. එම ණයට අදාල පොලිසිය සියයට 7ක් වූ අතර දින 180ක් තුළ ඒවා ගෙවා දැමිය හැකියි.
Q: වී මිලදි ගැනීම සඳහා සහතික මිලකුත් සහල් සඳහා උපරිම මිලකුත් නියම කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි ඔබ දකිනවාද ?
නැහැ. වෙෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වෙන්නට ඉඩ හැරීමත් වී මිල සහ සහල් මිල තනි හෝ කිහිප දෙනෙකුගේ ආධිපත්‍යයෙන් තීරණය වෙන තත්වයක දී හා වෙනත් සිදුවන අවස්ථාවල මැදිහත් වීමත් හොඳම විදියයි. කෙසේ වුවද මෙම ක්‍රියාදාමය විනිවිද පෙනෙන සුළු බවකින් යුතුව මුළුමනින්ම මෙහෙයුම් වීමට කාර්යක්ෂම වෙළෙඳපොළ යාන්ත්‍රණයක් තිබිය යුතුයි. කිසිම රජයක් ඇතැම් වෙළෙඳපොළ කාරකයක් නික්මවා ගැනීමේ අභිප්‍රායෙන් (උදා)- සහල් මාෆියාව අඩපණ කිරීමට) වී සඳහා සහතික මිල හෝ අවම සිල්ලර මිල සහල් සඳහා යොදා ගැනීම අනුගමය කර නොතිබීම ඉතා නරක තත්වයක්. ආණ්ඩු එසේ කිරීමට අසමත් වූ බව සනාථ වුණා. ජාතික මට්ටමෙන් ආහාර සුරක්ෂිතාව පිළිබඳ ගැටලුව විසඳීම දෙස අප පුළුල්ව බැලිය යුතුයි.
වී වගාව සඳහා වැයවෙන පිරිවැය අම්පාරේ (පහත් බිම්) සිට (උස් බිම්) මහනුවර දක්වා ඵලදායිතා මට්ටම අනුව වාරි ක්‍රමය හෝ වැසි ජලය අනුව හා සහල් වර්ගය අනුව වෙනස් වන බව සඳහන් කිරීම වැදගත්. (උදා. නාඩු වර්ග, කීරි සම්බා, සුද හෝ රතු ප්‍රබේද ආදිය අනුව) සහල් ප්‍රභේදය අනුව මුළු රටටම සරිලන මිල ව්‍යුහයක් සැකසීම මේ නිසා ඉතා අසීරුය. ජාතික මට්ටමෙන් වී මිලදී ගැනීමේ සහතික මිලත් රජයෙන් නියම කළ විට සහල් මිල 1.97 සිට 2.04 වාරයක් ආහාර පද්ධතියේ සියලුම වෙෙළඳපොළ කාරකයන්ට වඩා වැඩි වන නිසා සුමට ලෙස අහාර ප්‍රවාහනය මෙහෙයුම් වීමට සාධාරණ ලාබයක් ඉන් ලැබෙන බව සඳහන් කිරීම වැදගත්. රජයේ මැදිහත් වීම හරහා වී ගොවින්ගේ අපේක්ෂා ඉටු වූ විට පහළ ආදායම් ලබන උදවිය අනෙක් අතට පීඩාවට පත් වෙනවා.
Q: සහල් මාෆියාවක් පවතින බවටත් මහා පරිමාණ සහල් මෝල්කරුවන් වෙෙළඳ පොළ පාලනය කරන බවටත් නිතරම කතා පැතිරෙනවා. මෙය සත්‍යයක් ද? ඊට රජය මැදිහත් විය යුතු ද? ඒ කෙසේ ද?
ඒ ගැන මා විශ්වාස කරන්නේ නෑ. වී ගබඩා කරගෙන සහල් වෙළෙඳපොළට නිදහස් කිරීම පාලනය කරන්නේ යයි කියන ප්‍රධාන මෝල්කරුවන් රජයේ නිලධාරීන් විසින් වැටලු අවස්ථා බොහෝ තිබෙනවා. සහල් මාෆියාකරුවන් ලෙස හැඳින් වූයේ එම මෝල් කරුවන් කෙසේ වුවද එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් වූයේ නැ. එයින් පෙනී යන්නේ සහල් හෝ වී එවැනි මහා පරිමාණ මෝල්කරුවන් විසින් ගොඩගසා ගැනීමක් සිදු නොවූ බවයි. කෙසේ වුවද නෙළු වී අස්වනු කොතැන ද යන්න ගැන රට දැනුවත් නෑ. සාමාන්‍යයෙන් ගොවින්ට ඔවුන්ගේ පරිභෝගිකයන් ඒ කාලය තුළ වෙෙළඳපොළට ඉදිරිපත් කර ජීවිකාව කර ගැනීමටත්, කොටසක් බිත්තර වී ලෙස අනාගතයේ දී භාවිත කිරීමටත් වී ගබඩා කර තබා ගන්නවා.
තවමත් විශාල වී තොග රැස්කරගෙන කාලයකට සැරයක් ඒවා වෙෙළඳපොළට මුදා හරිනව ධනවත් ගොවීන් වූ වී එකතු කරන්නන් සිටිනවා. විය හැකිය. එසේ වේ නම් ‘ගොවියා’ කියන ලේබලය වී තෝරා රැස්වීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න කිරීමට ලක් කිරීම වළක්වාලනවා. වී ගොවින් නොවන වී එකතු කරන්නන් වේ නම් පසු විපරම් යාන්ත්‍රණයක් ඔස්සේ ඔවුන් පිළිබඳ වාර්තා තබා ගැනීම උදෙසා ඔවුන්ගේ ලියාපදිංචි ලේඛන පවත්වා ගැනීමට රජය මැදිහත් විය යුතුය. ඒ අනුව ඔවුන්ගේ තොග පවත්වා ගැනීමට මැදිහත් විය හැකිය.
Q: වී වගාව සඳහා පොහොර සහනාධාරය අවශ්‍ය ද?
අප ගොවින් සහනාධාර මානසිකත්වයෙන් ඉවත් කළ යුතු බව නම් සහතිකයි. සහනාධාර දීම මැතිවරණ පොරොන්දුවක් බවට පත්වී තිබෙනවා. බොහෝ දේශපාලන පක්ෂ විසින් දුන් එවැනි පොරොන්දු නිසා ගොවි ප්‍රජාව නරක් වී තිබෙනවා. එසේ වුවද ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ පොහොර මිල බොහෝ ගොවීන්ට දරාගත නොහැකි තරම් අධික මට්ටමට ළංවුණා. එවැනි තත්වයක් තුළ ප්‍රධාන ආහාරය උදෙසා සහනාධාර දීමට මා සහය වෙන නමුත් එම සහනාධාර වඩාත් අවශ්‍ය ගොවින් බත පමණක් දිය යුතුයි. දැනට පවතින පිළිවෙළින් වෙනස්ව ගොස් රජයට එවැනි වැඩ පිළිවෙළක් දියත් කිරීමට උදෙසා නිවැරදි තොරතුරු සහිත දත්ත පදනම් ඇති වාර්තා නංවා ගත යුතු වෙනවා.
සහල් අර්බුදයට විසඳුමක්