(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදීසියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.
ඒ අනුව මෙම වසරේදී මෙහෙයුම් ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.13 දක්වා වැඩි වනු ඇතැයි හොන්ඩා මෝටර් රථ සමාගම අපේක්ෂා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හොන්ඩා වාහන අලෙවිය ඉහළ යනවිට චීනයේ වෙළඳපොළ ඉල්ලුම පහළ ගියත් හතරවෙනි කාර්තුවේදී අපේක්ෂා කළ ලාභය ඉක්මවා යාමට හැකියාව ලැබීම හේතුවෙන් හොන්ඩා මෝටර් රථ සමාගම මෙම පුරෝකථනය කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හතරවෙනි කාර්තුවේදී හොන්ඩා වාහන අලෙවිය සියයට 17 කින් ඉහළ ගොස් ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස ගත් විට මෝටර් රථ 378000 පමණ වන බවත් හොන්ඩා සමාගම ප්‍රකාශ කළේය.
එසේම චීනය තුළ සියයට 6 කින් හතරවෙනි කාර්තුවේදී හොන්ඩා වාහන අලෙවිය පහල ගොස් ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස වාහන 207000 ක් පමණ වන බවත් හොන්ඩා සමාගම පැවැසුවේය.
හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි