කොහු බුරුසු නිෂ්පාදනය කරන අයුරු
සේවිකාවන් පොල් කෙඳි පීරන අයුරු
පල්කළ ලෙලි භාවිතයට ගන්නා අයුරු
වයඹ හා දකුණු පළාත්වල පිහිටි කොහු ආශ්‍රීත කර්මාන්තයේ ඍජුව හා වක්‍රව රැකියාවල ලක්ෂ අටක පිරිසක්
කොහු කෙඳි ආශ්‍රිතව නිෂ්පාදනවලට ලොව විශාලතම අපනයනකරුවා වන්නේද ශ්‍රී ලංකාවයි
වයඹ පළාතේ පමණක් කර්මාන්ත ශාලා 600 ක් පමණ පිහිටා තිබුණත් දැනට ඉතිරිව ඇත්තේ සියයට 20 ක්
පොල් ලෙල්ලක මිල රුපියල් 18 ත් 20 දක්වා ඉහළ ගිහින්
පොල් ලෙලි හිඟය, ප්‍රාග්ධන හිඟය හා සේවක හිඟය නිසා කොහු කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක්
කොහු ආශ්‍රිත නිෂ්පාදන වර්ග 50 කට වැඩි ගණනක් මේ වන විට අපේ රටේ නිෂ්පාදනය කරනවා
සතියකට දින හයක් වැඩ කරපු සේවකයන්ට දැන් වැඩ තියෙන්නේ සතියකට දින 2 ක් හෝ 3 ක්
වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ
වසර සිය ගණනකට හිමිකම් කියන පාරම්පාරික කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට මේවන විට අත්වි ඇති ඉරණම හේතුවෙන් එය බිඳ වැටීමේ තත්වයට පත්වී ඇත.
කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය නැව් කඹ නිෂ්පාදනය දක්වා ඈත අතීතයට දිව යන්නකි. පොල් ගෙඩියෙන් ගන්නා කෙඳි ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදන ලෙස අතු ගෑමට ගන්නා කොසු, බුරුසු, ධීවර දැල්. පාපිසි, නුල්, අතුරු කඹ, ලණු, කොහු බත් ඇතුළු බොහෝමයකි. විසිතුරු කර්මාන්තයටද පොල් කෙඳි බහුලව යොදා ගනි.
දුඹුරු කොහු කෙඳි නිපදවීමෙන් සියයට 36 ක නිෂ්පාදනයක් කරන අතර කොහු කෙඳි ආශ්‍රිතව නිෂ්පාදනය සඳහා ලොව විශාලතම අපනයනකරුවා වන්නේද ශ්‍රී ලංකාවයි. ඒ තුළින් මෙරටට ඩොලර් ආදායම්ද උපයා ගන්නා ප්‍රධාන කර්මාන්තයකි.
පාරම්පරිකව පැවත එන කොහු ආශ්‍රිත කර්මාන්ත වයඹ හා දකුණු පළාත් මුල්කරමින් පිහිටා ඇත. වයඹ පළාතේ පමණක් කර්මාන්ත ශාලා 600 ක් පමණ පිහිටා තිබූ අතර ඉන් බොහොමයක් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව හා නාත්තණ්ඩිය යන ප්‍රදේශවල ක්‍රියාත්මක වුවත් දැනට ඉතිරිව ඇත්තේ සියයට 20 ක් පමණි.
පොල් ලෙලි කැබිලි කර අපනයනය සිදුකරන එක්තරා ව්‍යාපාරික ආයතන කිපයක් පොල් ලෙලි කැබිලි කිරිම වාසිදායක ආදායමක් බවට ගම්බද ජනතාව අතර ප්‍රචලිත කිරීම නිසා පොල් ලෙල්ලක මිල රුපියල් 18 ත් 20 දක්වා ඉහළ ගොස් ඇත.
පොල් ලෙලි හිඟය, ප්‍රාග්ධන හිඟය හා සේවක හිඟය නිසා ඉදිරියට කොහු කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් පවති. මෙම හේතු මත මේවන විට බොහෝ කොහු කර්මාන්ත ශාලා වැසි ගොස්ය. එහි රැකියාවල නිරතවී සිටි සේවකයෝ දැඩි දුෂ්කරතාවකට පත්වී සිටිති.
වයඹ හා දකුණු පළාත්වල පිහිටි කොහු ආශ්‍රිත කර්මාන්තයේ ඝෘජුව හා වක්‍රව රැකියාවල ලක්ෂ අටක පමණ පිරිසක් නිරත වී සිටිති. මේ අවදානම් තත්වය මත ඔවුන්ගේ රැකියාද අවිනිශ්චිත තත්වයට පත්වි ඇත.
බිඳ වැටී ඇති කොහු කර්මාන්තය නඟ සිටුවීමට කිසියම් සහනයක් ලබා දීමට රජය කටයුතු කළොත් වැසීයාමේ අවදානමක් ඇති මෙම කර්මාන්තය නැවත ගොඩ ගත හැකි බව කොහු කෙඳි පිරන්නන්ගේ සංගමයේ සභාපති රංග තෙවරප්පෙරුම මහතා පැවසීය.
කොහු කෙඳි කර්මාන්තයේ නියැළී සිටින ගයාන් ප්‍රසන්න මහතා මෙසේ පැවසීය.
කොහු ආශ්‍රිත නිෂ්පාදන වර්ග 50 කට වැඩි ගණනක් මේ වන විට අපේ රටේ නිෂ්පාදනය කරනවා. අද වන විට මෙම කර්මාන්තය සහමුලින්ම කඩා වැටිල. එයට ප්‍රධාන හේතු රාශියක් බලපා තියෙනවා. කොහු මෝල්වලට අවශ්‍ය පොල් ලෙලි හිඟවිම, පොල් පලදාව අඩුවීම, පොල් ලෙලි කැබිලි කිරීම පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදනයට ඉල්ලුම ඉහළ ගිය නිසා බොහෝ දෙනා පොල් ලෙලි වැඩි මිලටගෙන චිප්ස් කර්මාන්තයට පෙළඹිලා. ඒ තුළින් කොහු ආශ්‍රිත නිෂ්පාදන සහමුලින්ම අඩපණ වෙලා.
මෙම කර්මාන්තය සමතුලිත කර ගැනීමට නම් සියලු පොල් ලෙලි වර්ග කොහු කර්මාන්තයට වගේම අනිකුත් කර්මාන්ත සඳහා ද සමානව බෙදියන ලෙස ක්‍රමයක් රජය මැදිහත් වී සකස් කරන්න අවශ්‍යයි. එහෙම වුණොත් බිඳ වැටීගෙන යන මෙම කර්මාන්තය රැක ගැනීමට පුළුවන් කමක් ඇති වෙයි.
කොහු කෙඳි පිරන්නන්ගේ සංගමයේ සභාපති රංග තෙවරප්පෙරුම මහතා.
කොහු කෙඳි කර්මාන්තය අපි පරම්පාරිකව ඉතා ආශාවෙන් සිදුකරන ව්‍යාපාරයක්. එදා කෙඳි ලබා ගන්න ගැටලුවක් තිබුණේ නැහැ. අද වන විට පොල් කෙඳි හිඟය නිසා අපි ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපේ කර්මාන්තය තුළ ඇතුළත හා පිටත රැකියා කරන 200 ක් විතර ඉන්නවා. දැන් කර්මාන්තය හොඳටම අමාරුවෙන් තමයි කරගෙන යන්නෙ. සතියකට දින හයක් වැඩ කරපු සේවකයන්ට දැන් සතියකට දින 2 ක් හෝ 3 ක් විතරයි රැකියාව දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අපි වගේම සේවකයොත් ගැටලු ගණනාවකට පත් වෙලා.
අපි නිෂ්පාදනය කරන කොහු ලණු ලෝකයේ සියලුම රටවල් වලට අපනයනය කරනවා. මෙරටට විදේශිය විනිමය ඉපයෙන කර්මාන්තයක්. ඒ වුණත් මෙම කර්මාන්තය අදවන විට වැටි ඇති තත්වය ගැන සොයා බලන්න කවුරුවත් නැහැ. අපි මේ ගැන අදාළ බලධාරින් දැනුවත් කරලා තියෙනවා මේ දේශීය පරම්පාරික කර්මාන්ත රැක දෙන්න කියලා.
පොල් ලෙලි කැබිලි කිරිම සම්බන්ධයෙන් තමයි මේ ගැටලුවලට ප්‍රධාන හේතුව. එම කර්මාන්තයත් ආරක්ෂා කරගෙන සාධාරණ විදිහට බෙදි යන ක්‍රමයක් සකස් කිරීමට වහාම රජය මැදහත් වෙන්න අවශ්‍යයි. එහෙම නැතුව ගියොත් කොහු ආශ්‍රිත කර්මාන්තය අපේ රටෙන් නැත්තටම නැතිවී යන දවස ඈතක නොවේ.
පාරම්පරික පොල් කෙඳි නිෂ්පාදනකරුවකු වන සුජීව ප්‍රියන්ත මහතා
පාරම්පාරිකව පැවත එන කොහු කර්මාන්ත ශාලා බොහෝමයක් ඇත්තේ වයඹ පළාතේ පොල් ත්‍රිකෝණයේ. මම කාලයක සිට කෙඳී ආශ්‍රිත සුළු කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යනවා. අද වන විට කෙඳි ලබා ගැනිමට නොමැති කම නිසා ඉදිරියට කර්මාන්තය කරගෙන යන්න බැරි තත්වයට පත් වෙලා. පොල් ලෙල්ලෙන් ලබා ගන්නා කෙඳි ආශ්‍රිතව විශාල රැකියා ගාණක් උත්පාදනය කර තිබෙනවා. අපේ රටට අතිතයේ සිට විදේශීය විනිමය ගෙන එන ප්‍රධාන කර්මාන්තයක්. අද වන විට කාගෙවත් හව්හරණක් නැතිවී හේතුවෙන් කොහු කර්මාන්ත ශාලා විශාල ප්‍රමණයක් වැසි ගිහින්. කොහු කර්මාන්තය සමහර විට අවසාන අදියර වෙන්නත් පුළුවන්.
පොල් ලෙලි කැබිලි කර අපනයන කරන ආයතන ගණනක් රට තුළ ක්‍රියාක්මක වෙනවා. එය කොහු මෝල්වලට තදින්ම බලපෑම් එල්ල වෙලා. ලක්ෂ අටක් මේ කාර්මාන්තයේ රැකියාවල නිරිත වී සිටිනවා. ඔවුන්ගේ රැකියා ද අනතුරේ තියෙන්නෙ.
අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ පොල් ලෙලි විනාශ කිරිම අවම කර විදේශීය විනිමයක් උපයන මෙම කර්මාන්තය රැක ගැනීමට කටයුතු කර දෙන ලෙසයි.
හවුහරණක් නැති කොහු කර්මාන්තය