IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


අඳුරු කුටිය තුළ

ගීවිනිස 108

 

 

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ   ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ 'ගීතාංජලි' නමැති මහ කාව්‍යයේ අනුවර්තිත වදන්වැළකි. මෙි වූකලී දශක ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික රසික හද මනෝරංජනය කළ යළියළිත් ඇසීමට ලොබලිය වඩන ගීතයකි.මෙකල ගීත නමින් ලියැවෙන,ගැයෙන බොහෝ ගද්‍යරූපී නීරස පබැඳුම් හා විසසඳන විට මෙය කෙතරම් නම්  සුගායනීය,රමණීය ගීමිණක් ද?කේමදාසයන්ගේ මනමෝහනීය සත්සර මුසුව  අනභිභවනීය නො වෙි ද? ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයා් ගේයපද රචකයෙක් නොවෙති. ඔහු රචනා කළ වෙනත් කිසිදු ගීතයක් ද මා මීටපෙර අසා නැත.එහෙත් මෙි ගීතයෙන් ඔවුහු මටසිලිටි, සරල සුගම,බසවහරක් භාවිත කරමින් ඨාකුරයන්ගේ මුල් වදන්වැළ⁣ට සාධාරණය ඉෂ්ට කරති.

මොහාන්ධකාරයේ ගිලෙන්නෝ මිථ්‍යාදෘෂ්ටිකයෝය.ඔවුහු නිතර ආගමදහම පසුපස හඹා යමින් අඳමිටුවන් සේ වැඳුම් පිඳුම් කරමින් ජීවිතයේ පරම සතුට සොයති.විදු ලොව දෙස නොබලා බැදිවල යන අඳමිටුවෝ ලොව කොතෙක් වෙත් ද?මෙනයින් දේව භක්තිය නමැති ව්‍යාජ දෘෂ්ටිවාදය වැලඳ ගත්තෝ එම මිථ්‍යා විශ්වාස ඇදහිලිවල ම ගොදුරක් වී අවසානයේ විනාශයට පත්වෙති.දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මානව අයිතියකි.එහෙත් පීඩත පන්තියේ දුප්පත් අසරණ ජනතාව තමන් දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත්ත සොච්චම ද පන්සල් පල්ලි,කෝවිල්,දේවාල නඩත්තුවට පුදති.ආගම අබිං යැයි වරක් කාල් මාක්ස් කීය.මෙනයින් ආගමට ඇබ්බැහිවූවෝ අන්ධභක්තිකයෝ ය.ඔවුහු ජීවිතය තිබෙන තුරු ඊට දිවිහිමියෙන් ඇබ්බැහි වී කැපවී සිටිති.එහෙත් දෙවිවරු ⁣ලොව කොහි ඉසව්වක නම් සිටිත් ද? දේව භක්තිය ව්‍යජ දෘෂ්ටිවාදයකි. මිථ්‍යාදෘෂ්ටිකයන් සිටින තාක්කල් දේවාලවල වෙසෙන  කපුවෝ උදාර පෝෂණය කරගනිති.පරම්පරා හතකට මුදල් හම්බ කරති.මෙනයින් බලන කල මිනිස් අධ්‍යාත්මය වසා පැතිර ඇති මිථ්‍යාදෘෂ්ටිය සුනුවිසිනු කිරීමට මෙි ගීතයෙන් රචකයා යත්න දරයි.මෙහිදී තම දෑස් වසා සිටින වහන්තරාව හෙවත් කඩතුරාව හැර දමා මිථ්‍යාවෙන් නොව විද්‍යවෙන් ලෝකය දෙස බලන මෙන් රචකයා අඳමිටුවන්ට අායාචනා කරයි.

අඳුරු කුටිය තුළ,
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ

දේවාලයක අඳුරු මුල්ලක දොරගුළු වසාගෙන කිනම්  යාතිකාවක් කළ ද එය කිසිදු දෙවියකුට නෑසේ.සැබෑ දෙවියන් වැඩ සිටින්නේ ජීවන සටන වෙනුවෙන් වෙහෙසෙන පීඩත ජනයා අතර නො වෙි ද? මෙහිදී පොදු ජන අධ්‍යාත්මය හඳුනාගෙන ඨාකූර් කවියා ගොඩනගන කාව්‍ය චින්තය අතිශය ප්‍රබලය.දෙවොලේ දේව ප්‍රතිමා තිර රෙදිකඩකින් වසා ඇත.එහෙත් මහපොළොවෙන් විතැන්වී නොපෙනෙන දෙවියකු අබියස අන්ධභක්තියෙන් යදින යතිකා  නිෂ්ඵලය. එපමණක් නොව  දෙවොල තුළ දෙවිවරුන් වැඩ නොසිටන බවත් සැබෑ දෙවියන් වැඩ සිටින්නේ අව්වැසි නොබලා මහපාරේ කුලීවැඩ කරන කම්කරු ජනතාව සමීපයේ බවත්  කවියා  කියයි.තතු එසේ වූව ද තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආනුභාවය විශ්වයට ඇතැයි ඇතැමෙක් විශ්වාස කරති.ඒ හේතුවෙන් ඔවුහු දේවාලවලට ගොස් අඳුරු මුල්ලකට වී යාතිකා කරති.එහෙත් කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසිවකුට යථාර්ථය නොපෙනේ.බලන ක්‍රමය වෙනස් කළවිට කඩතුරාවට ඔබ්බෙන් කිසියම් යථාර්ථයක් ඔබට පෙනෙනු නොඅනුමානය.  

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලඳා
දෙවියන් රුව දක්නට හැක්කේ

දේව පතිමාවලට අන්දවා ඇත්තේ ඉස්තරම් ම රෙදිපිළිය.සුසිනිදු විල්ලුද පලස් මත ඇතැම් දේව පිළිම තබා ඇත.එහෙත් මෙකී සුඛෝපභෝගී රෙදිපිළි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දු කල දෙව් රුව සැබැවින් දැක ගැනීමට හැකි බව නොවෙිද මෙි කියන්නේ?සිනිදු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන විදිය වෙනස් කළ යුතුව ඇතැයි යන අදහස සුවිශද නො වෙි ද? එහෙත් අව්වැසි නොබලා වැඩකරන කම්කරුවන්ට නොදක්වන සංවෙිදීකම දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක නො වෙි ද අද අප ජීවත් වන්නේ?සහකම්පනය නැති විපරිත සමාජයක ⁣යාන්ත්‍රික ජීවිත ගතකරන රෝබෝවරුන් වැනි මිනිසුන් දෙවියන් අබියස මෙතරම් සංවෙිදී වන්නේ කෙසේ ද?තම දරුවන්ගේ කඩඉම් විභාග අනාගත දියුණුව වෙනුවෙන් නොමසුරුව මුදල් වියදම් කරමින් පුද පූජා පවත්වන ඇතැම් ධනවත් මවුපියන් එම දරුවන් පණමෙන් රැකබලා ගන්නා ගෙදර මෙහෙකාරියට සලකන්නේ බැළලියකුට මෙනි.ඇතැම් හාම්පුත්තු යටකී  මෙහෙකාරියන්ට නිසි වැටුපක් ද නොගෙවති.මෙහිදී ඨාකූර්  කවියා සමාජයේ අඳුරු ඇතුළාන්තයට එල්ලකරන ප්‍රඥා ලෝකය කෙතරම් ප්‍රබල ද? මෙි ගීතයෙන් දේව භක්තිය පිළිබඳ සමාජයේ තිබෙන අවිද්‍යාවට විද්‍යාව කැටුව එමින් ඨාකූර්  කවීහු අන්ධභක්තිකයන්ට කනේ පහරක් ද ගසති.

කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැගි දහදිය සුවඳින් සැරසී
දෙවියන් හා එක් විය හැක්කේ

මල් පහන් සුවඳ දුම් පූජා වැනි බාහිර අලංකරණයෙන් දෙවියන් සමඟ ගනුදෙනු කළ නොහැකි බවත් දෙවියන් හා එක්වීමට නම් වැඩ කරන ජනතාව සමඟ එකතු විය යුතු බවත් ගීතයේ අවසන් අන්තරා කොටසින් ගම්‍ය වෙි.මෙනයින් බලන කල චිරාත් කාලයක් තිස්සේ වැජඹෙන මෙි ගීමිණ සිඟිති මී විතක් සේ රසවත් නො වෙි ද?



අදහස් (1)

අඳුරු කුටිය තුළ

අපුරු විවරණයක්. අපි හිතන්න පොළඹවන අදහස්. Tuesday, 22 October 2024 02:40 PM

අපුරු විවරණයක්. අපි හිතන්න පොළඹවන අදහස්.

:       0       0

ඔබේ අදහස් එවන්න

ගී විනිස

අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 55 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1149 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


කරදිය ගැඹරේ
2024 ඔක්තෝබර් මස 08 1162 0

ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජි


තුන් හෙළේ කැලෑ තුළ
2024 ඔක්තෝබර් මස 01 1178 1

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකා


අපි කවුරු ද
2024 සැප්තැම්බර් මස 24 1224 1

මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ ⁣නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.


සඳ වික්කා ඊයේ රෑ
2024 සැප්තැම්බර් මස 17 1358 0

මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site