රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ප්‍රියා සූරියසේනයන්ගේ කාබනික සිරුර දැන් අප හැර ගොසිනි.ඔහුගේ භෞතික සිරුර තැන්පත් කර තිබූ චිතකය ද ඉකුත්දා දැවී ගියේය.එහෙත් ඔහු මෙරට සහෘද රසික හදවතෙහි ඉදි කළ ගී සෑය නම් කිසිදු දවසක දැවී හළු වී නොයනු ඇත.ප්‍රියා වනාහි ගායන ලොවෙි රසික හදවත් දිනු මහ තාරකාවකි.එබඳු තරු රසික සිත් අහසේ සදා බැබළෙති.කිසිදා නොමියෙති.ප්‍රියා ගැයූ ගීත සියල්ලම එකිනෙක පරයන සොඳුරු පදවැල් ය.සෑම ගීතයක් ම අතිශය ජනප්‍රිය ය.මෙවර ගීවිනිස සැරසෙන්නේ ප්‍රියා මුලින්ම පටිගත කළ අඳුර අඳුර මගේ නමැති සුපතළ ගීතයෙනි.
මෙි ගීතයේ කථකයා දුර්ලභ සුඛාස්වාදය ලබන පෙම්වතෙකි.හුදෙකලා අඳුරට පෙම් බඳින ඔහු මුළුමහත් ජීවිතය ම ඊට කැප කරයි.සමාජය සතු සියලු සම්පතින් වියෝ කොට සිටින නැත්තන්ගේ ජීවිතවල සැටි එසේ ය.ඔවුහු සියල්ල අහිමි වූ පසු හුදෙකලාවට,තනිකමට,අඳුරට පෙම් බඳිති.කල්පනා යානයේ නැගී සිහින ලෝකයේ සැරිසරති.ප්‍රේමයෙන් පැරදුණු ආදරවන්තයෝ මතක පටු වත දිගේ අතීතයට ගොස් උනුන් එකිනෙකා ගතකළ අතීත ජීවිතයේ රසමුසු තැන් විප්‍රලම්භ ශෘංගාරරසයෙන් මෙනෙහි කරති.එහෙත් නැත්තන්ට වුව ඉඳහිට ඉතා කලාතුරකින් පූර්ණ නො වූවත් සුඛප්‍රහර්ෂ උපදී.මෙි වූ කලි එබදු අවස්ථාවක් නො වෙි ද?
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
මෙි ගීතයේ කථකයා ප්‍රේමයෙන් බැටකෑ පරාජිත ප්‍රේමවන්තයෙකි.එබැවින් ඔහු අඳුරට පෙම් බඳියි.අන්ධකාරය කථකයාගේ එකම පෙම්වතිය යි.ඔහු ආයාචනා කරන්නේ තමා ආලෝකයට මුදා නොහරින ලෙස නො වෙි ද? රාත්‍රියේ අන්ධකාරය තීව්‍ර වත් ම,තනි තරුවක වුව ප්‍රදීප්තිය අතිශය ප්‍රභාස්වර ය.උජ්වලතා පූර්ණය.එහෙත් මෙි කථකයා යටකී පුංචි ආලෝක වස්තුවකට පවා අකමැතිය.ඔහු අඳුරට ම පෙම්බඳින හුදෙකලා පෙම්වතෙකි.
ගන රෑ කළුවර - තනියම කුටියේ
ගතකළ දිවියේ - රස තැන් සිහිවේ
කුටියේ කෙළවර - එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ -දිවියට ළංවේ
ප්‍රේමය බිඳී ගිය පසු ලොව කොතෙක් කළ ද ඔසු එයින් කිසිදු පලක් නැත.බිඳුණු සිතක් යළි සුවපත් කළ නොහැකිය.ප්‍රේමයේ හැටි එසේ ය.ගන අන්ධකාරයේ පාළුවෙන්,කාන්සියෙන් තනියම ජීවත් වූව ද මෙි කථකයා එයින් සුඛාස්වාදයක් වින්ද බව කියැවෙි.එසේනම් ඔහු බිඳුණු ප්‍රේමය වෙනුවෙන් හඬා වැලපී නැත.මෙි ගීතයේ නිරූපිත වන්නේ එවැනි දුර්ලභ වෙයිදිතයක්,සුඛාස්වාදයක් නො වෙි ද?මෙහිදි ඔහු වෙසෙන කාමරයේ කෙළවරින් එකවර ම සියුම් ආලෝකයක් මතු වෙයි.එකී එළිය ඔහුගේ ජීවිතයට සමීප වන්නේ සොඳුරියක ලෙසින් දැයි ඔහු තුළ කිසියම් විචිකිච්ඡාවක් මතුවෙයි.
පෙම් එළි විහිදා - නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා - දනිමී පෙරදා
සදාකාලිකය - අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට - නොදේවී මගෙ හිත
මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන අවසන් අන්තරා කොටස නො වෙි ද? මෙයින් ගම්‍ය වන්නේ කථකයා අතීතයේ ප්‍රේමයෙන් පැරදුණු ආදරවන්තයකු බවයි.ඔහු සදාකාලිකව අඳුරට පෙම් බැඳීමට හේතුව ඔහු සතු වියෝගී හදවතයි.එබැවින් ඔහු නැවත ආදර අන්දරයක පැටලීමට මැලිකමක් දක්වයි.අවසානයේ අන්ධකාරය රැජනක් ලෙස දකින ඔහු ඊට සදාකාලිකව ම පෙම් බැඳීමට තීරණය කරයි.වත්මන් සමාජයේ මානවබන්ධුත්වය ගිලිහී පුද්ගලයා හුදෙකලා වන ආකාරය මෙි ගීතයෙන් මොනවට පැහැදිලි වෙයි.අද්‍යතන සමාජය පුද්ගල අනුවලට සිඳි ගොසිනි.මෙි මගේ නෑයා ය.මෙි මගේ සහෝදරයා ය, කියා කියන්නට කෙනෙක් නැත.සියලුදෙනා හුදෙකලාවේ ජීවත් වෙති.මෙනයින් බලන කල පුද්ගලයා යනු තනි තිතකි.මේ අතින් ඔහු දුබලය.එවිට ඔහුගේ හදවතේ පාළුව,තනිකම,කාන්සිය රජයයි.එහෙයින් ඇතමෙක් සමාජයෙන් වියෝ වී අඳුරට පෙම් බඳිමින් හුදෙකලා ජීවිත ගත කරති.මෙහිදි සහචරණය හෙවත් සහචරලාභය නැත්තෝ අවසනාවන්තයෝ ය.ඔවුහු පාළුවෙන් වෙළී කල් ගෙවති.එහෙත් යටකී ප්‍රේමවන්තයෝ අඳුරට පෙම් බඳිමින් හුදෙකලා දිවිපෙවතක් ගත කිරීමට ලොබ ලිය වඩති.මෙි ගීතයේ ගැබ් වන්නේ එකී රමණිය අත්දැකීම නො වෙි ද?
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අඳුර අඳුර මගේ