මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.මෙි වූකලී මිනිසාගේ පුද්ගල අනන්‍යතාව ප්‍රශ්න කරන සුදුර්ලභ ගීමිණකි.සේනක බටගොඩයෝ මෙරට සිටි සුදුර්ලභ වාග්ගේයකරුවෙක් වූහ.මෙනයින් ඔවුහු කණ්ඩායම් සංගීතයේ නව නැම්මක් ඇති කරමින් ජනප්‍රිය ගීත ගණනාවක් ම නිර්මාණය කළහ.සිහින දකින්නැති අහස උසට,අපි සැනසිල්ලේ, රස්තා,රෑ අහසේ තරු තිබුණට වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් බටගොඩයෝ ගායනා කළෝය.ඒ අතරින් වඩාත් ජනප්‍රිය වූයේ අපි කවුරුද නමැති ගීතය බව අපි කවුරුත් දනිමුු.එහෙත් සේනක බටගොඩයන්ගේ නිර්මාණ තුළ මතුපිටින් පෙනෙන සැහැල්ලුව,සරල සුගම බවට ඔබ්බෙන් කිසියම් ජීවන යථාර්ථයක් සැඟවී තිබිණි.
ජීවිතයේ පැවැත්ම සහ ශූන්‍යතාව ඔවුහු නිරතුරු විමැසුමට ලක් කළහ.මෙනයින් බලන කල බටගොඩයෝ සාංදෘෂ්ටිකවාදියෙක් ද වෙති.සාංදෘෂ්ටිකවාදය යනු කිම? බටහිර චින්තනය ගොඩනැගීමෙි දී සාංදෘෂ්ටිකවාදය ( Existentialism) යන වචනය මුලින්ම ඇසෙන්නේ දෙවැනි ලෝක යුද්ධයට පසුවය.මිනිසාගේ පැවැත්ම හා සාරය පිළිබඳ මෙයින් විග්රහ කෙරේ.
සාංදෘෂ්ටිකවාදීන්ගේ චින්තනයට අනුව මිහිමත අනෙක් සියලු පැවැත්මෙන් මිනිසා වෙනස් වන්නේ ඔහුට හෝ ඇයට තමන් කැමති දෙයක් කිරිමට ඇති නිදහස අනුවය. අපට කිරීමට නිදහසක් නැති එකම දෙය නම් නිදහස් නොවී සිටමට තීරණය කිරීමය. කන්දකට, කුඩා පිහියකට හෝ කුරුමිණියෙකුට සොබාදහමින් ඒවාට උරුම වුණු ස්වභාවයක් ඇත. නමුත් මිනිසා කවුරුන්දැයි යන්නට නියමිත ආකෘතියක් නැත. මා නමැති පුද්ගලයා මත ජීව විද්‍යාත්මක, සංස්කෘතික වටාපිටාව තුළින් බලපෑම් එල්ල විය හැකි නමුත් මා කවුරුන්ද යන්න තීරණය වන්නේ මම කරන්නේ කුමක්ද යන්න ගැන මා කරන තෝරාගැනීම් මත නො වෙි ද?ප්‍රංශයේ ජීවත් වූ විශිෂ්ට සාහිත්‍යධරයකු සහ සාංදෘෂ්ටිකවාදී විචාරකයකු වන ෂොන් පෝල් සාත්‍රෙ කියන ආකාරයට මිනිසා වහල්භාවයට ඇද දමන කිසිදු පෙර ඇදී මාවතක් නැත.ඔහුගේ මාවත නිරතුරවම සොයා ගන්නේ ඔහුම විසිනි. එය සොයා යාමට නම් ඔහු නිදහස්, වගකීම් සහිත නිදහසට කාරණා ඉදිරිපත් නොකරන්නෙකු විය යුතුය. එවිට ඔහුගේ සියලු අපේක්ෂාවන් ඔහු අණසක යටතට පත්වෙයි. සාත්‍රෙගේ යටකී ප්‍රකාශය නිවැරැදිය.මිනිසා කවුරුන් දැයි තහවුරු වන්නේ ඔහු කරන කියන දේවල් අනුවය.
සේනක බටගොඩයන්ගේ ගීතවල නිතර නින්නාද දෙන්නේ මෙකී යථාර්ථය නො වෙි ද? තතු කෙසේ වූව ද අපි කවුරුද ගීතයෙන් සේනක බටගොඩයෝ මෙරට ළමා තරුණ මහලු කා අතරත් ජනප්‍රිය වූහ.මෙනයින් සේනක බටගොඩ යනු ජන නියමු රොක් කලාකරුවෙකි( Folk rock artist ) යැයි කීමද අතිශයෝක්තියක් නොවෙි.තතු එසේ හෙයින් "අපි කවුරුද "මෙරට තරුණ තරුණියන්ගේ පුරවැසි හැඳුනුම්පත සෙවීමෙි ගීතය බවට පත්වී තිබෙි.එහෙත් ඔවුහු පොප් රජු ක්ලැරන්ස් විජේවර්ධන හෝ රූකාන්ත ගුණතිලක තරම් ජනප්‍රිය නොවූහ.ක්ලැරන්ස් සහ රූකාන්ත ලියූ - ගැයු - වැයූ ගීත හුඟකි. සේනක බටගොඩයන් ලියූ - ගැයූ - වැයූ ගීත සුඟකි. ඔවුහු තිදෙනාම වාග්ගේයකරුවෝය.ගායකයකුට ජනප්‍රිය වීමට ගීත දහසක් ඇවැසි නැත.ඒ සඳහා එක ගීතයක් වූව ද සෑහේ."අපි කවුරුද?" ගීතයෙන් සේනක එය ඔප්පු කර ඇත.
සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුළේ නළියන පෙණ කැටි වාගේ
නැතිවෑ
හුදෙකලාවෙ තනි වී සිටියම
සිහින ආකරේක වැටුණා වාගේ
නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී
සුළඟ සේ
ගායනය: සේනක බටගොඩ
ගේයපද : සේනක බටගොඩ
සංගීතය: සේනක බටගොඩ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපි කවුරු ද
tissa Wednesday, 25 September 2024 06:53 PM
මම හිතන හැටියට මේ ගීතයේ පද රචනය සහ අයිතිය තියෙන්නේ වෙන කෙනෙකුට... මෑතකදී අධිකරණ මේ පිළිබඳව තීරණයක්ද දුන්නා.
Priyath LiyanageWednesday, 30 October 2024 10:01 AM
තවමත් උසාවියේ නඩුවක් යනවා.