සුකීර්තිමත් ගේය පද රචක කේ.ඩී.කේ ධර්මවර්ධයන්ගේ සුගේය පද සුරචනයෙන් ද නැසීගිය ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්නයන්ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් ද මොහොමඩ් සාලි නම් මියැසි අදියුරුවන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්‍රලම්බ ශෘංගාරරස දනවයි.
මෙරට ජනප්‍රිය සංස්කෘතියේ හිණිපෙත්තට ම ගිය ගායකයන්ගේ රැස් වළල්ලට පිලිස්සී හළුවී ගිය සුවිශිෂ්ට ගායකයෝ කිහිපදෙනෙක් ම සිටිති.මෑතකදී නැසීගිය ඩබ්ලිව්.ප්‍රේමරත්නයෝ ද එබඳු අවාසනාවන්ත ගායකයෙක් වූහ.ඔවුහු චිත්‍රපට ගීත ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ම ගැයූහ.එහෙත් වික්ටර් රත්නායක,එච්.ආර් ජෝතිපාල.මිල්ටන් මල්ලවාරච්චි,මිල්ටන් පෙරේරා වැනි ගලිවරයන් හමුවෙි ප්‍රේමරත්නයෝ ලිලිපුට්ටකු මෙන් සැඟවී සිටියහ.යටකී ගායකයන්ගේ හඬ පෞරුෂය හෝ ජනප්‍රියත්වය පිළිබඳ විවාදයක් නැත.ඔවුහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම විශිෂ්ට ගායකයෝය.එහෙත් මෙරට රසික ප්‍රජාව ඩබ්ලිව්.ප්‍රේමරත්න වැනි තවත් විශිෂ්ටයකු මගහැරීම කනගාටුදායක නොවෙිද? චිත්‍රපට 12 කට පමණ පසුබිම් ගීත ගැයූ ප්‍රේමරත්නයෝ මිහිලියගේ තුනු සපුව පුරා,අමකර කුරවි සරින් වැනි අතිශය ජනප්‍රිය ගීත කිහිපයක් ම ගායනා කළෝය.ඔහු පිළිබඳ හඬක් නැගීමට මෙි ගීතද්වය පමණක් ප්‍රමාණවත් නොවෙිද?
මෙරට සංගීත කේෂ්ත්‍රයේ බොහෝ ගායකයෝ ආවා ගියෝය.එහෙත් ඩබ්ලිව්.ප්‍රේමරත්නලා වැනි සුදුර්ලභ හඬ පෞරුෂයක් ඇති ගායකයන් බිහිවන්නේ කලාතුරකිනි.ඩබ්ලිව් ප්‍රේමරත්න ජනප්‍රිය ගායකයකු නොවූව ද ඔහු ගැයූ ඇතැම් ගීත ජනප්‍රිය සංස්කෘතිය සංස්පර්ශ කළේය.ලෝකයේ ජනප්‍රිය හැමදේම විශිෂ්ට,උත්කෘෂ්ට,ප්‍රශස්ත,පරමාදර්ශ කලාකෘති නොවේ.ජනප්‍රියත්වය වනාහි කැරිස්මාවකි.උමතුවකි.ජනමෝහිනීය ප්‍රපංචයකි.කාලීනත්වය මත ගොඩනැගුණු සමාජය හදවතින් ම ආකර්ෂණය කර ගන්නා ප්‍රවාහයකි.ජනප්‍රිය සංස්කෘතියට ලොබලිය වඩන්නා් සංවෙිදී සහෘද රසිකයෝය.මෙරට ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ම ගිය ගායක ගායිකාවෝ විශාල ප්‍රමාණයක් සිටිති.එහෙත් ඔවුන් ගැයූ හැම ගීතයක් ම ජනප්‍රිය හෝ විශිෂ්ට ඒවා නොවෙි.එකල මෙකල මෙන් උඩුබුරමින් මරළතෝනි දෙන ගායකයෝ නොසිටියහ.ඔවුහු ශ්‍රැතියට අනුව සංයමයකින් යුතුව හරවත් පද රචනා තෝරාගෙන ගීත ගැයූහ.ඩබ්ලිව්.ප්‍රේමරත්නයෝ විශිෂ්ට ගේය පද රචනා පමණක් තෝරා බෙිරාගෙන ගැයූ ගායකයෙක් ද වූහ.කේ.ඩී.කේ ධර්මවර්ධන,කරුණාරත්න අබේසේකර වැනි විශිෂ්ට සුකීර්තිමත් ගේය පද රචකයෝ ප්‍රේමරත්නයන්ට චිරන්තන සාහිත්‍ය ඇසුරින් අපූරු ගීත ලියා දුන්හ.
අමකර කුරවි සරින් යනු සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරින් ලියන ලද එබඳු විශිෂ්ට,සංක්ෂිප්ත ගීතයකි.මෙි ගීතයේ රචක කේ .ඩී.කේ ධර්මවර්ධනයන්ගේ සාහිත්‍ය ආභාසය පිළිබඳ මම මීට පෙරද සවිස්තරාත්මක විවරණයක් කළ බැවින් මෙි විනිස ගීතයට පමණක් ලඝු කරමි.
අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා
විප්‍රලම්බ ශෘංගාරය දනවන මෙි ගීතයෙන් කියැවෙන්නේ පෙමවතකු තුළ තම පෙම්වතිය කෙරෙහි ඇතිවූ අනුරාගික බැඳීම ගැනයි.තම සිත වසඟ කළ ඒ ලිය දැන් ඔහු අසල නැත.එහෙත් ඇගෙන් ලද ප්‍රේමාලිංගනය,සම්භෝග සුවය ඔහුට සිහිපත් වෙයි.අතීත මතකය කථකයාට පරමානන්දයකි.සුඛප්‍රහර්ශයකි.ඇගේ රූපසෞන්දර්යය පමණක් නොව හඬ මාධුර්ය පවා ඔහුට රස ගුලාවකි.ඇය ඇසුරින් ඔහු තුළ උපන් ජීවන ලාලසාව මෙයින් හැඟවෙි.
මෙි කථකයාට තම පෙම්වතියගේ තෙපුල් හඬ පවා අමොද බිඳු වෑහෙන මධුර ස්වරයකි.මෙහිදී අමකර යනු අමෘතය ( Water of Nectar ) යි.කුරවි සර යනු කෝකිල නාදයයි.මෙනයින් ඔහුට ඇගේ මධුර භාෂිත හඬ අමෘතරස මුසුවූ,ශෘංගාරය පිරුණු කෝකිල කූජනයක් බඳුය.හිමකර යනු සඳට කියන තවත් නමකි.සඳටත් හොරෙන් සඳෙහි සෞම්‍ය සිසිලස ඇය ඔහු වෙත කැටුව ආ බව නොවෙිද මෙි කියන්නේ?මෙි ගීතයේ උපමා රූපක ව්‍යංග්‍යාර්ථ සියල්ල යටකී පරිදි චිරන්තන සාහිත්‍ය ඇසුරින් ප්‍රතිනිර්මාණය කර ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ.ධර්මවර්ධනයන්ගේ චිත්තරූපික කාව්‍යාත්මත බස ඊට දෙස් දෙයි.
හස තුඩු ගැටුණු සැණින්
කැකුළ මත් වූවා
මතකයි නොහිමි සුවෙන්
දිනක් ගත වූවා
මෙි කථකයා තම පෙම්වතිය මත ගොඩනැගුණු මතක පටු මාවතේ තව දුරටත් සෙමෙන් පිය මං කරයි.එහිදී ඔහුට ඇය හා ගෙවූ සොඳුරු සුයාම සිහිවෙයි.නිති ඔහුගේ සිත අරක් ගෙන මතක මනෝමන්දිරයේ ඔබමොබ සරන්නේ ඒ සොඳුරු රූපකාය යි.ඒ හෙයින් ඔහු අතීත මතක සංස්පර්ශය සිත යට තෙරපාගෙන සුඛානන්දයෙන් යටගියාව ආස්වාදනය කරයි.හංසධෙිනුවකගේ තුඩ ගෑවුණු මල් කැකුළක් සුපුෂ්පිත වී විකසිත වන්නා සේ ඇයගේ පුන් පියයුරු සංස්පර්ශයෙන් ඔහු අමන්දානන්දයට පත්විය.ප්‍රේමයෙන්,රාගයෙන් මුසපත්වී සම්භෝග සම්පර්කයට එළැඹුණු එ් සොඳුරු සුයාමය නොනිමි සුවයෙන් දිනක් ගතකළ හැටි ඔහු කෙසේනම් අමතක කරන්නද?මෙහිදී රචකයා යොදාගෙන තිබෙන සම්භාව්‍ය සාහිත්‍ය යෙදුම් බස්වහර මධුර මනෝහර නොවෙිද?
මදරද නොමැත තෙතක්
විඳිමි සරාදරේ
ළඳ ඔබ ම වෙත යළිත්
කෙදින පැමිණේවිදෝ
මෙහිදී මදරද යනුවෙන් අමතන්නේ අනංගයාටය.ඇය ගැන සොඳුරු මතකයේදී ඔහුට අනාංගයාගෙන් ගැලවීමක් නැත.කිසිදු ළතෙත් බවක් තෙතමනයක් නැතිව අනංගයා ඔහු වෙත මල්හීසර එවයි.ඒ හීසරයෙන් ඇගේ සොඳුරු වත සංස්පර්ශ කිරීමෙි නොතිත් ආසාවක් නැවත ඔහුගේ හදවත උපදියි.එහෙත් ඒ සොඳුරු ආස්වාදය විඳීමට ඔහුගෙන් වියෝ වූ ඇය කවදා පැමිණේවිද? මෙි සමස්ත ගීමිණෙන් පුරුෂයකු තුළ ලියකගේ රූප ශෝභාව පමණක් නොව අනුරාගික බැඳීම අරබයා උපන් ලෝලයත් ආලයත් සුවිශද වෙයි.මෙි වූකලි ශෘංගාරරස ජනනය කරන තවත් අනගි ගීමිණිරුවනකි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමකර කුරවි සරින්