කුමාරදාස සපුතන්ත්‍රියන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ මානවබන්ධුත්වයත් සොබා සෞන්දර්යත් සංස්පර්ශ කරයි.
අද්‍යතන ළමා ලෝකය එදා තරම් සුන්දර නොවෙි.සොබා සෞන්දර්යයේ අසිරිය විඳිමින් ජීවිතය විඳින්නට වත්මන් දරු පරපුරට කාල අවකාශය නැත.තරගකාරී අධ්‍යාපනයට වැටුණු දරුවන්ට ළමා ලෝකයක් නැත.දරුවෝ රොබෝවරුන් මෙන් යාන්ත්‍රික ජීවිත ගත කරති.උදෑසන හැල්මේ අකුරට දුවන දරුවන් පාසල ඇරී ගෙදර එන්නේ ටියුෂන් මෙිනියාවෙනි.ටියුෂන් කඩකාරයෝ ද මකරකට ඇරගෙන සිසුන් ගිල ගන්න බලා සිටිති.අව් වැසි නොතකා සිසුහු උපකාරක පන්ති පස්සේ දුවති.පාසල් කාලයෙන් පසු දරුවන් හුඟදෙනකු සිටින්නේ ටියුෂන් පන්තිවලය.තරගකාරී අධ්‍යාපනය දරුවන්ගේ ලෝකය ආක්‍රමණය කර හමාරය.එක් දරුවකු පහේ ශිෂ්‍යත්වය වෙනුවෙන් ළමාවිය දිය කරද්දී තවත් දරුවෙක් සමාන්‍ය පෙළ,උසස් පෙළ ඉලක්කය හඹා දුවයි. වින්දනය නිර්වින්දනය කළ සමාජයක චින්තන වින්දන ශක්තිය මොටවීම අරුමයක් නොවෙි.සොබාදහමේ සොඳුරු අසිරිය නොදකින දරුවා අනාගතයේදී සහකම්පනයෙන් තොර වැඩිහිටියකු වීම වැළැක්විය නොහැකිය. මුල් ළමාවිය සංවර්ධනය නොවූ දරුවෝ ද වැඩිහිටි සමාජයේ අසරණයෝය.ඔවුහු තීරණ ගැනීමෙිදී පමණක් නොව හැසිරීමෙන් පවා නිවට නියාලු ලද බොළඳ ගති පෙන්වති.සමස්ත සමාජය ම උඩුයටිකුරු වී ඇත.සෞන්දර්යාත්මක ජීවිත ගත කරන මිනිසුන් වෙනුවට විපරිත චරිත බිහිවී ඇත.විපරිතයෝ නරුමයෝය.ඔවුහු සංවෙිදී පුද්ගලයෝ නොවෙති.
දරුවන්ගේ ලෝකය අතිශය සුන්දරය. එය නිතර සෞන්දර්යයෙන්,අහිංසකත්වයෙන්,අවංකත්වයෙන් පිරී පවතී.මෙනයින් සොබාදහමේ සෑම අංගයක් ම දරුවාට සුන්දරය.සුපිරිසුදුය.සුනිර්මලය.දරුවෝ මිනිසුන් සහ සතුන් අතර ද වෙනසක් නොදකිති.ඔවුහු යටකී දෙපිරිසට ම එකසේ ඇලුම් කරති,ආදරය දක්වති.ඊර්ෂ්‍යා,ක්‍රෝධ,මද,මාන මාත්සර්ය ආදී චෛතසික කිලිටු ද ළමා විජිතයේ නැත.ඔවුන්ගේ සිත්සතන් පිරී තිබෙන්නේ මුදුමොළොක් හැඟීම්වලිනි.පරමරමණීය ළමා ලෝකයේ අමරණීය මතකයේ ගිලෙමින් ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රියෝ මෙි මහඟු ගී මුක්තමාලාව එක හුයකට අමුණති.මිනිසා සෑම කල්හි පතන්නේ කාල්පනික ව ළමා ලෝකයට,තාරුණ්‍යයට පිවිසීමටය.එහෙත් අපට නැවතත් එබඳු සුන්දර ලෝකයකට පිවිසිය හැකිද? පියවි ලෝකයේ අත්පත් කරගැනීමට අසීරු එකී සුන්දර සමනල ජීවිතය කාල්පනික ලෝකයේ හෝ විඳින්නෝ සෞන්දර්යවාදියෝය.ඔවුහු සැබෑ කලාවල්ලභයෝය.මෙි ගීතයේ රචක කුමාරදාස සපුතන්ත්‍රියෝ දිනක් අපූරු දසුනක් දුටුවෝය. පාසල ඇරී කෙළිදෙලෙන් ගෙදර යන දරුකැලක් අතර හුදෙකාලවෙි හැසිරෙන කුඩා දරුවකු ඔහුගේ නෙත ගැටිණ.මෙහිදී ඔහු එම දරුවාගෙන් අනෙක් දරුවන්ට වඩා වෙසෙස් හැසිරීමක් දුටුවේය.එකෙණෙහි ම සොබා සොඳුරු අසිරිය විඳිමින් පරිසරයට ලොබලිය වඩන මෙි කොලුගැටයා කැටුව කල්පනා යානයට නැගි සපුතන්ත්‍රියෝ එකී දරුවා තුළින් තමාගෙම ප්‍රතිබිම්බය දැක ප්‍රහර්ෂයටත් අමන්දානන්දයටත් පත් වූහ. අවසානයේදී මෙි දරුවාට මුවාවී සිටින්නේ තමා ම නොවෙිදැයි ඔවුහු කල්පනා කළහ.මෙි වූකලි කෙතරම් මනරම් රමණීය ගී මීණක් ද? මධුර කල්පනාවක් ද?
ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටවු පෙරහරේ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
මෙි ගීතයේ කථකයා රචකයාමය.ළමයින් රොත්තක් පාසල ඇරී එක පොදියට එන අන්දම කථකයාගේ ඇසට කාන්දමක් වෙයි.ඔහු ඒ ඔස්සේ අතීත මතක පටු මාවතේ සෙමෙන් පිය මං කරයි.මෙි දරුවන් ඉගෙන ගන්නේ තමා උගත් පාසෙලෙන් ම නොවෙිදැයි ඔහුට සිහිවෙයි.රචකයා මෙහිදී කුඩා දරුවන් පාසල නිමවී ලන්ද දිගේ කෙළිදෙලෙන් දුවන අයුරු පෙන්වමින් අපූරු වාග් චිත්‍රයක් රසික මනසේ අඳියි.එහෙත් මෙි දරු දැරියන් අතරේ හුදෙකලාවෙි එන වෙසෙස් දරුවකු කථකයාගේ හිත පැහැර ගනියි.අවසානයේ ඔහු එකී දරුවා සමග අතීතකාමයට යයි.
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඬු මංකඩ තිත්ත පැටවු රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා ඒ ළඟ රැදුණා
පාරිසරයට පෙම් කරන මෙි පුංචි කොලුගැටයා දෙස සොබාදහමත් ප්‍රහර්ෂයෙන් බලන බව නොවෙිද මෙි කියන්නේ?ගහකොළට,සතාසිවුපාවුන්ට පෙම් බඳින මෙි පුංචි සෞන්දර්යවාදිී පරිසරකාමියා දැක ඒදඬු මංකඩේ පිනුම් ගසමින් සිටි තිත්ත පැටවු රංචුව පවා සුවඳට ඉව ඇල්ලුවෙිය.ගහකොළ,බිම්මල්,තිත්ත පැටවුන් වනාහි සොබාදහමේ සොඳුරු දායාද නොවෙිද?මෙිවා දකින්නෝ,සුරකින්නෝ,රස විඳින්නෝ සෞන්දර්යවාදියෝය.ඔවුහු සංවෙිදී හදවත් ඇත්තෝය.
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පරිසරයට ලොබලිය වඩන,පෙම් බඳින කිසිවකු එයින් විතැන් වීමට අකමැතිය.පරිසරය,ගහකොළ තමන්ට ජීවිතය දෙන ප්‍රාණවායුව බව ප්‍රඥාවන්තයෝ දනිති.එහෙත් අමනෝඥයෝ, කැලෑ පාළුවෝ නිතර පරිසරය, ගහකොළ,ඇළදොළ ගංගා වනසති.විචිත්‍ර පාරිසරික සිතුවමට වශීවී එහි අරුමපුදුම සුන්දරත්වය විඳින මෙි පුංචි සෞන්දර්යවාදිීයාට කුසගින්න පවා නොදැනේ.මෙි වූකලි සැබෑ ම සෞන්දර්යවාදිීයෙක් නොවෙිද?තණ ගොල්ල,මදටිය ගාල,නෙළුම් රටාව යන යෙදුම් අතිශය රමණීය කාව්‍යෝක්තිය.මෙහිදී රචකයා භාවිත කරන බස ද සුගීතවත්ය.එය රමණීය කවියක්මය.
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැඟුවා
ඔහුට මුවාවී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා
දරුවන්ගේ ලෝකය අසිරිමත්ය.අහිංසකය.සුනිමල්ය.නිකලෙස්ය.එහි ආගම් කුලමල ජාති වර්ගාදී භේද නැත.ලෝභ,ද්වෙිෂ මෝහාදී මජර ඇවැතුම් පැවැතුම් ද නැත. එහෙත් වැඩිහිටියෝ විවිධ බලපෑම් කරමින් ළමා මනස විකෘති කරති.ඇතැම් මවුපියෝ දරුවන්ට දොස්තරවරුන්,ඉංජිනේරුවන් වන්නට බල කරති.එහෙත් හැම දරුවකුට ම පොතපතේ දැනුම පිහිටන්නේ නැත.ලෝකය වෙනස් කළ හුඟක් පුද්ගලයන් විධිමත් අධ්‍යාපනයෙන් පිට පැන්න පිරිසක් වෙති.ඔවුහු ස්වයං අධ්‍යයනයෙන් බාහිර පතපොත කියවා උන්නතිකාමයෙන් ලොව දිනූ නිර්මාණකරුවෝය.ලෝකය ලස්සන කළ එබඳු කලාකරුවෝ සදාකාලික වීරයෝය.එහෙත් සිප්කිරි නොබී කැලේ පනින හැම දරුකුට ම ලෝකය වෙනස් කළ නොහැකිය.මෙි ගීතයේ එන පුංචි සෞන්දර්යවාදිීයා ද පොතපතේ නිතර ඇලී ගැලී සිටීමට අකමැති දරුවෙකි.ඔහු නිතර සෞන්දර්යාත්මක දසුන් සොයමින් වෙහෙසෙයි.පොත්පිටු අතරෙන් ඉගිල යන ඔහුගේ සිතුවිලි සියොතුන් වන වදුලේ අසිරිය සොයයි.ඔහුගේ සිතට ප්‍රහර්ෂය දැනෙන්නේ සොබා සොඳුරු අසිරිය විඳීමෙන් පමණි.මෙි වූකලි කුමාරදාස සපුතන්ත්‍රි කවියාගේ ආත්ම ප්‍රකාශනයකි.ඇතුළතින් බෙදුණු ජීවිත ගත කරන වැඩිහිටියන්ට තාවකාලික සැනසුම පිණිස කළ හැක්කේ ළමා චිත්තසන්තානය වෙත එබී බැලීමයි.බාලවියේ ගතකළ සෞන්දර්යාත්මක ජීවිතයට එබී බලමින් රචකයා කරන්නේ ද එම දරුවා තුළින් තමාගේ ප්‍රතිබිම්බය දැකීමට යත්න දැරීමයි.දරුවා දුටු මතින් ඔහුගේ ඇසට කඳුළක් උනන්නේ එබැවිනි.අතීතකාමය මිනිසාගේ ජීවන ලාලසාව තීව්‍ර කරයි.කෙතරම් මනරම් විචිත්‍ර විශිෂ්ට ගීමිණක් ද මෙි?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉස්සර මං ගිය පාසල ඇරිලා