ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාගය දනවයි.
මෙි ගීතයෙන් දෝංකාර නැංවෙන්නේ දේශානුරාගී,දේශප්‍රේමී හදවතක පහළ වූ දේශාභිමානී හැඟීම් ය.මෙහි ගැබ් වන දේශාභිමානී හැඟීම මුළුමහත් ලෝකය පුරා ම දක්නට ලැබෙන්නෙකි.රටක පුරවැසියෝ තම මවුබිම පිළබඳ අනවරතයෙන් ම උදාර, ගම්භීර,හැඟීම් සිතුවිලි දනවති.මෙි ගීතයේ මුල් අයිතිය ඉන්දියාව සතුය.
‘පුෂ්ප කි අභිලාෂා’ නම් වූ හින්දි පැදි පෙළෙන් මෙම ගීතයට ආභාසය ලැබී ඇත. මෙහි ගේයපද රචකයෝ පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීයෝ ය.ඔවුහු ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමීයෙක් ද වෙති.
පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීයෝ 1963 පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබූහ.තතු එසේ වූව ද සුකීර්තිමත් ගේයපද රචක ඩෝල්ටන් අල්විසුන් යටකී පදවැල අතිරමණීය ලෙස සිංහලට පරිවර්තනය කර ඇත.
'සසර වසනතුරු, නිවහල් සිතිවිලි සිතනා, වැනි විශිෂ්ට දේශාභිමානී ගීත ලියූ අල්විසුන් උඩඟු ලියන් ගීතයෙන් දේශාභිමානී ගීත ලිවීමෙහි තම ශක්‍යතාව මොනවට පැහැදිලි කළේය.එකල ප්‍රබල ජාතිකාභිමානයක් මුළුමහත් ඉන්දියාව වෙළාගති.එය ඇරඹුණේ ඉන්දීය නිදහස් සටනට සමගාමීව ය.නිදහසින් පසුව ද එය නො නැසී පැවතුණි.දැනුදු පවතී.ඉන්දියනුවෝ අදටත් තම රට,ජාතිය වෙනුවෙන් හඬ නගති.පෙරට එති.සටන් කරති.රොද බඳිති.මෙනයින් බලන කල යටකී ජාතිකාභිමාන,ජාත්‍යාලය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූයේ ඉන්දියාවෙන් යැයි කීම නිවැරදි ය.නිදහස පිළිබඳ ඇල්මැරුණු කෙඳිරියක් නඟන ලද කාලයේ එය මෙහි පැමිණියේ ය.
පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී විසින් විරචිත මුල් පැදිපෙළේ ඉංග්‍රීසි වදන්වැළ මෙසේය.
A FLOWER’S DESIRE
I do not wish to be a part of the ornaments of the daughter of Gods, I do not wish to lure sweet love being a part of lover’s garland for her I do not wish O God, to be offered on the dead-bodies of great kings I do not wish to adorn the foreheads of Gods and be proud of my luck O Gardener! Please pluck me and throw me on the street Where the brave men offering their head for the motherland tread!
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ
මල අජීවි වස්තුවකි.එහෙත් ඊට මෙි ගීතයෙන් සජීවි බවක් ආරෝපණය කර ඇත.කුසුම වනාහි වර්ණගන්ධ ගුණෝපේතව සුපුෂ්පිතව සුදිලෙන සොබාදමෙි මනස්කාන්ත දායාදයකි. සාහිත්‍යයේදී ලියන් මල්වලට සම කරයි.එහෙත් මෙි මල අතිශය සුදුර්ලභ පුෂ්පයකි.මෙි වූකලී උත්රීතර ආරම්මණයකින්, අභිලාෂයකින් සුපිපුණු අනෝතප්ත විල නෙළුම සදිසි පියුමකි.එහෙත් මෙමල කිසිදු බාල,බොළඳ ක්‍රියාවක් වෙනුවෙන් විකසිත නොවෙි.උඩඟු,උද්ධච්ඡ ලියන්ගේ දිගු වරලස සැරැසීම මෙමලේ අභිප්‍රාය ද නොවෙි.මෙමල ලොව පිපුණේ ම උත්රීතර අරමුණක් සාක්ෂාත් කරගැනීමෙි අභිලාෂයෙනි.
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පුරවන බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හමන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ
වර්ණවත් මල් පොකුරක් ඇස ගැටුණු විට බොහෝදෙනෙක් නිරායාසයෙන් ම එහි සෞන්දර්ය විඳීමට ප්‍රිය කරති.ඇතමෙක් කෑම මෙිසය පවා මල් බඳුනකින් අලංකාර කිරීමට වෙහෙසෙති.උත්සව අවස්ථාවලදී සමහරුන්ට මල් නැතිවම බැරිය.එහෙත් මොළේ නැති අමනෝඥ මිනිසුන් ආහාර ගනිමින් මුසා බස් දොඩන කෑම මෙිසයක සුවඳ හලමින් තවත් සරැසිල්ලක් වීමට ද මෙමල අකමැතිය.
රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැළී වෙළී සැනහී මියයන්නෙම්
මගේ පරම පැතුම එයයි
එමගට මා විසිකරන්න
විසූකදස්සන,ව්‍යාජ සාද හැඩ කරන මලක් නොවී උදාර පරමාර්ථයක් වෙනුවෙන් කැපවුණු මෙමලේ පරම පැතුම කිම?
රට වෙනුවෙන් තම අවසන් හුස්ම තෙක් සටන් කර මවුබිමට ණය ඉතිරි නොකර මියගිය රණවිරුවකුගේ අවසන් ගමනට සහභාගීවන සංවේදී දේශප්‍රේමී මහජනයාගේ පා රළු පොළොවේ ගැටෙන්නට නොදී පාවඩයක් ලෙස රැඳී සිට තැළී පෙළී පරවෙන්නට මෙි උත්රීතර මල සූදානම් බව නො වෙි ද මෙි කියන්නේ?එසේ මියයාම මලට සහනයක්. 'මලේ' පරම පැතුම එය නො වෙි ද?මෙනයින් බලන කල
දේශානුරාගී හැඟීම් දනවන මෙබඳු මල් තවතවත් ලොව සුපුෂ්පිත විය යුතු නො වෙි ද?
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහය
දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
උඩඟු ලියන්
Achini Wednesday, 12 March 2025 12:32 PM
ගීතයේ පද විදිහට තියන ඒවා රචනාවක් වගේ හැබැයි. සමහර ගීතවල අර්ථය වෙනස්. බණ්ඩාර මහත්තයාගේ ගීත විතරක් අහන්න කියලා මම මෙතුමාට යෝජනා කරනවා. ගීතවල පද පේලියම නෙවෙයි. සැඟවුණු අර්ථයක් තියෙන්න පුළුවන්...