IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


කරදිය ගැඹරේ

ගීවිනිස 106

 

 

ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ පියකුගේ  දාරක ප්‍රේමය ඔස්සේ විශ්වීය මිනිසකු ගොඩනැංවීමට යත්න දරයි.

 

රාහුලො ජාතො

"බුදු බව පැතුවෝ - දරු දුක නැද්දොා් 

මා නොසොයා පුත නිදියන් සියුමැලි 
සදා එළිය පිරි ලොවක් සදා දෙමි 

පුත නුඹ නිදිගත් කුටිය කැළුම් දෙයි
කුටියෙ දොරින් පිට​, ගනඳුර රජයයි 

නිදි ලොව සිටියද නුඹ මා කැඳවයි 
පිටත අඳුර පිරි බව නුඹ නො දනියි 

දිනෙක නඟා ඔබ සියුමැලි පා යුග​ 
අඳුරු ලොවක් වෙත මාමෙන් එනු ඇත

එදා ඔබෙ මඟ එළිය සදන්නට  
එළිය සොයා යමි පුත නුඹ නාඬන් 

මා නො සොයා පුත නිදියෙන් සියුමැලි 
සදා එළිය පිරි ලොවක් සාදා දෙමි 

(ආරියවංශ රණවීර -  "කවි කිහිපයක් " කාව්‍ය සංග්‍රහය )

ප්‍රවීණ කිවිවර ආරියවංශ රණවීරයන්ගේ යටකී කවියෙන් ගම්‍ය වන්නේ සිදුහත් කුමාරුන්ගේ අභිනිෂ්ක්‍රමණය යි.එදා සිදුහත් කුමාරු තම බිරිය යශෝධරා සහ පුතු රාහුලයන් රජ මැඳුරේ තනිකර ගිහිගෙය හැර ගියේ බුද්ධත්වයට පත්වීමෙි ඒකායන අාරම්මණයෙනි.එහෙත්  සිදුහත් පියකුගේ වගකීම අතැර එම දුෂ්කර ගමනට මුලපිරුවෙි තම පුතුගේ යහපත වෙනුවෙන් පමණක් නොව ⁣මුළු ලෝකයාගේ ම හිතසුව පිණිසය. රණවීර කවියා මෙි මාහැඟි ආරම්මණය කුඩා කවි පේළි කිහිපයකට හකුළා ගැඹුරු ජීවන යථාර්ථයයක් සුවිශද කරයි.සිදුහත් චරිතය ඇසුරින් කවියා ගොඩනගන ව්‍යංග්‍යාර්ථය ප්‍රබලය.

මෙහිදී කථකයා කියන්නේ කුමක්ද? විශ්වය නමැති ජුගුප්සිත නරාවළේ මොහාන්ධකාරයේ ගිලී සිටින පුතුට සදා එළිය පිරි ලොවක් සැදීමට තමා ගිහි ජීවිතයෙන් අභිනික්මන් වන බවය.උදාර පියකුගේ වගකීම මෙය නො වෙි ද? කවර පුරුෂයකු වුව උදාර පරමාර්ථයකට කැපවී ගැනෙද්දී ඔහුගේ කුටුම්බය වසා විහිදී යන ශෝකාන්ධකාරය මෙි කවියෙන් ද ප්‍රකාශිත වන්නේය.එහෙත් මෙහි දුක්ඛිත භාව ප්‍රකාශය වඩාත් තිව්‍ර ලෙස දැනෙන්නේ යසෝදරාවත ද ඊට සමාන කෘතියක් වන වෙස්සන්තර ජාතකය ද පරිශීලනය කර බැලීමේ දී ය.මෙනයින් බලන කල රණවීරයන්ගේ මෙි කවියෙන් සුවිශද වන්නේ  සිදුහත් කුමාරුන්ගේ සිතෙහි තම පුතු රාහුල පිළිබඳ  සැඟවුණු සංතාපය සහ සංවෙිදනාවය.මෙි කවියෙන් සියුම් කරුණරසයක් අප හද තුළ ජනිත කළ ද ශ්‍රේෂ්ඨ පියකුගේ උදාරත්වය එය පරයා නැගී සිටියි.එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "කරදිය ගැඹරේ " ගීතය ද යටකී කවියට සමපාත කළ හැකිය.මෙහි එන කථකයා ද තම පුතු වෙනුවෙන් උත්රීතර අරමුණක් සාක්ෂාත් කරගැනීමෙි අභිලාෂයෙන් පෙනී සිටින්නෙකි.ඔහුගේ ඒකනායක අරමුණ නව ලොවකට නව මිනිසකු තැනීමය.මෙි වූකලී කෙතරම් උත්කෘෂ්ට උදාර අභිප්‍රායක් ද? රමණීය හැඟීමක් ද?


කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ


අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තළලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ


දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ 

මෙි ගීතයේ කථකයා තම පුතුගේ හෙට දවස වෙනුවෙන් දිව රෑ නොබලා වෙහෙස මහන්සි වී ⁣වැඩ කරයි.ඔහු තම පුතාට කන්න බොන්න දී  උස් මහත් කොට පමණක් සෑහීමකට පත් නොවෙයි. කරදිය යනු මහ මුහුදයි.එහෙත් මෙහිදී රචකයා කතා කරන්නේ මුහුදේ ගැඹුර ගැන නොව ජීවිතය නමැති මහ සයුරේ ගැඹුර ගැනයි.මහ මුහුද යන රූපකය ජීවිතයට සමපාත කරමින් ඔහු අපූරු  කාව්‍යෝක්තියක් ගොඩනගයි.මෙහිදී මුහුද නමැති රූපකය භාවිත කරමින් ජීවිතයේ කටුකත්වය තම පුතුට ඒත්තු ගැන්වීමට කථකයා යත්න දරයි.සුහුඹුල් අත්පා යදඬු කිරීම ද    කදිම යෙදුමකි.කිරිකැටි දරුවකුගේ අතපය රෝස මල් පෙති මෙන් ළාමකය.මටසිලිටිය.එහෙත් එම අත්පා යකඩ මෙන් ශක්තිමත් කිරීමට කථකයා නිතර වෙහෙස මහන්සි වෙයි.තතු එසේ වූව ද ත මෙි පියා ධීවර රැකියාවක නිරතවන මාළුකාරයකු හෝ කම්හලක වැඩ කරන කම්කරුවකු නම් නොවෙි.ඔහු සමස්ත සමාජය නියෝජනය කරන උදාර පුරුෂයෙකි.එබඳු උදාර පුරුෂයෝ හැමවිටම අනාගත පරපුර වෙනුවෙන් සෙනෙහසින්,දයාවෙන් බලාපොරොත්තු දල්වති.මෙි කථකයාට  සිහිනයක් ඇත. නිවහල් ලොවකට නව මිනිසකු මෙන් තම පුතු පා තබනවා දැකීමට ඔහුට ඇවැසිය.එහෙත් සාම්ප්‍රදායික පුරවැසියකු ඔහු අපේක්ෂා නොකරයි.මෙනයින් බලන කල මෙි ගීතය ධ්වනියෙන් පරිපූර්ණ වූ රචනාවකි.මෙි වනාහි දිසි දෙය නොව අදිසි වූ වෙනත් දෙයක් හැඟී ගන්නා වූ රචනාවකි.මෙබඳු පියවරුන් සිටින දරුවෝ නිවුණේ නොවෙත් ද?



අදහස් (0)

කරදිය ගැඹරේ

ඔබේ අදහස් එවන්න

ගී විනිස

අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 55 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1149 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


කරදිය ගැඹරේ
2024 ඔක්තෝබර් මස 08 1162 0

ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජි


තුන් හෙළේ කැලෑ තුළ
2024 ඔක්තෝබර් මස 01 1178 1

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකා


අපි කවුරු ද
2024 සැප්තැම්බර් මස 24 1224 1

මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ ⁣නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.


සඳ වික්කා ඊයේ රෑ
2024 සැප්තැම්බර් මස 17 1358 0

මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site