ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ජීවිතය පිළිබඳ කරුණරසය මුසුවූ දාර්ශනික කවිතාවක් පළ කරයි.
සංසාරය වූ කලී ගිරිදුර්ග තැනිතලා මත ගෙවෙන නොනිමි යාත්‍රාවකි.මෙලොව ජීවත්වන සියල්ලන්ට සැප දුක සමබරව විඳීමට සිදුවෙයි.මානවසිංහයන් 1963 දී සිකුරු තරුව සිනමාපටයට ලියූ ඉරහඳ පායන ලෝකෙ සහ ගමන නොනිමෙයි ලෝකයේ නමැති ගීතද්වය කිසියම් සාම්‍යයක් දක්වයි.වදන්වැළ වෙනස් වූව ද යටකී ගීතද්වයේ ම ඇත්තේ එකම අරුතකි.දාර්ශනික කවිතාවකි.මෙනයින් විවිධ කාව්‍යෝක්ති,ව්‍යංග්‍යාර්ථ මවමින් මානවසිංහයෝ කුමක් කින්නෙහු ද?මෙහිදී ඔහු පවසන්නේ එකම කරුණකි.එනම් මෙි ලෝකය පවතිනතුරු මිනිසාට බෞද්ධ චින්තනයට අනුව ජීවත් වීමට සිදුවන බවය.බුදුන්වහන්සේ දෙසු අටලෝ දහම අනුගමය කිරීම ජීවත් වීමට පහසු මගක් බව මානවසිංහයෝ නොකියා කියති.මෙි ගීතයේ ව්‍යංග්‍යාර්ථය එය නො වෙි ද?
මෙි ජීවිතයට දුක පමණක් නොව සැප ද උරුමය.එහෙත් මෙි දුක සැප දෙක නිති පෙරළේ."ගැටෙන සැප - දුක මාරුවී යයි"යනුවෙන් කවියා පවසන්නේ යටකී යථාර්ථය යි.මෙහිදී කවියා ගොඩනගන දාර්ශනික චින්තාව අපූරු කවිතාවකි.එහි ගැඹුර අතිශය ප්‍රබලය.එයින් දැල්වෙන ප්‍රඥාලෝකය මොහාන්ධකාරයේ ගිලුණු සමාජයට ප්‍රභාෂ්වරයකි.ප්‍රහර්ෂයකි.පුහුදුන් මිනිසාගේ ආසාවෝ අසීමිතයෝ ය.එහෙත් සොබාදහම එකී සියලු ආසා සන්තර්පණය කරගැනීමට ඉඩ නොදෙයි.සොබාදහම අපගේ පාලකයා වෙමින් සමබරව සියල්ල නියාමනය කරයි.මැඬලයි.
මෙනයින් බලන කල අපගේ ජීවන මග කැලඹීම සිදුවන්නේ ද සොබාදහමේ නියමයට අනුව නො වෙි ද? ලොව බොහෝදෙනා තමන් නොලද සම්පත් ගැන සිහින මවති.එහෙත් සිහින බිඳි ගොස් ශෝකයෙන් කෙළවර වෙයි.ඇතැම් සිහින සපල වුව ද බොහෝ සිහින බොඳවෙයි.තතු එසේ වූව ද සැප - දුක එකසේ විඳ දරාගන්නෝ යෙහෙන් වැජඹෙති.ඔවුහු දිවිමග සරුකර ගනිති.මානවසිංහයෝ යටකී අත්දැකීම ප්‍රබල සංකල්පරූප පොකුරක් මඟින් නිරූපණය කරති.
ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ
වැටෙන මල් පෙති පාවුණාවේ
සුළං රැළි ඔහෙ යන අතේ
යළිත් ගහ කොළ පාළු නෑනේ
රිකිළි නංවා ලියැලැවේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ
මෙි වූ කලි ඉමක් කොනක් නිමක් නැති සංසාර ගමනකි.එහෙත් මෙි ජීවිතය මිනිසාට හොඳට හුරුපුරුදුය.සැප - දුක යන අටලෝ දහම මත සියල්ල සමබරව පාලනය වෙයි.එබැවින් මෙි කෙටි ජීවිතයට හිමි සියලු දුක් ගැහැට, සතුට, සැනසුම,කඳුළ, සිනහව විඳිමින් අකම්පිතව දිවි ගෙවිය යුතුය.ඔබ අප කාටත් හුරුපුරුදු ජීවිත මාවත මෙය යි.ගහකොළ මල් පෙති වැටී සුළඟේ පාවී ගිය ද නැවත එම ගස් පෙරටත් වඩා සුන්දරත්වයෙන් අතුරිකිළි නංවමින් සවිමත්ව පල දරයි.මෙි නම් වරෙක තිත්ත තවත් වරෙක අමොද බිඳු වෑහෙන රසාලිප්ත ඇත්ත ජීවිතය නො වෙි ද?
කොහේද සීතල ජලාශයක රැළි
ගැටී ගැටී එයි සුළං වැදී
අපේම සිරුරේ අපේම දහදිය
නිවී නිවී යයි සුළං වැදී
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ
ගලා බසී දිය පහර සෙමින්
වැලි තලා සදා සමතලා බිමේ
හැපී ගලක යළි සලා වැටුම් දී
නගා නගා හඬ දිවේ දිවේ
ගැටෙන සැප දුක මාරු වී
යයි පුරුදු ජීවන මං තලේ
ගේයපද සංකලනය ද තනු සංරචනය ද එකසේ රමණීය වූ කලි රසනිෂ්පතිය අතිශය මධුර මනෝහර වෙි.එපමණක් නොව ගායනයේ නාදසංරචනය ඊට දෙවැනි නො වෙි.මෙි ගීතයේ යටකී ත්‍රිලක්ෂණය මොනවට පැහැදිලි වෙයි.ජීවිතේ නා නා පරාජයන්ගෙන් උපන් ශෝකය මෙන්ම නා නා ජයග්‍රහණයන්ගෙන් ජනිත වූ ප්‍රහර්ෂය අපි අත්විඳින්නෙමු.මෙනයින් ජීවන කුසුම සුපුෂ්පිත කිරීමට ප්‍රාණය ගෙන දෙන්නේ ජීවනානුභූතින්ම ය.
ඈත කොහේ සිට හෝ එන සීතල ජලාශයක සිහිල් මඳනල අපගේ සිරුරේ දාහය නිවා දමයි.එපමණක් නොව වැලි තලා සැදුණු සමතලා බිමෙි ගලක හැපී සලා වැටුම් ද හට ගනී? මෙහිදී සලා වැටුම් යනු කිම? සලාව නම් දිය සුළිය යි.ජල පහරක් උස් ස්ථානයක සිට වෙිගයෙන් පහළට වැටීමෙිදී ඇති වන සැඩරළ සහිත සුළියකට 'සලා වැටුම' යයි කියති.ජීවිතය ද එබඳු දිය සුළිවලට නිතර හසුවෙයි.නිසලව ගලන ගඟකට වූව ද හමුවන බාධක අපමණ නො වෙි ද? ජීවිතය ද එසේය.විවිධ බාධක කම්කටොලු මැද ජීවිතය ගලා යයි.එහිදී අපට යටකී අන්තරයකාරී,වෙිදනාකාරී,බිහිසුණු සලා වැටුම් හමුවෙයි.අද කාලයේ ඇසෙන අපභ්‍රංශ ගීපදවලට වඩා මෙි ගේයපද කෙතරම් රමණීය ද? සක්ක පද අමුණන යටකී කුකවි පද රචකයන්ගේ ගීත සියයක් ගත්ත ද මානවසිංහ,මහගම සේකර වැන්නන්ගේ එක ගීතයකට අලගු තැබීමටවත් හැකිද?
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ගමන නොනිමෙයි ලෝකයේ