උබේනන්ද දිසානායකයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ගනේයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුසැදි මෙිගීමිණ ශ්‍රාවක සන්තානය තුළ කරුණ රසය ජනිත කරයි.
මෙි ගීතය අසන කල්හි එකවර අප මතකයට නැගෙන්නේ සඳ කිඳුරු ජාතකය යි. එහෙත් චන්දකින්නර ජාතකයේ කතා පුවත තත්වාකරයෙන් ම ගීතයට නැඟූ අනගි නිමැවුමක් මගේ මතකයට නැගෙයි.මෙි වූකලි එස්. කැකුළාවලයන් රචනා කළ ආර්.චන්ද්‍රසේනයන් ගැයුමෙන් සහ වැයුමෙන් දායක වුණු " දශබලධාරී " නමැති අනභිභවනීය ගීමිණ ය.මෙය පැරණි ග්රැමෆෝන් යුගයෙන් පැවත එන ජනප්‍රිය ගීතයකි.
දශබලධාරී බුදු රජු පෙර කල
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
වසනා සඳෙහි කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්‍රේමය පාලා
කර ආලේ රාජා ඒ
බරණැසෙහී කිඳුරීටා
මැරුවෝ බෝසත් විද හී පහරා
බෝසතුගේ ප්‍රාණය ඒ
සක් දෙවිඳානෝ දානය කෙරුවෝ
මෙි කතාව චිරාත් කාලයක් තිස්සේ ජනප්‍රිය වූයේ කුමක් නිසාද? මෙි ජනප්‍රියතාවට හේතුව කිඳුරු වියෝවෙන් තැවෙන කිඳුරියගේ විලාපය යි.අප මෙි ඔජදමා වනන කිඳුරු යුවළ කවරහුද? ඔවුහු අන් කවරකුවත් නොව සංසාරික ප්‍රේමවන්තයන් වන සිදුහත් යශෝධරාවෝය.ගැමි ජනයා අතර පැවති සඳකිඳුරු නාඩගමට ද විල්ගම්මුල හිමියන්ගේ සඳකිඳුරු දා කවටද විෂය වූයේ මේ ජාතකය ම ය. කතාව සැකවින් මෙසේය. එකල සඳකිඳුරු යුවළක් වනයේ කෙළිදෙලෙන් ගත කළහ.එහෙත් එකවර ඒ අසලට පැමිණි බරණැස් රජ කිඳුරියට ලොබින් රාග සිතින් කිඳුරා විද මැරීය.ඇගේ පතිවත දුටු සක්දෙව් රජ අවුත් කිඳුරාට යළි පණ දුන්නේ ය. සුප්‍රකට රාමායණය කෘතිය ප්‍රබන්ධ කිරීමට වාල්මිකී පෙළඹුණේ ද සක්වාළිහිණි යුවළක් වනයේ කෙළිදෙලෙන් වසන සඳ වැද්දෙකු විත් මෙලෙස ම සක්වාළිහිණියා විද මැරූ කල සක්වාළිහිණිය වැලපෙනු දැකීමෙනි.එහෙත් මෙි ගීතයේ රචක උබෙිනන්ද දිසානායකයෝ යටකී ඵෙතිහාසික කතා පුවත කණපිට හරවති.ඔවුහු මෙි ගීතය ඔස්සේ අතීත කතා පුවත වත්මන් සමාජයට ගළපති.එපමණක් නොව ස්ත්‍රී පතිවත දෙස වපරැසින් බලති.විශිෂ්ට පතිනියකගේ චර්යාව විනිවිද දකින සඳකිඳුරු නාඩගම මෙි ගීතයෙන් උබෙිනන්ද දිසානායකයෝ විප්ලවීකරණයට ලක් කරති.
චන්දකින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා
මෙි කථකයා ප්‍රිය විප්‍රයෝගයෙන් ළතැවෙන ස්වාමිපුරුෂයෙකි.ප්‍රිය බිරිය ඔහු හැරපියා වෙනතක ගොසිනි.ගීතයේ ස්ථායි කොටසින් නිරූපණය වන්නේ බිරිය නැති සොවින් සැමියාගේ හිත තුළ පිළිසිඳ ගත් කම්පනය යි.එහෙත් උනුන් එකිනෙකා අතීතයේ ජීවත් වූයේ චන්දකින්නර ජාතකයේ සඳකිඳුරු යුවළ මෙන් නො වෙි ද? මෙහිදී රචකයා සඳකිඳුරු ජාතිකයේ බිරිඳගේ පතිවත පමණක් නොව ස්වාමිභක්තිය ද සිහිගන්වමින් නූතන කාන්තාවගේ චෛතසිකය විද්‍යඥනයකු මෙන් සියුම් සැතකින් විඡ්චෙිදනයකට ලක් කරයි.සංකේතීය ප්‍රාග්ධනයට ලොබින් ඇතැම් බිරියෝ තම ස්වාමියා අතැර වෙනත් එකෙකුගේ සරණ යති.කුටුම්බයේ අගහිඟකම් පෙනෙන විට ආදරය පෑළ දොරින් පලා යයි.ගේහසිත ප්‍රේමය එපා වෙයි.චපල ගැහැනිය සංසාරික ප්‍රේමයට ද එරෙහි වන්නීය.මෙනයින් බලන කල සොබාදහමේ ද මානවසමාජයේ ද බලපාන චලනනියාමයට විපරිණාමධර්මයට ප්‍රේමය ද ගොදුරු වෙයි.ලොව වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණි.විපරිණාමයට,අනිත්‍යතාවට ගෝචර නොවන්නා වූ කිසිදු දෙයක් මෙි මිහිපිට නැත.තතු එසේනම් ඒවාට වෙනස් ඉරණමක් ප්‍රේමයට හිමි ද?
ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා
විස හී සරේ පපුවට හෙළා
නුඹ නාටකේ වෙනසක් කළා
කුටුම්බ ජීවිතය ගතකිරීමට පෙර ප්‍රේමවන්තයෝ හැමදෙනෙක් ම සුරංගනා කතා කියති.අහසේ මාලිගා තනති.එහෙත් ඒ සියලු පෙම්බස් උඩුගම්බලා යන්නේ නොසිතූ නොපැතු ලෙසය.මෙි කාන්තාව සඳකිඳුරු ජාතිකයේ කිඳුරිය මෙන් තම ස්වාමියා විපතට ලක් වූ විට ඒ වෙනුවෙන් හඬා වැලපී ළතැනොවන්නීය.මෙි ගීතයෙන් ඵෙතිහාසික කතාව විප්ලවීකරණය වන්නේ එබැවිනි.මෙහිදී බිරිය නැති සොවින් හුදෙකලා වන සැමියාගේ චෛතසිකය වඩාත් ගැඹුරින් පුරුද්දා බැලීමට රචකයා යත්න දරයි.කුටුම්බ ජීවිතයට පැමිණෙන බාධා දුක්කම්කටොලු විඳදරා ගැනීමට නොහැකි වූ කල ඇතැම් කාන්තවෝ ගෙදරින් පලා යති.මෙි කථකයාට මුහුණදීමට සිදුවී ඇත්තේ ද ඒ සන්තෑසියට ම ය.එහෙත් ඔහු තනිවී ඇත්තේ තනිය ම නොව අතදරුවන් ද සමගිනි.එහෙත් මෙි ගීතයේ දීපක ගුණය(දීපක ගුණය යනු කවිය හෝ ගීතය දැල්වෙන තැනයි ) රඳා පවතිනුයේ දෙවැනි අන්තරා කොටසේ අවසන් පදපෙළෙන් නො වෙි ද?
විස හී සරේ පපුවට හෙළා
නුඹ නාටකේ වෙනසක් කළා
සඳකිඳුරු ජාතකයේ අතීත කතවෙි මෙන් නොව මෙහිදී විස හීසරයෙන් සැමියාගේ පපුව දැදුරු කරන්නේ බිරිය යි.මෙි සිද්ධිය කෙතරම් ඛෙිදවාචකයක් ද?සඳකිඳුරු ජාතිකයේ කිඳුරු යුවළ මෙන් සිටි සංසාරික ප්‍රේමවන්තයන්ට අත් වූ ඉරණම සෝචනීය නො වෙි ද?අප වසන මෙි කුරිරු,ජුගුප්සිත සමාජය සැබෑ ප්‍රේමයට ප්‍රතිරූප දේශයක් නොවන බව කීමට මෙයටත් වඩා නිදසුන් ඇවැසි ද?මෙි දූෂිත, දුර්ගන්ධ,නරාවළේ සැබෑ පෙම්කුසුම් සුපුෂ්පිත නො වෙි.
අතදරුවෝ ගෙන මහගිරිදඹේ
තනිවම නගින්නද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස්පුරේ
මෙි කථකයා අතදරුවන් සමග ජීවිතය නමැති මහගිරිදඹ තනියම තරණය කරන්නේ කෙසේදැයි කල්පනා කරයි.සිරිපාද කරුණා කළෝ මහගිරිදඹ ගැන දනිති.එය එතරම් ම දුෂ්කර ගමනකි.මෙහිදී කවියා මහගිරිදඹ නමැති රූපකය භාවිත කිරීමෙන් ගීසපුව වඩත් වර්ණවත් වී ඇත.එහෙත් ඇය සමග එකට නගින්නට පෙරුම්පිරූ සංසාර ගිරිදුර්ගය අද ඔහුට තරණය කිරීමට සිදුවී ඇත්තේ තනිවමය.මෙි සියල්ලට මුල්වුයේ කළුකාසිය නො වෙි ද? බරණැස්පුරය යනු වෙළෙඳ නගරයකි.ගුත්තිල ජාතකයේ මූසිල තමන්ට වීණා වාදනය ඉගැන් වූ ගුත්තිල පඬිවරයාට එරෙහි වන්නේ ද යටකී බරණැස්පුර සංසරණය වන කාසියට ලොබිනි. ජාතික කතවෙි සඳකිඳුරියට තම සැමියා මරාදැමූ බ්‍රහ්මදත්ත රජු විසූ බරණැස එපා වෙයි.එහෙත් වත්මන් කතවෙි කිඳුරියගේ හදවත කළුකාසියට වැසී ඇතැයි රචකයා කියයි.මෙි වූකලි අතිශය ප්‍රබල,රමණීය කාව්‍ය චින්තාවක් නො වෙි ද?
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස්පුරේ
මෙය කෙතරම් නැවුම් සුවඳක් වහනය වන යෙදුමක් ද?මෙනයින් සාම්ප්‍රදායික කතා පුවතට නව මානයක් එක්කරමින් බිරිය නැතිව අතදරුවන් සමග තනිවන ස්වාමිපුරුෂයකුගේ මානසික වියවුල ප්‍රතීයමාන කිරීමට කවියා ගෙන ඇති ප්‍රයත්නය සාර්ථක වී ඇතැම් කීම අතිශයෝක්තියක් නොවෙි.සාම්ප්‍රදායික ජාතික කතාව තත්වාකරයෙන් ම ගතානුගතික ලියැවිල්කට ලඝු නොකර ඊට නව අර්ථකථනයක් දීම විප්ලවීකරණයක් නො වෙි ද?මෙි මහඟු ගීමිණ කරුණ රසයෙන් සුපෝෂිතය.මෙබඳු ගීත ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම ද භාග්‍යයකි.අප තුළ ශෝකය,ප්‍රහර්ෂය,ආනන්දය පමණක් නොව ප්‍රඥාව දල්වන ගීත අපගේ ප්‍රියත ම ගීත යැයි කිව හැකිය.ගීතයකින් කළ හැක්කේ එක් තනි හැඟීමක් සංකේන්ද්‍රණය කොට තීව්‍ර ලෙස ප්‍රකාශයට පත් කිරීම නො වේ ද? මේ ගීතය එකී කාර්යය ඉතා මැනවින් ඉටුකර නැද්ද?
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
චන්දකින්නර ජාතකේ