වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ මානවබන්ධුත්වයේ එක් පැතිකඩක් නිරූපණය කරයි.
වඩාත් සදාචාරී පුද්ගලයා වඩාත් සන්තුෂ්ටිදායක පුද්ගලයා ද වෙයි.(The most moral man is the most happy man ) මහ දාර්ශනික සොක්‍රටීස් කීය.මෙනයින් සදාචාරී වීම යනු කුමක්ද?මෙි වූකලි කිසියම් පුද්ගලයකු කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවී තම හෘදය සාක්ෂ්‍යයට අනුව ජීවත් වීමය.මෙි ගීතයට විෂය වී තිබෙන්නේ ආදිවාසී ජන ප්‍රජාවගේ ජීවන යථාර්ථය යි.මනුෂ්‍යත්වය,සාරධර්ම අගයමින් හෘදය සාක්ෂ්‍යයට අනුව ජීවත්වන්නෝ සුඛප්‍රහර්ෂය විඳින්නෝය. ආදිවාසීහු යනු කවරහුද?කැලේ,කොළේ,ඇළේ දොළේ දැවටෙමින් සොබාදහමේ සොඳුරු අසිරිය බුක්ති විඳිමින් තමන්ට ආවෙිණික ජීවන රටාවකට හුරුපුරුදු වී සිටින්නෝ ආදිවාසීහූය.ඔවුහු දඩයමක් කරගෙන පාඩුවෙි ජීවත් වෙති.නගරයෙන් විතැන් වූ වැදි ප්‍රජාව නාගරික සමාජය තරම් දූෂ්‍ය වී නැත.සොබාදහම ඔවුනට සියලු දේ සපය යි.ඔවුහු භවබෝග සම්පත් ඇති පදම් බුක්ති විඳිති.අනාදිමත් කාලයක සිට පැවත එන ලාංකික වැදි සමාජය තුළ ප්‍රධාන වරිග හතරක් ඇත.ඌරු,තලා,මොරාන,ඌනාපාත යනුවෙන් එය වර්ගීකරණයට ලක් කොට තිබෙි.මෙරට ආදිවාසීන්ගේ උපත කෙසේ සිදුවුණි දැයි නිශ්චිතව ම කිව නොහැකිය.ආදිවාසි සම්භවය පිළිබඳ ඵෙතිහාසික සාක්ෂි විවාදාපන්නය.මතභේදාත්මක ය.එහෙත් මෙි වූකලි අන් රටවල මෙන් මෙරට ජීවත්වන තවත් එක්තරා සුවිශේෂ ජන කොට්ඨාසයක් නොවෙිද?
තම හෘදය සාක්ෂ්‍යයට අනුව ජීවත්වන වැදි ජනතාව නාගරික ප්‍රජාව මෙන් නඩුහබවල පැටලී නිකරුණේ කාලය කා නොදමති.ඔවුහු දෑතේ විරියෙන් හේනක්,කුඹුරක් කොටාගෙන දඩයමක් කරගෙන ජීවත්වෙති.කෙටෙිරිය,දුනු ඊතල,කැත්ත,උදැල්ල වැද්දන්ගේ මිතුරන් ය.මෙකී ආයුධ නොමැතිව ඔවුහු වනයේ නොසරති.වැද්දන්ගේ නායකයා වැදි රජුය.ඔහු සදාචාරසම්පන්න ජීවිතයක් ගතකරන හෘදය සාක්ෂ්‍යයට ගරුකරන පුද්ගලයෙක් ද වෙයි.වැදි නායකයකුගේ හෘදය සාක්ෂ්‍ය විනිවිද දැකීමෙහිලා මනමෙි නාට්‍ය කදිම නිදසුනකි.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ මානමෙි නාට්‍යයේ දී සියුම් සැතකින් වැද්දකුගේ හදවත ව්‍යච්ඡේදනය කොට පෙන්වති.මනමෙි කුමරුන් මැරීමට උදවු කරමින් තමා කළ අනුවණ ක්‍රියාව පිළිබඳ පශ්චාත්තාප වන කුමරිය වැදි රජුට මෙසේ පවසන්නීය.
වෙන්නට කමා වැදි රජිඳේ - මෙි වරදට
බැන්ද සෙනෙහස හින්දා
චපල විය සිත ප්‍රබල ආලෙන්
නො තළනු ය මා දුබල ජීවය
මනමෙි කුමරියගේ යටකී මුසා බස් අසා වැදි රජු කිපෙයි.ඔහු නිර්දය ලෙස කුමරිය විවෙිචනයට ලක් කරයි.කේන්තියෙන් ඇය පලවා හරියි.
සින්දවූ ගෙල සැමියා - කවර සෙනෙ
යන්ට යව වනේ නො සිටා
අමන ගති ඇති මෙවැනි අඟනන්
මවැනියන් හට කුමන සරණ ද?
මනමෙි කුමරුන් මරා දැමීමට තමන්ට උදවු කළ මනමෙි කුමරියගේ චපල සිත පිළිබඳ වැදි රජුට කිසියම් ජුගුප්සාවක් ඇති වෙයි.කුමරිය කෙතරම් වපල එකියක දැයි ඔහුට සිතෙයි.මෙහිදී පරපුරුෂයකු නිසා සැමියා මැරීමට තැත් කිරීම වැනි චර්යාධර්ම උල්ලංඝනය කෙසේනම් සිදුවිය හැකි දැයි වැදි රජු කල්පනා කරයි.නීත්‍යනුකූල සැමියා ජීවත් ව සිටියදී බිරියකට පරපුරුෂයකු පැතිය හැකිද?මෙනයින් පරපුරුෂ සේවනය වෙනුවෙන් සැමියාගේ ජීවිතය බිලි දුන් මනමෙි කුමරිය පිළිබඳ අප්‍රසාදයක් වැදි රජුට ඇති වීම සාධාරණ නොවෙිද?අවසානයේ වැදි රජු තම හෘදය සාක්ෂ්‍ය කොනහන සත්‍යයට ඉඩදී කුමරිය වනයෙන් පන්නා දමයි.
යටකී මනමෙි නාට්‍ය කෙරෙන් වැදි නායකයකුගේ හෘදය සාක්ෂ්‍ය,සදාචාරාත්මක ජීවිතය අවංකත්වය මොනවට පැහැදිලි වෙි.වැද්දෝ තම සහකාරිය ලෙස තෝරාගත් කැකුළිය කිසිදා තනි නොකළෝය.ඔවුහු එකම අඹුවක් සරණ පතා ජීවත්වූහ.නාගරයේ පාදඩ ජීවිතයට අනුගත නොවීම නිසා වැද්දෝ ගේහසිත ප්‍රේමය ආදරයෙන් වැළඳ ගත්තෝය.ස්වකීය නිදහස නොව ස්වකීය වර්ගයාගේ නිදහස හා ජීවිතය වෙනුවෙන් සටන් කරන්නෝ වීරයෝය.එපමණක් නොව මනුෂ්‍යත්වය වපුරමින් සාරධර්ම අගයන්නෝ ද ජයග්‍රහකයෝය.ඔවුහු මානවබන්ධුත්වයෙන් අගතැන්පත් වෙති.නගරයේ තරම් අසීමිත භෞතික සම්පත් නොමැති වුව ද වැද්දෝ පරිසරයට පෙම්බඳිමින් වනසිවුපාවුන් ඇසුරේ සතුටින් ජීවත්වෙති.
මෙි ගීමිණට හේතුභූත වූයේ සුකීර්තිමත් ගේය පද රචක වසන්ත කුමාර කොබවකයන්ගේ අත්දැකීමකි.එකල තිසාහාමි බැහැදැක ඔහු සමඟ සොඳුරු සාමීචියක යෙදෙමින් අප සන්මිතු කොබවකයන් ලද වෙිදයිතය මෙි ගීමිණිරුවනට පසුබිම් වෙයි.මෙි ගීතය වූකලි මොහාන්ධකාරයේ ගිලී සිටින නාගරික ජන සමාජය වෙත දැල්වූ ප්‍රඥා ප්‍රදීපයක් නොවෙිද?
ඩිංගිරාල උඹලා වන දෙයියෝය
සිටිනා තැනට භව බෝ සම්පත් බෝය
අපේ පුරට අකලට අණවින බෝය
හඹා ඇදෙන නොමිනිස්කම හන්දාය
ඩිංගිරාල වැනි අහිංසක ගැමියන් මහවනයට දෙවිවරුන් බඳුය.ඔවුහු වනය සුරකිති.එබැවින් ඔවුන් වෙසෙන ඔිනෑම තැනක භවබෝග සම්පත්වලිනි අඩුවක් නැත.කුඹුරක්,හේනක් කොටාගෙන ජීවිතය ගැටගහ ගැනීමට ඔවුහු දිවා රෑ නොබලා වෙහෙසෙති.එහෙත් ඩිංගිරාලලා විඳින මෙි සෞන්දර්යාත්මක නිදහස කොන්ක්‍රීට් වනාන්තරයේ වෙසෙන රොබෝවරුන් වැනි මිනිසුන්ට නැත.සෙයිලමෙි පොරපිටියට වැදී තරගයට කාසි හොයන මිනිස්සු හසරක් නොදුටු වල්මත්වූවන් සේ එක පොරයට උනුන්ගේ සතුට සොයති.එහෙත් කෙතරම් මුදල් හම්බ කළ ද අපේක්ෂා කළ සතුට ඔවුහු නොලබති.නොමිනිස්කම් රජයන නගරය කවදත් අඳුරේය.වනන්තරේ නිරන්තරේ ලැබෙන සොබා සොඳුරු අසිරිය නගරයේ නැත.නගරවාසීහු එකිනෙකාට අණවින කොඩිවින කරමින් ඉසි කෝ මන් පතුරමින් මොහාන්ධකාරයේ ඇලී ගැලී ජීවිතයේ පරමානන්දය,සුඛප්‍රහර්ෂය සොයති.එහෙත් නොමිනිස්කම් රජයන සමාජයකින් එබඳු සුඛානන්දයක් බලාපොරොත්තු විය හැකිද?තතු එසේ වූව ද වර්තමානයේ මෙකී ආදිවාසී සමාජ පදනම ද යම්තාක් දුරට දෙදරා යමින් පවතී.ඇතැම් වැද්දෝ කැලයෙන් එළියට ඇවිත් නාගරික සමාජයට අනුගත වී සිටිති.ඇතමෙක් සරසවි අධ්‍යාපනය පවා ලබති.අද වැදි සංස්කෘතියේ සාරගර්භ පුරුෂාර්ථ විනෝදාස්වාදයක් බව කීම ද අතිශයෝක්තියක් නොවෙි.
කියනා බණ බෝය අසනා බණ බෝය
රකිනා කෙනෙක් ගම් හතකත් නැතිසේය
ඩිංගිරාලගේ කැලයට බණනේය
ඒත් උඹට මේ අවනඩු නැතුවාය
රට විනාශ මුඛයට ඇද දමා බොරු දේශපාලන ජිල්මාට් පෙන්වමින් ජනතා නියෝජිතයෝ මැතිසබෙි මුදල් කාබාසිනියා කරමින් කෙස් පැළෙන තර්ක විතර්ක කරති.පන්සල්,පල්ලි,කෝවිල්වල පවා නිතර ඇසෙන්නේ බණ පමණි.රටෙි හැමතැනම බණ ඇසුණ ද නගරයේ වැසියා මෙි කිසිදු බණක් පිළිපදින බවක් නම් නොපෙනේ.එයින් ලැබු සතුටක් සමාදානයක් නැත.උනුන් එකිනෙකා කුලල් කා ගනිමින් අාත්මාර්ථකාමීත්වය ම වපුරයි.මෙනයින් රචකයා පවසන්නේ බොහෝ සේ බණ අසන බණ කියන රටක ජනතාව සුරකින්නට කිසිවකු නොමැති බව නොවෙිද?එහෙත් කරදර කම්කටොලු මැද දිවි ගෙවන නාගරිකයන් මෙන් නොව ඩිංගිරාලලා වැනි ආදිවාසීහු සරල දිිවි පෙවතක් ගෙවමින් නිදහස බුක්ති විඳිති. ඔවුනගේ කැලයට කිසිදු බණක් ගලා නොඑයි.තතු එසේ වූව ද ඔවුහු නගරයේ වැසියන්ට වඩා බණ දනිති. නියදහම අගයති. වනය සුරකිති.එහෙත් නාගරිකයන්ට ඒවා පෙනෙන්නේ වැදි බණ ලෙස නොවෙිද?
ඩිංගිරාල උඹ තාමත් දඬු මැස්සේ
වනන්තරේ වනසිවුපාවුන් ඔස්සේ
අකල් විනාසෙට වහිනා මහ වැස්සේ
අපේ රාලලා හබයක හැම පෑ තිස්සේ
මහ කැලේ පැල් කොටයක දඬුමැස්සකට වී වනසිවුපාවුන් සමඟ ඩිංගිරාල දවස ගෙවද්දී අකලට වසින මහවැස්සට නගරය සෝදාපාළු වී යයි."අකල් විනාසෙට වහිනා මහ වැස්සේ - අපේ රාලලා හබයක තුන් පෑ තිස්සේ" යනුවෙන් ව්‍යංග්‍යාර්ථපූර්ණ පද පෙළක් ගීතයේ දෙවැනි අන්තරා කොටසෙන් ඇසෙයි. මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? මෙහි ඇති දිසි අරුතට වඩා වැසි අරුත ප්‍රබලය.රට ව්‍යසනයට යන මොහොතේ පවා දේශපාලනඥයන් නිසරු වාද විවාදවල පැටලෙමින් අමනෝඥය ලෙස හැසිරෙන බව නොවෙිද මෙි කියන්නේ?වැදි ප්‍රජාව මෙන් නාගරික මිනිසාට නිදහස්කාමී පරිපූර්ණ ජීවිතයක් ගත කළ නොහැක්කේ මන්ද යන්න මෙහිදී රචකයා අසයි.දහඅටමත් විරිතට අනුව ලියා ඇති මෙම ගීතය අතිශය කලාත්මක ගීමිණිරුවනකි.මෙබඳු ගීතවලින් මානව හදවත වඩාත් සුපෝෂණය නොවෙිද?මෙයින් මිනිසාගේ ජීවන ධාරිතාව පෘථුල නොවෙිද?නගරයෙන් විතැන් වූ ජන ප්‍රජාවකට ආවෙිණික හැඟීම් සමුදාය මෙි ගීතයෙන් වින්දනය වී අපගේ අධ්‍යාත්මික හදවත සුපෝෂණය නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩිංගිරාල නුඹලා වන දෙයියෝය