IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තුමුල නමුණුකුල ගිරිහිස

 

සුදත් ගාමිණි බණ්ඩාරයන් රචනා කළ,සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ආනන්ද පෙරේරාගේ සංගීතය මුසුවූ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇති වූ සිංහල - දමිළ ජනසංහාරයට මැදි වූ පෙම්වතුන් යුවළකගේ මානවබන්ධුත්වයේ ආත්මීය අඬහැරය යි.

සංස්කෘති දෙකක පෙම්වතුන් යුවළක් ආදර අන්දරයක පැටලීම අලුත් ගැටලුවකට මුලපිරීමකි.බහුජාතියේ මහසංස්කෘතියට යටවූ සුළුජාතියේ ලියකට අසත්පුරුෂයන්ගේ නින්දා අපහස රැවුම් ගෙරැවුම් විඳීමට සිදුවීම අරුමයක් නොවෙි.එහෙත් විශ්වයේ එබඳු ප්‍රේම වෘත්තාන්ත බිඳී විසිරී ගිය අවස්ථා මෙන්ම බැඳී එක්තැන් වූ නිමෙිෂ ද අනන්ත අප්‍රමාණය.මෙි ගීතයේ රචක සුදත් ගාමිණි බණ්ඩාරයෝ අනාගත වක්තෘවරයෙක් ද වෙති.ඔවුහු තුන් කල් දකින ප්‍රාඥයකු මෙන් මෙරට වර්ගවාදී ජනසංහාරයේ යුද ගිනිදැල් කලින් ම දුටුවෝය.මෙි ගීතයෙන් පරමාර්ශන කරන්නේ වර්ගවාදී ජනසංහාරයට මුහුණ පාන්නට සිදුවූ පෙම්වතුන් යුවළකගේ හැඟීම්ය.මෙකී හැඟීම් ඉදිරිපත් කෙරෙන්නේ පෙම්වතාගේ පාර්ශ්වයෙනි.මෙි ගීමිණෙන් යුද්ධයේ අංශු මාත්‍රයක් නිරූපණය වුව ද රචකයා මවන චිත්ත රූපික සිතුවම් පෙළ සහ ධ්වනිතාර්ථ පූර්ණ භාෂා ප්‍රයෝග රමණීය කාව්‍යෝක්තියක් නොවෙිද?

බදුල්ලේ හාලිඇල උපන් සුදත් ගාමිණි බණ්ඩාරයෝ මෙහි පාරිසරික වටපිටාව අතැඹුලක් සේ දනිති.නමුණුකුල ගිරිහිස,කන්ද කදිර දේවාලය ඔවුහු පැටිවියේ සිටම දුටුවෝය.සුදත් බණ්ඩාරයන්ගේ "දුම්බර මතක" කාව්‍ය සංග්‍රහයේ දිනපොතක ලියූ කවි යටකී නිර්මාණාත්මක අාභාසයට කදිම නිදසුන්ය.මෙි වූකලි ගීතය එළිදැක්වීමට පෙර සුදත් ලියූ කවියකි.

 

මේ පාළු සීතල රාත්‍රියේ

ඈතින් ඇසෙන කවියක් වගෙයි

නුඹ ගැන මතකය

පිච්ච මල් සුවඳයි උමා

කවුළු පියන්පත හැර බලමි

මුළු ලෝකයම අන්ධකාරයි

ඈත නිල්වන් කඳුමුදුන මත

නුඹ සැතපෙන ලැයින් කාමරයේ

කුප්පි ලාම්පු එළියවත් නොපෙනෙයි

 

මා දෙනෙත ටිකෙන් ටික පියවෙන විට

මරළතෝනියක හඬ ඈතින් ඇසෙයි

මගේ හිතතිගැස්සී ඇහැ ඇරෙයි

මිටියාවත මැදින් ගලායන

බදුලු ඔය මුමුණන සුපුරුදු ගීතයටත්

අපි බයවෙන්නෙ ඇයි උමා

මේ තරම්

 

ඈත කඳු මුදුන මත කෝවිලේ

කොත් කැරැලි මත දැල්වෙන බල්බයක

ආලෝකය මට පෙනෙයි

සමාවෙයන් උමා

කෝවිලේ දෙවියන් නැතැයි මට හිතෙයි

 

1983 එළිදුටු සුදත් බණ්ඩාරයන්ගේ දුමිබර මතකය කෙතරම් සුන්දරද?ඔහු එහිදී දල්වන මානවබන්ධුත්වය අතිශය ප්‍රබල නොවෙිද? ඈත කඳු මුදුන මත කෝවිලක් තිබුණ ද එහි දැල්වෙන විදුලි බල්බයේ ආලෝකය නොපෙනෙන බවත් එහි දෙවියන් කිසිවකු නැති බවත් රචකයා පවසයි.කවියා මෙහිදී විද්‍යවෙන් මිත්‍යාව බිඳ හෙළයි.මෙි වූකලි අදෘශ්‍යමාන හස්තයන්ට එල්ල කළ ප්‍රබල අතුල් පහරක් නොවෙිද? මිනිසාට මිනිසාගේ ම විනා කවර නම් අදෘශ්‍යමාන බලවෙිගයක පිහිටක් ද? 1983 සිදුකෙරුණු ආසියාව කිසිකලෙක නො අත්දුටු සිංහල- දමිළ ජනසංහාරයේ නටබුන් තවමත් ශේෂ වී ඇත.අළුයට ඇවිළෙන ගිනිපුපුරු මෙන් ඒවා ඉඳහිට මතුවෙයි.

 

තුමුල නමුණුකුල ගිරිහිස

උදුල සඳ මඬල දු‍ටු නෙත ‍

රැව‍ටුණා තමයි

කිමද මේ තරම් ඒ ගැන

හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කඳුළු පනින තුරු එළියට

ඔහොම හිනා වෙනකොට නුඹ

ලස්සනයි උමා

 

නමුණුකුල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ නගරයට ආසන්නව පිහිටි සුන්දර කඳු පන්තියකි.මෙහිදී තුමුල යන්නෙන් අදහස් කරන්නේ එහි ඇති විශාලත්වය යි.උදුල යනු දිලිසෙන,බැබළෙන යන අරුත් දෙන වදනකි.දුල - උදුල යනු ද එකම අරුත් දෙන දෙවදනෙකි.මෙහිදී කථකයා පවසන්නේ තුමුල නමුණුකුල ගිරිහිස මතින් නැගී බැබළෙන සඳමඬලට තම නෙත්සිත් වශී වී රැවටුණු බවයි.⁣ගිරිදුදුළු මතින් එබී හිනැහෙන මෙකී සඳමඬල තුළින් කථකයා දකින්නේ තම ප්‍රාණසම පෙම්වතියගේ සුන්දර වතමඬලයි.රචකයා මෙහිදී ගොඩනගන ව්‍යංග්‍යාර්ථ රමණීය නොවෙිද? එහෙත් ඒ පිළිබඳ ඇයට හිනැහෙන්නට තරම් කාරණයක් ඇති දැයි ඔහු අසයි.කථකයා තම පෙම්වතිය හිනැහෙද්දී මුහුණ රතුවී කඳුළු කඩා වැටෙන දසුනට වඩාත් ප්‍රිය කරන බවත් මෙහිදී කියැවෙයි.එහිදී ඔහු දකින්නේ කුමක්ද ? ඇගේ නාරිදේහයේ නිර්මල සුන්දරත්වය යි.

 

නුඹෙ වත මඬල සඟවා

මුවාවෙන ලෙසින් අතුරන

සීත පිනි නිසා තිලකය

පාළු වෙයි උමා

සීත මීදුමේ තිරපට

වළලු ලූ අතින් ඉවතට

ඈත් කර හොරෙන් හිමිහිට

බලාපන් උමා

 

මෙහිදී කථකයා පවසන්නේ තම පෙම්වතියගේ වතමඬල හෙවත් මුහුණට සීතල පිනි බිඳු වැටී නළලත ඇති සුන්දර තිලකය මැකී ගොස් පාළු හිස්බවක් ඇති වන බවයි.එහෙත් සීත මීදුම් තිරපට මෙන් සැලෙන සළුපිළි ඈත් කොට වළලු දැමු දෑත් ඉවත් කොට තමා දෙස බලන ලෙසත් ඔහු ආයාචනා කරයි.තමා ලද ප්‍රේමය ආස්වාදය කිරීමට කථකයා තම පෙම්වතියට මෙහිදී විවිධ ප්‍රේම ඇවිටිලි කරයි.

 

කන්ද උඩ රනින් දිදුලන

කන්ද කදිර දේවාලය

අපට පිහිට වෙයි කියලා

හිතනවද උමා

අප වටා නැගෙන උවදුරු

ඈත් වී නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක්

ඉතිරිවෙද උමා

 

ජාතිවාදී සංස්කෘතික කොටුපවුරේ හැපී චෛතසික විසංවාදයකට ගොදුරු වී සිටින ප්‍රේමවන්තයෝ දේව හාස්කම් පවා විශ්වාස කරති.කන්ද කදිර දේවාලය යනු කතරගම දෙවියන් වැඩ සිටින ස්ථානය යි.එහෙත් මෙි කථකයා අසන්නේ කන්ද කදිර දේවාලය දෙදෙනාගේ අකලංක උත්තරීතර ප්‍රේමයට පිහිට වෙිවි ද යන්නයි.ඒ පිළිබඳ ⁣කථකයාගේ සිතෙහි පවතින්නේ විචිකිච්ඡාවකි.මිත්‍යාව රජකරන සමාජයකට විද්‍යවෙන් පලක් නැත.ඇතමෙක් තවමත් අදිසි බලවෙිග පස්සේ දුවති.සමහරු මාසයක් තිස්සේ කුලියට කඹුරන සොච්චම් වැටුප ද පන්සල්, පල්ලි කෝවිල් නඩත්තු කිරීමට වැය කරති.මෙනයින් බලන කල ආගම යනු උරචක්‍රමාලයක් නොවෙිද?දෙවියන් යනුවෙන් කිසිවකු නැති බව සම්‍යඥානය ඇති පුද්ගලයෝ දනිති.එහෙත් මෙහි කථකයා උමාගෙන් අසන්නේ කදිර දෙවියන්ගේ ආශිර්වාදය ඔවුන්ගේ ප්‍රේමය ජයගැනීමට ලැබෙිවි ද යන්නයි.කථකයාගේ ප්‍රශ්නාර්ථයෙන් පෙනී යන්නේ දෙදෙනාගේ අන්ත අසරණභාවයයි. එයින් අප හදවත් බලවත් ලෙස කම්පා නොවෙිද?අවසානයේදී කථකයා තවත් පැනයක් අසයි.එනම් දෙදෙනාගේ ප්‍රේමය බිඳී විසිරී ගොස් පිච්ච මල් සුවඳ පමණක් ඉතිරි වෙිද යන්නයි.පිච්ච මල් යනු දමිළ කාන්තාවන් හිස ගවසාගෙන සිටින සුගන්ධයෙන් පිරිපුන් මල් වර්ගයකි.කථකයා එකී මල් සුවඳට අතිශය ප්‍රිය කරන බවත් කවදාහරි දවසක පෙම්වතිය අහිමිවී පිච්ච මල් සුවඳ පමණක් ඉතිරිවෙි දැයි ඔහු තුළ බිය,සැක සංකා මතුවෙයි.සිංහල - දමිළ යුද්ධයට මැදි වූ මෙි පෙම්වතුන් යුවළ මත රුදුරු මරණය ලඹ දෙයි.එබැවින් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සමීප වන්නේ සම්ප්‍රයෝගයකට වඩා විප්‍රයෝගයකට නොවෙිද?

 



අදහස් (0)

තුමුල නමුණුකුල ගිරිහිස

ඔබේ අදහස් එවන්න

ගී විනිස

නෙළන්නට ගිහින් පලවැල
2024 සැප්තැම්බර් මස 03 940 0

අප්‍රකට ගේයපද රචක සිරිසේන මුදියන්නේගම විසින් විරචිත සුප්‍රකට ජනකාන්ත ගායක රූකාන්ත ගුණතිලකයන්ගේ සුගායනයෙන් ද ස්වරසංයෝජනයෙන් ද මනරම් වූ මෙි ගීමිණ පී


යදමින් බැඳ විලංගු ලා
2024 අගෝස්තු මස 27 1188 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනියන්ගේ සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරරචනයෙන් ද යුතු මෙි විරෝධාකල්ප ගීමිණ සමාජ ප්‍රගම


චන්දකින්නර ජාතකේ
2024 අගෝස්තු මස 20 1091 0

උබේනන්ද දිසානායකයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ග⁣නේයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුසැදි ම


මගේ දුවෙි නුඹ අවදියෙන් නම්
2024 අගෝස්තු මස 13 1213 1

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභ


සරසවියෙදි හෙට විතරයි
2024 අගෝස්තු මස 06 1199 2

අප්‍රකට ගේයපද රචක සිරිසමන් විජේතුංගයන්ගේ සුප්‍රකට පද සංකල්පනාවෙන් ද සුකීර්තිමත් ගාන්ධර්ව ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ සුගායනයෙන් හා ස්වරාලංකාරයෙන


නිම්තෙරක් නොදුටු මෙි ලෝකයේ
2024 ජුලි මස 30 1153 1

බන්දුල නානායක්කාරවසම්ගේ ගේයපද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ උත්තරීතර ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site