IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


තිරය ඇරෙනවා

ගීවිනිස

 

 

 

බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් වන ගැමි සුවඳ නොහඳුනන   දරුවන්ගේ  ජීවිතයේ ව්‍යාජ ස්වරූපය   මොනවට පැහැදිලි කරයි.

ගැමි සමාජයේ කුඹුරු හේන් කොටන්නෝ ස්වාධීන  ජීවිත ගත කරන අව්‍යාජ ගොවියෝ ය.ඔවුහු තමාට අයිති   හේනක් කුඹුරක් කරමින් කාටවත් අතනොපා සාඩම්බර ජීවිත ගත කරන්නෝ ය.ඇතමෙක් අඳයට ද වැඩ කරති.⁣එහෙත් මෙරට ගොවියාට යටකී පරිදි සාඩම්බර ජීවිතයක් ගත කිරීමට තරම් ආර්ථික පසුබිමක්,හයියක් තිබෙිද? ගොවිතැන් කළ කල්හි රට බතින් බුලතින් ස්වයංපෝෂිත වන බව කිව්ව ද වත්මන් ගොවියා නට්ටම්ය.මෝල් හිමියෝ ගොවියාගේ වී කුණුකොල්ලයට ගෙන පාරිභෝගිකයාට ගිනි ගානට සහල් කර විකුණති.⁣ඔවුහු එයින්  අසීමිත ලාභ ලබති.එපමණක් නොව පොහොර මිල අධිකය.ඉන්ධන මිල ද එසේම ය.ට්‍රැක්ටර් කෘෂි ආම්පන්න මිල ද නහුතෙට නැගී ඇත.වැඩ කුලී ද අහස උසටය.මෙනයින් බලන කල ගොවිතැන කරනවාට වඩා හාල් මෝලක් හෝ කඩයක් දමා ගැනීම ලාභදායකය.එහෙත් සහල් මිල ද රොකට් වෙිගයෙන් නගී. තතු එසේ වූව ද ආමාරුවෙන් හෝ ගොවීහු බත සරිකර ගැනීමට බැරි මරගතේ කුඹුරු කරති.එහෙත් සැබෑ ජීවිතයේ කරලිය හිමිවී ඇත්තේ දුක් විඳින යටකී ගොවියාට නොව නගරයේ ව්‍යාජ නළු නිළියන්ටය.ඔවුහු ගොවිකම තොරොම්බල් කරති.එපමණක් නොව කරලිය පැමිණ නානාවිධ රැඟුමින් විවිධ ප්‍රසංග පවත්වති.තම පාසල්  අවදියේ දී  යටකී  ඛෙිදවාචකය සියැසින් දුටු බණ්ඩාර ඇහැලියගොඩයෝ ඒ පිළිබඳ අපූරු ගීතයක් පසුකාලීනව සුනිල් එදිරිසිංහයන්ට රචනා කළහ.මෙි වූ කලි ඒ සොඳුරු ගීමිණ යි.


1983 වසරේ නිර්මාණය වූ "තිරය ඇරෙනවා"  ගීතය  පිළිබඳ බණ්ඩාර  ඇහැලියගොඩයෝ මෙසේ කියති.

"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාලයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එ්කට කොළඹ කාන්තා විද්‍යාලයෙන් අැවිත් හිටියා. ඒ අය තමයි "බතේ උපත" නමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළේ.මට ඒවෙලාවෙි කල්පනා  වුණා,අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය වෙලත් මෙි වගෙ කරලියක් අපට හිමි නැහැ නේද කියලා. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උදවු වන අපි ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි හොඳින්ම දන්නවා.එහෙත් සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා මෙි නර්තනය  බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දෑකැත්තක් අත නොගැටුණු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා.එහෙත්  අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනෑ  කියලා එදා මට හිතුණා . 1970 ගණන් වල මා ලැබූ ඒ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුණේ"

 

තිරය ඇරෙනවා තිරය වැහෙනවා

ඔල්වරසන් හඬ පැතිරෙනවා

සඳලුතලෙන් බැස මානවිකාවන්

තාලෙට ඉඟසුඟ නටවනවා


කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති

නළ වතුරෙන් සැනහෙන දරුවෝ

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ

 

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට

කරලිය හිමි නැති අපේ ළමයි

හේනට කුඹුරට ගත සවි දියකර

කරලිය අබියස බලා හිඳී


ගායනය : සුනිල් එදිරිසිංහ
ගේයපද : බණ්ඩාර ඇහැලියගොඩ 
සංගීතය : රෝහණ වීරසිංහ 

අද දින අප මෙි ගීතය තෝරාගත්තේ ගොවිකමින් රට පෙරට ගෙන යෑමෙි ඉදිරිදැක්ම,මහගොස පසුගිය ආණ්ඩු යහමින් තොරොම්බල් කළ  හෙයිනි.එහෙත් වත්මන් ආණ්ඩුව ඊට පුර්ණ අනුග්‍රහයයක් දී ගොවියාට අහිමි වූ කරලිය ලබා දෙනු අතැයි ද අපි විශ්වාස කරමු.



අදහස් (1)

තිරය ඇරෙනවා

රංචාගොඩගේ මධුෂංඛ Wednesday, 04 December 2024 02:27 PM

ශෂි ප්‍රභාත් මහතා විසින් රවිත මෙම කොන්ක්‍රීට් වනාන්තර වල ජිවත්වන ජන ජිවිත වලට වැදගත් වන පිරිසිදු වචන වලින් පරිපූර්ණ අදහස් වලින් ජිවත්වලට වටිනා අදහස් වලින් ජිවත් විමට ක්‍රම සලසා දී මෙවන් අදහස් තවත් පලකිරිමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මා නවතිමි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

ගී විනිස

රුවක් ඇදෙනවා
2025 පෙබරවාරි මස 18 435 0

මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්


මා සඳට කැමති බව දැනගෙන
2025 පෙබරවාරි මස 11 1085 0

සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහය


මලකින් මලකට
2025 පෙබරවාරි මස 04 1176 0

දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසා


මිනින්දෝරු කන්තෝරුවෙි
2025 ජනවාරි මස 28 1055 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ


පාළු අඳුරු නිල් අහස මමයි
2025 ජනවාරි මස 21 1183 1

මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්


මගේ බිසව්නේ අසාපන්
2025 ජනවාරි මස 14 1201 1

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 345 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1016 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site