IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකෙ

 

 

 

සිංහල, දමිළ, මුස්ලිම් ජාතිකයෝ යෝධ ජනසංහාර, දේපළ සංහාර කිහිපයකටම මුහුණ දුන්හ. ඔවුහු මෙි සියලු තිරශ්චීන වර්ගවාදී සංහාරවලින් අතිශය පීඩාවටත් කලකිරීමටත් පත්වූහ. එහෙත් සිංහල, දමිළ, මුස්ලිම් සත්පුරුෂයෝ මෙි කිසිදු සංහාරයක් අනුමත නොකළහ. ජාතීන් වශයෙන් භේද භින්නවී රටකට ඉදිරියට යාමට නොහැකිය. බහුවාර්ගික, බහුආගමික, බහුභාෂික රටක මහජාතිය පමණක් ඔසවා තැබීමට ඇතැමි බඩගෝස්තරවාදී දේශපාලනඥයෝ උත්සුක වෙති. එපමණක් නොව ඔවුහු මෙි භේද අවිකොට ගෙන සුළු ජාතික හා ආගමික කණ්ඩායම් මර්දනයට ද වධබන්ධනයට ද ලක් කරති. තිස් වසරක යුද ගිනි නිවී ගිය ද රටෙි සුළු ජාතික ප්‍රජාවට තාම සාධාරණය ඉටුවී නොමැත. මහජාතිය ඉදිරියේ සුළු ජාතිකයෝ තවමත් ගැරහුම්, නින්දා අපහාස විඳිති. ලක්මව දූෂණය කළෝ කවරහුද? ඔවුහු වෙන කවුරුවත් නොව අවස්ථාවාදී ජාතිවාදී මරිමෝඩ දේශපාලනඥයෝය. කලක් මෙකී අමනෝඥ දේශපාලනඥයෝ සහ චීවරධාරියෝ වඳ කොත්තු, වඳ සැත්කම් ගැන ව්‍යාජ මත වැපුරූහ. මෙි නම් කුමන ඛෙිදවාචකයක්ද?

මාතෘප්‍රේමය, මාතෘභක්තිය, දේශප්‍රේමය වරදක් නැත. එහෙත් එය යම් රටක වසන මහජාතිය අන්‍යජාතීන් පෙළීම සඳහා යොදාගන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතුය. සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන් එකිනෙකා කුලල්කා ගනිමින් ජීවත්වූහොත් අපට පමණක් නොව රටටම කෙළවෙන්නේය. මෙනයින් උනුන් එකිනෙකා දෙස වපරැසින් නොබලා සියලුදෙනා එකාමෙන් ජීවත්විය යුතුය.

හෙරොයින්, ගංජා ඉරීම බෙිබදුකම. සූදුව වැනි හානිකර පැවතුම් උපදෙස් දීම, දැනමුතුකම් කීම මගින් දූරීභූත කළ නොහැකිය. මෙි සියල්ල වෙනත් ක්‍රියාකාරකම්වල අතුරුඵලය. එහෙත් මෙකී ඵලවලට හේතුභූත වූයේ කුමක්ද? මෙබඳු ඵල හටගැනීමට ප්‍රමුඛවූයේ සමාජ - ආර්ථික - දේශපාලනික තතුය. උපදෙස් දීම මගින් එකී සමාජ - ආර්ථික - දේශපාලනික තතු වෙනස් කළ නොහැකිය. එබැවින් උපදේශනාත්මක ගීත ගායනා කිරීම, ලිවීම කුලියට හැඬීමට සමාන කිරීම අතිශයෝක්තියක් නොවෙි. තතු මෙසේ හෙයින් කිසිදු කලාකරුවකු ගීතයකින් සමාජ - ආර්ථික - දේශපාලන තතු වෙනස් කිරීම නමැති තමන්ට අයත් නැති තමන්ට කළ නොහැකි කර්තව්‍යයකට උරදිය නොයුතුය. ගීතය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය. එනම් භාවික ගීත, වාර්තික ගීත හා සුක්තික ගීත යනුවෙනි. සුගේය පද හෙවත් ගායනා කළ යුතු පද වන්නෙ භාවික ඒවා පමණි. වාර්තික හා සුක්තික පද ගායනයට නුසුදුසුය. මෙි සියල්ල වන්ධ්‍ය පද, ශුෂ්ක පද වෙයි. එබැවින් වාර්තික හෝ සුක්තික පද ලියන්නෝ කුකවියෝය.

අප සන් මිත සම්මානිත සාහිත සෝභිත සුකිවිසුරු ලේඛක මංජුල වෙඩිවර්ධනයන් සූස්ති ගීතයක් ලියා ඇතැයි ඇතමෙක් කියති. එහෙත් "ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකෙ" නමැති ගීමිණ කංසා ප්‍රවර්ධනය සඳහා ත්‍රිල් එකට ලියූ මල් සින්දුවක් නොවෙි. මෙි වූකලි ඉරාජ් වීරරත්න ගැයූ බාල බොළඳ මල් සින්දු පන්නයේ වාර්තික ගීතයක් ද නොවේ. ජාතිගෝත්‍රාදී භේද අභිබවා මානවබන්ධුත්වය බලපවත්වන බවත් සිංහල - දමිළ - මුස්ලිම්  ජාතීන් අතර විරසකය තිබෙනතුරු රට එකතැන කැරකෙන බවත් මෙි ගීතයෙන් මංජුල වෙඩිවර්ධනයෝ කියති. මෙි ගීතයේ එන සිහින ලෝකය හරිම අපූරුය. සූත්තිකාරයෝ වෛවර්ණ සිහින දකින්නෝය. ඔවුහු අහස පොළොව ගැටෙන හැටි දකිති. සඳ තරු වලාකුළු අල්ලන්න උඩ පනිති. කුරුල්ලන් මෙන් නිදහසේ පියාඹති. පාට පාට සිහින ලෝකවල අතරමං වෙති. මතේ ආදීන බව දැන හෝ නොදැන පරාදීන ජීවිත ගත කරති.

"ත්‍රෛලෝක විජයපත්‍ර" නම සාහිත්‍ය ලෝකයට මුලින්ම කැටුව එන්නේ අසම්මත ආඛ්‍යාන ශෛලියකින් ලාංකේය සාහිත කෙත අස්වැද්දු සුකීර්තිමත් සාහිත්‍යධර සයිමන් නවගත්තේගමයන්ය. නවගත්තේගමයෝ 1992 වසරේ "සාපේක්ෂණී" නමින් අතිවිශිෂ්ට නවකතාවක් ලියූහ. කැරලි නායකයකු වටා ගෙතුණු මෙි ප්‍රබන්ධයේ අපූරු චරිත රැසක්ම ඇත. මෙි දිගහැරුම එම කෘතියෙනි.

"අඩුම තරමින් ත්‍රෛලෝක විජයපත්‍ර හෝ සෝම මත තුළින් ධ්‍යානගතවූවාම අප තුළම ඇති ලොව පුරා ඇති මෙම සත්‍ය අසත්‍ය, දුක සැප, හොඳ නරක, සංස්කාර අසංස්කාර සංයුක්ත කල්පාන්තරයක් දීර්ඝව මොහොතකට කෙටිවූ සීමාවු අසීමිතවූ විශ්ව ජීවිතයම තුළ කිමිදී ග්‍රහණයකර ගන්න පුළුවන් "

ත්‍රෛලෝක විජයපත්‍ර භාවිතයෙන් සිදුවන වෙනස ග්‍රහණයකර ගන්න පුළුවන් විදිය නවකතාවෙි චරිතයකට දැනුණු ආකාරය එසේය. කංසා ඔසුවකි. මෙි පැළෑටිය ආයූර්වෙිදයේ හැඳින්වෙන්නේ "ත්‍රෛලෝක විජයපත්‍රය" නමිනි. මෙි බලගතු ඖෂධීය පැළෑටිය පිළිබඳ වත්මන් සමාජයේ විසංවාදයක් නිර්මාණය වී ඇත. පසුගියදා ⁣ත්‍රෛලෝක විජයපත්‍ර වෙිරම්බයකින් මැතිසබය පවා කැලඹී ගියේය. මෙි සා විවිධ අදහස් මතවාද ගොඩනැඟී තිබුණ ද එහි වටිනාකම තේරුම්ගත් බවක් නම් විශද නොවෙයි. අදහස් යනු දෘෂ්ටිවාදයි. මෙි වූකලි ගුවනේ ලඹ දෙමින් තිබෙන වියුක්ත දෘෂ්ටිවාද නොව නානාවිධ සමාජ පන්තීන් විසින් දරා සිටින දෘෂ්ටිවාදයි. එහෙයින් මෙකී දෘෂ්ටිවාද අතර පන්ති අවශ්‍යතා ද ගැබ්වී තිබෙි. මෙි තතු තුළ ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකෙ ගීතයේ නිර්මිත සෞන්දර්ය අපි විමසා බලමු.

ත්‍රෛලෝක විජයපත්‍ර
පවන් සලන ලෝකෙ
වෛවර්ණ හීන පේනවා
ත්‍රෛරෝදේ කැරකෙන මෙි
වෛතාල යාමෙි - සන්සුන් හීන බිඳිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතෙ
ත්‍රෛරෝදේ ඇඳිලා තියෙනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරේ
අපි එකතැන කැරකෙනවා

මෙි කථකයා මත මතින් මත්වී ජීවිතයේ යථාර්ථය දැකීමට යත්න දරයි. ඔහු එයින් සුඛප්‍රහර්ෂය විඳියි. මෙලොව ඇත්තන්ට සුරසැපය. නැත්තන්ට අපාදුකය. ඇත්තෝ කති. බොති. නැත්තෝ සිඟති. පුලති. හූල්ලති. සමාජය සතු සියලු භෞතික සම්පතින් වියෝකොට සිටින නැත්තෝ මතට ලොල්වී ජීවිතය දියකරමින් ධනපතියාටම කඔුරති. මෙි ගීතයෙහි නිරූපිත වන්නේ සුදුර්ලභ සුඛාස්වාදයකි. සුදුර්ලභ සුඛාස්වාදය විඳින්නෝ මුළුමහත් ජීවිතයම සැපයකැයි සිතති. ත්‍රෛලෝක විජයපත්‍ර ඉරීමෙන් සුඛාස්වාදය ලබන්නා තමා තුළ උපන් සුඛානන්දය පරිසරයට ප්‍රක්ෂේපණය කරයි. මලක් ගසා ත්‍රිරෝදයක නැගී ඔහු යන ගමන විනෝදභරිතය. වෛතාල යාමය යනු පාන්දර හතරින් පසු එළැඹෙන සුබ හෝරාවයි. බමන මතින් අවුල් මනසින් සිටින කථකයාට සිතෙනුයේ සූස්ති ආස්වාදයෙන් තමා දකින සන්සුන් සිහින පවා බිඳීයන බවයි. ත්‍රිරෝද රියක ගමනට රෝද තුනම ඇවැසිය. එසේ නැත්නම් එය සමබර නොවෙි. විවිධ ජාතීන් වෙසෙන මෙි කොදෙව්වට ද සමඟිය සමාදානය සංහිඳියාව නැතිවම බැරිය. රෝද තුනේ රැඳිලා තිබෙන මෙි ආදරය, එකමුතු බව බිඳි ගියොත් රියට එකතැන කැරකීමට සිදුවෙයි. සිංහල - දමිළ - මුස්ලිම් ජාතීන් ද එකිනෙකා කුලල්කා ගනිමින් ජීවත්වූහොත් රටට අනාගතයක් නැත් බවත් රට එකතැන කැරකෙන බවත් මින් ගම්‍යවෙි. මැතිසබෙි සූස්තිකාරයන් මෙන් හැසිරෙන කටමැත දොඩන දේශපාලනඥයන් මෙි ගැඹුරු  යථාර්ථය කවදානම් දකීවිද?
 

ජීවිතේ රාග තාල අතට පයට
කොහෙන්ද එන්නේ
අහසින්ද
අහසේ පියා සලන වලා පෙළට
දෑස තියන්නේ
මුහුදින්ද
මුහුදේ තරංගයක පෙණපිඩු
කවුද මවන්නේ
කියන්න කවුරුද දන්නේ

රාග රිද්ම, තාල, ජුගුප්සිත හැඟීම්, වෛර, ක්‍රෝධ, පහන් සිතුවිලි  මිනිසා උපතින්ම රැගෙන ආ ජීවන ලාලසාවන්ය. මෙි වුකලි සහජ ජීවන ආශා නිරාශාය. මෙබඳු දෑ අදිසි, අද්භූත ලෝකයකින් නොඑයි. මතින් මත් වන්නන් සිතන්නේ මෙකී දෑ අද්භූත ලෝකයකින් එන බවය. මෙි සියල්ල සොබාදහමේ සොඳුරු දයාද නොවෙිද? මෙි ලෝකයේ කිසිවකු කිසිවක් මැව්වෙි නැත. මැවුම් ලොවෙි සියල්ලෝ නිරුවත් දෙවිවරුය. මෙි සියල්ල ආගමික කල්ලිවල මනස්ගාතය. මෙහිදී රචකයාට දොස් නැගිය යුතු නොවෙි. මන්ද යත් ඔහු මතු කරන්නේ ත්‍රෛලෝක විජයපත්‍ර ආස්වාදනය කරන මත්ලෝලියකුගේ හැඟුමි විජිතයයි. වර්තමානයේ ඇසෙන අපභ්‍රංශ ගීපදවලට වඩා මෙි ගේයපද කෙතරම් රමණීය ද? මෙයින් අපි සැබෑම ආස්වාදයක් නො ලබමු ද?
 

ආදරේ ජාති ජාති ආල හැඟුම්
කොහෙන්ද එන්නේ
පපුවෙන්ද
පපුවෙන්ද වෙනස් වෙනස් සිතුම් පැතුම්
ගිගුම් නගන්නේ
ඔළුවෙන්ද
ඔළුවෙන්ද කැලති කැලති
සිතුවිලි විෂ වන්නේකි
යන්න කවුරුද දන්නේ

ආදරයට ජාති, ආගම්, කුලභේද, පන්තිභේද නැත. ආදරය විමානයකි. තොටිල්ලකි. එහි නැළවෙන්න, සැතපෙන්න අකමැති පෘතග්ජනයෝ කවරහුද? පෙම් හැඟුම් ජනිත වන්නේ නිරායාසයෙනි. එය උපදින්නේ හදවතිනි. එහෙත් ආදරය, ප්‍රේමය, සෙනෙහස මනසින් දකින්නෝ විෂකුරු සිතුවිලි රේඛා අඳිති. සිහින දකිති. ප්‍රේමය වනාහි මඩෙිහි ඉපිද මඩෙි නොගැටී සුපිපෙන සොඳුරු සියපතක් නොවෙිද? ප්‍රේමයට කිරීටක් ද ඇත. පෙම්වත්තු මෙි කිරීටය පැළඳ ප්‍රේම විජිතයේ රජවෙති. ප්‍රේමය යනු ප්‍රබලතම කායික-මානසික- ආධ්‍යාත්මික බැම්මකි. ජාතිවාදියෝ, ආගම්වාදීයෝ මෙි බලගතු ළෙන්ගතු බැම්ම විෂකුරු මිනිස් බෝම්බ දමා පුපුරවති. රචකයා කියන්නේ එවිට ජාතීන් අතර පවතින සමඟිය සමාදානය සංහිඳියාව නැතිවන බව නොවෙිද? නා නා භේදයන්ගෙන් විදාරිත කුරිරු දරුණු ලොවක ප්‍රේමය, සංහිඳියාව රැකීම කෙතරම් අසීරු කාර්යයක් ද? ජීවිතයේ සුප්‍රහර්ෂය රසිකයාට තීව්‍ර ලෙස වින්දනය වන අයුරින් නිර්මිත මෙි ගීමිණ සරල, සුගම බසකින් ඉදිරිපත් කිරීම අතිශයින් තේමාවට ද අනුරූපය.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (2)

ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකෙ

රනේ Wednesday, 07 December 2022 06:41 AM

ගීතමය කලාවෙන් හැමවිටම අප මන්මත් කරවයි. මෙවන් ගීතයන් නිමවීමට තරම් ප්‍රස්තුථ රචකයාට කෙසේ හමු වුනි ද? ඒ අපේ සමාජයෙන් ද?

:       0       2

AB Friday, 09 December 2022 07:19 AM

මත මතින් මත්වී ජීවිතයේ යථාර්ථය දැකීමට නොහැකි උවත් ගැටළුවලට මුහුණදීමට නම් සිදුවනු ඇත. ජීවිතයේ යථාර්ථය දැකීමට හැකිවනුයේ පැහැදිලි මනසකින් සහ අවබෝදයෙන් සහ ඉවසීමෙන් පමණි.

:       0       1

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1027 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1297 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 456 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site