බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් වන ගැමි සුවඳ නොහඳුනන දරුවන්ගේ ජීවිතයේ ව්‍යාජ ස්වරූපය මොනවට පැහැදිලි කරයි.
ගැමි සමාජයේ කුඹුරු හේන් කොටන්නෝ ස්වාධීන ජීවිත ගත කරන අව්‍යාජ ගොවියෝ ය.ඔවුහු තමාට අයිති හේනක් කුඹුරක් කරමින් කාටවත් අතනොපා සාඩම්බර ජීවිත ගත කරන්නෝ ය.ඇතමෙක් අඳයට ද වැඩ කරති.එහෙත් මෙරට ගොවියාට යටකී පරිදි සාඩම්බර ජීවිතයක් ගත කිරීමට තරම් ආර්ථික පසුබිමක්,හයියක් තිබෙිද? ගොවිතැන් කළ කල්හි රට බතින් බුලතින් ස්වයංපෝෂිත වන බව කිව්ව ද වත්මන් ගොවියා නට්ටම්ය.මෝල් හිමියෝ ගොවියාගේ වී කුණුකොල්ලයට ගෙන පාරිභෝගිකයාට ගිනි ගානට සහල් කර විකුණති.ඔවුහු එයින් අසීමිත ලාභ ලබති.එපමණක් නොව පොහොර මිල අධිකය.ඉන්ධන මිල ද එසේම ය.ට්‍රැක්ටර් කෘෂි ආම්පන්න මිල ද නහුතෙට නැගී ඇත.වැඩ කුලී ද අහස උසටය.මෙනයින් බලන කල ගොවිතැන කරනවාට වඩා හාල් මෝලක් හෝ කඩයක් දමා ගැනීම ලාභදායකය.එහෙත් සහල් මිල ද රොකට් වෙිගයෙන් නගී. තතු එසේ වූව ද ආමාරුවෙන් හෝ ගොවීහු බත සරිකර ගැනීමට බැරි මරගතේ කුඹුරු කරති.එහෙත් සැබෑ ජීවිතයේ කරලිය හිමිවී ඇත්තේ දුක් විඳින යටකී ගොවියාට නොව නගරයේ ව්‍යාජ නළු නිළියන්ටය.ඔවුහු ගොවිකම තොරොම්බල් කරති.එපමණක් නොව කරලිය පැමිණ නානාවිධ රැඟුමින් විවිධ ප්‍රසංග පවත්වති.තම පාසල් අවදියේ දී යටකී ඛෙිදවාචකය සියැසින් දුටු බණ්ඩාර ඇහැලියගොඩයෝ ඒ පිළිබඳ අපූරු ගීතයක් පසුකාලීනව සුනිල් එදිරිසිංහයන්ට රචනා කළහ.මෙි වූ කලි ඒ සොඳුරු ගීමිණ යි.
1983 වසරේ නිර්මාණය වූ "තිරය ඇරෙනවා" ගීතය පිළිබඳ බණ්ඩාර ඇහැලියගොඩයෝ මෙසේ කියති.
"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාලයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එ්කට කොළඹ කාන්තා විද්‍යාලයෙන් අැවිත් හිටියා. ඒ අය තමයි "බතේ උපත" නමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළේ.මට ඒවෙලාවෙි කල්පනා වුණා,අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය වෙලත් මෙි වගෙ කරලියක් අපට හිමි නැහැ නේද කියලා. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උදවු වන අපි ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි හොඳින්ම දන්නවා.එහෙත් සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා මෙි නර්තනය බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දෑකැත්තක් අත නොගැටුණු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා.එහෙත් අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනෑ කියලා එදා මට හිතුණා . 1970 ගණන් වල මා ලැබූ ඒ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුණේ"
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරලිය අබියස බලා හිඳී
ගායනය : සුනිල් එදිරිසිංහ
ගේයපද : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ
අද දින අප මෙි ගීතය තෝරාගත්තේ ගොවිකමින් රට පෙරට ගෙන යෑමෙි ඉදිරිදැක්ම,මහගොස පසුගිය ආණ්ඩු යහමින් තොරොම්බල් කළ හෙයිනි.එහෙත් වත්මන් ආණ්ඩුව ඊට පුර්ණ අනුග්‍රහයයක් දී ගොවියාට අහිමි වූ කරලිය ලබා දෙනු අතැයි ද අපි විශ්වාස කරමු.
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
තිරය ඇරෙනවා