ලූෂන් බුලත්සිංහලයන්ගේ රූපකාර්ථවත් ගේය පද සංරචනයෙන් ද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහලගේ සුලලිත සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ශෘංගාර රසාවෙිශයෙන් රසික හද මනෝරංජනය කරයි.
මහ කවි කාලිදාසයෝ මෙිඝදූතය,රඝුවංශය හා ශකුන්තලය ලියා සාහිත කෙත සුපෝෂණය කළෝය.ඔවුහු සුදුර්ලභ කවි ශක්තියක් සුවිශද කළ සුකීර්තිමත් කිවිසුරෙක් ද වූහ.ලූෂන් බුලත්සිංහලයෝ ද මෙරට සුභාවිත ගී කෙත අස්වැද්දීමට මහඟු පරිශ්‍රමයක් දැරූ මහ ගේය පද රචයෙක් වෙති.ඔවුහු තවමත් තම අමිල මෙහෙවරෙහි නිරත වෙමින් දුහුනන්ට වනස්පතියක මෙන් සෙවණ සදති. "මගේ පුංචි කාලිදාස" නමින් මාලිනී බුලත්සිංහලට ගීතයක් ලියූ බුලත්සිංහලයෝ සැබැවින් ම අපේ පුංචි කාලිදාසයෝය.එකී සන්නාමය,විරුධාවලිය ලැබීමට තරම් ඔවුහු නිස්සෝය. සුදුස්සෝය.ඔහුගේ වෙිදිකා නාට්‍ය ගීතාවලිය සහ සොඳුරු වර්ණදාසී නමැති ඔපෙරාව ද ඊට දෙස් දෙයි.
ලූෂන් බුලත්සිංහලයන්ගේ බොහෝ ගීත චිත්ත රූපික ( Speaking Images ) ගුණයෙන් පොහොණිය.ඔවුහු විවිධ තේමා ඔස්සේ ගී ලියූහ.එහෙත් ඒ හැම ගීයකටම කතා කරන වචන පෙළක් ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්ති යෙදීමට බුලත්සිංහලයෝ අමතක නොකළෝය.ඔහු විසින් විරචිත කොළොම්තොට නැත මහලු වී,(පණ්ඩිත් අමරදේව )ඔසරි පොටින් අදින්නෙපා,පිපුණු මලේ රුව ( නන්දා මාලිනී )සැන්දෑ අහස වගේ,රජ මැඳුරක ඉපදී සිටියා නම් ( මාලිනී බුලත්සිංහල ) විදුලි මිණි පහන් දැවී,බින්දු බින්දු තාරකා,දෙතොල නොකී දේ( ගුණදාස කපුගේ) කන්‍යා වී(අමරසිරි පීරිස් )සිරියහනේ (එඩ්වඩ් ජයකොඩි )පැණි කුරුල්ලනේ( මිල්ටන් මල්ලවාරච්චි )මුතුකුඩ ඉහළන මල් වරුසාවෙි(රෝහණ වීරසිංහ )මිණි මිණි පොදේ ළා අඳුරේ,මෙි ගඟ මේ දුරු කතර ගෙවා( නෙරංජලා සරෝජනී )ආදී ගීත රූපකාර්ථවත් ගීමිණි නොවෙිද?මෙකී නොකී සියලු ගීත මෙරට දනන් තුඩ රැව්දෙන අතිශය ජනප්‍රිය ගීත බව කීම අතිශයෝක්තියක් නොවෙි.
මෙි ගීත සමූහය අතර "දම් පාටින් ළා සඳ බැස යනවා" නමැති ගීමිණිරුවන වඩාත් කතාබහට ලක් වූ වෙසෙස් කාව්‍යෝක්තියකි.මෙහිදී රචකයා ගොඩනගන ධ්වනිතාර්ථපූර්ණ යෙදුම්,සංකල්ප රූප, අතිශය රමණීය නොවෙිද? දම් පැහැති සඳක් අපි කිසිදු කලෙක නොදුටු වෙමු.එහෙත් මෙි ගීතය ඔස්සේ ලූෂන් බුලත්සිංහලයෝ අභිනව රූපක ගොන්නක් රසික මනසේ අඳිති.ඒ සියල්ල අතිශය සෞන්දර්ය ය.වාච්‍යාර්ථය ඉක්මවන යෙදුම් ඖචිත්‍යයට නගන්න බුලත්සිංහලයෝ බුහුටියෝය.නුගිනුරා ප්‍රේමයේ අධ්‍යාත්මික සුවය පතා ආ තරුණ පෙම්වතුන් යුවළක් සම්භෝග ශෘංගාර සම්පර්කයට එළැඹෙති.එහෙත් ඔවුහු අවසානයේදී රැය පහන් කර උනුන්ගෙන් වෙන්වීමට සැරසෙති.ප්‍රේමයේ සොඳුරු සුයාමයක අවසානය ගීතයේ ස්ථායි කොටසෙන් වර්ණිතය.මෙි වූකලි ප්‍රේමයේ සදාතනික පරමානන්දය අහිමිවීමෙි අඳුරු හෝරාවයි.සම්භෝග ශෘංගාරයට ලොබ ලිය වඩමින් සිටි යුවළට මෙි වියෝව දරාගත නොහැකිය.මෙි වූකලි ලූෂන්ගේ ගී මුක්ත මාලාවෙි බබළන තවත් එක් මුතු ඇටයක් පමණි.
දම්පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නෙ ඇයි
මෙි කථකාවට අනුව ඈත බැස යන සඳ දම්පැහැයෙන් දිස්වෙි.එහෙත් සඳමඬල දම් පැහැයෙන් බැබළීමට හැකිද?ඊට විද්‍යාත්මක හේතු ද නැත.මෙහිදී රචකයා තම පරිකල්පන ශක්තියෙන් සංකල්ප රූප ඔස්සේ මවන විචිත්‍ර සිතුවම කෙතරම් රමණීය ද? ප්‍රේමයේ සොඳුරු ආවර්ජනයන්ගෙන් මනස පිරෙද්දී අහස දෙස බලන ඇයට පෙනෙන්නේ සොබාදහමෙි මහඟු දායාදයක් වන සඳත් දම්පැහැයෙනි.එහෙත් මෙි මොහොතේ අහස රන්වන් පැහැයෙන් දිස්වන බව ද ඇය පවසන්නීය.ප්‍රේමයේ සොඳුරු ප්‍රහර්ෂය,සම්භෝග ශෘංගාර සුව අහිමිවීම පිළිබඳ පශ්චාත්තාප වන කථකාව එහි අන්ධකාරය සුවිශද කිරීමට හඳ නමැති රූපකය දම්පැහැයෙන් දකින්නීය.ඔිනෑම පෙම්වතුන් යුවළකට සමුගනිමෙි නිමෙිෂය වෙිදනාව දනවන අවස්ථාවක් නොවෙිද?දැන් උනුන්ගෙන් වෙන්වීමට සූදානම් විය යුතුය.එහෙත් පෙම්වතා මෙකී වෙිදනාකාරී මොහොතේ මුනිවත රකී.පෙම්වතියට ඔහුගේ ගොළුවත ප්‍රහේලිකාවකි.කාව්‍යයේදී ස්වභාවෝක්තිය නම් අලංකාරයක් ඇත.මෙි වූකලි උපමා රූපකාදියෙන් තොරව බස පරිහරණය කොට හැඟීම් දැනවීමයි.එහෙත් බොහෝ කවියෝ ස්වභාවෝක්තිය අතහැර උපමා, රූපක සංකේතාර්ථ කෙරෙහි විශ්වාසය තබති."දම්පාටින් ළා සඳ බැස යනවා " යන රූපක ය ද ස්වභාවෝක්ති ගුණය ද මෙි ගී සපුව හැඩගැන්වීමට හේතුභූත වී තිබෙි.මෙහිදී රචකයා ගොඩනගන සංකල්ප රූප අතිශය ප්‍රබලය.
දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟේ
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
මෙි ගීතයේ කථකයාට ද තම පෙම්වතියගේ සඳ වැනි මුහුණ පෙනෙන්නේ දම්පැහැයෙනි.මෙහිදී පෙම්වතියගේ මුහුණේ පවතින ශෝකාන්ධකාරය දැනවීමට රචකයා දම් පැහැති වර්ණය භාවිත කරයි.ඔහුට ඇයගේ සොඳුරු උවන දම්පැහැයෙන් දිස් වන්නේ එබැවිනි.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?එහෙත් දැන් උනුන්ගෙන් වෙන්වීමට හෝරාවයි.ප්‍රේමයේ සුඛාස්වාදය අහිමිවීම ඔහුගේ මනසට වෙිදනාවකි.වදයකි.උනුන් එකිනෙකාට ළංවී ඇසට ඇස අලවාගෙන අනුරාගික හැඟුම් දල්වා බලා සිටියි.එහෙත් දෙදෙනාට ම වෙන්වීමට හිතක් නැත.ආදරවන්තයෝ වෙන්වන්නට වෙන්වන්නට නැවත එක්වීමෙි ආශාව දියුණු තියුණු කර ගනිති. එසේ වෙන්වී නැවත එක්වූ අවස්ථාවේ හිතේ උපන් වෙිදනාව හා සැනසුම පවසයි.
සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා
අසම්මත පෙම සදාතනික වෙිදනාවේ සිරගෙයයි.සමාජයේ සදාචාරාත්මක සංස්කෘතික වහන්තරාව ඉදිරියේ ඇතැම් ආදරවන්තයෝ පසු බසිති.සෙවණැල්ල තිබෙන්නෙත් එළිය ඇත්නම් පමණි.එළිය නැත්නම් සෙවණැල්ල ද පලා යයි.එළිය කළු වුණොත් ඇය කෙසේනම් ඔහුගේ සෙවණැලි බිත්ති පුරා ඇඳ තනිය මකා ගන්නද?ඔහු කිසියම් දවසක තමන්ට පිටුපාවීදෝ යන හැඟීම ඇගේ යටි සිතේ හොල්මන් කරයි.මෙහිදී කථකාවගේ හිතේ අවිනිශ්චිත බව රජ කරන බව පෙනේ.එහෙත් කිසියම් දවසක ඔහු නැවත ඇයගේ සෙනෙහස සොයා එනතුරු ඇය ඔහුගේ රූපය අඳින්නේ භෞතික ගොඩනැගිල්ලක නොව සිත නමැති බිත්තිය මත නොවෙිද? සිත් බිත මත අඳින සිත්තම කවදානම් මැකී යයි ද?මානවබන්ධුත්වය,සම්භෝග ශෘංගාර සංස්පර්ශය අහිමිවීම මිනිසා කෙසේනම් දරාගන්නද?මෙි අන්තරා කොටසෙන් පෙම්වතියගේ අධ්‍යාත්මය පුරා පැතිර යන ශෝකාන්ධකාරය ධ්වනිත නොවෙිද ?
රෑ කල දිගුවේ නම් ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා
මෙි කථකයා තම ප්‍රාණසම පෙම්වතිය සමඟ ගෙවූ සොඳුරු සුයාමයට තව තවත් ලොබලිය වඩවයි.සම්භෝග ශෘංගාර සුව විඳිමින් රැය පහන් කළ ද ඔහුට තවමත් ඇයට සමුදීමට හිතක් නැත.සඳපහන යට සිසිල ලබමින් උනුන්ගේ සියළඟ දැවටී ගෙවන මෙි සුඛාස්වාදය අහිමිවීම ඇයට මෙන් ඔහුට ද වෙිදනාවකි.රාත්‍රිය තවත් දිගුවෙි නම් නෙළුම් පතක රැඳී පිනි බිඳුවක් මෙන් ඇගේ ළයමත සැතපී ඉන්නට ඔහු සූදානම්.එහෙත් ඊට අවකාශය කෝ?ප්‍රභාතය අරුණු රේඛා එකිනෙක ඔවුනගේ සිරියහන අරක්ගෙන ඇත..මෙහිදී තවත් අපූරු රමණීය කාව්‍යෝක්තියක් රචකයා ගොඩනගයි.ලොව සියලු ධාතුන්ගේ අවිනිශ්චිත බව කීමට රචකයා යොදා ගන්නා උපමා රූපකය බලන්න .
නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
මෙි වූකලි කථකයා තම පෙම්වතිය සමඟ ගෙවන නිමෙිෂය කෙතරම් කෙටි ද අවිනිශ්චිත ද යන්න හැඟවීමට සුවිශද කළ අපූරු කාව්‍යෝක්තියක් නොවෙිද?මෙයින් ගම්‍යවන්නේ නෙළුම් කොළය මත පිනි බිඳු නොරැඳෙන බවය.පිනි බිඳු නෙළුම් පත මත වැටුණ ද එය තත්ක්ෂණයෙන් ලිස්සා වැටෙයි.මෙනයින් ඇයගේ ළයමඬලේ සැතපී ඔහු විඳින සහනය ද ඉතා කෙටි නොවෙිද?එහෙත් කථකයා කල්පනා කරන්නේ පමා වෙලා හිරු නැගෙනතුරු එකී සැනසුම ලබන්නට ය. මෙබඳු රමණීය යෙදුම් ගීතයට ගෙන එන්නෝ විශිෂ්ට කවියෝය.ඔවුහු සහජයෙන් ම කවිකම් උරුමකර ගත්තෝය.කවියා කෙතරම් කාව්‍යෝක්ති ගොඩනැගූව ද ඒ සියල්ල සක්ක පද නොවී අර්ථවත් විය යුතුය.අපූර්ව විය යුතුය.නව්‍ය හා රසවත් විය යුතුය.මෙි ගීමිණිරුවනින් යටකී ගුණ සුවිශද නොවෙිද ?
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
දම් පාටින් ළා සඳ බැස යනවා