සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරරසය සහ කරුණරසය දනවයි.
කොළඹ සන්නියෙන් පෙළෙන්නෝ ගම අතහැර කොන්ක්‍රීට් වනන්තරයට සංක්‍රමණය කරති.එහෙත් උපන් ගමින් විතැන් වී නගරයට එන ශ්‍රමිකයෝ අවාසනාවන්තයෝ ය.ඔවුහු සිය මවුපියන්,සුතනඹුවන් අතහැර නගරයට අවතීර්ණ වූව ද පශ්චාත්තාපයෙන්,ප්‍රිය විප්රයෝගයෙන් කල් ගෙවති.එහෙත් යටකී තතුවලට හේතූ කිම? නගරය ගමට වඩා සුඛෝපභෝගී සුරපුරයකැයි ඇතමෙක් කල්පනා කරති.එහි කිසියම් අර්ධ සත්‍යයක් ගැබ් වූව ද මෙරට නගර, සැලසුමකින් තොරව නිර්මාණය වී ඇති බැවින් මෙි නගර සියල්ල තදබදයෙන් පිරුණි.එපමණක් නොව මුඩුක්කු,කුණුකසළින් ද අතුරුසිදුරු නැති විය.ගමත් නගරයත් යාකරන පාලම් පවා ඉදිවූව ද ගම නගරය තරම් සංවර්ධනය නො වී ය.මෙනයින් මෙරට ගමත් නගරයත් අතර විසංවාදය දරුණු විය.අවසානයේදී ගමෙි කෘෂිකාර්මික ජීවිතයට හුරුපුරුදු වූ තරුණයෝ පවා නගරය බදා වැළඳ ගත්තෝය.
මෙනයින් රටෙි පරිපාලනය,නිෂ්පාදන හා ආර්ථික කටයුතු නගරයට ම සීමාවීම යටකී අර්බුදයට හේතුභූත විය.අවසානයේ ගමෙි විස්තීර්ණ පවුල් ජීවිත ගතකළෝ නගරයට පැමිණ න්‍යෂ්ටික පවුල් තනා ගත්තෝය.නගරයට පැමිණි ශ්‍රමිකයන්ගේ ඥාති මිත්‍රාදීහු ගම්වලම රැඳි සිටියාහු ය.නගරයට සාපේක්ෂව ගම සංවර්ධනය නො වීමෙි ප්‍රතිවිපාක අපි සියලුදෙනා අද අත්විඳිමු. අතීතකාමයෙන් පෙළෙන්නෝ ගම තවමත් නිර්මල බෞද්ධ සංස්කෘතියේ සංකේතය බවට උදම් අනති.එහෙත් ගම භෞතිකව සුන්දර වූව ද නගරයට වඩා දූෂිතය. ගමෙි මිනිස්සු ඉනිවැටට,පොල්ගෙඩියට ගහමරා ගනිති.එහෙත් ඔවුහු නගරවැසියන් මෙන් නොව විපතකදී එකට එකතු වෙති.නගරවාසීහු අහස උසට තාප්ප බැඳගෙන අසල්වැසියාගෙන් විතැන්වී හුදෙකලා ජීවිත ගතකරති.තතු එසේ වූව ද උනුන්ගෙන් වියෝ වූවෝ වියෝදුක විඳින්නෝ ය.මෙි ගීතයෙන් ස්පර්ශ කරන්නේ එබඳු වියෝගයක එක්තරා පැතිකඩකි.
දුරුකතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ
මෙි කථකයා තම ප්‍රියාවිය නැති සොවින් ළතැවෙයි.ඇතැම්විට ඔහුගෙන් දුරස් වූය්‍ෙ බිරිය හෝ පෙම්වතිය විය හැකිය.ප්‍රිය විප්‍රයෝගය කෙතරම් බලවත් වූයේ ද යත් මෙි කථකයා දුරුකතර ගෙවාගෙන ඇය බැහැදැකීමට නගරයේ සිට යළි ගමට පැමිණියේ ය.එහෙත් ඔහු ආවෙි හොර රහසේ ය.ඇයට නොදන්වා හිටිහැටියේම ය.මෙහිදී "අර බලන්න අර පුරහඳ අහසේ" යන යෙදුම කාව්‍යාත්මකය.ධ්වනිතාර්ථපූර්ණය.පුරපස සඳ හෙවත් පෙර පස සඳ යන්නෙන් ගම්‍ය වන්නේ ඇගේ වතකමලෙහි ඇති සොඳුරු බව නො වෙි ද? එපණක් නොව එම සෞම්‍ය වූ ලාවණ්‍ය මුහුණ දැක්මෙන් ඔහු තුළ හටගත් පහන් සිතුවිල්ල,ප්‍රසන්න හැඟීම ද ඉන් තීව්‍ර වෙයි.රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මෙි කාව්‍ය ප්‍රයෝග අතිශය රමණීය නො වෙි ද?
දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා
මෙි වදන්වැළෙන් කථකයා දිවි ගෙවන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක බව මොනවට පැහැදිලි වෙයි.නගරයේ කම්හල්වලින් පමණක් නොව මහමග රථවාහනවලින් පවා තෙල් දැවුණු කළුදුම් රොටු උඩට නැග සොඳුරු වලාකුළු වසාලයි.එහෙත් එයින් නැගෙන අසුන්දර පරිසරයේදී වුව කථකයාට තම ප්‍රියාවිය සිහිපත් වෙයි.ඇය තරුකැට මෙන් සැඟවී ඇස් කොනින් කළ ඇරියුම දුටුවිට ඔහුට තව දුරටත් නගරයට වී සිටිය හැකි ද?ඔහු රහසේ ම ඇය සොයා ආවෙි එහෙයිනි.මෙහිදී "උඹෙ කතා කරන දෑස මතක් වෙලා" යන යෙදුම රමණීය නො වෙි ද?ඇස්වලින් කතා කළ නොහැකි වූව ද වචනයෙන් කිව නො හැකිය. ශෘංගාර හැඟීම් සමුදායක් දෑසින් ඇඟවිය හැකිය.හැම ගැහැනියකට ම කතා කරන ඇස් දෙකක් ඇත.පිරිමින් දපනේ වැටෙන්නේ එ්වාට ආසක්ත වීමෙන් නො වෙි ද?
මහ මැඳුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා
අහස සූරන මාලිගා නගරයේ හැමතැනම අලංකාරයෙන් බබළයි.රාත්‍රී කාලයේදී එම මහමැඳුරු උඩින් පුරපස සඳ පායයි.එය දැකීමෙන් ඔහු තුළ වියෝදුක බලවත් වෙයි.මෙහිදී කථකයාට මැවී පෙනෙන්නේ ඇගේ සඳවැනි වතකමලය.තම ප්‍රියාවියගේ සඳවත දැකීමෙන් ඔහු සිතෙහි ඇය කෙරෙහි ලොබලිය වඩවයි.ඔහු නොසිතු පරිදි ගම වෙත ඇදෙන්නේ එනිසා ම නො වෙි ද?ප්‍රියසංයෝගය යම් ආනන්ද ප්‍රහර්ෂයක් දනවා ද ප්‍රියවිප්‍රයෝගය ඊට නො දෙවැනි ශෝකසන්තාප දනවයි.මෙනයින් මෙි ගීමිණෙහි ගැබ් වන්නේ විප්‍රයෝය හෙවත් වියෝගය පිළබඳ පුවතකි.එහෙත් මෙි හදිසි හමුවීමෙන් පසු උනුන් තුළ සුඛප්‍රහර්ෂ,සම්භෝග ශෘංගාර හැඟීම් නූපදී ද?
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහය
දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දුරුකතර ගෙවාගෙන