රාජ්‍ය සම්මානලාභී තරුණ කිවියර ටිම්රාන් කීර්ති විසින් විරචිත සාදර බණ්ඩාර නමැති යොවුන් කොවුලානගේ හඬ මියැසියෙන් සමලංකෘත වූ මෙි ගීමිණ මෙරට විරෝධාකල්ප ගී මංජරියට එක්වූ නූතන මව් ගුණ වැනුමකි.
කවියක අඬුපඬු කඩා සාර්ථක ගීත නිර්මාණය කළ ගේය පද රචකයෝ කිහිපදෙනෙක් අප අතර සිටිති.මහගම සේකර,රත්න ශ්‍රී විජේසිංහ,මඩවල .එස් රත්නායක,ඩෝල්ටන් අල්විස් ආදී ප්‍රවීණයෝ යටකී කාර්යෙන් උපරිම ඵල නෙළා ගත්තෝය.තරුණ කවියකු වූ ටිම්රාන් කීර්ති ද ඒ හපන්කම කර ඇත.මෙරට තරුණ ප්‍රජාව අතර පතළ පොඩ්ඩියේ නමැති ගීතය බිහිවන්නේ ද ටිම්රාන්ගේ ම කවියකිනි.ටිම්රාන් ලියූ "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" නමැති කාව්‍ය සංග්‍රහයේ එන "අපේ අම්මා හැර සේරම බුදු වෙිවා" නම් කවි පන්තිය ඔහු හරවත් ගීතයකට පෙරළා ඇත.මෙනයින් මෙි ගීතයේ පෝෂණය කොට තිබෙන්නේ මාතෘ ප්‍රේමයේ රසය හා ගුණ වැනුමයි.එහෙත් මෙි ගීතයට ප්‍රස්තුත වී සිටින මව ගණිකාවකි.
ගණිකාව වනාහි සමාජ නිෂ්පාදනයකි.ලොව ඉපැරැණි ම රස්සාව වූයේ ද ගණිකා වෘත්තිය යි. එහෙත් ඇය එම අඳුරු අගාධයට තල්ලු කළෝ කවරහුද?රන් බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ළඳුනේ ගීතයට පසු ගණිකාව පිළිබඳ මානවබන්ධුත්වයෙන් බැලූ ගීතය මෙය නොවෙිද?
ගණිකාව,වෛශ්‍යාව,අබිසරුලිය,බඩුව,සතා යන කුමන නමකින් හැඳින්වූව ද ගණිකාවක් වන්නේ ගැහැනියකි.ගැහැනියක් මවක් වන්නේ නම් මවක් ගණිකාවක් වීම මෙි විපරිත සමාජයට කුමන අරුමයක් ද?
පුරුෂෝත්තමවාදය රජකරන සමාජයක ගැහැනිය අවලංගු කාසියකි.ඇතැම් පිරිමින්ට තම බිරිය ශුක්‍රාණු එකතු කරන බඳුනක් පමණි.බුදුන් සමයේ ද අතිපීඩිත ලියෝ සිටියහ.පන්ති පීඩනය,දුප්පත්කම ඇතැම් කතුන්ගේ ජීවිතය අරා නැගී සිටින පිළිමලුන් ය.මෙකී සතුරෝ අහිංසක ගැහැනිය පාරට තල්ලු කරති.කාමාතුරයෝ එබඳු කතුන් බිලිගැනීමට මග බලා සිටිති.අසරණ කාන්තාවෝ මුදල් ඉපයීමට ඇති අවසන් තුරුම්පුව ලෙස ගණිකා වෘත්තීය තෝරා ගනිති.තතු මෙසේ වන කල්හි ලියන්ට හැමදාම සදාචාර බැම්මෙන් බැඳී ජීවත් විය හැකිද?සමාජය ඔවුන්ගෙන් එම අවස්ථාව උදුරාගෙන තිබෙි. සැමියාගේ තිරිසන්කමින් මර්දිත ලියන් ගැන බණ පොත්වල පවා සඳහන් වෙි. ටිම්රාන් කවියා මෙි ගීතය ඔස්සේ මතු කරන යථාර්ථය මෙය නොවෙිද? ගණිකාවක් වූ මවකගේ ඇතුළාන්තය විනිවිද දැකීමට රචකයා යත්න දරයි.මානවබන්ධුත්වයෙන් ඔහු අප හද පාරා කොනහයි.මෙබඳු විස්මකර්මයක් කළ හැක්කේ විශිෂ්ට කවියකුට පමණි. මවට එබඳු ඉරණමක් අත්වූයේ ඇගේ වරදින් නොවන බව මෙහි කථකයා තම නැගණියට වක්ක්‍රෝත්තියෙන් පවසයි.සිංහල අලුත් අවුරුද්දට දරුවෝ මවුපියන්ට වැඳ නමස්කාර කරති.ගම ගෙවල්වලට මෙබඳු වැඳුම් පිදුම් අරුමයක් නොවෙි.විශේෂයෙන්ම දසමසක් කුස දරා මෙලොවට බිහිකළ මවට දරුවෝ මහත් භක්ත්‍යාදරයෙන් වඳිති.එහෙත් මෙි ගීතයේ එන පොඩ්ඩියේ නමැති කථකයාගේ නැගණිය සිංහල අලුත් අවුරුදු දා තම මවට බුලත් හුරුල්ලක් දී වැඳීම ප්‍රතික්ෂේප කරන්නීය.මෙය දැකීමෙන් පවුලේ වැඩිමලා වූ අයියාට යක්ෂාවෙිශ වෙයි.ඔහු තම නැගණියගේ ක්‍රියා කලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරයි.එපමණක් නොව මවට වඳින්න යැයි නැගණියට බල කරයි.ගණිකාවක් වූ තම මව දෙස වපරැසින් බලන නැඟණිය කෙරෙහි කථකයා මෙතරම් පරල වන්නේ ඇයි?
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුණේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කොවුල් බිජු පුපුරන දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
මෙි කථකයා පවුලේ වැඩිමහල් සහෝදරයා ය.සිංහල අලුත් අවුරුදු දා මවට වැඳීම ප්‍රතික්ෂේප කළ තම නැගණිය කෙරෙහි ඔහුගේ සිතෙහි හටගත් කලකිරීම සහ වේදනාව ගීතයේ ස්ථායි කොටසෙන් වර්ණිතය.මෙි වූකලි අයියා නගෝ අතර තම මව පිළිබඳ හටගත් මතභේදයකි.තම මව ඇඟ විකුණන කාන්තාවක් බව දෙදෙනාම දනිති.එහෙත් මවගේ වෘත්තියට තම නැගණිය ගරහන්නීය. මෙි කථකයා තම නැගණියට පුන පුනා පවසන්නේ මව දෙස මීට වඩා මානුෂික හැඟීමෙන් බලන ලෙසයි.මෙි ගීතයේදී ටිම්රාන් කවියා සම්මත භාෂා එළිවැට කඩයි.එහිදී ඔහු සමාජ රිද්මය හඹා ගිය කවියකු වූ මහගම සේකරයන් මෙන් පොදු ව්‍යවහාරයේ භාවිත සරල,සුගම වචනවලට මුල්තැන දෙයි.
"නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"
යටකී භාෂා විප්ලවයට ඔහු මුලපුරන්නේ "ගේම" "සතා" වැනි වචන යොදාගැනීමෙනි.මෙි වචන බොහෝ විට අපට ඇසෙන්නේ පුරවහරේදී පමණි.මෙි වනාහි ගම්වැසි වදනරුත් නොව ජීවමාන බසක් වන සිංහල භාෂාවෙි විපරිනාමයයි.සාහිත්‍ය කලා සන්නිවේදනයේදී මෙබඳු වචන භාවිත කිරීම පිළිබඳ කලා පොලිසි කලබල විය යුතු නැත.බස නසන කුණුහබ්බ
ජුගුප්සිත වදන් මෙහි නැත.මෙි වූකලි ගීතය විසින් ඉල්ලා සිටින සුනම්‍ය,රැඩිකල් බස නොවෙිද?
"බක්මහේ කොවුල් බිජු පුපුරන දාක"
මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? ගීසපුව වර්ණවත් කරන ඉසියුම් වූත් ඉගැඹුරු වූත් යෙදුම මෙය නොවෙිද ? මෙහි දිසි අරුතට වඩා වැසි අරුත ප්‍රබලය.කෙවිලිය බිත්තර දමන්නේ කපුටු කූඩුවලය.එහෙත් මෙකී බිජු පුපුරා කොවුල් පැටවුන් එළියට එන්නේ බක් මාසයේදී ය.කපුටා යනු තැන තැන වැටී තිබෙන ජරාව කන අවලස්සන පක්ෂියෙකි.එහෙත් සමාජයේ ගැරැහුම් අපහස ලබන කපුටු මව තම කූඩුවෙි අතහැර ගිය අනුන්ගේ බිජු ආදරයෙන් සුරකින්නීය.අවසානයේ කොවුල් මවුපියෝ පැමිණ කපුටු මව ආදරයෙන් සුරැකි කොවුල් පැටවුන් රැගෙන යති.මෙනයින් තම නැගණිය ද කපුටු මවගෙන් යැපුණු දරුවකු මෙන් නොවෙි දැයි කථකයාගේ සිතෙහි සැක සංකා උපදියි.තම මවට එරෙහි වන නැගණිය වෙනත් පියකුගේ දරුවකු දැයි ඔහුට සිතෙයි.මෙි ගීතයේ කූටප්‍රාප්තිය මෙකී පද පෙළ නොවෙිද?මෙහිදී එක මවකගේ බඩවැල කඩාගෙන ආ අයියා නගෝ විසංවාදයකට මැදි වී සිටිති.
තනේ කඩා විසිකර පත්තිනි වෙි නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නෙ වන පල විස වී නම්
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්
පත්තිනි දේවිය යනු කතුන්ගේ ගැලවුම්කාරිය යි.ඇය විවිධ වෙිශයෙන් පෙනී සිටින්නීය.වරෙක රීරිමාංශ බොන යකින්නියකි.තම ස්වාමියා රාජ උදහසට ලක් වී මරුමුවට පත්වූ දා පටන් පත්තිනිය පතිවත රකිමින් දැහැමි ජීවිතයක් ගත කළාය.වරෙක ඇය තම ස්වාමියා බෙිරාගැනීමට වම් පියවුර කඩා පොළොවෙි ගැසුවාය.ඇගේ සාපයෙන් මුළු මදුරාපුරය ම ගිනිගෙන හළුවී ගිය බව කියති.මෙහිදී රචකයා පත්තිනිය පිළිබඳ මතකය අලුත් කරන්නේ කුමන පදනමකින් ද?මවට ගරහන නැගණියට කථකයා පවසන්නේ තම මවත් පත්තිනි දේවිය මෙන් සමාජයට සාප කරමින් ඇවිද ගියා නම් දෙදෙනාට ම හාමතේ මිය යන්නට ඉඩ තිබූ බවයි.එහෙත් සිය මව පතිවත සුරකිමින් දේවත්වයට නොගිය බව ඔහු පවසයි.මෙහිදී රචකයා අන්‍යාලාපයෙන් කියන්නේ දරුවන් වෙනුවෙන් ඇඟ විකුණු එම මව පත්තිනි දේවියටත් වඩා උතුම් ස්ත්‍රියක් බව නොවෙිද?වෙස්සන්තර රජුන් කැලේට ගොස් බවුන් වඩද්දී වනයට ගොස් පලවැල නෙළාගෙන විත් ජාලිය - ක්‍රිෂ්ණජිනාගේ බඩගිනි නිව්වෙි මන්ද්‍රි දේවිය යි.මෙහිදී කථකයා තම නැගණියගෙන් අසන්නේ
මන්ද්‍රි දේවිය මෙන් දරුවන් වෙනුවෙන් කැපවුණු තම මවගෙන් තවත් හාරා අවුස්සන්නේ මොනවාද යන්නයි?ඇඟ විකුණා අමාරුවෙන් ගෙනත් දුන්න කෑමබීම විෂ නොවී නම් ඒ ගැන තවත් කතා මොකට දැයි කථකයා තම නැගණියගෙන් අසයි.එසේනම් අපි ගිහින් මවට මෙි සන්තෑසිය උදාකළ පඬිපුරය බඳු සමාජයට ගිනි තියමු යැයි ඔහු තම නැගණියට යෝජනා කරයි.
සතා කියා ඉඳහිටක දි ඇහුණාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට
සමාජ හංවඩුවක් වූ ගණිකාවට ඇතමෙක් විවිධ නම් පට බඳිති.සතා,බඩුව වනාහි එබඳු අශ්ලීල නම් කිහිපයක් පමණි.එහෙත් මෙබඳු කටකැඩිච්ච කතා හදන කිසිවකු බෝසත් ජීවිත ගතකරන්නෝ නොවෙති.ඔවුහු සියලුදෙනා දවල් මිගෙල් රෑ දැනියල් පන්නයේ දෙබිඩිඩෝය.එබඳු පුද්ගලයන්ගේ අපහාස,උපහාසවලට කන් නොදී තමන්ට යක්ෂාවෙිශ වීමට පෙර මවට දණ නමස්කාර කරන ලෙස ඔහු නැගණියට අණ කරයි.
දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා
ආගම වනාහි මිනිසා මත පැටවු අමතර බරකි.දුප්පතා දහදිය මුගුරු පෙරමින් කඹුරා හරිහම්බ කරන සොච්චමෙන් පන්සල්,පල්ලි,කෝවිල් නඩත්තු කළ යුතුය.දුප්පතාට කරලන මෙකී උරචක්‍රමාලයට ගණිකාවක් වූ මෙි අහිංසක ගැහැනිය ද කලක් හසුවී සිටියාය.එහෙත් ගණිකාව යන සමාජ හංවඩුවට බියෙන් ඇය මසකට වරක් පන්සලට දුන් දන්කඳ ද නවතා දැමුවාය.එපමණක් නොව බුදුන් වැඳීමට යන ගමන ද අත්හැරියාය.එහෙත් එදා දන්කඳ රැගෙන පන්සලට පැමිණි ඇය අද ලොකු හාමුදුරුවන්ට රන්කඳකි. තම කාමාශා සංසිඳවීමට පැමිණෙන රන්කඳ දෙස ලොකු හාමුදුරුවෝ ගිජු ඇසින් බලති.පන්සල පාළුවට ගිය බණ භාවනා නැති දවසක ලොකු හාමුදුරුවෝ තම නිල නොලත් පාලන අධිකාරියේ බලය භාවිත කරමින් ඇය පන්සලට කැඳවති.ලොකු හාමුදුරුවන් බුදුගෙය ඇතුළෙම තම මව කෙලෙසූ බවත් මෙම පාහර ක්‍රියාව දැක මුචලින්ද නාගරාජයාගේ ඇසින් කඳුළක් වැටුණු බවත් කථකයා කියයි.මෙහිදී ටිම්රාන් කවියා ශුද්ධ භූමියේ පව්කාරයන්ට අතුල් පහරක් ද ගසයි.එපමණක් නොව සැබෑ බුද්ධ පුත්‍රයන්ගේ මුහුණේ දැලි ගාන ශ්රමණවෙිශධාරින්ගේ සිවුරු ගැලවීමට ද කවියා පසුබට නොවෙයි.
රත්වුණු යකඩ ලෝකුරු ගෑනුත් තැළුවා
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
කම්හලේ රත්‍තරං එක්ක ඔට්ටු වන කතුන් ලෝකුරු ගැහැනු යන නමින් හඳුන්වයි.එහෙත් ගිනියම් වුණ වෙලාවට රත්තරං යකඩ දෙක වෙන්වෙන්ව හඳුනාගැනීමට අපහසුය.මෙවැනි අවස්ථාවක රත්තරං කියා යකඩත් තැළෙන්න පුළුවන.රාගයෙන් මත්වුණු පිරිමියකුට තම යහනට එන්නේ පත්තිනියක් ද වෛශ්‍යවක් ද යන්න නිනව්වක් නැත,මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් පැදකුණු කරති.ලෝකය කෙතරම් ලොකු දැයි කථකයා තම නැගණියට පවසයි.එපමණක් නොව අනුන්ගේ හෙළුව හොයන පත්තිනි අම්මලාගේ රෙද්දෙත් ඇත් තුත්තිරි ඇති බව කථකයා කියයි.ඇත් තුත්තිරි යනු ආක්‍රමණික ශාකයකි.මෙි වූකලි ප්‍රබල ව්‍යාංගාර්ථ දනවන යෙදුමකි.කාන්තාවෝ අම්මලා වෙති.අම්මලා ගණිකාවෝ වෙති. ඔවුහු විත්තිකාරියෝය. එහෙත් මෙබඳු අඳුරු අගාධයකට අහිංසක ගැහැනිය ඇද දැමුවෙි මෙි දුෂ්ඨ, විසකුරු සමාජය ම නොවෙිද?
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
පොඩ්ඩියේ