ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝෂිත මෙි ගීමිණ සොබාදහමේ සොඳුරු අසිරිය පිළිබඳ පමණක් නොව ඊට විනකටින මිනිසාට අත්වන භයානක ඉරණම ද මොනවට පැහැදිලි කරයි.
"මහ රජ ඔබ මේ වනයෙහි අයිතිකරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන් මෙන්ම අහසේ පියා සරන විහඟුන් ද එහි උරුමකරුවෝය”
ක්‍රි:පූ 3 වැනි සියවසේ ලංකාවට බුදු දහම ප්‍රචාරය කිරීමට වැඩම කළ මිහිඳු මාහිමියෝ දඩබිමෙි සිටි දේවානම් පියතිස්ස රජුන්ට යටකී ප්‍රකාශය කළහ.මිහිඳු හිමියන්ගේ ඉගැන්වීමට අනුව සොබාදහමේ සැබෑ උරුමක්කරුවෝ සතාසිවුපාවෝය. මෙනයින් සොබාදහම විනාශ කිරීමට තැත් කරන්නෝ සියතින් ගෙල සිඳ ගන්නෝය.
මෙි වූකලි මිනිස් ක්‍රියාකාරකම් හමුවේ සොබාදහමට සිදුවී ඇති සන්තෑසිය අපූරුවට සුවිශද කරන මාහැඟි ගීමිණක් නොවෙිද ?මෙහිදී පුංචි පුතා යනු අලුත් පරම්පරාවයි.එහෙත් අලුත් පරම්පරාවට පැණිකුරුල්ලන්,නිල් කොබෙයියන් වැනි සුන්දර විහඟුන් දැක ගැනීමට වාසනාවක් කොහිද?මේ සියලු සතුන් ක්‍රමයෙන් වඳ වී ගොස්ය.කොන්ක්‍රීට් වනාන්තරයේ ජීවත්වන මිනිසාට සොබා සොඳුරු සිරි නැරඹීමට වෙිලාවක් නැත.කැලෑ පාළුවෝ ගස් කපති.මුළුමහත් පරිසරය ම සෝදාපාළු කරති.අවසානයේ කම්හල්,සංචාරක හෝටල් ඉදිකර සියලු වස විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඇළ දොළ ගංගා වෙත මුදාහරිති.සොබාදහමේ දායාද බඳු විවිධ ජීවිහු යටකී රසායනික ද්‍රව්‍ය මුසු ජලයට,වාතයට ගොදුරු වී අකාලයේ මිය ඇදෙති.තිරිසන් සතුන්ට පමණක් නොව මිනිසා ද මෙකී පාරිසරික විනාශයෙන් භයානක රෝගාබාධවලට ගොදුරු වෙයි.වකුගඩු රෝග එයිනුත් ප්‍රමුඛ තන්හිලා ගිණිය හැකිය.අපිරිසිදු වාතයෙන් ශ්වසන රෝග පවා වැළඳේ.තතු එසේ වූව ද සොබාදහමෙි වටිනාකම නොදැන මිනිසා එය මර්දනය කිරීමට නිතර උත්සාහ කරයි.ගස් නැත්නම් මිනිසා කම්බස්ය.
ආහාර නැතිව දින ගණනක් සිටිය ද ඔක්සිජන් නැතිව මිනිසාට එක තත්පරයක් සිටිය නොහැකිය.එබැවින් කැලේ ගහකොළ කපා විනාශ කිරීමෙන් සිදුවන්නේ මිනිසාගේ ආයූ කාලය තවත් කෙටිවී අනාගත පරම්පරාව රෝගීන් බවට පත්වීම පමණි.එහෙත් එකල එසේ නොවෙි.අපේ පැරණි මුතුන් මිත්තෝ ගහකොළට සතාසිවුපාවුන්ට,ඇළ දොළ ගංගාවලට පණමෙන් ආදරය කළහ.එදා පරිසරය ආස්වාද ජනකය.ඇසිදිසි මානයේ පැතිර යන හරිත වර්ණයෙන් බබළන නැනිතලාය.බැලු බැලු අත නෙත් සිත් සනහන දසුන්ය.එහෙත් අද වනාන්තරය නගරය කියා වෙනසක් නැත.හැමතැනම දිස්වන්නේ ගහකොළ නැති වියළි කර වූ,රතුපස් පෑදුණු බිම් පෙදෙස්ය.එහෙත් සොබාදහමේ මළගම උඩින් ගොඩනගන සංවර්ධනයෙන් මිනිසාට කුමන පලක් ද?මිනිසාගෙන් ක්‍රමයෙන් ඈත්වන සොබාදහමේ සොඳුරු පරිසරය පිළිබඳ ලුෂන් බුලත්සිංහලයෝ මෙි ගීතයෙන් මොනවට පැහැදිලි කරති.මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රේමනීය ස්වර මාධූර්යයට මෙි ගීතයේ වැසි අරුත සැඟවී ගියා දැයි විටෙක සිතේ.එහෙත් මෙි වූකලී සොබාදහමේ විනාශය පිළිබඳ පමණක් නොව එයින් ඇතිවන භායානක ප්‍රතිිඵල පිළිබඳ අපට කියාදෙන කලාත්මක ගීමිණකි.
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ
එදා පරිසරය වර්ණවත් කළ පැණි කුරුල්ලන්, නිල් කොබෙයියන් වැනි සුන්දර විහඟුන් අද ක්‍රමයෙන් වඳ වී ගොසිනි.අනාගත පරපුර එබඳු පාරිසරික වස්තු,සොබාදහමේ දායාද දැකගැනීමට නොතිත් ආසාවෙන් බලා සිටියි.එහෙත් ඒ සුන්දර සතුන් ආගිය තැනක් නැත.මෙහිදී පුංචි පුතා යනු අනාගත පරපුරයි.පුංචි කාලේ කැලේ පැන සෙල්ලම් දඟ වැඩ කළත් මෙහි කථකයා පවසන්නේ තමා කුරුල්ලන්ට පණමෙන් ආදරය කළ බව නොවෙිද?
අඹ දඔ නාරන් ගස් යට කජු පුහුලන්
මොරගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා
පුංචි පුතා එන්න කලින්
උන් හිටතැන් නැතිවුණදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා
මෙි කථකයා පවසන්නේ එකල තමා කැලේට ගොස් මිතුරන් සමග අඹ,දඹ,නාරං,කජු වැනි ගඩා ගෙඩි කඩාගෙන කෑමෙන් මහත් තෘප්තියක්,විනෝදයක් අත්විඳි බවය.එහෙත් අද වනාන්තරයේ එබඳු ගහකොළ නැති බවත් ඒ සියල්ල කැලෑ පාළුවන් විනාශ කර නව කම්හල් හෝටල් අහස සූරන මැඳුරු ඉදිකර ඇති බවත් ඔහු නොකියා කියයි.අනාගත පරපුර බිහිවන විට පෙර පරම්පරාවට උන්හිටි තැන් පවා අහිමිවී ගොස්ය.එදා ගහට ගහක් බැද්දේ මුණගැසුණ ද අද ගහට ගහක් මුණගැසෙන්නේ ලී මඩුවකදී පමණි.කාලයාගේ ඇවෑමෙන් සියල්ල උඩුයටිකුරුවී සොබාදහම වළපල්ලට ගොස් ඇති බව නොවෙිද මෙි කියන්නේ ?එහෙත් රචකයා මෙහිදී ගොඩනගන ව්‍යංග්‍යාර්ථ, උපමා රූපක, ධ්වනිතාර්ථ කෙතරම් රමණීය ද?මුළු ගීතය ම කාව්‍යෝක්තියකි.මෙි වෙළෙඳ අර්ථ ක්‍රමය යටතේ පරිභෝජනවාදය හිස ඔසවමින් දැවැන්ත සංවර්ධනය මුවාවෙන් කඳුවැටි හිස් මුඩුබිම් බවට පත්කර ඇති අාකාරය ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහයන් දුටුවෙි මෙසේය.
පෙර අපි මේ ගිරග නැග
හොර දෙරණ, රතටිය
මිල්ල හැඩවක ගොඩපර
ගන තුරු වියන යට අඳුරෙහි
ඒ මේ අතට දුවමින
පහල මිටි කඳු අතරෙහි
අපේ ගම් බිම් පෙනෙනා
ගම් බිම් ඇත්දැයි සෙවුවෙමු ”
ගිරග - කාව්‍ය සංග්‍රහය
- නන්දන වීරසිංහ
ඇළේ වතුර නිල් කැටේට දණ්ඩි කොරලි
යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුළා වෙලා
මෙි කථකයා අවසානයේදී කියන්නේ එදා ඔහු බුක්ති වින්ද සොඳුරු පරිසරය අද පරපුරට දක්නට නොමැති බවයි.නිල්ල නිලන ගහකොළ තුරුවැල් පිරිසුදු වතුර රැඳි ඇළ දොළ , ගංගා, වැව් අමුණු කිසිවක් අද නැත.එකල මෙන් නිදහසේ ඇළකට පැන දිය බුං ගසම්න් දණ්ඩි,කොරලි මසුන් සමග ජල කෙළියේ යෙදෙන්නට ද අද කිසිදු අවකාශයක් නොමැත.අද ගංගා ඇළ දොළ මත වැඩිපුරම තියෙන්නේ කම්හල්වලින් මුදාහරින ලද කළුපැහැති පාවෙන රසායනික තෙල් තට්ටු නොවෙිද?මෙහිදී කළුදිය දහරා යනු එකී රසායනික ද්‍රව්‍ය එකතුවී හැදුණු බොර වතුර යි.ධනේශ්වර සමාජයේ ආත්මාර්ථකාමයත් බලලෝභයත් හේතුවෙන් යටකී පාරිසරික විනාශය සිදුවී ඇතැයි කීම යුක්ති යුක්ත නොවෙිද?මෙනයින් සොබාදහමේ මනරම් පරිසරය අහිමිවීමෙි වෙිදනාවෙන් සංවෙිදී පුද්ගලාත්මයෙහි හටගත් ප්‍රකම්පනය මෙි ගී මිණෙන් ප්‍රතිබිම්බිත යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැණි කුරුල්ලනේ