ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ කරුණ රසයෙන් අප හද තුළ භයකම්පා උපදවයි.
ධනබල,නිලබල,කුලමල යනාදී අනේකවිධ කොටුපවුරුවලින් පීඩිතයා වෙන් කරනු ලැබ සිටියි.මෙනයින් පන්ති සමාජය තුළ දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනිය.ඇත්තෝ කති.බොති.අහස් මාලිග තනාගෙන සුරසැප විඳිති.නැත්තෝ හාමතේ හූල්ලති.වැළපෙති.කටුමැටි පිලක,පොල්අතු පැලක ජීවිතය දිය කර හරිති.එහෙත් අටලෝ දහම අවබෝධ කර ගත්තෝ සියල්ල විඳ දරා ගෙන දැහැමින්,සෙමෙන් අකම්පිතව සුජීවත් වෙති.භෞතික සම්පත් තනිපංගලමෙි භුක්ති විඳින්නෝ සමාජ දරිද්‍රතාව තුරන් කිරීමට අබමල් රේණුවක උනන්දුවක්,උත්සාහයක් නොගනිති.ඔවුහු දොඩම් ගොඩ බදාගත් අයුරින් මුදල් අට්ටි ගසති.මෙි නිසා පීඩිත පන්තියේ අසරණයෝ නිතර තමන් නොලද සම්පත් ගැන සිහින මවති.ඇතැම් මවුපියෝ තම දරුවන්ට දිය නොහැකි සැප සම්පත් ගැන සිතමින් පසුතැවෙති.ළතැවෙති.සිහින මාලිගා තනති. එහෙත් ඒ සිහින බිඳී ගොස් ශෝකයෙන් කෙළවර වෙයි.පසුතැවිල්ල පමණක් ඉතිරි වෙයි.
බටහිර රටවල මෙන් නොව ආසියාතික රටවල නිවෙසක දියණියක වුව හොත් ඇයට කනකර ආයිත්තම් ,අගනා සළුපිළි ආදිය සපයා දිය යුතුය.පුරුෂෝත්මවාදය රජයන ලංකාව වැනි රටක යටකී කාර්ය බොහෝවිට පැවරෙන්නේ ගෙදර ගෘහමූලිකයාටය.එහෙත් නිසැමි මවකට දියණියකගේ එකී වගකීම් පැවරුන හොත් ඇය කෙසේ නම් එය ඉටුකරන්නද?තතු මෙසේ වන හෙයින් පියා නැති තන්හි කනකර පාළුවූ දුවක දක්නා මව තුළ බලවත් සිත් පීඩාවක් ඇතිවීම අරුමයක් නොවේ.ලූෂන් බුලත්සිංහලයන් මෙි ගීතයෙන් පරමාර්ශන කරන්නේ කනකර පාළුවට ගිය දුප්පත් දැරියකගේ මනෝභාවය යි.මෙකී මනෝභාවය කෙරෙන් මවක තුළ උපදින දාරක ප්‍රේමය රචකයා අපූරු චිත්ත රූප පෙළකට නගයි.පන්ති සමාජයේ දරිද්‍රතාව මිනිස් ජීවිතයට මෙි සා කම්පනයක් ඇති කළ හැකිද? මෙහිදී තරුණිය තම රූප සම්පත්තිය දැක ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන්නීය.වීදුරු කැඩපත මව විසින් බිම දැමු පසු ඇයට තම ප්‍රතිබිම්බය දැකීමට විකල්ප ක්‍රම සෙවීමට සිදුවෙයි.කටුමැටි බිතු මත ඇඳෙන සෙවණැල්ලෙන් තම රුව දැකීමට යත්න දැරීම, ළිඳේ පෑදිදිය මතින් වත කමල බැලීම වැනි දෑ යටකී උපක්‍රමවලට නිදසුන් නොවෙිද?එහෙත් තම දියණියගේ බොළඳ,අහිංසක ප්‍රයත්න මවට ගෙන දෙන්නේ දැඩි චිත්ත පීඩවකි.තම තරුණ දියණියගේ කෙළිලොල් හැසිරීම් රටාව මවට නොරුස්සන්නේ නැතිබැරිකම නිසාමය.ඇය ඒ පිළිබඳ කනස්සල්ලෙන් පසුවන්නීය.කලාකෘති සැමවිටම අකාලික නොවෙි.අදේශීය ද නොවෙි.ඇතැම් විට එය සාපේක්ෂ ව කාලීන වන්නට ද පුළුවන.එහෙත් මෙබඳු නිර්මාණ සර්වකාලීන,සදාකාලික,සනාථන,සහේතුක ගීමිණි නොවෙිද?අන්‍ය කලාදේශයක පවා මෙබඳු නිර්මාණ නීරස වෙි යැයි කිව නොහැකිය.ජීවවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක හේතු නිසා ද මව ද දරුවන් ද අතර දෘඨතර බැම්මක් පවතී.දුවට මවක මිස යැයි කියමනක් ද තිබෙි.එබැවින් සැමියා නැති නිවෙසක දුවක සිටින මවකට දැරිය නොහැකි බර ද දුක ද අසීමිත වෙි.
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
හැඩ රුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි
නුඹ අත කරලන දා
මලක් කෙතරම් පියකරු ද සුගන්ධයෙන් පිරිපුන් ද කාන්තාව ද එබඳුය. ස්ත්‍රී රූප සෞන්දර්ය පිළිබඳ කවියෝ නිතර උදම් අනති.මෙනයින් ලියක රුව මහිම තරම් පුරුෂයාගේ නෙත්සිත් වශී කරන අන්‍ය සෞන්දර්යයක් ලොව නැතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.මල යනු සොබාදහමේ මනරම් නිර්මාණයකි.මෙි නිර්මාණය තුළ විවිධ වර්ණ ගන්ධ හැඩ පැහැ ඉතා අපුරුවට සංකලනය වී ඇත.මෙහිදී රචකයා තරුණ දියණියකගේ රුව වැනීමට යටකී මලක සුන්දරත්වය උපමාවට ගෙන ඇත.මලක් සදිසි තරුණියක තම රුව මහිම කැඩපතකින් බැලීම නුනුවණ ක්‍රියාවක් බව මෙි ගීතයේ කථකාව වන මව තම දියණියට පවසන්නීය.ඇය පවසන්නේ කාන්තාවක සතු ස්වාභාවික ලස්සන නිතර දැකීමට කැඩපත වෙහෙසීම නිෂ්ළුල ක්‍රියාවක් බවය.එහෙත් මව මෙබඳු ප්‍රකාශයක් කරන්නේ එකී හේතුව නිසා ම නොවෙි.දියණියගේ කනකර පාළුය.මාල,කරාබු පළඳවන්න තරම් වත්පොහොසත්කමක් තමන් සතුව නැති බැවින් මෙි කථකාව තම දියණිය එබඳු රැවටිලි බසකින් සනහාලීමට යත්න දරන්නීය.දුප්පත්කමින් මිරිකී සිටින මවක් තම දියණියට කනකර ආයිත්තම් අගනා සළුපිළි ,රසමසවුලු කෙසේ නම් දෙන්නද?එහෙත් මෙහිදී ඇය තම දියණිය වෙනුවෙන් හිතේ ගුලිකර ගෙන සිටින බලාපොරොත්තු අත්නොහරින්නීය.කවදා හෝ දවසක දියණිය දීගෙක යද්දී මෙි නැතිබැරිකම් තුරන්වන බවට දැඩි විශ්වාසයක් ඇය සතුව පවතින්නීය.මුතුමාල හතක් පළඳින්නේ කාන්තාව දීගෙක යනවිටදීය.මෙනයින් පොහොසත් ගුණවත් මනාලයකු පැමිණ තම දියණිය කැන්දාගෙන යාවි යැයි ඇයට සිතෙයි.මෙි නම් දුප්පතා සතු අහිංසක සිතුවිල්ලක් ම නොවෙි ද? එහෙත් සියලු දුප්පතුන්ට එබඳු සොඳුරු කලදසාවක් උදාවෙිවිද?
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් සිත මා ආදර දියණියනේ
ආදර දියණියනේ
පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
තම දියණිය වතෙහි රූසිරි බැලීමට විවිධ උපක්‍රම අත්හදා බලන බව මවට පෙනෙයි.කටුමැටි බිත්තිය දෙස බලා ඇය රැ හෙවණැල්ලෙන් කෙස් කලඹ පීරන විට මවගේ සිත වාවාගත නොහැකි දුකකින් පිරී යයි.මෙි කථකාව තම දියණියගෙන් ඉල්ලා සිටින්නේ තම සිත තැවුලට පත් නොකර එබඳු නිරර්ථක උත්සාහයන්ගෙන් වැළකී සිටින ලෙසයි.අවසානයේ ඇය දියණියගේ පාළු කනට අතනොගැටෙන්නට නිවසේ තිබුණු එකම වීදුරු කැඩපත ද කුඩුකර දමන්නීය.එහෙත් දියණිය තම ප්‍රතිබිම්බය දැකීමට ඇති නොතිත් ආශාව ඉන් යටපත්කර නොගන්නීය.ඇය දිගින් දිගටම තම රූප සෞන්දර්ය විනිවිද දැකීමට වෙහෙසෙන්නීය.ගීතයේ අවසාන අන්තරා කොටසෙන් එය මොනවට පැහැදිලි වෙි.
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් සිත මා ආදර දියණියනේ
ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
උදෑසන හිරු මුදුන් වීමට පෙර පෑදිදිය ඔස්සේ තම වත කමල දැක ගැනීමට ඇය ළිඳට එබී බලන්නීය.මෙි දසුන දකින මවගේ සිතට ගෙන දෙන්නේ ඉවසුම් නොදෙන වෙිදනාවකි.තම දියණියගේ හැසිරීම් රටාව ඇයට මහත් වදයකි.පීඩාවකි.දුප්පත්කමින් පීඩිත තම සිත තව තවත් පෑරීමට දියණිය ගන්නා බොළඳ අහිංසක උත්සාහය ඇය වෙිදනාවෙන් විඳදරා ගන්නීය.එහෙත් නිවසේ විවිධ තැන්වලට ගොස් තම රූප සම්පත්තිය දැකීමට දියණිය ගන්නා ප්‍රයත්න ඇගේ හද දවයි.මෙහිදී ලූෂන් බුලත්සිංහල නමැති චිත්ත රූපික ගේය පද සිත්තරා භාවිත කරන ව්‍යංග්‍යාර්ථ උපමා රූපක,ධ්වනිතාර්ථ කෙතරම් රමණීය ද?මෙි වූකලි කතා කරන චිත්ත රූප ගොන්නකි.මුළු ගීතය ම සොඳුරු කාව්‍යෝක්තියකි.මෙලෙස බලන කල මෙි ගීමිණ කරුණ රසයෙන් අප හද තෙත් කරයි.තම දියණියන්ට පළඳවන්නට කනකර ආයිත්තම් අගනා සළුපිළි නැති මෙවැනි අම්මාවරු ලොව කොතෙක් සිටිත්ද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිපුණු මලේ රුව එමල දනීදෝ