මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය ඇති සැටියෙන් සුවිශද කරයි.
මානවප්‍රේමය තරම් උත්රීතර හැඟීමක්,වටිනා සම්පතක් ලොව එදා මෙදාතුර බිහිවී නොමැත.එහෙත් මෙි රුදුරු ගොරබිරම් ජුගුප්සිත නරාවළේ බොහෝ පෙම්කුසුම් සුපුෂ්පිත නො වී පර වී යයි.මෙනයින් බලන කල මානවයාගේ පෙම් පැතුම් යථාර්ථය තුළ සපල නො වීටම හේතු කිම?යටකී පෙම් බැඳුම් බිඳුමට ප්‍රධාන හේතුව පන්ති සමාජය යි.පන්ති සමාජය නමැති යෝධ කොටුපවුරේ හැපී සුනුවිසිනුවී ගිය ආදර අන්දර ලොව කොතෙක්ද?එහෙත් වියෝගිනී හදවතක් ඇති පෙම්වතකුට හෝ පෙම්වතියකට වූව ද මෙි ජීවිතයේ සුඛප්‍රහර්ෂ,සුඛස්පර්ශ බින්දුමාත්‍රයක් හෝ ඉඳහිට විඳීමට අවකාශය ලැබෙි.
තතු එසේ වූව ද පෙම්වතුන්ගේ සිහින ලෝකවලට භෞතික පදනමක් නැත.ඒවා සාක්ෂාත් වන බවට කිසිවකුට සහතිකයක් ද නැත.එමතු නො ව ඒවායේ අන්තර්ගතය කුමක් ද කියාවත් කිසිවෙක් නො දනී.එහෙත් ප්‍රේමවන්තයෝ ඒවා හැර නොයත්.ඔවුහු සදාකාලිකව ම ඒ සිහින සමඟ සිටිත්.ඇතැම් ප්‍රේමවන්තයෝ ප්‍රේමය බිඳුණු කල කල්පනා යානයක නැගී විප්‍රලම්භ ශෘංගාරය විඳිමින් අතීත මතක පටු වතේ සැරිසරති.එහෙත් ජීවිතය කාලය හා අවකාශය හරහා නොනැවතී ගලා යයි.මෙි ගීතය අපට ගෝචර කරන්නේ සැමතැන පතළ පෙම්වතුන්ගේ ඉටු නොවූ පෙම් පැතුමක් ගැන නො වෙි ද?
සුකීර්තිමත් කිවිසුරු ගේයපද රචක මහගම සේකරයෝ යටකී පෙම් පැතුම රමණිය සංකල්පරූප පොකුරක් මගින් ගෙනහැර පාති.මෙහි ස්ථායි කොටසින් ඉදිරිපත් කර ඇති පළමු පද පෙළම රමණිය කාව්‍යෝක්තියක් නො වෙි ද?
පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
මෙහි කථකයා පරාජිත පෙම්වතෙකි.ඔහුට පෙනෙන්නේ තමා පාළු අඳුරු නිල් විසල් අහස් කුස මෙනි.එහෙත් තම ප්‍රාණසම පෙම්වතිය ගනඳුරු අහසේ සුදීප්ත තාරාකාවක් සේ ඔහු දකියි.ඔහුගේ පෙම් ප්‍රාර්ථනය නිමල් ය.සුපුල් ය.උදුල් ය.එහෙයින් ඔහු සිතෙහි උපන් සදාකාලික අපේක්ෂාව ද පැතුම ද ඇය ම යි.
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දියදහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
මෙහිදි තමා සූර්ය රශ්මියෙන් පරිපීඩිතව අසාර වී ගිය මහපොළොව සේ කථකයාට හැඟෙයි.එහෙත් ඒ නිරුදක බිමෙහි උදක සපිරි ගලා බසින දියදහර ඇය ම නො වෙි ද?එපමණක් නොව යුග ගණනක් පුරා හදවත් නලවන සදාකාලික වූ සැපතත් ඇය ම ය.එහෙත් යටකී හදවත සදාකල්හි නැලවීමට නම් ඒ දියදහර තමා වෙත ගලා ආ යුතු බව නො වෙි ද කථකයා මෙි කියන්නේ?
කැලෑව මැද කටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි
මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් කථකයා තමා කැලෑව මැද කටුපඳුරකට ද තම පෙම්වතිය එහි පිපී වැනෙන මල් පොකුරකට ද සම කරයි.මෙි වූකලි දෙදෙනාගේ වෙනස ප්‍රබල සංකල්පරූප පොකුරක් මගින් නිරූපිත අවස්ථාවක් නො වෙි ද? එහෙත් මෙි පෙම් පැතුම අවසානයේදී හදවත් පාරා පුරවන අඳුරු වෙිදනා කැටියක් බවට පෙරළේ.අගනා ගේයපද මාලාවකින් ද රමණිය මියැසියෙන් හා කන්කලු ගායනයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය මුසුවූ සිඟිති මී විතක් සේ නො දිසේ ද?
මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පාළු අඳුරු නිල් අහස මමයි