සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ දාරක ප්‍රේමයත් පිය සෙනෙහසත් මානවබන්ධුත්වයත් සුවිශද කරයි.
සොබාදහමෙන් , මානවදහමෙන් වියුක්තව මිනිසාට එකදු තත්පරයක් ජීවත් විය නොහැකිය.ගහකොළ, ඇළදොළ, ගංගා වැව් හෝ දියවැල් අහස සඳ තාරකා ආදී සියලු වස්තු සොබාදහමේ මහඟු,සොඳුරු දායාද නො වෙි ද? එහෙත් මිනිසා මෙි පරමරමණීය වස්තු අමතක කර භෞතික සම්පත් පසුපස ම දුවමින් වෙහෙසෙයි.ඇතැම් මවුපියෝ තම දරුවන් ද කොන්ක්‍රීට් වානාන්තරයක අතරමං කරති.සොබාදහම මෙන්ම අප සැමට මානවදහමින් වෙළී දිවි ගෙවීමට ද අවශ්‍ය ය.එහෙත් මානවබන්ධුත්වය කෙතරම් හෘදයාංගම, උත්තරීතර, සුදුර්ලභ දෙයක් දැයි වැටහෙන්නේ කුටුම්බ ජීවිතයේ දී ය.ඇතැම් පියවරු තම දරුවන් පණමෙන් සුරකිති.ඔවුනගේ අනාගතය උදෙසා වෙහෙස මහහන්සි වෙති.එහෙත් තවත් සමහරු තමා මෙලොවට ජාතක කළ දරුවාට අඩන්තේට්ම් කරති.කුරිරු වධහිංසනයට ලක් කරති.තතු එසේ වූව ද දරුවන්ගේ ලෝකය අතිශය සුන්දරය.එහි අසෞන්දර්යය ඇත්තේ ම නැත.තව ද දරුවන්ගේ ලෝකයේ ඊර්ෂ්‍යා,ක්‍රෝධ,මද,මාන,මාත්සර්ය ආදී චෛතසික කිලුටු,පවිටු චෙිතනා ද නැත.ඔවුන්ගේ සිත්සතන් පිරී තිබෙන්නේ මුදුමොළොක් හැඟීම්වලිනි.මෙනයින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන ගුණගරුක යහපත් සත්පුරුෂ පියවරු වාසනාවන්තයෝය.ඔවුහු නිතර දරුවන්ගේ නැණ නුවන් පහදති.කුමාරතුංග මුනිදාසයෝ "පිය සමර" කාව්‍ය සංග්‍රහය පළ කරමින් යටකී ශ්‍රේෂ්ඨ පියවරුන්ගේ අගය මෙසේ සුවිශද කරති.
හිරු බසුත් මැ නින්දට යා නොදී
ගෙන’ත මා මිදුලේ දිග බෝ වරක්
ඇවිදුවා බලවමිනි කියු කතා
මට දැනුත් මතක යි අයවයි නුවන්
(පිය සමර 8)
පොළොව ආස වලා සඳ තාරකා
සෙවණ ගස් ලිය ආදිය දක්වමින්
නුවණ දෙන්නට කී එ කතා සෙමෙන් හැඩ ගැසී යැ මගේ දිවි මෙි විලස්
(පිය සමර 9)
රෑ බෝ වී ගෙන එන විට දරුවන්ට නිදිමත වීම අරුමයක් නොවෙි. රෑ බත ඉදීමට පෙර නින්දට යෑම වළක්වා ගැනීමට පියා ඔහුගේ අතින් ගෙන ඇවිදවමින් කතන්දර කී ගෙමිදුල කුඩා මුනිදසුන්ට දිවි අරුත් කියා දුන් තක්‍ෂිලාවක් විය.එකල්හී කුඩා මුනිදසුන් තම පියා සමග රාත්‍රියේදී ගෙමිදුලේ ඇවිදමින් ගතකළ ඒ සොඳුරු අතීතසමය කෙතරම් සෞන්දර්යාත්මක ද? පසුකලකදී තම නැණස පෑදු පියා පිළිබඳ බැතියෙන්,ගෞරවාදරයෙන් මුනිදාසයෝ "පිය සමර " රචනා කළහ.රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළා මෙි ගීමිණ ද එබඳු ශ්‍රේෂ්ඨ පියකු තම දියණියගේ නැණ නුවන් පෑදීමට ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.දරුවන්ගේ මුල් ගුරුවරු මවුපියෝය.දරුවෝ තම මවුපියන් සෙවණේ පණ්ඩිත ඇසුර ලබති.එහෙත් දරුවන් බොරුවට හඬන විට ඊටත් වඩා හයියෙන් හඬන මවුපියන් සිටින සමාජයක නො වෙි ද අද අප දිවි ගෙවන්නේ? එබඳු මවුපියන්ගෙන් දරුවකුට ලැබෙන පරමාදර්ශය කුමක්ද? ළමයින් වැඩිහිටියන් වූ විට අනුගමනය කරන්නේ තම මව හෝ පියා කළ කී දෑ නො වෙි ද? දරුවන් ඔබෙන් ඉල්ලන්නේ කුමක්ද? ඔබ ඔවුන්ට දෙන්නේ මොනවාද? මවුපියන්ගේ යුතුකම දරුවන් වෙනුවෙන් මිල මුදල්, යාන වාහන, ගේදොර ඉඩකඩම් ඉපයීම පමණක් ද?නැත.මවුපියන් කළ යුත්තේ තමන්ට වඩා උසස් ගුණදම්වලින් පිරුණු පුරවැසියකු තැනීමට උත්සුක වීමය.එය කළ හැක්කේ සොබාදහමට,මානවදහමට ආදරය කිරීමෙන් පමණි.අනෙකා පිළිබඳ හැඟීමකින් සහකම්පනයකින් වැඩ කිරීමට නම් සොබාදහමට මානවදහමට අසීමිත ලෙස ආදරය කළ යුතු නො වෙි ද?
මගේ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
රාත්‍රිය නිසසල ය.සියලු හඬ නිහඬ ය.සඳ තරු බබළන අහස සොඳුරු ය.ඇළදොළ ගංගා දියඇලි නිසොල්මනේ ගලාගෙන යයි.එබඳු රාත්‍රියක සොබාදහමේ සියල් සිරිසර දිස් නො වෙි ද? කල්පනා යානෙහි නැඟී යන්නකුට නම් මෙි මනස්කාන්ත පරිසරය තවුතිසාවකි.මෙි කථකයා තම ප්‍රාණසම දියණියට ආමන්ත්‍රණය කරන්නේ මෙි සොබාසොඳුරු පරිසරය දැකබලා ගැනීමට මිදුලට පැමිණෙන ලෙසය.එහෙත් සොබාදහමේ අමිල සෞන්දර්ය විඳීමට තම දියණිය මිදුලට කැඳවන මෙබඳු පියවරු ලොව කොහිඅත වෙත්ද?අද දරුවන්ට මිහිරි දේ වන්නේ හැම්බර්ග්,ෆයිඩ් රයිස්,පීසා,පැණිබීම වැනි කෘත්‍රිම අාහාර පාන නො වෙි ද?මෙහිදී කථකයා තම දියණියට දොර ඇරන් එළියට එන්න කියයි.එහෙත් මෙි අරින්න කියන දොර නිවසේ භෞතික දොර නොව දියණියගේ හදවත නමැති දොරටුවයි.
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දර ද
මගෙ දූත් තනියම සිනාසෙයි
සේපාලිකා මල් සුපුෂ්පිත වන්නේ රාත්‍රියටය.එහි සුවඳ මුළු පරිසරය සිසාරා විහදෙයි.එහෙත් මෙහිදී රචකයා පවසන්නේ සේපාලිකා මල් බිමට බැස ඇවිදින බවයි.මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද? මෙි වූකලි අපූරු කාව්‍යෝක්තියක් නො වෙි ද? මෙයින් කුමක් ධ්වනිත වෙයිද?මලක රුව,පැහැය,සුවඳ මෙන් සොඳුරු දැරියකගේ හිත තුළ උපදින ප්‍රහර්ෂය මෙයින් ධ්වනිත වෙි." වැව් දිය එළියෙන් අහස් කුස බැබළෙන තාරකාවල ප්‍රතිබිම්බය දක්නට ලැබෙි.වැව් තාවුල්ලේ රාත්‍රියක් ගත කරන ඔිනෑම අයකුට මෙි සොඳුරු අත්දැකීම විඳගත හැකිය.සොබාසොඳුරු අසිරිය ඔස්සේ තම දියණියට වීතරාගී ප්‍රේමය ගැන ද අපූරු පාඩමක් කියා දීමට ද මෙහිදී කථකයා යත්න දරයි.ඔහුගේ උත්සාහය සාර්ථක වන්නේ "මගේ දූත් තනියෙම සිනාසෙයි" යන ඔෟචිත්‍ය යෙදුම ඊට යොදා ඇති බැවිනි.ලොව සියලු මවුපියන් තම දරුවන්ට මිහිරෙන් පිරි දේ පමණක් පිරිනමයි නම් එය කෙතරම් අගනේ ද? එහෙත් මෙහිදී මිහිරෙන් පිරි දේ යනු රසමසවුල් කෑම බීම,කෙළබඩු වැනි දෑ නොව සෞන්දර්යාත්මක වින්දනය යි.එය ලැබිය හැක්කේ ද සොබාදහමෙන් පමණි.
ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි
මෙි ගීතයේ ද කවියක මෙන් අපූරු දීපක ගුණයක් විද්‍යමාන වෙයි.දීපක ගුණය යනු කිම? දැල්වීමයි.මෙහි අවසන් අන්තරා කොටස දෙස බලන විට යටකී දීපක ගුණය මොනවට පැහැදිලි වෙි.කවියක මෙන් ගීතයට ද උපමා රූපක,සංකල්පරූප ව්‍යංග්‍යාර්ථ කෙතරම් යෙදුව ද එහි දීපක ගුණය නොමැති නම් පලක් නැත.ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව අප අඳුර දකින්නේ එළියට සාපේක්ෂවය.හොඳ දකින්නේ නරකට සාපේක්ෂව ය.බොරුව දකින්නේ ඇත්තට සාපේක්ෂව ය.මෙහිදී රචකයා පවසන්නේ අපි අඳුරට ආදරය කරන විට ඉරහඳ,තරුවලට පවා ණයගැති බවය.මෙනයින් මෙි ගීතයේ කථකයා තම දියණියට සොබාදහම ඇසුරෙන් කියා දෙන පාඩම අතිශය ගැඹුරු නො වෙි ද? මෙහි අවසන් යෙදුම වඩාත් ප්‍රබල ය.ගහවැලට,ඇළදොළට ,අහස පොළොවට සතාසීපාවට,ඉරහඳ තරුවලට ආදරය කරන මිනිසාට ලෝකයාගෙන් පෙරළා ඒ ආදරය ලැබෙන බව රචකයා කියයි.රතු ඉන්දියානු ජාතික සියටෙල් කියූ පරිදි සොබාදහම මර්දනය නොකර සිටින තාක්කල් මිනිසාට යහමින් හුස්ම ගෙන ජීවත් විය හැකිය.කාව්‍යය ලක්ෂණ නැති ගීතයකින් පලක් නැත.එහෙත් කාව්‍ය ලක්ෂණ මතුවීමට නම් ගීතයක ධ්වනිතාර්ථ තිබිය යුතුය.මෙහි රචකයා විශිෂ්ට කවියකු ද වන බැවින් මෙි ගීතයෙන් සර්වප්‍රකාරයෙන් පූර්ණ වූ රසයක් උපදී.
මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මගේ දුවෙි නුඹ අවදියෙන් නම්
randil dunuwille Tuesday, 13 August 2024 01:23 PM
ඉතා විශිෂ්ඨ මෙවැනි දේවල් ජාතික උරුමයක්...