රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇසුරෙන් කරුණරසය දනවයි.
වත්මන් සමාජයේ පවුල් සංස්ථාව කුඩා අංශුවලට බිඳි විසිරි ගොස්ය.එදා පැවතුණු විස්තෘත පවුල වෙනුවට අද දක්නට ලැබෙන්නේ න්‍යෂ්ටික පවුලකි.මෙනයින් බලන කල පුද්ගලයා මූලික කරගත් යටකී සමාජයේ අඹුසැමියන්ට හා දූදරුවන්ට මුත්තාට මිත්තණියට,සහෝදරයන්ට එකට වාසය කරමින් කාලය ගෙවන්ට ලැබෙන්නේ කලාතුරකිනි.ඔවුහු සියල්ලෝ ම න්‍යෂ්ටික පවුල හෙවත් කුඩා පවුල් ඒකකයකට වෙන වෙනම කූඩු වී සිටිති.මෙහිදි ඇතැම් මවුපියන්ට රැකිරක්ෂා සඳහා විදෙස්ගත වීමට පවා සිදුවී ඇත.සමහරුන්ට රැකියා ස්වභාවය අනුව දුෂ්කර පළාත්වල සේවයට යෑමට ද සිදුවී තිබෙි.තතු කෙසේ වූව ද ඇතැම්විට සැමියෝ බිරියන්ගෙන් ද බිරියෝ සැමියන්ගෙන් ද දරුවෝ මවගෙන්,පියාගෙන් හෝ මවුපිය දෙදෙනාගෙන් ම ද වියෝ වී සිටිති.එහෙත් මෙහි ප්‍රතිඵල කිම? පවුල් කැඩී ඉහිරීමය.මෙයින් දරුවන් පවා නන්නත්තාර වී ආනාථ නො වෙි ද? සුකීර්තිමත් ගේයපද රචක කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයෝ මෙි ඛෙිදවාචකය ස්පර්ශ කිරීමෙි ආරම්මණයෙන් මෙි මනරම් ගීතය පබඳති.මෙි වූ කලි
අසාධාරණ මාරුවීමක් ලද ගුරුවරයකු තම සුතනඹුවන් අතහැර දුෂ්කර පළාතකට යාමට පිටත් වන සෝචනීය අවස්ථාවකි. එහෙත් මෙහිදි කථකයාගේ දයාබර බිරිය ද ඔහු සමඟ එම දුෂ්කර ගමනට එකතුවීමට අවසරය ඉල්ලන්නීය.එහෙත් කථකයා ඊට කැමැත්ත පළ නොකරයි.එබඳු දුෂ්කර පළාතකට කැටුව ගොස් තම පවුල පීඩාවට පත් කිරීමට අකමැති බව ඔහු තම බිරියට පවසයි.මෙි ගීතයෙන් සුවිශද වන්නේ එකී ප්‍රකාශයේ කාව්‍යමය හැඩතල නො වෙි ද? එහෙත් කවියා මෙහිදි වෙස්සන්තර ජාතකය සිහිකැඳවමින් වෙස්සන්තර රජු තපසට යන්නට සූදානම්වූ කල මද්‍රි දේවිය ද ඔහු සමඟ යන්නට තැත් කිරීමෙි පුවත ගෙනහැර පායි.
මගෙ බිසව්නේ අසාපන්
නුඹ මද්‍රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී
මෙි ගීතයේ කථකයා රාජ්‍ය සේවය පිණිස දුෂ්කර පළාතකට යෑමට සැරසෙයි.එහෙත් බිරිඳ ද තමා කැටුව යන ලෙස ඔහුට ඇවටිලි කරන්නීය.මෙහිදි රචකයා ස්වාභාවෝක්තියෙන් සියල්ල පැවසීමට යාමෙන් බසෙහි කිසියම් වාර්තාකාරී ස්වරූපයක් දක්නට ලැබෙි.ප්‍රබල කාව්‍යමය ගුණ නොමැති වූව ද ඇතැම් වචන තුළින් ගීතයේ ජීව ගුණය රැකගැනීමට විජේසිංහයෝ මෙහිදී සමත් වෙති.
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂඝෝර සර්ප බවනේ
මෙි කථකයා යන්නට සැරසෙන්නේ දුෂ්කර පළාතකටය.එපමණක් නොව එහි ගොස් කුලී නිවෙසක නැවතී රැකියාව කරන්නටය.මෙහිදී රචකයා කුලී නිවෙස හැඳින්වීමට ප්‍රබල රූපකයක් යොදා ගනී.එනම් "විෂඝෝර සර්ප විමන" යන්නය.අනුනගේ නිවෙසක කුලියට ඉඳීමෙන් පෞද්ගලික නිදහස සීමාවෙයි.වෙලාවට කුලිය නොදුන්නොත් ඇනුම් බැණුම් කෝටියකි.ඇතැම් කුලී නිවෙස්වල කිසිදු පහසුකමක් නැත.හිරකාරයන් මෙන් ඉන්නට සිදු වෙි.මෙි සියල්ල ඇඟවීමට "විෂඝෝර සර්ප විමන" යන යෙදුම උචිත නො වෙි ද?මෙහිදි කථකයා පවසන්නේ එබඳු දුෂ්කර සීතල පළාතක ලැගුම් ගැනීමට තම බිරිඳට නොහැකි බවය.එහි යෑමෙන් බිරිඳට නොයෙක් දුක්දොම්නස් විඳින්නට සිදු වෙි.
නුඹ චන්ද්‍රමඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
බිරිඳ සඳමඬලට දරුවන් එහි නිදන සා පැටවුන්ට ද උපමා කිරීමෙන් මව සහ දරුවන් අතර පවත්නා සමීප ඇඟෑලුම පමණක් නොව එහි සොඳුරු බන්ධනය ද සිහිගන්වයි.එහෙත් මවට මෙතරම් ළෙන්ගතු ආදරණීය දරුපැටවුන් තනිකර තමා තමා සමඟ නොඑන ලෙස ඔහු තම බිරියට පවසයි.ස්වාමිභක්තියෙන් බිරිඳ ගියහොත් දරුවෝ කෑමබීම නැතිව හාමතේ අනාථ වෙති.නන්නත්තාර වෙති.මැද පෙරදිග රැකියාවලට යන ඇතැම් මවුවරුන්ගේ දරුවන්ට සිදුවන සන්තෑසිය මෙහිදී සිහිපත් නො වෙි ද?මෙහිදී කථකයා පුන පුනා පවසන්නේ හිතට වහල් වී තමා සමඟ පැමිණ දරුවන්ගේ ජීවිත අඳුරු නොකරන ලෙසය.
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා හෝ රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
පීඩිත පන්තියේ දුප්පත් සැමියෝ තම බිරියන් එතෙර රටවල බැලමෙහෙවරට යවති.එහෙත් එසේ කිරීමෙන් දරුවන්ට අනේකවිධ අඩන්තේට්ටම් දුක්දොම්නස් විඳින්නට සිදු වෙි.ඇතැම් දරුවෝ ඉගෙනීම කඩාකප්පල් කර ගනිති.සැමියෝ සුරා සූදුවට ඇබ්බැහි වී වල්මත් වෙති.එපමණක් නොව මැද පෙරදිග රටවලට යන කාන්තාවෝ ද එහිදී අපාදුක් විඳිති.ඇතැම් රටවල හාම්පුත්තු යටකී ගෘහ සේවිකාවන්ගෙන් පඩි නොදී වැඩ ගනිති.අහිංසක කතුන් මරවා,තළා, පුළුස්සා පවා වැඩ ගනු ලැබෙි.එහෙත් මෙි සැමියා පවසන්නේ තම බිරිඳ එසේ වහල් සේවයට නොයවා දිවි පුදා හෝ අඹුදරුවන් රකිනා බවය.මෙබඳු සැමියෝ වාසනා නොවෙත් ද?
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිම වතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
ගීතයේ අවසන් අන්තරා කොටසෙන් කථකයා කියන්නේ සඳමඬල සදිසි තම බිරිඳට දරුවන් සමඟ එකට වෙසෙන ලෙසය.එහෙත් තමා වෙසෙන දුෂ්කර සීතල පළාතට සිහිනෙන් හෝ පැමිණ සිතෙහි සඳුන් සුවඳ තවරන මෙන්ද ඔහු අායාචනා කරයි.මෙහිදි හිමවත යනු කිම? සීතල අඩවිය යන්න හිමවත යන නමින් අරුත් ගන්වයි.දුෂ්කර, සීතල පළාතක සිටින තමගේ සිතට සිහිනෙන් හෝ ඇවිත් සඳුන් සුවඳ ගල්වන්න යැයි කීම රමණිය කාව්‍යෝක්තියකි.
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මගේ බිසව්නේ අසාපන්