IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මගේ සිහිනය මට දකින්න

ගීවිනිස 107

 

 

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙිගීමිණ ශෘංගාරරසය දනවයි.


සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා
දුබලෝ

- කව්සිළුමිණ

කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත් පරාක්‍රමබාහු නිරිඳුන් විසින් විරචිත "කව්සිළුමිණ" හෙවත් "කුසඳාවත" නමැති මහා කාව්‍ය ග්‍රන්ථයේ ඉහත සඳහන් කවිය අර්ථ ගන්වන්නේ මෙසේය. සරස්වතියගේ මඳ බැලිමකිනිදු ජනයා කවීහු වෙත්වා. කාව්‍යයෙහි රස හා භාව විඳිය හැක්කා වූ අය නම් ඉතා දුර්ලභයෝ ය.නන්දා මාලිනීයන් ගයන මෙි සුදුර්ලභ ගීමිණ රචනා කළෝ මහැදුරු සුනිල් ආරියරත්නයෝ ⁣ය.ඔවුහු දශක ගණනක් තිස්සේ මෙරට ගීත සාහිත්‍ය පෝෂණයට මහත් දායකත්වයක් දැක්වූ මහා ගේයපද රචකයෙක් වෙති.සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලැබූ ආරියරත්නයෝ ගීතයක් රචනා කිරීමට පෙර පෙදෙහි රසහව් සොයා ගියෝ ය.මෙි සොඳුරු ගීමිණ ද ඊට දෙස් දෙයි.මෙි වූකලී අපට තිබෙන විශිෂ්ටත ම මහාකව්‍යය වන කවිසිළුමිණ ඇසුරින් නිමැවූ සුදුර්ලභ ,සුදීප්ත,සුරංජිත,විචිත්‍රෝපශෝභිත ගීමිණකි.එහෙත් සුනිලුන් මෙි ගීතය කව්සිළුමිණෙහි සාහිත්‍යයික වචන අනුකරණය කර ලියූවක් නොවෙි. සම්භාව්‍ය සාහිත්‍යයේ ආනුභාවය ආරියරත්නයන්ගේ බොහෝ ගීතවලට ලැබී ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.⁣තතු කෙසේ වූව ද කව්සිළුමිණෙහි වචන හා යෙදුම් ආරියරත්නයෝ මෙි ගීසපුව වර්ණවත් කිරීමට යොදා ගනිති.


මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න


මෙහි කථකාව කිසියම් සොඳුරු සිහිනයක් දකිමින් සිටින්නීය.එහෙත් ඇය ආයාචනා කරන්නේ  තමා දකින සිහිනය කිසිදු බාධාවකින් තොරව දකින්නට ඉඩ දෙන ලෙසය.⁣ගීතයේ ස්ථායි කොටස නම් සාහිත්‍ය කලා රසිකයකුට පමණක් නොව කලා විහීනයකුට වූව ද තේරුම් ගත හැකිය.එහෙත් මෙහි එන අන්තරා කොටස් දෙකම කෙනකුට  එකවර අවබෝධ කර ගැනීමට අපහසුය.සම්භාව්‍ය සාහිත්‍ය රස විඳින පුහුණු රසිකත්වයක් ඇති සහෘදයකුට නම් මෙහි අරුත වටහා ගැනීමට පුළුවන.


සඳැස් විදා මොනරු නටති මේඝ වලා පාවේ
බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
මල්ගොමු තුළ නිල් පළු දළ යහන් නිබඳ සෑදේ

කව්සිළුමිණෙහි වචන සමඟ භාෂා හරඹයක යෙදෙන ආරියරත්නයෝ මෙි ගීතයට අවස්ථාවෝචිතව සම්භාව්‍ය සාහිත්‍ය බස වාත්තු කරති.මෙහිදී සඳැස් යනු සිකිපිල් හෙවත් මොනර පිල්වල තියෙන ලකුණුය.මෙි වූකලී ඇස් දහසක් යන අරුත් දෙන යෙදුමකි.සාමාන්‍යයෙන් කවි සමයට අනුව මොනරුන් පිල් විඳහා රැඟුම් පාන්නේ සවස් යාමයට හෝ පාන්දර කාලයටය.එවිට බොහෝවිට මෙිඝ ගර්ජනා සමඟ වැසි ඇති වන බව ද කියති.මෙයින් ගම්‍ය වන්නේ මොනරුන් පිල් විදහා ගෙන නටන විට වැහි වලාකුළු අහසේ පාවෙන බව නො වෙි ද?

බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ

බලාවැල යනු කිම? කිරි කොකුන්ය. මලිගිය මල් ලෙස හඳුන්වා ඇත්තේ සුදු පිච්ච මල්ය.මෙනයින් බලන කල මෙහි සැබෑ අරුත නම් කිරි කොක්කු රෑන අහසේ පියාසර කරන්නේ හරියට සුදු පිච්ච මාලයක් ගෙල පැලඳුවා සේ ය. මෙි වූකලී කෙතරම් අර්ථපූර්ණ යෙදුමක් ද?සොඳුරු කාව්‍යෝක්තියක් ද? අපූරු භාෂා හරඹයක් ද? සහගුම් යනු කවරහුද? මීමැස්සෝ ය.මෙයින්  අරුත් ගන්වන්නේ මීමැස්සන් දහස් ගණනක් එකට රොක් වී මිහිරි නාද නගනවා යන්නය.කව්සිළුමිණ කවියා සහගුම් ගැන මෙසේ පවසයි.

පුරකත නුබඳ බද මහවුරු උකුළුවටහී
සහගුම් බිඟුවැල පියුම්පිරි කියලී රසන්දම්

මෙහි අර්ථය නම් ඝෝෂා කරන්නා වූ නැතහොත් නාද කරන්නා වූ මීමැස්සන්ගෙන් ගහන වූ පියුම්වලින් පිරී ගිය පුර අගල,පුරය නමැති කාන්තාවගේ මහප්‍රාකාරය නමැති උකුළ වටෙි ( ඉණ වටා) සෑමවිට ම බඳින ලද රසනාදාමයක් බඳුවිය යන්නය.මහැදුරු සුනිලුන් කව්සිළුමිණෙහි සාහිත්‍යයික වචන භාවිත කළ ද මෙි වූකලී අනනුකරණීය ගී නිමැවුමකි.දෙවැනි අන්තරා කොටසෙහි අවසන් ගීපාදවල නිල්ල නිලන ගහකොළ මත මල්ගොමු මතින් යහන් සෑදෙන බව ද කියති. කොළ පැහැති තුරුලිය යායකට හිරු එළිය වැටෙන විට එය නිල් පැහැයෙන් දිස් නො වෙි ද?එ් සෙවණ යට දළ යහන් ඡායා නොපෙනේ ද?


ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ

මෙි අතිවිශිෂ්ට පද සංයෝනය කවරාකාරයෙන් වූව ද අවප්‍රමාණය කළ නොහැකිය. අාරියරත්යන්ගේ භාෂා භාවිතය එතරම්ම ප්‍රශස්තය.දෙවැනි අන්තරා කොටස ද අතිශය ප්‍රණීත රසමසවුලක් බඳුය.එය බුක්ති විඳින්නෝ පුහුණු රසිකයෝ ය.මෙහිදී  ලවන් ඔඩම යනු කිම?දෙතොල නමැති බඳුන යි.ඔඩම යනු භාජය යි.මෙයින් අරුත් ගන්වන්නේ දෙතොල් නමැති බඳුනට දමා මධු පානය කිරීම යන්නය.මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද? චිත්තරූපික වචන වාත්තුවක් ද? ව්‍යංග්‍යාර්ථ සුබසක් ද? සම්භෝග ශෘංගාරරසයක් ද? ප්‍රේමණීය රස ගුලාවක සොඳුරු ප්‍රහර්ෂයක් ද?

සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ

මීවිතින් සප්පායම් වූ විට ඇස් රතුපාටට හැරෙන බව අපි කවුරුත් දනිමු.සුරත් යනු තද රතු පැහැය යි.මෙයින් අරුත් ගන්වන්නේ මධු රස පහසින් සෑහීමට පත් වූ කෙනකුගේ ඇස්දෙක නමැති මැණික් පහනින් තද රතු පැහැති එළිදැල් වෙන බව නො වෙි ද?
ලඹ සවන් හෙවත් එල්ලෙන කන් ඇත්තෝ වාසනාවන්තයෝ ය. බුදුන්වහන්සේට ද එල්ලෙන දිගු කන් තිබු බව දහම්පොතේ සඳහන්වෙි.එහෙත් මෙයින් අදහස් කරන්නේ සපුමල්,දුනුකේ මල් වැල් පිටින් එකම යායක එල්ලා වැටෙන බවය."ඉතින් සබඳ එබඳු සොඳුරු මාවතක මුතු පබළු පිනි වැටෙන සිහිලැල් හඳපානේ අපි ඇවිද යමු.අපේම කාල්පනික ලෝකයකට".අවසන් ගීපාදවලින් අරුත් ගන්වන්නේ එවැන්නක් නො වෙි ද?

මේ ගීතයේ වචන සමූහයේ නිශ්චිතාර්ථ නැත. එහෙත් ඒ වචන සමස්තය රසිකයා තුළ කිසියම් අත්භූත හැඟීමක් ජනනය  කරයි. මෙකී අද්භූතයෙන්, කුතුහලයෙන් විස්මය උපදී. විස්මය වූ කලී චමත්කාරයේ පදනමයි. චමත්කාරය නම් සිත සතුටින් පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මෙි  කථකාව අවසානයේ දකින්නේ  ශෘංගාරරසයෙන් අනූන ප්‍රේමණීය,සදානන්දනීය සොඳුරු  සිහිනයක්  නො වෙි ද?



අදහස් (0)

මගේ සිහිනය මට දකින්න

ඔබේ අදහස් එවන්න

ගී විනිස

අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 55 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1149 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


කරදිය ගැඹරේ
2024 ඔක්තෝබර් මස 08 1162 0

ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජි


තුන් හෙළේ කැලෑ තුළ
2024 ඔක්තෝබර් මස 01 1178 1

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකා


අපි කවුරු ද
2024 සැප්තැම්බර් මස 24 1224 1

මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ ⁣නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.


සඳ වික්කා ඊයේ රෑ
2024 සැප්තැම්බර් මස 17 1358 0

මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site