IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මුතුකුඩ ඉහලන මල් වරුසාවෙි

 

 

ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද මාලාවෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් හා ගායනයෙන් යුතු මෙි ගීතය විප්‍රලම්බ ශෘංගාර⁣ය දනවයි.

මෙි ගීතයේ පෝෂිත විප්‍රලම්බ ශෘංගාර⁣යට පිටුබල වන්නේ ස්ත්‍රී - පුරුෂ වියෝගය යි.පෙම්වතුන්ට තම ප්‍රේම විජිතයේ සුප්‍රහර්ෂය අහිමිවීම යනු කෙතරම් සෝචනීය නිමෙිෂයක් ද? එවිට උනුන් එකිනෙකා විඳින වෙිදනාව,පරිදාහය කෙතරම් ද? මෙි වූකලි එබඳු විප්‍රයෝගයක ආදර අන්දරයක් නොවෙිද? මෙහි කථකයා කලෙක කිසියම් යුවතියක කෙරෙහි බැඳි පෙමින් පසුවිය.එහෙත් පසු කලෙක මෙි පෙම් බැම්ම කාලයේ වැලි තලාවෙන් වැසී දෙදරා ගියේය.කථකයාගේ හදවත විකසිත කළ පෙම්කැකුළ පරවිය.ඊට හේතු වූයේ එකී යුවතිය කිසියම් හේතුවක් නිසා ඔහුගෙන් වෙන් වී නික්ම යෑමයි.එහෙත් අහම්බෙන් නුවර සෙංකඩගල පුරවරයේ වැසි සහිත තෙතබර දිනෙක යළිත් උනුන් එකිනෙකා නෙත ගැටිණ.ගීතය ආරම්භ වන්නේ ව්‍යංග්‍යාර්ථ දනවන පද පෙළකිනි.

 

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වැහිලේනී

එබී බලා රිය කවුළු දොරින්

යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

 

මෙි ගීතයේ කථකයා සෙංකඩගල පුරවරයට ඇදහැලෙන මල්වරුසාවකට මැදිවී කුඩයක් ඉහලගෙන ඇවිද යයි.මෙි වූකලි මුතුකුඩ ඉහලන මල්වැස්සකි.මෙහිදී වැහිලේනී යනු වැහි⁣ළිහිණියන්ය.වැහිළිහිණියෝ අහස් කුස අරා පියඹති.වැස්සක පෙර මංලකුණු,පෙරනිමිති කියන්නෝ වැහිළිහිණියෝය.එහෙත් එකවරම දකින දසුනකින් කථකයා තුෂ්ණිම්භූත වෙයි.සැප රියක නැගි තරුණියක් සුපුරුදු ⁣ළෙන්ගතු කමින් යුතුව රිය කවුළුවෙන් ඔහු දෙස එබී බලන්නීය.මෙි වනාහි වෙන කවුවත් නොව ඔහු කලක් පණමෙන් සුරැකි ආදරවන්තිය යි.මෙකී දසුනින් පසු කථකයාගේ සිත සැමරුම් පටුවතේ පස්සට ඇදී යයි.එවිට ඔහුට සිහිවන්නේ තම අතීත ප්‍රේම විජිතයේ සුන්දරත්වය යි.ඔහුගේ දෑස යටගිය දවස වෙත ඇදී ගිය ද ඇයට ඒ ගැන නිනව්වක් නැත.ඇය තම අලුත් පෙම්වතාගේ සැප රියෙහි නැගී ඔහු දෙස බලා අහක බලාගෙන යන්නීය.එහෙත් කථකයා ඉන් කම්පා නොවෙි.ඔහුට සම්‍යඥානය ඇත.මෙි කුරිරු, දූෂිත ,ජුගුප්සිත නරාවළෙහි සැබෑ පෙම් කුසුම් විකසිත නොවන බව ඔහු දනී.ඔහු මෙි අහඹු සිද්ධියෙන් අකම්පිතව ඉදිරියට ඇදෙයි.එහෙත් අතීත මතකය ඔහු දවයි.

 

අඳුරු ලලා සෙංකඩගල

වැස්සේ

දිය දහරා පාටයි

දේදුන්නේ

තෙමී තෙමී ආදර මධු

වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

 

අඳුරු ලලා යනු කළුවර මෝරා වැඩෙන බව කීමට ජනශ්‍රැතියේ භාවිත වන යෙදුමකි.මෙහිදී කථකයාගේ හදවත වෙළාගෙන ඇති දුක,වෙිදනාව,පාළුව,තනිකම පිළිබඳ ඒත්තු ගැන්වීමට රචකයා මෙි වචනය ඖචිත්‍ය ගුණයෙන් භාවිත කරයි.වැස්සත් සමග එන අඳුරු පරිසරය පිළිබඳ අපූරු විත්ත රූප පෙළක් රසික මනසට ගලා එයි.එහෙත් සෙංකඩගල පුරවරයට ඇදහැලෙන වැසිදිය මතින් ඔහුගේ සිතේ ඇඳෙන්නේ වර්ණවත් දේදුන්නක් නොවෙිද ?මෙහිදී කථකයාගේ මතකයට නැගෙන්නේ එකල මෙවැනිම මල්වැසි වසින දවසක අද තමාට පිටුපා ගිය පෙම්වතිය සමග මුතුකුඩයක එකට තුරුළු වී ගිය ගමනයි.එදා ඔහු මෙි වැස්ස දුටුවෙි ආදර දේදුන්නක් සමග පෑයූ මධු හෙවත් පැණි පිරුණු වැස්සක් ලෙස නොවෙිද?අද දෙමංසලක ගිය ද එදා උනුන් එකිනෙකා වැළඳගෙන මෙි මාවතේ ම ගිය බව නොවෙිද මෙි කියන්නේ? මෙනයින් ගීතයේ දෙවැනි අන්තරා කොටසෙන් කථකයාගේ අධ්‍යාත්මය තුළ රජයන අසරණ තතු සංකේතවත් කරයි.දෙදෙනා දෙමංසලක යන බව කීමෙන් යටකී අසරණභාවය මොනවට පැහැදිලි වෙි.

 

රිය ඇතුළේ උණුසුම

ඔබට දිදී

නහවයි මා රිය සක

මඩ වතුරේ

නෑ හිත රිදුනේ - අදත්

එදා සිහිවී

අපේ සබඳකම් නෑ

රියසක දන්නේ

 

මෙහි පළමු පද පෙළ රමණීය නොවෙිද ? මෙහිදී තම අතීත පෙම්වතිය අලුත් පෙම්වතාගේ සැප රියේ උණුසුම විඳින බව කථකයා කියයි.මෙි වූකලි කෙතරම් ඖචිත්‍ය පද ගැළපුමක් ද? කථකයා ⁣වැස්සෙන් බෙිරීමට සීතලේ ගැහැමින් කුඩයක් යටින් යන විට පෙම්වතිය රිය සෙවණක උණුසුම විඳිමින් යන බව කීමෙන් ගම්‍ය වන්නේ ඒ මොහොතේ පරිසරියේ අැති කටුක බව නොවෙිද?මෙකී කටුක බව තවත් තීව්‍ර වන්නේ තම පැරණි පෙම්වතියගේ සැපරියේ රෝදවලින් නැගුණු මඩ පහරකින් කථකයාගේ සිරුර නැහැවී ගිය පසුවය.එහෙත් මෙහිදී කථකයා පවසන්නේ තමන්ට මෙි සිදුවීමෙන් කිසිදු සිති රිදීමක් නොවුණු බවය.රිය සක යනු අචෙිතනික ප්‍රපංචයක් බවත් එබඳු පණනැති වස්තුවක් දෙදෙනා සතු අතීත ගැඹුරු සබඳකම් කෙසේ නම් දන්නේ දැයි ඔහු අසයි.අද අපි ගෙවමින් සිටින්නේ පශ්චාත් ධනවාදය රජයන යුගයක යි.මෙහිදී ප්‍රේම සබඳතාවලට පමණක් නොව විවාහ ජීවිතයට ද තව දුරටත් මානවීය බැඳියාවක් නැත.ධනේශ්වර සමාජය පුරුෂාර්ථ,මානවබන්ධුත්වය ආදී මෙකී නොකී වටිනාකම් ගලවා වීසි කොට දමා ඇත. අද සියලු පෙම් බැඳුම්,විවාහ බැඳුම් සිදුවන්නේ සංකේත ප්‍රාග්ධනය,මූල්‍ය වටිනාකම් පෙරදැරි කොට ගෙනය.මෙනයින් වත්මන් තරුණියන් මානබලන්නේ කෙසේ හෝ මුදල් යහමින් ගැවසෙන අර්ථපතියකු සොයා ගන්නටය.එහෙත් ඇතැමුන්ගේ ව්‍යාජ රාජතේජසට,මුදල් බලයට රැවටී ඇතැම් තරුණයෝ මං මුළාවෙති.මෙලෙස බලන කල්හි මෙි ගීමිණ අප හදවත හා බුද්ධිය යන දෙක ම පෝෂණය කරයි.

 



අදහස් (0)

මුතුකුඩ ඉහලන මල් වරුසාවෙි

ඔබේ අදහස් එවන්න

ගී විනිස

නෙළන්නට ගිහින් පලවැල
2024 සැප්තැම්බර් මස 03 939 0

අප්‍රකට ගේයපද රචක සිරිසේන මුදියන්නේගම විසින් විරචිත සුප්‍රකට ජනකාන්ත ගායක රූකාන්ත ගුණතිලකයන්ගේ සුගායනයෙන් ද ස්වරසංයෝජනයෙන් ද මනරම් වූ මෙි ගීමිණ පී


යදමින් බැඳ විලංගු ලා
2024 අගෝස්තු මස 27 1188 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනියන්ගේ සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරරචනයෙන් ද යුතු මෙි විරෝධාකල්ප ගීමිණ සමාජ ප්‍රගම


චන්දකින්නර ජාතකේ
2024 අගෝස්තු මස 20 1091 0

උබේනන්ද දිසානායකයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ග⁣නේයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුසැදි ම


මගේ දුවෙි නුඹ අවදියෙන් නම්
2024 අගෝස්තු මස 13 1213 1

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභ


සරසවියෙදි හෙට විතරයි
2024 අගෝස්තු මස 06 1199 2

අප්‍රකට ගේයපද රචක සිරිසමන් විජේතුංගයන්ගේ සුප්‍රකට පද සංකල්පනාවෙන් ද සුකීර්තිමත් ගාන්ධර්ව ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ සුගායනයෙන් හා ස්වරාලංකාරයෙන


නිම්තෙරක් නොදුටු මෙි ලෝකයේ
2024 ජුලි මස 30 1153 1

බන්දුල නානායක්කාරවසම්ගේ ගේයපද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ උත්තරීතර ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site