දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසාවක් සුවිශද කරයි.
මෙි ගීතයට ප්‍රතිෂ්ඨ වූ වෘත්තාන්තයක් ඇත.ඒ මෙසේ ය.
දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කළ බක්මහ දීගේ චිත්‍රපටය මුලින්ම තිරගත වූයේ 1969 වසරේදී ය.එම චිත්‍රපටය වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන් ගැයු ආදර හැඟුම් සහ නන්දා මාලිනී ගැයූ මලකින් මලකට යන ගීතද්වය ම අතිශය ජනප්‍රිය විය.මෙහිදී සරල,සුගම පදවැල් ඔස්සේ දයානන්ද ගුණවර්ධනයෝ ප්‍රබල ජීවන අරුත් මතු කරති. තතු එසේ වූව ද "මලකින් මලකට " ගීතයට වස්තු බීජය වන්නේ ලෝකප්‍රකට සංගීතඥයකු වන මෝසාට්ගේ Marriage of Figaro (ෆිගාරෝගේ විවාහය) නමැති අවුරුදු 200 ක් පැරැණි සුප්‍රකට ඔපෙරාවයි.
දයානන්ද ගුණවර්ධනයන් එකී විශිෂ්ට ඔපෙරාව ලාංකේය වෙිදිකාවට අනුවර්තනය කරන්නේ බක්මහ අකුණු නමිනි.එහෙත් පසුකාලීනව ගුණවර්ධනයෝ එය බක්මහ දීගේ නමින් සිනමාවට ද නැගූහ.මෙි වූ කලි සිටුවරයකුගේ අනියම් පෙම් පුවතකි. විවාහක සිටුවරයා ගෙදර රූමත් මෙහෙකාරියට ආසක්ත වෙයි.එහෙත් තම සිටුවර සැමියාගේ මෙි හැසිරීම සිටුතුමියට මහත් චිත්ත පීඩාවකි.අවසානයේ ඇය මෙම අසම්මත පෙම්පලහිලව්ව බිඳ දැමීමට කදිම උපයාක් යොදන්නීය.තම සැමියා ගෙදර මෙහෙකාරිය සමඟ රාත්‍රියේ යොදාගත් රහස් හමුවක් ගැන ඇයට ආරංචි වෙයි.එහිදී ඇය මෙහෙකාරිය ලෙස වෙස්වළාගෙන සැමියා ළඟට යන්නීය.අවසානයේදී ප්‍රේමාලිංගනයකට පසු සිටුවරයා මෙි ඉන්නේ තම බිරිඳ බව වටහා ගනී.එහෙත් මෙි කතාව මතුපිටින් දිග හැරෙන්නේ ෆිගාරෝ (මෙහෙකරු) සහ සුසන්තා (මෙහෙකාරිය) දෙපලගේ විවාහය පසුබිම කරගෙනය.සිටුවරයා තම මෙහෙකාරියට ආසක්ත වීම හේතුවෙන් විවාහය උපක්‍රමශීලීව ප්‍රමාද කරයි.මෝසාට්ගේ ඔපෙරාව එසේ දිග හැරුණ ද දයානන්ද ගුණවර්ධනයෝ බක්මහ දීගේ චිත්‍රපටය සඳහා ඊට නොදෙවෙනි රංග කර්යයක නියැළෙන නළු නිළි කැලක් ඊට තෝරා ගනිති.
බක්මහ දීගේ චිත්‍රපටයේ ඔපෙරාවෙි සිටුතුමා වෙනුවට වලව්වක මුදලිතුමකු ද සිටුතුමිය වෙනුවට ළමාතැනී කෙනකු ද ආදේශ කර ඇත. මෙි චරිත දෙකට පණ පොවන්නෝ ඩැනියෙල් මුතුමාල සහ අයිරාංගනී සේරසිංහ යන ප්‍රවීණයෝ ය.මීට අමතරව ෆිගාරෝ – ජාසුන්(එල්සන් දිවිතුරුගම), සුසන්නා – පබුලිනා (අනුලා කරුණාතිලක) චෙරුබීනෝ- ප්‍රේමදාස (ධර්මසිරි බණ්ඩාරනායක) යන ප්‍රවීණ නළු නිළි පිරිසක් ද රංගනයෙන් දායක වෙති.
අප වාසය කරන සමාජයෙහි විවාහ සංස්ථාව නම් මිනිසුන් හිර කර පෙළන හිරගෙයකි.එහි මහත්ම පීඩනය ස්ත්‍රියට ය.ස්ත්‍රිය එහි වහලිය යි.ඇය දරුවන් හදා වඩයි.සැමියාට යටත් පහත්ව මෙහෙවර කරයි.බැහැරි සමාජය ද ඇය දෙස වපරැසින් බලයි.ඉඟිබිඟි පායි.නැති මඟුල් පටලවයි.මෙනයින් බලන කල ලොව පවතිනතුරු ස්ත්‍රී හිංසනය රජය යි.
ස්ත්‍රිය මුහුණපාන මෙි අඳුරු දසාව බක්මහ දීගේ චිත්‍රපටය තුළින් මොනව පැහැදිලි වෙයි.ළමාතැනී අනියම් පෙමක පැටලී සිටින තම සැමියා එයින් බෙිරාගැනීමට දරන ප්‍රයත්නය අහිංසක නො වෙි ද?අසරණ ළමාතැනී තම ස්වාමි පුරුෂයාගේ ජාගර ගති හොඳින් දන්නීය.එහෙත් ඇය ඔහුට වෛර නොකර සමාව දෙන්නීය.එපමණක් නොව තම ශරීරයේත් අධ්‍යාත්මයේත් අතිසංවෙිදී වූ සමස්තය ම සැමියාට පුද දී ඇති බව ඇගේ හැසිරීමෙන් ගම්‍ය වෙි.
මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
මෙි කථකාව තම සැමියාට පණමෙන් පෙම් කරන්නීය.ඔහු අනගි රැඟුම් රඟන අනංගයකු බව මෙි වදන්වැළෙන් සුවිශද නො වෙි ද? මලින් මලට ගොස් පැණි උරන බඹරකු මෙන් ඔහු ලියන්ට ලොබලිය වඩයි.මෙි බව හෙළි වූ කල්හි අැය ඒ පිළබඳ පශ්චාත්තාප වන්නීය.
කළුවර මහ රෑ කෙලෙසද හිමියනි
මල්වල හැඩරුව හඳුනා ගන්නේ
මෙම චිත්‍රපටයේ ළමාතැනී සහ මුදලිතුමා යන අඹුසැමි යුවළ මැදිවිය ඉක්මවුවෝ වෙති.ඔවුහු ප්‍රභූ පන්තිය නියෝජනය කරන කුලීනයෝ ය.මෙහිදී රචකයා ගොඩනගන ව්‍යංග්‍යාර්ථය කෙතරම් අර්ථපූර්ණ ද ඖචිත්‍ය ද? කළුවර මහ රෑ මල්වල හැඩරුව හඳුනාගත නොහැකි බව පැවසීමෙන් ගම්‍ය වන්නේ මෙහි කථකයා වියපත් කෙනකු බවය.එබඳු අයකුට මලක මෙලෙක සොයා පාදා ගත හැකිද?මෙි වූකලී ගීතයේ සහ චිත්‍රපටයේ සමස්තාර්ථය හකුළා දැක්වුණු රමණීය යෙදුමකි.
අලුත් මලක් යැයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරදී එන්නේ
ඒ ආ විට මම පෙති හකුළා ගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ
පබුලිනා නමැති නිවසේ මෙහෙකාරිය මුණගැසීමට උයනට යන තම සැමියා එයින් වළකාලීමට ඇය කදිම උපායක් යොදන්නී.මෙහිදී ළමාතැනී පබුලිනා මෙන් වෙස්වළාගෙන සැමියා හමුවට යන්නීය.නැවුම් කුසුමක පහස විඳීමෙි අපේක්ෂාවෙන් මුදලිතුමා මහ රාත්‍රියේ උයනට පිවිසෙයි. මෙහිදී ඔහු තමා සමඟ සිටින්නේ පබුලිනා යැයි සිතා ළමාතැනී සමග ප්‍රේමාලිංගනයට සැරසෙයි.එහෙත් අවසානයේ තමා සමඟ සිටින්නේ බිරිඳ බව මුදලිතුමා වටහා ගනී.එයින් ඔහු මහත් ලැජ්ජාවටත් කම්පාවටත් පත්වෙයි.ගීතයක් රමණීය වීමට නම් ඊට සැබෑ කවියකුගේ ගේයපද රචනාවක් පාදක විය යුතු බවට මෙි ගීතය ද නිදසුනකි.එහෙත් දයානන්ද ගුණවර්ධනයෝ කවියෙක් නොවෙති.ඔවුහු විශිෂ්ට නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ ගේයපද රචකයෙක් වෙති.
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහය
දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මලකින් මලකට