IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


මිනින්දෝරු කන්තෝරුවෙි

ගී විනිස 122

 

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උතරීතරත්වය පමණක් නොව එහි ඇති අධ්‍යාත්මික බැඳීම ද සුවිශද කරයි.

ලොව කිසිදු දින මානව ප්‍රේමය වියපත් නොවෙි.උනුන් එකිනෙකා අතර උපන් අධ්‍යාත්මික බැඳීම,මානවබන්ධුත්වය,ආත්මීය සුසංයෝගය දෙදෙනාගෙන් කෙනකු මියගිය ද අවසන් නොවනු නොඅනුමානය.මෙනයින් බලන කල මානව ප්‍රේමය වූකලී එතරම් ම ලබැඳි,සබැඳි, අමිල,විරල ප්‍රපංචයකි.එහෙත් මෙි කාබනික සිරුර මරණයෙන් අකාබනික ද්‍රව්‍ය බවට පත් වූ කල්හි ඒ ද්‍රව්‍ය යළි නොයෙක් විකාසනයන් හරහා ගමන් කරනු ඇත.එහෙයින් දෙදෙනකු අතර කෙතරම් අධ්‍යාත්මික ප්‍රේමයක්,බැඳීමක් තිබුණ ද මරණයෙන් මතු ඇයට හෝ ඔහුට පියවි ලොව යළි උනුන් මුණගැසේ.තතු එසේ වූව ද ඇතැම් ස්වාමි පුරුෂයෝ ද බිරියෝ ද වියපත් වී මරණය ළඟාවන තුරුම උනුන් එකිනෙකාට සුජීවත් ව සිටි පරිදිම පෙම් කරති.ගරුබුහුමන් දක්වති.මෙි ගීතයට විෂවී ඇත්තේ ද යටකී මානව සංස්පර්ශයක සුදුර්ලභ ආදර අන්දරයකි.මෙි වූකලී රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් අපූරු සොඳුරු ජීවනානුභූතියකින් පිළිපන් ගීමිණකි.

මිනින්දෝරු කන්තෝරුවෙි
මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද
දම්වැල් අරගෙන


මෙි ගීතයේ කථකයා ප්‍රිය වියෝගයෙන් අසරණ වූ යහපත් ඇවතුම් පැවතුම් ඇති වියපත් සැමියෙකි.තම ප්‍රාණසම බිරිය මියගිය ද ඔහු තවමත් ඇය ගැන හිතමින්,තැවෙමින් ළතැවෙයි. තම බිරිය සමඟ ගතකළ අතීත ජීවිතය සිහිපත් වීමට පමණක් නොව ඇයට කෙරෙන ගෞරවයක් වශයෙන් ඔහු තම මිදුලේ පැත්තක සොහොනක් ද ඉදිකර ඇත.එහෙත් එ් සොහොන කඩා බිඳ දමා ඉඩම මනින්නට  මිනින්දෝරුවෝ පිරිසක් ඔහුගේ නිවෙසට එති.කථකයාගේ මෙි ආරෝව,ප්‍රයත්නය  එකී මිනින්දෝරුවන් එළවා දැමීමටය.පැල ඉනිවැටට ගහමරා ගනිමින් නඩුහබවලට පැටලෙන සහෝදර සහෝදරියෝ ගම්වල කොතෙක් නම් සිටිත් ද?ඔවුහු ඒ වෙනුවෙන් ජීවිත කාලයේ ම නඩු කියති.තම කොටස වෙනුවෙන් සටන් කරති.මෙි කථකයාට ද සිදුවී ඇත්තේ එබඳු සන්තෑසියකි.ඔහු පණමෙන් ආදරය කළ බිරියගේ සොහොන තව නොබෝ දිනකින් අහිමි වීමට නියමිතය.මිනින්දෝරු කන්තෝරුවෙි මුලාදෑනියන් හෙවත් නිලධාරින් මෙි මනින්නට සැරසෙන්නේ සුදු බණ්ඩි නමැති තම ආදරණීය බිරියගේ සොහොනයි.එහෙත් ඔහු ඊට විරුද්ධත්වය පාමින් පවසන්නේ ඉඩම මැනීමට ගෙන ආ උපකරණ ද රැගෙන වහාම තම නිවෙස් භූමයෙන් පිට වී යන ලෙසය.මෙහිදී  තම බිරිය පෙර කල තමා වෙත පිදූ ආලය ඔහුට සිහිපත් වෙයි.
මෙි මිනින්දෝරුවන් පිරිස කිරි බණ්ඩාගේ ඉඩම මැනීමට පැමිණ ඇත්තේ උසාවි ⁣නියෝගයක් මතය.එහෙත් කිරි බණ්ඩාට එ් පිළබඳ කිසිදු නිනව්වක් නැත.ඔහු තම බිරියගේ සොහොන කඩා බිඳ දැමීමට ඉඩ නොදෙයි.මෙනයින් බලන කල මියැදුණු බිරිය වෙනුවෙන් ගේ අසල සොහොනක් ඉදිකර ඊට වත් පිළිවෙත් කරන ඔහු සැබෑම ස්වාමි පුරුෂයකු නො වෙි ද? 


සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන

කථකයා තුළ තම බිරිය කෙරෙහි ඇති ආලය,ළෙන්ගතුකම,ගෞරවය ඉහත වදන්වැළෙන් ප්‍රකාශිත නො වෙි ද?එහෙත් කිරි බණ්ඩාට සුදු බණ්ඩි මෙතරම් ළෙන්ගතු වීමට හේතු කාරණා කිම?ඒ ඇය සුජීවත් ව සිටියදී ඔහුට යහමින් සැලකුව නිසා ම නො වෙි ද?මෙි වූකලී කෙතරම් රමණිය යෙදුමක් ද? අප හද තෙතමනය කරන කාව්‍යමය බසක් ද?

පිං ‍කුඹුරු නෙළන කාලෙට
මට හීල අරන් එන
ඉස විසාදියට තෙල් උලලා
තෝන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට

ඇගෙන් දැන් හමා එන සුවඳ පෙර මෙන් ඉඳුරන් පුබුදුවන්නේ නැත.එහෙත් ගෙවුණු එදවස තවමත් සොඳුරුය.ඔහු කුඹුරේ වැඩ කරන කොට ඇඹුල ගෙනත් දෙන්නේ ඇය යි.ලෙඩට දුකට බලන්නේ ද ඇය යි.හිස රුදාවට  තෙල් ගල්වා ආදරයෙන් හිස පිරි මැද්ද සුදු බණ්ඩිගේ රත්රන් දෑත දෙණියේ පස් යට සැඟවී ඇති බව ඔහු දනී.කථකයාට එය සිහිපත් වෙයි.මෙි නම් කෙතරම් අර්ථපූර්ණ, ඖචිත්‍ය යෙදුමක් ද?මෙයින් ගම්‍ය වන්නේ අඹුසැමි ප්‍රේමයේ භක්තය නො වෙි ද?


දෙයි හාමුදුරුවෝ දන්නවනම්
දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි
සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට


සසර නම් චක්‍රයක් මෙන් භ්‍රමණය වන්නකි.එහෙත් අගමුල නොපෙනෙන මෙකී සංසාරේ දැන් ඔහු තනි වී හුදෙකලා වී ඇත.මෙි නම් ජීවිතය ම යි.ජීවිතයේ ඇත්තේ යාම් ඊම් පමණය.දැන් සුදු බණ්ඩි නැත.තතු එසේ වූව ද මෙි  දුරුතු මස සීතලට ඔහුට ඇය නැති පාළුව,කාන්සිය,තනිකම හොඳින් දැනේ.ප්‍රිය වියෝගයෙන් පෙළෙන සිත අසරණය.එහෙත් ජීවිතය වනාහි දුකකින් දුකකට කරන යාත්‍රාවකි.මෙහි කථක කිරි බණ්ඩා ද සුදු බණ්ඩි ළඟට නුදුරු දවසක යනු ඇත.එවිට මිනින්දෝරු මහත්වරුන් දම්වැල් ඇද ඉඩම මැන සොහොන ද කඩා දමනු නොඅනුමානය.එහෙත් කිරි බණ්ඩාගේත් සුදු බණ්ඩිගේත් ආත්මීය බැඳීම,අධ්‍යාත්මික ප්‍රේමය මෙි විශ්වයේ විස්මය  තුළ  සදහට ම පවතිනු අැත.රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු මෙි අපූරු ගීමිණ කෙතරම් නම් ප්‍රබල සංකල්පරූප පොකුරක් ද?මානව හැඟීම් සංකීර්ණයක් ද?



අදහස් (0)

මිනින්දෝරු කන්තෝරුවෙි

ඔබේ අදහස් එවන්න

 

 

ගී විනිස

මිනින්දෝරු කන්තෝරුවෙි
2025 ජනවාරි මස 28 459 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ


පාළු අඳුරු නිල් අහස මමයි
2025 ජනවාරි මස 21 1110 1

මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්


මගේ බිසව්නේ අසාපන්
2025 ජනවාරි මස 14 1171 1

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස


අඳුර අඳුර මගේ
2025 ජනවාරි මස 07 1116 0

රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.


වීදි කොනේ මාවත අද්දර
2024 දෙසැම්බර් මස 31 1184 0

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.


සිහින නෙළුම් මල
2024 දෙසැම්බර් මස 24 1191 0

ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 52 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 653 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 696 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site