සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය දනවයි.
කාව්‍යමය භාවය ස්පර්ශ කරන ගීත අතිරමණීය මධු පිරි ඔඩමක් සදිසි ය. කාව්‍ය වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විත විය යුතු යයි කියනු ලැබෙි.ධ්වනිතාර්ථ නම් වචනමාලාවෙන් ඉඳුරා ම නො කියැවෙන නමුත් වචන සංකලනයෙන් මතුව එන අදිසි වූ ද හැඟෙන්නා වූ ද අර්ථයකි.මෙනයින් බලන කල මෙි මහරු ගීමිණට ද කාව්‍යමය ගේයපද පාදක වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ජීවිතය මිටියාවතක් නම් එය කඳුළින් පිරි මිටියාවතක් Vale of tears බවට සුප්‍රකට යෙදුමක් ඉංග්‍රීසියේ ඇත.මෙය "දුක්සසර" නමින් සිංහලයට නැගිය හැකිය.සසර නම් චක්‍රයක් මෙන් භ්‍රමණය වන්නකි.මෙනයින් බලන කල ජීවිතය යනු දුකකින් දුකකට කරන යාත්‍රාවක් නො වෙි ද? ලොව පහළ වූ දා පටන් ස්ත්‍රීහු සහ පුරුෂයෝ උනුන්ගේ පහස පතා ළතැවෙති.ඇතැමෙක් මෙි බැඳීම් ඔස්සේ මතක පටුවත දිගේ ඇවිද ගොස් කාල්පනික ලෝකයක අතරමං වී තනිවෙති.සමහරු අහිමි පෙම හමුවේ දිවිනසා ගනිති.එහෙත් අතීත මතක සමඟ විප්‍රලම්භ ශෘංගාරය විඳින ප්‍රේමවන්තයෝ වාසනාවන්තයෝ ය.ඔවුහු අනෙකාට හිරිහැර නොවන ආකාරයට කල්පනා යානයේ නැගී අතීත මතකය සමරති.මෙි ගීතයට විෂය වන්නේ කුමක්ද ? මෙි වූකලී තවත් වියෝගී පෙම්පලහිලව්වකි.එක්තරා පෙම්බරෙක් තමා පතා සිටි පෙම්බරිය නැති සොවින් තැවී ළතැවෙයි.වත්මන් ප්‍රේමයේ අයථාර්ථවත් භාවය මෙි ගීතයෙන් වූව ද මොනවට පැහැදිලි වෙි.
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවෙන්
මෙි කථකයා ජීවිතයේ සොඳුරු ම කාලය හෙවත් වසන්තය අබියස සිටින සුන්දර ප්‍රේමවන්තයෙක් වෙයි.එහෙත් ඔහුගේ ප්‍රාණසම පෙම්වතිය අද ඔහු අසල නැත.පෙම්වතකුට තම පෙම්වතිය අහිමි වීම තරම් වියෝගයක් තවත් තිබෙිද?නිල්ල නිලන තුරුලිය වැල් ඇළදොළ ගංගා සපිරි පරිසරය කෙතරම් සොඳුරු ද?ආස්වාද ජනකද? එහෙත් ඒ මිහිර විඳීමට ඇය අද ඔහු අසල නැත.මීමැසි රංචු කුසුම් හි මී බී මියුරු සරෙන් ගුම් නද දෙති.නන් වන් පියුම් මඳ නලට මුසුව මුදු සුවඳ පතුරති.සියොත් කැල මියුරු පල තුඩින් ගෙන බුක්ති විඳ කූජනය කරති.එහෙත් එබඳු වසන්ත සැණකෙළියක නෙත්කලු,සිත්කලු දසුන් දකින්නට මෙි කථකයාට වරම් නැත.තාරුණ්‍යයේ ප්‍රහර්ෂය නිසි කලට වින්දනය කිරීමට නොහැකි වීම කෙතරම් ශෝකය දනවන පුවතක් ද?සොඳුරු වසන්තයට පසු එළැඹෙන්නේ ගිම්හාන කාලය යි.මිනිසාගේ පශ්චිම යාමය යි.එහෙත් ගිම්හානය ජීවිතයට එතරම් සුවදායක කාලයක් නොවෙි.තුරුලිය වැල් මල් කොළ හැළී අතුඉපල් කෙදෑරී වී යන කර්කෂ පරිසරය ගතට මෙන් සිතට ද රසඳුනක් නොවෙි.ගිම්හානයේ ගිලන් වීම යනු තම පෙම්බරිය නැති සොවින් ගතසිත වියළි යෑමය.වසත් කල ගෙවී ගිය පසු එබඳු අධ්‍යාත්ම පරිදාහයක් වියෝ දුකෙන් පෙළෙන පෙම්වතකුට ඇතිවිය නො හැකි ද?
සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවෙයි රැඳෙයි නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
ගීතයේ පළමු අන්තරා කොටසින් කථකයාගේ වියෝ දුක තවත් තීව්‍ර කරයි.මෙහිදී ඔහුගේ පරිදාහයෙන් මුදාහළ සිතුවිලි සේනා රැඳී ලඹ දෙන්නේ සඳැල්ලක් මතය.සඳැල්ල යනු කිම? නිරාවරණයකට ලක් වූ ස්ථානයකි.කිසිදු අරමුණක් නැතිව නිදැල්ලේ විසිර ගිය සිතිවිලි එකලස් කරගැනීමට කෙතරම් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වෙයි.සිතිවිලි සියොතුන් ඉගිල යයි.එබඳු නිමෙිෂයක කෙබඳු නම් මිහිරක් අපේක්ෂා කරන්න දැයි කථකයා වසත් කාලයෙන් අසයි.පෙම්වතුන්ට අතීත මතකය සිහිනෙන් ගෑ සුවඳක් වැනිය.මෙි කථකයාගේ සිතුවිලි දිව යන්නේ එ් සොඳුරු සිහිනයේ සුවඳ විඳීමට නො වෙි ද?එහෙත් ඒ මිහිරි මතකයේ ජීවන සුවඳ යළි කවරදා නම් විඳින්නද?
දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදා වූ
යුගයකි ගෙව නිමා වූ
දාහයෙන් සිරුර වෙළි ගිය පසු කවරනම් සිසිලසක් ලැබූව ද ඉන් පලක් නොවෙි.කඳුළැලි නෙතින් ගැලීම ද වියෝ දුකින් පෙළෙන හදකට උරුම කරුම නො වෙි ද?අතීතයේ උනුන් අතර යම් ඇසුරක් සම්භෝග ශෘංගාර මතකයක් වී නම් දැන් එය ඈතින් ඈතට පලා ගොස් සැඟවී අවසන් ය.එහෙත් ඔබෙන් උදාවූ ඒ සදානන්දනීය,අනභිභවනීය,සුඛාස්වාදනීය සෙනෙහස යුගයක් ගෙවා අවසන් වූ සොඳුරු මතකයක් පමණි.දැන් ඒ දේවල් පිළිබඳ සිතින් මෙනෙහි කිරීම ද අරුත්සුන් ව්‍යායාමකි.වාච්‍යාර්ථ ඉක්මවා ව්‍යංග්‍යාර්ථ මතුවීම හේතුවෙන් මෙි ගීමිණ අපූරු කාව්‍යෝක්තියක් බවට පෙරළී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිහිරැති වසන්ත කාලේ